කාලීන

යුක්රේනයේ පුටින් සරණං ගච්ඡාමි යන විපක්ෂය!

යුක්රේනයේ ජනපති වොලොදිමිර් සෙලෙන්ස්කි රුසියාවට පක්ෂපාතී බවට විශ්වාස කෙරෙන එරට දේශපාලන පක්ෂ 11ක් අත්හිටුවීමට තීරණය කර තිබූ බවට පුවතක් පළවූවා.

මෙම පක්ෂ වලට අනාදිමත් කලක පටන් පුටින් හිතවාදී යැයි කියන ඔපොසිෂන් ප්ලැට්ෆෝම්-ෆෝ ලයිෆ් නම් දේශපාලන පක්ෂය ද ඇතුළත් වනවා. ඔපොසිෂන් ප්ලැට්ෆෝම්-ෆෝ ලයිෆ් නම් දේශපාලන පක්ෂයට යුක්රේන පාර්ලිමේන්තුවේ ආසන 450 න් 44 ක් ම අයත් බව පැවසෙනවා.

දේශපාලනික වශයෙන් එතරම් ප්‍රභල මෙම ඔපොසිෂන් ප්ලැට්ෆෝම්-ෆෝ ලයිෆ් නම් පක්ෂය අයිති කාට ද? එහි නායකත්වය දරන්නේ වික්ටර් මෙඩ්වෙඩ්චක් නම් පුද්ගලයා විසින් ය.

වික්ටර් මෙඩ්වෙඩ්චක් ගේ රුසියානු පක්ෂපාතීත්වය උදෘත කර පෙන්වීමට බොහෝදෙනෙකු උදාහරණයට ගන්නේ ඔහුගේ දියණියයි. ඒ මන්ද? මන්ද කිවහොත් වික්ටර් ගේ දියණිය ගේ ගොඩ්ෆාදර් ලෙස නම්කර තිබෙන්නේ අන්කවරකු නොව රුසියානු ජනපති ව්ලැදිමිර් පුටින් ය!

වික්ටර් මෙඩ්වෙඩ්චක් හා ව්ලැදිමිර් පුටින් අතර පෞද්ගලික සමීප සබඳතාවයක් තිබෙන බව පැවසෙනවා. ඔවුන් දෙදෙනාගේ මිත්‍රත්වය වසර 20 ක පමණ අතීතයට දිව යන අතර, දෙපළ ෆෝමියුලා වන් මෝටර් රථ ධාවන තරඟ නැරඹීම සඳහා එකිනෙකා මුණගැසෙන තරමට ම සමීප බව කියවෙනවා.

අසල්වැසි රාජ්‍යයක රාජ්‍ය නායකයකු සමඟ පෞද්ගලික සබඳතාවයක් පවත්වා ගැනීම නම් කාටවත් අදාළත්වයක් ඇතිවිය යුතු දෙයක් නෙමෙයි. එහෙත් වික්ටර් මෙඩ්වෙඩ්චක් ගේ නාමය මේ දින වල නැවත වරක් ජාත්‍යන්තර මාධ්‍ය තුළ ඇසීමට පටන්ගෙන තිබෙන්නේ, යුක්රේනය ආක්‍රමණය කිරීමට රුසියාව ක්‍රියාකර තිබෙන පසුබිම තුළයි.

රුසියානු ක්‍රෙම්ලින් පාලනාධිකාරියට සෘජුවම සහාය දක්වන ඔපොසිෂන් ප්ලැට්ෆෝම්-ෆෝ ලයිෆ් පක්ෂ නායක වික්ටර් දශක තුනකට වැඩි කාලයක් තිස්සේ තිරය පිටුපස හිඳිමින් රුසියාවට කත්අදින දේශපාලන තැරැව්කරුවකු ලෙස කටයුතු කරන බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ. රුසියානු ජනපති පුටින් සමඟ පවත්වන සමීප සබඳතාවය නිසා ඔහු ඉතා ධනවත් පුද්ගලයකු වී ඇති බව ද සඳහන් වනවා. මේ ගැන ෆෝබ්ස් නම් සඟරාව කළ තක්සේරුවකට අනුව, වික්ටර් මෙඩ්වෙඩ්චක් ගේ වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 620 පමණ වනවා.

