කාලීන

යුක්රේනයේ වලි නේ, ඉතිං අපි පාර්ටිගේට් විමර්ශන අතාරිමු!

මෑතක් වනතුරු ම යුරෝපීය කලාපයේ උණුසුම් ම දේශපාලන මාතෘකාවක් බවට පත්ව තිබුණේ ආන්දෝලනාත්මක පාර්ටිගේට් විමර්ශනයයි. බ්‍රිතාන්‍යයේ ඉහළ ගිය කොවිඩ් වසංගතය නිසා පැනවූ කොවිඩ් විධිවිධාන මධ්‍යයේ ලක්ෂ සංඛ්‍යාත ජනයා නිවාස වලට කොටුවී කරකියා ගත නොහැකිව සිටිද්දී එම විධිවිධාන අමුඅමුවේ උල්ලංඝනය කරමින් නො 10 ඩවුනිං වීදියේ රජයේ කාර්යාලයේ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ඇතුළු රජයේ නිලධාරීන් සාද පවත්වා කා බී විනෝද වූ බව අනාවරණය කරමින් ලොව අස්සක් මුල්ලක් නෑරම පුවත් සිරස්තල මැවුනු අයුරු අපට මතකය. මෙම සිදුවීමට අදාළව කැබිනට් විමර්ශනයක් දියත් කළ අතර, එම කැබිනට් විමර්ශනයෙන් ද රජයට අවාසිදායක නිරීක්ෂණයක් කිහිපයක්ම සිදුකර තිබිණි. එමෙන්ම, මෙම සිදුවීමට අදාළව බ්‍රිතාන්‍යයේ මෙට්‍රොපොලිටන් පොලීසිය විසින් චෝදනා 12 කට අදාළව විමර්ශන සිදුකරමින් සිටින අතර, බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ උණුසුම් වාද විවාද ද ඇතිවිය.

එහෙත් දැන් යුරෝපා කලාපය පමණක් නොව මුලුමහත් ලෝකයේ ම අවධානය යොමුවූ සිදුවීමක් හටගෙන තිබේ. ඒ රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීමයි. මෙම සිදුවීම යුරෝපා කලාපය පමණක් නොව මුලුමහත් ලොවක් භීතියට පත්කළේය. දිගුකාලයක කැකෑරුනු වියරුවක ප්‍රතිඵලයක් පුපුරා යන්නාක් මෙන් රුසියානු ජනාධිපති ව්ලැද්මිර් පුටින් යුක්රේනයට ප්‍රහාර දියත් කළේය.

දක්ෂිණාංශික දේශපාලනයේ තක්කඩිකම කියා දෙයක් ඔබ අසා තිබේ ද? මෙය දක්ෂිණාංශික හා වාමාංශික දේශපාලන ගැටුමේ දී නිතර කියවෙන දෙයක් වන අතර, එය හුදෙක් දක්ෂිණාංශික දේශපාලනයටත් වඩා දක්ෂිණාංශික දේශපාලනයේ යෙදෙන්නන් විසින් සියවස් ගණනාවක් පුරාවට භාවිතයට ගන්නා ලද්දක් බවයි මාගේ අදහස. පාර්ටිගේට් සිදුවීමේදී මෙය මනාව පසක් වූ ස්ථානයක් නම්, පාර්ටිගේට් සිදුවීමට අදාළව විපක්ෂය බොරිස් ජොන්සන් අග්‍රාමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කර සිටියදී ප්‍රශ්නයට පිළිතුරු දෙනු වෙනුවට විපක්ෂයේ වැරදි සිහිපත් කර ඔහු ප්‍රශ්නයෙන් පළායාමයි. පක්ෂ පාට නොතකා සැමට බලපාන වසංගතයක් මධ්‍යයේ සෞඛ්‍ය විධිවිධාන උල්ලංඝනය වන අන්දමින් කටයුතු කර තිබීමට අදාළව පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කෙරෙද්දී කුප්‍රකට ළමා අපයෝජකයකුට දඬුවම් ලබා දීමට එවකට ප්‍රධාන අභිචෝදකයකු වූ වත්මන් කම්කරු පක්ෂ නායක ශ්‍රීමත් කියර් ස්ටාමර් කටයුතු නොකිරීම පිළිබඳව සිහිපත් කිරීමට පාර්ලිමේන්තුවේ ප්‍රශ්න වලට පිළිතුරු සැපයීමේ කාලය බොරිස් ජොන්සන් යොදාගත්තේය.

