පරිසර

මේ ගෙවා දමන්නේ මිහිමත මිනිසාගේ අවසාන කාර්තුව ද?

තමන් එළිමහනට පැමිණ කළේ වැරැද්දක් බව ඉහින් කනින් දහදිය දමන්නට පටන් ගත් විට ඔහුට සිතේ. නමුත් දහවල වඩා නරක ය. වායු සමීකරණය පහසු වීම සඳහා සාපේක්ෂව කුඩාවට තැනූ නිවෙස් තුළ සිසිලක් නැති තරම් ය. සරම් කොටයකට වඩා වැඩි යමක් ගත දවටාගෙන සිටීම අපහසු ය. ඔවුන් මේ ගෙවා දමන්නේ දිගු කලකින් උදා වී ඇති උණුසුම් ම ගිම්හානයයි.

‘‘මේ දවස්වල හම්බන්තොට වගේ මෙහෙ රස්නෙයි… පිච්චෙනවා..!‘‘ යැයි ඔහු කියයි. උණුසුම් ම අගෝස්තුව තව එළඹ නැත.

මේ, හඳ රාහු අල්ලන කාලයයි. එනිසා ලන්ඩනයට රතු සඳ පායා ඇත. Blood Moon හෙවත් රතු සඳ, විද්‍යාත්මකව රතු පාටට දිස්වන්නේ පෘථිවිය විසින් හිරු එළිය සඳ වෙත වැටීම සහමුලින්ම වළකාලන චන්ද්‍රග්‍රහණයක් නිසා ය. එනිසා සඳ මත පතිත වන්නේ පෘථිවියේ සෙවණැල්ලයි. ඒ පෘථිවි සෙවණැල්ල පතිත සඳ වත, තාප තරංග නිසා ගිනි ගෙන දැවෙන වනාන්තර සහ මුඩුබිම්වල ප්‍රතිබිම්බයක් නොවේ යැයි කාට නම් කිව හැකිද…?

ලංකාවේ කළුතර ජීවත් වන්නෙක් දැන් වසර දෙකක පමණ සිට ප්‍රත්‍යක්ෂව දැනෙන දේශගුණික වෙනසක් ගැන කතා කරයි. ‘‘ෆෑන් එක උපරිමේට දැම්මත් ගේ ඇතුළෙ ඉන්න බෑ..‘‘ යයි ඔහු කියයි. බොහෝ පළාත්වල තත්වය එසේ ය. දහවල පමණක් නොව රාත්‍රිය ද අතිශයින් උණුසුම් ය. මැසි මදුරුවන්ගේ පීඩා අධික ය. වහින වැස්සෙන් පසුව මහ පොළොව කහිමින් දුම් දමයි. රස්නය විගස වැඩි වේ. වැස්ස බවක් පවා විගස අමතක වී යයි. කඩින් කඩ වහින වැස්ස පවා නක්කලේට හිනා වෙනවා වැන්න. අළුයම පවා උණුසුම් ය.

කැනඩාව දැන්, සෙන්ටිග්‍රේඩ් අංශක 40 කුමක් වැනිදැයි දනිති. සාමාන්‍යයෙන් වසරේ ජූනි 30 වැනිදා පැවතිය යුතු සාමාන්‍ය උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 23 වුවත්, එය අංශක 40 ට ඉහළ නැංගේය. මෙය අවුරුදු 1000 කට පසු වාර්තා වූ ඉහළම උෂ්ණත්වයයි. කැනඩාවේ බ්‍රිතාන්‍ය කොළොම්බියාවේ පමණක් මරණ ගණන 486 ක් ලෙස දින 5 ක් ඇතුළත වාර්තා විය. මුළු මහත් උතුරු ඇමරිකාවම අසාමාන්‍ය තාප තරංගයකට ගොදුරු වී ඇත.