ඒ අනුව, රුසියානු ආක්‍රමණය තුළ රුසියානු පාලනයක් යුක්රේනය තුළ ද ඇති කිරීමට පුටින් සමත් වූවහොත් ඊට අවශ්‍ය දේශපාලන වටපිටාව සකස්කර දීමේ ප්‍රධාන වන්දිභට්ටකම කිරීමට සැදී පැහැදී සිටින්නේ වික්ටර් මෙඩ්වෙඩ්චක් ය. ඔහුට අයත් මාධ්‍ය පවා මොස්කව් හිතවාදී පුවත් වාර්තා කරන බවටයි චෝදනා නැඟී තිබුණේ.

කෙසේවෙතත්, වික්ටර් මේ සියලු චෝදනා වරක ප්‍රතික්ෂේප කර තිබෙනවා. තම දේශපාලන පක්ෂය රුසියානු හිතවාදී නැති බව ඔහු වරක පවසා තිබෙනවා. එය එසේ වූවත් ඔපොසිෂන් ප්ලැට්ෆෝම්-ෆෝ ලයිෆ් පක්ෂයේ දේශපාලන හා ආර්ථික ප්‍රතිපත්තීන් පරීක්ෂා කර බැලුවහොත් ඒවා බොහෝසෙයින් ම රුසියාවට හිතැති බව පෙනී යන බව ද වාර්තා වනවා. ඊටම සරිලන පරිදි ඔපොසිෂන් ප්ලැට්ෆෝම්-ෆෝ ලයිෆ් පක්ෂ නියෝජිතයන් පාර්ලිමේන්තුව තුළ දී මතුකරන කරුණු ගිරව් කටපාඩම් කොට කියවන්නාක් මෙන් රුසියානු රජයේ ප්‍රතිපත්ති හා සැසඳෙන බව ද පැවසෙනවා.

මීට වසර අටකට පෙර රුසියාව විසින් යුක්රේනයේ ක්‍රිමියානු අර්ධද්වීපය ඈඳා ගනු ලැබුවා. එහි දී රුසියාවේ ක්‍රියාකලාපයට සහාය දැක්වීම හා යුක්රේනයේ ප්‍රජාතන්ත්‍රවාදය පලුදු කිරීමේ වෑයමක යෙදෙන සංවිධානයකට නායකත්වය ලබා දීමේ චෝදනාව මත ඇමරිකා එක්සත් ජනපදය විසින් වික්ටර් මෙඩ්වෙඩ්චක් ට සම්බාධක පනවනු ලැබුවා. එය එසේ වූවත්, ඊට මාස කිහිපයකට පසු මොස්කව් හිතවාදී බෙදුම්වාදීන් නැගෙනහිර යුක්රේනයේ කලහකාරී අන්දමින් හැසිරෙන විට එම ගැටුම් වලින් අත්අඩංගුවට පත්වන සිරකරුවන් මුදා ගැනීමට රුසියාව සමඟ සාකච්ඡා පැවැත්වීමට යොදාගත හැකි මාර්ගයක් ලෙස වික්ටර් භාවිතා කිරීමට යුක්රේන රජය කටයුතු කළ බව ද පැවසෙනවා.

යුක්රේන පාලන තන්ත්‍රයට අභියෝගයක් වූ වික්ටර් මෙඩ්වෙඩ්චක් එලෙස යුක්රේනයේ යහපත සඳහා ද යොදා ගැනීමට හැකිවූ මුත් ඒ සියලු එකඟතා අවසාන වන්නේ ඉකුත් 2019 වසරේ සෙලෙන්ස්කි යුක්රේනයේ ජනාධිපති ලෙස තේරී පත්වීමෙන් අනතුරුව. සම්බාධක පැනවීමෙන් නතර නොවන සෙලෙන්ස්කි වික්ටර් මෙඩ්වෙඩ්චක් යනු දේශද්‍රෝහියකු බවට ප්‍රකාශයට පත්කරනවා; ඔහුගේ සියලු වත්කම් අත්හිටුවනවා.

වික්ටර් යනු දේශද්‍රෝහියකු බව සෙලෙන්ස්කි ප්‍රකාශ කරන්නේ ඉකුත් වසරේ. ඔහුට පැනවෙන දඬුවමක් ලෙස වික්ටර් නිවාස අඩස්සියේ තැබීමට ද යුක්රේන රජය කටයුතු කරනවා. කෙසේවෙතත්, රුසියාව ආක්‍රමණය කළ දා පටන් වික්ටර් මෙඩ්වෙඩ්චක් ආගිය අතක් නැති බවයි වාර්තා වන්නේ. නිවාස අඩස්සියේ සිටි වික්ටර් මෙඩ්වෙඩ්චක් එම ස්ථානයෙන් පලා ගොස් ඇති බව වාර්තා වනවා. ඔහු දැනට වාසය කරන්නේ කොහේද යන්න ගැන නිල තොරතුරක් නැහැ.