පාර්ලිමේන්තුව තුළ පමණක් නොව තමාගේ ම පක්ෂය වූ බ්‍රිතාන්‍ය කන්සර්වේටිව් පක්ෂයෙන් ද බොරිස් ජොන්සන් අග්‍රාමාත්‍යවරයාට විරෝධතා මතුවීමට පටන් ගෙන තිබේ. මේ වන විටත් ඔහුට විරුද්ධව විශ්වාසභංග ලිපි ඉදිරිපත් කිරීමට පාලක පක්ෂ මන්ත්‍රීවරුන් 14 දෙනෙකු කටයුතු කර තිබේ.

ඊයේ දින දක්ෂිණාංශික දේශපාලනයේ තක්කඩිභාවය නැවත වරක් හිස එසවීමට මාන බලන සිදුවීමක් කෙරේ මාගේ අවධානය යොමුවිනි. මෙම සිදුවීම රූපවාහිනී සංවාදයක් හා බැඳේ. ඉකුත් දිනෙක පාර්ටිගේට් සිදුවීමට අදාළව බීබීසී පුවත් සේවයේ මාධ්‍යවේදීන් බොරිස් ජොන්සන් අග්‍රාමාත්‍යවරයාගෙන් කළ ප්‍රශ්නකිරීමක දී ඔහු පවසා සිටියේ විමර්ශනය අවසානයේදී තමා නිසැකවම පිළිතුරක් ලබා දෙන බවත්, තමාට මේ පිළිබඳව පැවසීමට බොහෝ දේ ඇති බවත් ය. එමෙන්ම, පවතින තත්ත්වය තුළ ඔහුට කිසිවක් පැවසීමට නොහැකි බව ද බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා පවසා සිටියේය. මීට සමගාමීව මීට දින දෙකකට පෙර බ්‍රිතාන්‍ය නිවේදකයන් දෙදෙනෙකු වන ඉයන් ඩේල් සහ ජෙරෙමි වයින් සහ තවත් මාධ්‍යවේදීන් කිහිපදෙනෙකු අතර සංවාදයක් පැවතිනි.

එම සංවාදයේ කොටසක් පහත පරිදි වේ:

ඩේල්: හොඳයි, හිතලා බලන්න.. යුක්රේනයේ යුද්ධය නිසා ඇත්ත වශයෙන්ම ඔවුන් මේ සියල්ල අතහරින බවට පොලීසිය නිවේදනයක් කළොත්. අග්‍රාමාත්‍යවරයා දැඩි පීඩනයකින් පසුවන බව අපට තේරෙනවා. නමුත් ඔවුන් එසේ කළා නම් රටේ ඇතිවන තත්ත්වය කෙබඳුද කියා ඔබට සිතාගත හැකියි ද? එසේ වූවහොත්, ඔවුනට එක නීතියක්, අනෙක් අයට තව නීතියක් යැයි හිතන මිනිසුන්ට එය තවත් ඔප්පු වෙයි. නීතිය ඇත්ත වශයෙන්ම එහි ගමන යා යුතුයි!

වයින්: නමුත් බොරිස් ජොන්සන් වැදගත් පුද්ගලයෙකු යැයි සිතීමට මිනිසුන්ට අවශ්‍ය වන මොහොතක එහෙම දෙයක් වුනොත්, ඔහුගේ බලතල සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් ඉවත් වන්නේ නැද්ද?

ඩේල්: අපි ආපසු 1990 ට ගිහින් බලමු. මේ, කුවේටය නිසා බ්‍රිතාන්‍යය සක්‍රියව ඉරාකය සමඟ යුද වැදි කාලයක්. එවකට අග්‍රාමාත්‍යවරිය මාග්‍රට් තැචර්. මේ වන විට ටෝරි පක්ෂය මාග්‍රට් තැචර්ව හෙළාදුටුවා. මේ තර්කයම එදා ක්‍රියාත්මක වුනා. අපි ආපසු හැරී බැලුවහොත්, දෙවන ලෝක යුද්ධය ආරම්භයේදී ම පවා අගමැතිවරුන් වෙනස්කළ පිරිසක් අපි. අපි අගමැතිවරුන් වෙනස් කළ යුතුයි කියා මම යෝජනා කරන්නේ නැහැ. නමුත් එසේ කළා කියා ලෝකය අවසාන වන්නේ නැහැ. එයයි මගේ මතය.

වයින්: නමුත් ඔවුන් අපව සමච්චලයට ලක්කළා.. රුසියානු මාධ්‍ය බොරිස් ජොන්සන් ව සමච්චලයට ලක්කළා. ලිස් ටෘස් (විදේශ, පොදුරාජ්‍ය මණ්ඩලීය සහ සංවර්ධන කටයුතු පිළිබඳ රාජ්‍ය ලේකම්) යනු බාගෙට මනුස්ස බාගෙට අශ්වයකු වගේ පුද්ගලයකු යැයි ඔවුන් කියා සිටියා.