දැන් මාසයකට පමණ පෙර ඇමරිකාවේ විශාල පදාසයක් ලැව්ගිනිවලින් ගිනි බත් විය. මහා වනස්පතියෝ අළු දූලි බවට පත්වූහ. දැන්, නිව්යෝක් නුවරුන් ට හුස්ම ගන්නට සිදුව තිබෙන්නේ අවුරුදු 15 කින් පසු බිහිවූ දූෂිතම වායු ගෝලයයි.

පෝට්ලන්ඩ් හි උණුසුම සෙන්ටිග්‍රේඩ් 46.6 ක් ලෙසටද, වොෂින්ටන් සියැටල් හි උණුසුම සෙන්ටිග්‍රේඩ් 42.2 ක් බවට ද පසුගිය සතිවල වාර්තා විය. මේ, 1940 න් පසු ඇමරිකානුවන් අත්දකින විශාලම විපරිතයයි.

ආක්ටික් රුසියාව දිය වී වැගිරෙමින් තිබේ. හිම වලසුන් සුරංගනා කතාවලදී පමණක් හමුවන දිනය වැඩි ඈතක නොවනු ඇත.

මේ අතර යුරෝපයේ සිට චීනය දක්වා මහා ගංවතුරකි. ජර්මනියේ ගංවතුරෙන් සිදුවූ විපත දැකීමට ආ ඇන්ජෙලා මර්කෙල් හිසේ අත තබා ගත්තාය. මහා නගර සහමුලින්ම යට වූ අතර, සුනාමියට හසු වූ පැරෑලිය මෙන් රේල් පීලි ද ගළවා ගෙන ගියේය. මරණ ගණන 173 කි. 150 ක් තවමත් අතුරුදන් ය.

ජර්මනිය පමණක් නොව බෙල්ජිමය සහ නෙදර්ලන්තය ද යට කරමින් සිදුවූ මහා ජල ගැල්ම සතියක් පැවතියේය. යුරෝපා මහද්වීපය සිසාරා මරණ 205 කි.

ෂී ජින් පින්ගේ දේශය – චීනය මහා ගංවතුරෙන් ගළවා ගන්නට ලෝකයෙන් අඩක් යටත් කර ගත් මහා මුත්තා වූ ජෙංගීෂ් ඛාන්ගේ අවතාරයටවත් නොහැකි විය. 33 ක් මිය ගියේය. ලක්ෂ 2 ක් අවතැන් විය. හෙනාන් පළාතේදී උමං දුම්රියක් තුළට ගං වතුර කඩා වැදී ජීවිත 12 ක් බිලිගන්නා විට දිවි බේරාගත හැකි එකම ක්‍රමය ලෙස ඉතිරිව තිබුණේ සීට් වලට නැගීම පමණි. එවිට ද ගෙළ ළඟට ජලය නැගී ආයේය.

ලෝකගෝලය පුරාම මුස්පේන්තු ගතියති. ලෝකයේ ජීවත් වීමට සුදුසුම දේශය යැයි අතීතයේ වසර ගණනාවක් විරුදාවලිය දිනාගත් නවසීලන්තය පවා මේ වසරේදී අසීරුම ගිම්හානය බලාපොරොත්තු විය යුතුය.

මේ සිදුවන්නේ කුමක්ද?

දේශගුණය විපරිත වී එම විපරිතය සිදුකළ මිනිසාට එකට එක කරමින් සිටියි. දැන් ඔහුට ගැළවීමක් නැත.

මිනිස් ජීවිත එක්කෝ පිච්චෙමින් තිබේ. නැතිනම් නාය යමින් තිබේ. දෙකොණ දැවෙන විලක්කුවක් මෙන් ලෝකයේ දෙකෙළවර ගිනි ගෙන දැවෙද්දී මධ්‍යය ගං වතුරෙන් ගිලී යාම වැනි අභව්‍ය සහ ප්‍රතිවිරුද්ධ ක්‍රියාවලීන් මගින් දේශගුණය සිය බලය පෙන්වමින් සිටියි. සියලු දේශගුණ අනාවැකි ද එක්කෝ පිච්චෙයි. නැතිනම් දියබත් වෙයි.