මීට දින තුනකට පමණ ඉහත දුටුවන් හද වාවන්නේ නැති පුවතක් සමාජ මාධ්‍ය ජාලා වල හුවමාරු වී තිබුණා ඔබට මතක ඇති. එහි දැක්වුනේ රුසියානු ආක්‍රමණය නිසා මේ වන විට යුක්රේනයේ දිවි අහිමි වූ කුඩා අතදරුවන් සංඛ්‍යාව 109 බවයි. මෙසේ දිවි අහිමි වූ එක් දරුවකුට එක් ප්‍රෑම් රථය බැගින් ප්‍රෑම් රථ 109ක් යුක්රේනයේ අගනුවර පෙළගස්වා ඇති අයුරු ඔබ දකින්නට ඇති. එය දුටු දරුකැක්කුමක් තිබෙන පුද්ගලයකු වූවා නම් ඔහු හෝ ඇය හඬා වැලපුනා නොඅනුමානයි.

වික්ටර් දේශද්‍රෝහියකු නොවේ නම්, ඔහුම පවසන පරිදි රුසියානු හිතවාදී නැති නම් මේ මොහොතේ කළ යුතු වන්නේ කුමක් ද? ආගිය තොරතුරක් නැතිව අතුරුදහන් වී සිටිනු වෙනුවට, ප්‍රසිද්ධ වේදිකාවට පැමිණ තම රාජ්‍යය ආරක්ෂා කර ගැනීමට ඉදිරිපත් වීම යහපත් හා ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන නායකයකුගේ ලක්ෂණයයි. සියලු වෙනස්කම් හා වැටකඩුළු පසෙක ලා තම රාජ්‍ය නායකයාට සහාය වීම දේශප්‍රේමී නායකයකුගේ ගුණාංගයයි.

වික්ටර් මෙඩ්වෙඩ්චක් එය කරනවා ද? පුටින් ගේ මිසයිල ප්‍රහාර හමුවේ හයක් හතරක් නොතේරෙන කිරිසප්පයන්ගේ ජීවිත පවා මෙසේ අවසාන වන විට පුටින් ගොඩ්ෆාදර් පදවිය දරන තම දියණියව වත් වික්ටර්ට සිහිවන්නේ නැති ද? තමා දේශද්‍රෝහියකු බවට ප්‍රකාශ කළ සෙලෙන්ස්කි ට අද අත්වී ඇති ඉරණම දෙස බලමින් වික්ටර් ස්වයංවින්දනයේ යෙදෙනවා ද?

පුටින් වියරු වැටුණු සුනඛයකු මෙන් ජීවිත බිලිගන්නා බව ඕනෑම කෙනෙකුට තර්කයකින් තොරව පිළි ගැනීමට අද හැකිව තිබේ. ඔහු කරන්නේ ම ප්‍රහාර දියත් කිරීමයි. මෙම තත්ත්වය තුළ ගිනි ජාලා විහිදෙන පුටින් යන්ත්‍රයට වික්ටර් තවදුරටත් තිරයේ පිටුපස සිට ඉන්ධන සපයනවා ද යන්න ප්‍රශ්නාර්ථයකි.

ප්‍රමෝද් චින්තක පීරිස්

ඡායාරූප: ඒපී

Share

Recent Posts

ඇන්තනි බ්ලින්කන් සහ ෂී ජින්පිං අතර හමුවක්!

දැනට ලෝකය දැවැන්ත විපර්යාසයකට මුහුණ දෙමින් සිටින අතර ජාත්‍යන්තර තත්ත්වය ද ඉතා සංකීර්ණ වන අතාර,…

1 hour ago

ටික් ටොක් තරුවට මොකද වුණේ?

නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…

3 hours ago

‘අප්‍රේල් 27 යනු අපි අපේ විලංගු ඉවත් කරන දිනයයි. අපේ ශ්‍රේෂ්ඨ රට පුරා නිදහසේ සීනු නාද විය’ ; දකුණු අප්‍රිකාව 30 වසරක නිදහස සමරයි !

