පුවත්

”මාදුටු විට ඔබ හඬනු ඇත”- යුරෝපයේ නියඟය සතවර්ෂ ගණනාවක් අතීතයට අපව ගෙන යමින් ඇත.

විද්‍යාඥයන් පවසන පරිදි වසර 500කට පසු යුරෝපයට බලපෑ දරුණුතම නියඟය මෙය වේ. ඒ බව සනාථ කරමින් මේ වන විට පවතින උෂ්ණාධික දේශගුණය හේතුවෙන් යුරෝපයේ ගංගා සිඳී යමින් පවතියි. මේත් සමඟ සතවර්ෂ ගණනාවකට පෙර මිහිදන් වූ නටඹුන් ලෝකය පුරා නැවත නැවත මතුවෙමින් තිබේ. මේවා ඓතිහාසික නියඟ කාලවලදී ඒවායේ මට්ටම් සලකුණු කිරීම සඳහා කැටයම් කර ඇති අතර සහ ඒවා දෘශ්‍යමාන වන සෑම අවස්ථාවකම එළඹෙන සාගතයන් සහ දුෂ්කරතා පිළිබඳ අනාගත පරම්පරාවන්ට අනතුරු අඟවයි.

ජර්මානු දේශසීමාවට ආසන්නව උතුරු චෙක් නගරයක් වන Děčín අසල එල්බේ ගඟේ පර්වතයක් මත ඇති ශිලා ලේඛණ මතුව ඇති අතර මේවා ”සාගිනි ගල්” වශයෙන් හැඳින්වේ. 2013 දී චෙක් පර්යේෂකයන් මෙම ගල විස්තර කළේ නියඟය හේතුවෙන් අඩු අස්වැන්නක්, ආහාර හිඟයක්, හා ඉහළ මිලක් සහ දුප්පත් මිනිසුන්ට කුසගින්නක් ගෙන ඒමක් වශයෙනි. මෙම ශිලාවෙහි කියවිය හැකි පැරණිම අක්ෂර 1616 අයත් වන අතර පෙර නියඟවලට අදාළ ශිලා ලේඛනවල සලකුණු කාලයත් සමඟ බොහෝ දුරට ඛාදනය වී ඇත. මේවා නියඟයේ දරුණු ප්‍රතිවිපාක පිළිබඳ දැඩි මතක් කරදීම්ය. ජර්මනියේ බ්ලෙකේඩේ අසල මෙවැනිම ගල් පර්වතයක් මතුව ඇති අතර එහි සඳහන් වන්නේ මෙය යටපත් වූ විට, ජීවිතය නැවතත් වර්ණවත් වනු ඇත යනුවෙනි.

පවතින නියඟය හේතුවෙන් ගංඟා ජලය සිඳී යාමත් සමඟ ජර්මනියේ වෝල්ඩෙක් අසල සම්පූර්ණ ජලයෙන් යට වූ ගම්මානයක් වන බෙරිච් හි නටබුන් 1913 සිට මීටර් 12 ක් ජලයෙන් යට වී ඇති අතර සාමාන්‍යයෙන් කිමිදුම්කරුවන් විසින් Edersee-Atlantis ලෙස හඳුන්වනු ලබන අතර, දැන් ඇවිද ගොස් එය නැරඹිය හැකිය. මීට අමතරව බැස යන ජලය සමඟ දෙවන ලෝක යුද්ධයේන් අනතුරුව දිගු කලක් සැගව සිටි රෝම කඳවුරුවල සිට අවතාර ගම්මාන සුන්බුන් වැනි කෞතුක වස්තු රැසක් නැවත නැවත ඉතිහාසය මතක් කර දෙමින් ඇත.

මේ වන විට ලොම්බාර්ඩි හි, ලෝකඩ යුගයට අයත් දැව ගොඩනැඟිලි අත්තිවාරම් ඔග්ලියෝ ගඟේ ඇඳෙන් මතු වී ඇති අතර, වසර 100,000 ක් පැරණි මුවෙකුගේ හිස් කබල සහ හයිනා, සිංහයන් සහ රයිනෝස් නටබුන් වියළී ගිය කොටස්වල දක්නට ලැබේ. සර්බියාවේ, ප්‍රබල ඩැනියුබ් නදිය ද මේ වන විට සියවසකට ආසන්න කාලයක් තුළ එහි පහළම මට්ටමට ඇද වැටී ඇති අතර, දෙවන ලෝක යුද්ධයේදී ප්‍රහෝවෝ අසල සුන්බුන් වූ පුපුරණ ද්‍රව්‍ය පිරවූ ජර්මානු යුද නැව් 20කට වැඩි ප්‍රමාණයක සුන්බුන් දක්නට ලැබෙන බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබේ.

