එසැණ පුවත්

යුක්රේන – රුසියා සාකච්ඡා යළිත් අසාර්ථකයි ! නේටෝවට එක්වීමේ අදහස අතහැර දැමුවා – සෙලෙන්ස්කි

තුර්කියේ අන්තල්යා හිදී දෙරටේ විදේශ ඇමතිවරුන් මුහණට මුහුණ හමු වූ අතර කෙසේ නමුත් එකඟතාවයකින් තොරව මෙම සාකච්ඡා අවසන්ව ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව යුක්රේන යුදමය තත්වය අවසන්ව වනු ඇති බවට වූ බලාපොරාත්තුව තවදුරටත් ප්‍රමාද වී තිබෙනවා.

මේ අතර යුක්රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි පවසන්නේ නේටෝ සංවිධානයට එක්වීමට තිබූ බලාපොරොත්තු අතහැර දැමීමට තීරණය කළ බවයි.

තම රට පිළිගැනිමට නේටෝ සංවිධානය අකමැති බව දැන් හොඳටම අවබෝධ වී ඇති බවයි ජනාධිපතිවරයා ජාත්‍යන්තර මාධ්‍ය වෙත පවසා තිබෙන්නේ.

රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීමට ප්‍රබල හේතුවක් වූයේ යුක්රේනය නේටෝ සංවිධානයට එක්වීමට තිබූ සූදානමයි.

කෙසේ වුවද අවසානයේදී යුක්රේනයට නෝටෝ සංවිධානයත් නොමැතිව ආක්‍රමණිකයෙකුට මුහුණදීමට සිදුව තිබෙනවා.

යුක්රේන ජනාධීපතිවරයා නේටෝ සංවිධානයෙන් ආයාචනය කරන්නේ යුක්රේනයට ඉහළ අහසේ ගුවන් මුක්ත කලාපයක් ප්‍රකාශයට පත් කරන ලෙසයි.

දැන් යුක්රේන ජනතාව මුහුණ දෙන තත්වය අතිශය භයානක බවත් මේ තත්වයෙන් පැවතියහොත් යුක්රේන ජනතාවගේ ජීවිත මිලියන ගණනක් අහිමි වී යා හැකි බවත් සෙලෙන්ස්කි පවසනවා.

රුසියාව සහ යුක්රේනය අතර ඊයේ පැය 12 ක සටන් විරාමයක් පැවති අතර කෙසේ නමුත් රුසියානු හමුදා සටන් විරාමය අතරතුර මාතෘ හා ළමා රෝහලකට ප්‍රහාරයක් එල්ල කළේය.

මෙම ප්‍රහාරයෙන් බිළිඳෙකු ඇතුළු පුද්ගලයන් තිදෙනෙකු මියගිය බව යුක්රේනය ප්‍රකාශ කරයි.

UN for LNW

Share

Recent Posts

දකුණු වියට්නාමයේ ජලාශයක මත්ස්‍යයින් විශාල සංඛ්‍යාවක් මිය යයි!

මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…

7 hours ago

ගිටාර් වීරයා DUANE EDDY ගිටාරය තනිකර ජීවන රිද්මයට තිත තබයි!

මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…

13 hours ago

බ්‍රසීලයට ගං වතුර, 10ක් මිය යයි!21ක් අතුරුදහන්

පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…

15 hours ago

කාන්තාවන් පිරිමින්ට වඩා වසර ගණනාවක් ජිවත්වන මුත් දිගුකාලින අසනීප තත්වයන්ගෙන් පෙළෙන බව අධ්‍යනයකින් හෙළි වේ

කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…

15 hours ago

චාලි මා හදවතෙහි ජීවත් ව හිඳී

උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!

16 hours ago

අවිහිංසාවාදී විශ්ව විද්‍යාල උද්ගොෂණයට පොලිසිය කඩා වැදීමත් සමඟ එක්සත් ජනපදයේ භාෂණයේ නිදහස පිළිබඳව ප්‍රශ්න මතු කෙරේ

එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.

17 hours ago

ට්‍රම්ප්ට ඇ. ඩොලර් 9,000 ක දඩයක්!

ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…

1 day ago

මයික්‍රොසොෆ්ට් ඉන්දුනීසියාවේ ඩොලර් බිලියන 1.7 ක් ආයෝජනය කරයි

මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…

1 day ago

දකුණු චීනයේ මාර්ගයක් කඩා වැටීමෙන් 19දෙනෙකු මිය යයි

ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.

1 day ago

කළු මුහුදේ වරාය නගරයක් වන ඔඩෙසා වෙත රුසියානු මිසයිල ප්‍රහාරයක්!

යුක්‍රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.

1 day ago

CLARA CHIZOBA තැබූ ගිනස් වාර්තාව!

වාර්තාව තබන අතරතුර ඇය සෑම පැයකට වරක් මිනිත්තු 5ක විරාමයක් ලබාගෙන ඇති අතර, කෙටි නින්දකට,…

1 day ago

සිරකරුවන් 118 දෙනකු පැන ගිහින්!

බන්ධනාගාර ගොඩනැඟිලිවලින් විශාල ප්‍රමාණයක් සහ එහි උස් තාප්පයේ කොටසක් කඩා වැටී ඇති අතර, සිරකරුවන් පලාගොස්…

1 day ago

ඉන්දුනීසියාවේ රුවන්ග් ගිනිකන්ද නැවත පුපුරා යයි

ගිනිකන්ද පුපුරා යාමත් සමඟ සුන්බුන් මුහුදට වැටී සුනාමියක් ඇති ව තිබේ.

1 day ago

2047 වන විට ඉන්දියාව ලෝකයේ තෙවන විශාලතම ආර්ථික බලවතා බවට පත්වේ

ඉන්දියාව පසුගිය වසරේ පස්වන විශාලතම ආර්ථිකය ලෙස එක්සත් රාජධානිය අභිබවා යන ලදී.

2 days ago

රෆා ප්‍රහාරය දියත් කරන බවට නෙතන්යාහු සහතික වේ

පලස්තීන ජනතාවගේ ඉතිහාසයේ විශාලතම ව්‍යසනය..

2 days ago