සංවාදයට සම්බන්ධ වූ තවත් මාධ්‍යවේදිනියක වන හසාරින්කා ඊට පිළිතුරු ලබාදෙමින් පවසා සිටියේ එකිනෙකා සමච්චලයට ලක්කර ගැනීම සෑම පුද්ගලයකු ම විසින් සිදුකරන දෙයක් බවත්, ඊට හේතුව මෙම දේශපාලඥයන් මෝඩයින් නිසා බවත් ය. එමෙන්ම, නීතියේ ආධිපත්‍යය නිවැරදිව ක්‍රියාත්මක විය යුතු බවත්, ජාත්‍යන්තර නීතියට අනුව පුටින් ජනාධිපතිවරයා වැන්නෙකු වරදක් කළ විට එයට එරෙහි වීමට කටයුතු කරන මැයෙන් තම දේශසීමාවන් තුළ සිදුවන වැරදි වලට එරෙහිව නීතියේ ආධිපත්‍යය ක්‍රියාත්මක නොකරන්නේ නම් එය වරදක් බව ද ඈ අවධාරණය කළාය.

ජාත්‍යන්තර නීති උල්ලංඝනය කරමින් කටයුතු කරන්නන්ට එරෙහිව හඬ නැඟීම තුළින් වීරයකු වීමට උත්සාහ කරන්නේ තම වැරදි වසා ගැනීමට නම් එයින් ඇති ඵලක් නොමැති බව මෙම සංවාදය තුළ බොරිස් ජොන්සන් අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ගොනුවී ඇති පාර්ටිගේට් විමර්ශන යුක්රේනයේ යුධමය වාතාවරණය නිසා නතර විය යුතු බවට යෝජනා කරන ජෙරෙමි වයින් නම් නිවේදකයාට පෙන්වා දීමට සමස්ත සංවාදය තුළ අනෙකුත් මාද්‍යවේදීහු කටයුතු කළහ.

යුක්රේනය ආක්‍රමණය කිරීමට රුසියාව කටයුතු කළ මොහොතේ පටන් ඊට විරුද්ධව හඬ නැඟූ චරිතයකි බොරිස් ජොන්සන්. ඔහු යුක්රේන ජනපති වොලොදිමිර් සෙලෙන්ස්කි ට ද දුරකතනයෙන් කතා කර තම සහයෝගය ලබා දෙන බව ප්‍රකාශ කළේය. ඇතැම් මාධ්‍ය මෙම රුසියානු ආක්‍රමණය හමුවේ බොරිස් ජොන්සන් අග්‍රාමාත්‍යවරයාගේ මනෝභාවය පැහැදිලි කර තිබුණේ, “ජවසම්පන්න, උද්යෝගකර සහ කණස්සල්ලට” පත්වූ චරිතයක් ලෙසිනි. රුසියානු ආක්‍රමණයට එරෙහිව බොරිස් ජොන්සන් එක රැයින් වීරයෙක් විය. රුසියාවට එරෙහිව දැවැන්ත සම්බාධක පනවන බව ඔහු සිය ජනතාව අමතා ප්‍රකාශ කළේය. සිය කැබිනට් මණ්ඩලයේදී නැවත නැවතත් බොරිස් ජොන්සන් අග්‍රාමාත්‍යවරයා පවසා සිටියේ “පුටින් අසමත් විය යුතු” බවය!

මෙම රූපවාහිනී සංවාදයෙන් හා බොරිස් ජොන්සන් ගේ ඉහත ක්‍රියාකලාපයෙන් පැහැදිලි වන්නේ කුමක්ද? ඇත්ත, බලඋමතුවෙන් සිටින පුටින් යුක්රේනය ගිනිබත් කිරීමට ගත් පියවරට එරෙහිව කොන්දේසි විරහිතව අප නැඟී සිටිය යුතුය. යුරෝපා කලාපයේ දැවැන්තයකු වශයෙන් බ්‍රිතාන්‍යයට එහි වගකීමක් පැවරෙන බව ද සත්‍යයකි. නමුත් මෙම සිදුවීමට දින කිහිපයකට ඉහත බොහෝදෙනෙකුගේ දේශපාලන සංවාදයේ දුෂ්ටයා වී සිටි බොරිස් ජොන්සන් දැන් වීරයකු වී ඇති බව ඔබට පෙනෙනවා ද?