සශිකලා මධුෂාණී_

Share

Recent Posts

ඇෆ්ගනිස්ථාන ප්‍රහාරයකින් ස්පාඤ්ඤ සංචාරකයින් තිදෙනෙකු මරුට

ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකු භාරගෙන නැත.

5 hours ago

ලෝකයේ අංක එකේ ගොල්ෆ් ක්‍රීඩක ස්කොටී ෂෙෆ්ලර් අත්අඩංගුවට

කෙන්ටකි හි ලුයිස්විල් හි පැවති PGA ශූරතාවලියෙන් පිටතදී ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.

18 hours ago

සමහර අසනීපයන්ට වගකිවයුතු ද්‍රව පරපෝෂිතයා – Cryptosporidium

සටහන - නිපුනි ලියනගේ මැයි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Cryptosporidium යනු මිනිසුන්ට සහ සමහර…

21 hours ago

සංක්‍රාන්ති ලිංගිකයන් ‘මානසික රෝගීන්’ ලෙස පේරු හි නිල වශයෙන් පවසයි!

රජය පැවසුවේ මෙම නියෝගය LGBTQ පුද්ගලයින් අතර අමනාපයක් ඇති කරන නමුත් ඔවුන් කිසිදු විකල්ප ප්‍රතිකාරයකට…

22 hours ago

Baby Reindeer හි මාර්තා චරිතයෙහි සැබෑ කතා නායිකාව පිළිබඳ ආන්දෝලනයක්!

සටහන - නිපුනි ලියනගේ මැයි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Netflix හි නවතම කතා මාලාවක්…

23 hours ago

tortilla chip අභියෝගයකට මුහුණ දුන් 14 හැවිරිදි දරුවකු හෘදයාබාධයකින් මරුට

වෙළඳසල්වල රාක්ක වලින් මේ වන විට ඒවා ඉවත් කරමින් තිබේ.

1 day ago

ප්‍රංශයේ නව කැලිඩෝනියාහි කෝලහාල තත්වයක්; හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කෙරේ

අගනුවර වන නූමියා යනු කැරලිකරුවන් සිය ගණනක් සිටින ප්‍රදේශයක් වන අතර ඔවුන් තවදුරටත් ප්‍රචණ්ඩක්‍රියා සිදු…

1 day ago

කිසිවක් නොකර සිටීමට හොඳම කවුදැයි බැලීමට දකුණු කොරියානුවන් අතර තරඟයක්

මෙවර 4,000කට අධික පිරිසක් මෙම තරඟය වෙනුවෙන් ඉල්ලුම් කර ඇති අතර ඉන් සුදුසුකම් ලබා ඇත්තේ…

1 day ago

එක්සත් රාජධානිය ඉන්දිය කුළුබඩු දැඩි පරික්ෂාවකට ලක් කරයි

ලොව විශාලතම කුළුබඩු අපනයනකරු, පාරිභෝගිකයා සහ නිෂ්පාදකයා වන ඉන්දියාව වේ.

2 days ago

චීන ජනාධිපතිවරයා පුටින්ව හරසරින් පිළිගනියි

මෙම හමුව මේ වන විට එක්සත් ජනපදය ඇතුළු ලෝකයේම අවධානයට ලක්ව ඇත.

2 days ago

ROBERT FICO ගේ තත්ත්වය නරක අතට!

එරට  ආරක්ෂක අමාත්‍ය රොබට් කලිනක් පැවසුවේ අගමැතිවරයාට ශල්‍යකර්මයක් සිදු කළ බවයි.කෙසේ වුවද  ඔහුගේ  තත්වය බරපතල…

2 days ago

ට්‍රම්ප් හා බයිඩන් ප්‍රසිද්ධ විවාදයකට සුදානමින්

එළඹෙන නොවැම්බර් මැතිවරණයට පෙර ඇමරිකානු ජනතාවට අපේක්ෂකයින්ගෙන් වැඩි යමක් ඇසීමට අවස්ථා වක් තිබිය යුතුය.

2 days ago

ස්ලෝවැක් අගමැතිවරයා වෙඩි ප්‍රහාරයකට ලක්වේ

වෙඩි තැබූ බව කියන පුද්ගලයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

3 days ago

බයිඩන් චීනයේ විදුලි වාහන සඳහා 100%ක තීරු බද්දක් පනවයි

සටහන: සශිකලා මධුෂාණි,මැයි 15,ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් එරට නිෂ්පාදකයන් ලාභදායි ආනයන…

3 days ago