1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…

4 hours ago

ඊශ්‍රායල් ප්‍රහාරයන්ගෙන් පලස්තීන වැසියන් 27 දෙනෙකු ජීවිතක්ෂයට!

මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා…

4 hours ago

ප්‍රංශය හොඳම ගෝලීය ආර්ථිකයන් දහයෙන් ඉවතට – IMF

ගෝලීය ආර්ථිකයට ඉහළම දායකයින් පස්දෙනා අතර චීනය, ජර්මනිය (2.77%), රුසියාව (2.71%) සහ බ්‍රසීලය (2.19%) ඇතුළත්…

8 hours ago

ටයිටැනික් නෞකාවේ සිටි ධනවත්ම පුද්ගලයාගේ රන් ඔරලෝසුව පවුම් මිලියන 1.2කට අළෙවි වේ

මෙම ඛේදජනක අනතුර සිදුවී වසර 112කට පසුවත් ඒ වෙනුවෙන් ඇති ඉල්ලුම සුළුපටු නොවේ.

8 hours ago

කාම්බෝජයේ හමුදා කඳවුරක පිපිරීමකින් සොල්දාදුවන් 20 දෙනෙකු මිය යයි

මෙම පිපිරිම හේතුවෙන් ගොඩනැගිලි හතරක් හමුදා වාහන කිහිපයකට හානි සිදුවී ඇති අතර ගම්වාසීන්ගේ නිවාස 25ක්…

9 hours ago

යුක්රේනයට පෙන්ටගනයෙන් ඩොලර් බිලියන 6ක් වටිනා කඩිනම් ආධාර පැකේජයක්

පෙන්ටගනයේ නව මිලිටරි ආධාර පැකේජය හරහා යුක්රේනයේ පතරොම් නිෂ්පාදනය ආරම්භ කිරීමට සැළසුම් කරයි.

22 hours ago

යේමනයේ වෙරළට ඔබ්බෙන් බොරතෙල් නැවකට හවුති ප්‍රහාරයක්!

කෙසේවෙතත් තුවාලකරුවන් හෝ මරණ සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නොමැති අතර ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ පවත්වන බව…

1 day ago

තායිවානයේ රික්ටර් මාපකයේ ඒකක 6.1 ක ප්‍රබල භූකම්පනයක්!

තායිවාන බලධාරීන් සඳහන් කර ඇත්තේ, භූකම්පනය තායිපේ අගනුවරට ද දැනී ඇති බව සඳහන් වන අතර…

1 day ago

ඛාන් යූනිස්, රෆා හා නුසෙයිරාට් සරණාගත කඳවුරට බෝම්බ ප්‍රහාර, කාන්තාවන් සහ ළමයින් ඇතුළු 15 දෙනෙක් මිය යයි!

ගාසා තීරයේ ඛාන් යූනිස්, රෆා හා නුසෙයිරාට් සරණාගත කඳවුරට මෙම ප්‍රහාර එල්ල වී ඇත.

1 day ago

ගංවතුර හේතුවෙන් කෙන්යාවේ මිය ගිය සංඛ්‍යාව 70 දක්වා ඉහළට; 12,000ක පිරිසක් අවතැන්

එල්නිනෝ කාලගුණ රටාවත් සමඟ ගංවතුර තත්වයන්ද උග්‍ර වී තිබේ.

1 day ago

චීනය සහ එක්සත් ජනපදය හවුල්කරුවන් මිස ප්‍රතිවාදීන් නොවිය යුතුයි – ෂි ජින්පින්

අනෙකුත් රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම පිළිබඳ මූලධර්මය මත පදනම්ව, බීජිං එක්සත් ජනපද මැතිවරනවලට මැදිහත්…

1 day ago

බටහිර ඉන්දීය කොදෙව් සංචිතයට නේපාලයෙන් ලැබුණු සංචාරක සත්කාරය පිළිබඳ නැඟුණු කතාව!

සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අප්‍රේල් 27 වැනිදා ආරම්භ වන…

2 days ago

2024 දී කාලගුණය, දේශගුණය සහ ජලය ආශ්‍රිත උපද්‍රවයන්ගෙන් ලෝකයේ වඩාත්ම ආපදාවට ලක් වන කලාපය ලෙස ආසියාවයි

ගෙවුණු සතිය තුළ නිකුත් වූ ලෝක කාලගුණ විද්‍යා වාර්තාවකට අනුව 2023 දී කාලගුණය, දේශගුණය සහ…

2 days ago