බොරිස් ජොන්සන්ගේ මෙම හැසිරීම සහ සමස්ත ක්‍රියාදාමය තුළ මාධ්‍ය හැසිරවීම මඟින් අපට පැහැදිලි කරගත හැක්කේ මා ඉහත කී දක්ෂිණාංශික දේශපාලනයේ තක්කඩිභාවය යැයි මම යෝජනා කරමි. මෙය වඩාත් පැහැදිලි කර ගැනීමට ලියර්නාඩෝ ඩිකැප්‍රියෝ සහ ජෙනිෆර් ලෝරන්ස් රඟපෑ ඩෝන්ට් ලුක් අප් නම් චිත්‍රපටය නැරඹීමට මම ඔබට යෝජනා කරමි. ගෝලීය අර්බුදයක් සිය වාසියට හරවා ගැනීම, තම දේශපාලනික හා පරිපාලනික අසාර්ථකභාවය ඉන් වසා ගැනීම හා ඒ තුළින්ම සමාජයේ වීරයකු බවට පත්වීම ඉහත කී තක්කඩිභාවයේ ලක්ෂණයයි. මෙම මොහොතේ සෑම විදෙස් මාධ්‍යයකම අස්සක් මුල්ලක් නෑර වාර්තා වන්නේ යුක්රේන කඩාවැටීමයි. ඒ අනුව, යුක්රේන ගැටළුව ඉදිරියට දමා බොරිස් ජොන්සන් අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ක්‍රියාත්මක වන පාර්ටිගේට් විමර්ශනය දුර්වල කිරීමට බ්‍රිතාන්‍ය රජයට පක්ෂපාතී මාධ්‍යවේදීන් ලවා ක්‍රියාත්මක වන මෙම කූට ක්‍රියාන්විතය පිළිකුලෙන් යුතුව අප හෙළා දැකිය යුතුය.

එපමණක් නොව, මෙම දේශපාලන තක්කඩිභාවය බ්‍රිතාන්‍යය වන් සුවිසල් රාජ්‍ය වලට පමණක් නොව ශ්‍රී ලංකාව වැනි කුඩා දූපත් වල දේශපාලනයට ද වලංගු බව අප මතකයේ තබා ගත යුතුය.

ප්‍රමෝද් චින්තක පීරිස්

Share

Recent Posts

නායයෑම් හා ගංවතුර නිසා ඉන්දුනීසියාවේ 15 දෙනෙකු ජීවිතක්ෂයට!

ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…

12 hours ago

ඊශ්‍රායලයට යන නැව්වලට සිය සිමාව තුළ අනිවාර්යෙන් ප්‍රහාර එල්ල කරන බව හූතිවරු පවසයි

එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…

16 hours ago

එළඹෙන සති අන්තයේ ඇමරිකා විශ්වවිද්‍යාල ගාසා යුද විරෝධතාකරුවන්ගෙන් බාධා එල්ල වේ යැයි සැකයක්!

විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…

20 hours ago

බ්‍රසීලය වසර 80කට පසු මාරාන්තික ගංවතුරකට මුහුණ දේ; 37ක් මියගොස් 74 දෙනෙකු අතුරුදන්

එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…

21 hours ago

සික් බෙදුම්වාදී නායක නිජ්ජාර්ගේ ඝාතනය සම්බන්ධයෙන් කැනඩාව තිදෙනෙකු අත්අඩංගුවට ගනී

පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…

22 hours ago

ඉන්දියාව මියන්මාර සරණාගතයින් පිටුවහල් කරයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…

2 days ago

ඡන්ද මධ්‍යස්ථානයකින් ආපසු හරවා යැවු එංගලන්තයේ හිටපු අගමැති බොරිස් ජෝන්සන්!

විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…

2 days ago

චීනය සඳ මත කඳවුරු බැඳීමේ මෙහෙයුම දියත් කරයි

මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…

2 days ago

තුර්කිය ඊශ්‍රායලය සමඟ පැවති වෙළඳ සබඳතා අත්හිටුවයි

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…

2 days ago

දකුණු වියට්නාමයේ ජලාශයක මත්ස්‍යයින් විශාල සංඛ්‍යාවක් මිය යයි!

මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…

2 days ago

ගිටාර් වීරයා DUANE EDDY ගිටාරය තනිකර ජීවන රිද්මයට තිත තබයි!

මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…

3 days ago

බ්‍රසීලයට ගං වතුර, 10ක් මිය යයි!21ක් අතුරුදහන්

පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…

3 days ago

කාන්තාවන් පිරිමින්ට වඩා වසර ගණනාවක් ජිවත්වන මුත් දිගුකාලින අසනීප තත්වයන්ගෙන් පෙළෙන බව අධ්‍යනයකින් හෙළි වේ

කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…

3 days ago

චාලි මා හදවතෙහි ජීවත් ව හිඳී

උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!

3 days ago