කොරෝනා වෛරස් වසංගතය මැඬ පවත්වාගත්තත්, මේ අති දරුණු ස්වභාවික විපත් සමගින් අලුත් වෛරස් පරම්පරාවකට අත වැනෙනු ඇත. එළඹෙන්නේ හඳුනා නොගත් පියාඹන වස්තු (UFO) වෙනුවට හඳුනා නොගත් පාවෙන විෂබීජ අංශුවල භීතියෙන් ලෝකය වෙළී යන යුගයයි.

එනිසා, ලෝක විනාශය සිදුවන තෙක් උල්කාපාත හෝ වල්ගාතරු දෙස උඩ බලාගෙන සිටි මිනිසාට දැන් බිම බලන්නට සිදුව තිබේ. තමන්ගේ දෙපා මුල – ඇස් පනා පිට මහ පොළොව දෙදරා යමින් තිබේ. කන්දක් නාය යන්නේ පළාතක් ද සමග ය.

ඇමසන් වනයත් කැපේ. සිංහරාජයක් කැපෙන බව පෙනේ. වාරකන් නිසා තල්මසුන් මැරේ! මුතුරාජවෙල තෙත් බිමෙන් අක්කර 110 ක් ගොඩ කෙරේ. තිස්සමහාරාම වැව ඇතුළු වැව් 4 ක් සහිත වීරවිල-තිස්ස අභය භූමිය ඩෝසර් කෙරේ. පස් සහ ගස් කොටන්, සල්ලි කඳන් ලෙස දිස් වේ.

වැසි වනාන්තර යනු සියවස් ගණනාවක් මිහිමත සුරැකිව පැවති, ජෛවයෙන් උද්දීප්ත වූ සමතුලිත පරිසර පද්ධති ය. එනිසා බදියුදීන්ගේ ක්‍රමයට වැසි වනාන්තර පැළ වන්නේ නැත.

නමුත් තවමත් අපි, ගිනි කන්ද පාමුල සිට මත් වතුර බොමින් සාද දමන්නෙමු. ගිනි කන්දෙන් ගලන ලාවා දෙපා ළඟට එන තෙක් අපි සාද දමන්නෙමු. පියුමි හංසමාලි හෝ 2024 වසරේ ජනාධිපති අපේක්ෂකයා කවුද වැනි දේශීයත්වයෙන් අනූන වූ අපේම ප්‍රශ්න අපට තිබේ. පක්ෂ දේශපාලනයේ උමතුව විසින් උතුර දකුණ මාරු වී ඇති දූපතට, එය ගිලෙන බව නොදැනෙනු ඇත.

ඔව්, ලෝක විනාශය පැමිණෙනු ඇත්තේ ඔබත් මමත් සිතා සිටියාට වඩා බොහෝ කලිනි. අපේ පරම්පරාව විඳවා මිය යනු ඇත. මීළඟ පරම්පරාව පිච්චී මිය යනු ඇත. ඉතින් ඔබ ගිනි ගෙන දැවෙන මේ නිරයට තවත් දරු පරපුරක් ගෙන ආ යුතු යැයි සිතන්නේද? ජීවය බිහි කළ පෘථිවිය විසින්ම ජීවයට තිත තබන්නට තීරණය කර ඇත්නම්, අප මේ ගෙවා දමමින් සිටින්නේ මිහිමත මිනිසාගේ අවසන් කාර්තුවයි.

 

වැඩිදුර කියවීම් –

Share

Recent Posts

චීන ජනාධිපතිවරයා පුටින්ව හරසරින් පිළිගනියි

මෙම හමුව මේ වන විට එක්සත් ජනපදය ඇතුළු ලෝකයේම අවධානයට ලක්ව ඇත.

22 mins ago

ROBERT FICO ගේ තත්ත්වය නරක අතට!

එරට  ආරක්ෂක අමාත්‍ය රොබට් කලිනක් පැවසුවේ අගමැතිවරයාට ශල්‍යකර්මයක් සිදු කළ බවයි.කෙසේ වුවද  ඔහුගේ  තත්වය බරපතල…

3 hours ago

ට්‍රම්ප් හා බයිඩන් ප්‍රසිද්ධ විවාදයකට සුදානමින්

එළඹෙන නොවැම්බර් මැතිවරණයට පෙර ඇමරිකානු ජනතාවට අපේක්ෂකයින්ගෙන් වැඩි යමක් ඇසීමට අවස්ථා වක් තිබිය යුතුය.

9 hours ago

ස්ලෝවැක් අගමැතිවරයා වෙඩි ප්‍රහාරයකට ලක්වේ

වෙඩි තැබූ බව කියන පුද්ගලයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

19 hours ago

බයිඩන් චීනයේ විදුලි වාහන සඳහා 100%ක තීරු බද්දක් පනවයි

සටහන: සශිකලා මධුෂාණි,මැයි 15,ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් එරට නිෂ්පාදකයන් ලාභදායි ආනයන…

22 hours ago

රුසියානු ජනාධිපතිවරයා බීජිංහිදී , ෂී ජින්පින් හමුවීමට නියමිතයි

චීනය බටහිරට එරෙහිව රුසියාව සමඟ “සීමා රහිත” සම්බන්ධතාවයක් ප්‍රකාශ කර ඇත.

2 days ago

කාශ්මීරයේ පිටි සහ විදුලි මිල ඉහළ යාමට එරෙහිව විරෝධතා; තිදෙනෙකු මාරුට

මේවන විට පකිස්ථාන අගමැති ෂෙහ්බාස් ෂරීෆ් සඳුදා රුපියල් බිලියන 23 (ඩොලර් මිලියන 83; පවුම් මිලියන…

2 days ago

මුම්බායි හි දැන්වීම් පුවරුවක් කඩා වැටීමෙන් 14දෙනෙකු මරුට

ප්‍රෙස් ට්‍රස්ට් ඔෆ් ඉන්දියා ප්‍රවෘත්ති ඒජන්සිය මේ සම්බන්ධයෙන් වාර්තා කර තිබුණේ මෙම දැන්වීම් පුවරුව ඉදිකිරිම…

2 days ago

ලෝක මාධ්‍ය නිදහසේ අංක එකේ රට නෝර්වේ!

ඩෙන්මාර්කය දෙවැනි තැනටත්, ස්වීඩනය හා නෙදර්ලන්තය තුන්වැනි හා සිව්වැනි ස්ථානවලට පත්වී ඇති අතර, ෆින්ලන්තය පස්වැනි…

2 days ago

පියාඹන ටැක්සි!

මේ දක්වා ලෝක ප්‍රවාහන ක්ෂේත්‍රයේ නව පෙරළියක් සිදු කරමින් එම ටැක්සි සේවය ක්‍රියාත්මක වනු ඇතැයි ද…

2 days ago

රතු තොල් සායම් ගෑවොත් දැඩි දඬුවම්!

රතු තොල් සායම් පමණක් නොව, ගෝලීය වශයෙන් ජනප්‍රිය විලාසිතා ද තහනම් කිරීමට උතුරු කොරියානු රෙජීමය…

3 days ago

පුටින්ගේ තවත් තීරණයක්!

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් විසින් කැබිනට් සංශෝධනයක කොටසක් ලෙස Sergei Shoigu ආරක්ෂක අමාත්‍ය ධුරයෙන් ඉවත්…

3 days ago

‘එවරස්ට් මිනිසා’ 29වැනි වරටත් කඳු මුදුන තරණය කරයි

Kami Rita 29වන වරටත් එවරස්ට් තරණය කරමින් තමන්ගේ වාර්තාව තමා විසින්ම අභිබවා ඇත.

4 days ago

මොදී කාශ්මීරයෙන් තරඟ නොකරයි

භාරතීය ජනතා පක්ෂය 1996 න් පසු කලාපයේ මහ මැතිවරණයකට ඉදිරිපත් නොවූ පළමු අවස්ථාව වේ.

4 days ago