කාලීන

යුගයක නිමාව : කියුබාවේ රාවුල් කැස්ත්‍රෝ පක්ෂ නායකත්වයෙන් සමු ගනියි

මෙයට තුන් වසරකට පෙර, තමන් 2021 වසරේදී ධුරයෙන් ඉවත් වන බව රාවුල් නිවේදනය කළ විට ඔහුගේ අති ප්‍රබල කොමියුනිස්ට් පක්ෂය ඒ සමගම තවත් පොරොන්දුවක් දුන්නේය. ඒ, එම තුන් වසර ඇතුළත රට ආර්ථිකමය අතින් ස්ථාවර කරන බවයි. නමුත් කියූ පරිදි නායකත්වයෙන් ඉවත් වීම හැර, රාවුල් සැලසුම් කළ පරිදි බොහෝ දේ සිදුවූයේ නැත.

පසුගිය සිකුරාදා මෙම නිවේදනය කරන විට කියුබාව පැවතියේ දැඩි අර්බුදයක ය. කියුබානු ආර්ථිකය දැඩි වශයෙන් සංචාරක කර්මාන්තය මත රඳා පවතියි. නමුත් කෝවිඩ් ගෝලීය වසංගතය හේතුවෙන් එය දැඩි සේ අඩාල වී පැවතිණි. රටේ ආර්ථිකය 2020 වසර තුළ අවම වශයෙන් 11%කින් හැකිළී තිබේ. ආහාර, ඖෂධ සහ වෙනත් අත්‍යාවශ්‍ය භාණ්ඩ සපයා ගැනීම සඳහා කියුබානුවන්ට සිය දවසෙන් පැය කිහිපයක් පෝලිම්වල ගත කිරීමට සිදුව තිබේ.

කෝවිඩ් දුරලීම සඳහා කියුබානු බලධාරීන් හැකි සෑම දෙයක්ම කරමින් සිටියත්, දූපතේ එදා මෙදාතුර ඉහළම ආසාදන සංඛ්‍යාව තවමත් වාර්තා වෙයි. කියුබාව වසංගතය පැරදුවාදැයි දැනගැනීමට තවත් මාස කිහිපයක් අවශ්‍ය වනු ඇත. කියුබාව තමන්ගේම එන්නතක් නිෂ්පාදනය කර ගැනීමට ද පසුගිය කාලයේ වෙහෙස විය. එම ව්‍යාපෘතියේ නම “Hail Mary” ය. එහි සාර්ථක අසාර්ථකභාවය ගැන පැවසීමට ද තවම කල් වැඩි ය.

බරාක් ඔබාමා, පිරිහී තිබූ ඇමරිකානු – කියුබා සබඳතා සතුටුදායක කර ගැනීමට විශාල වෙහෙසක් ගත්තේය. නමුත් ඔහුගෙන් පසුව ආ ට්‍රම්ප් පරිපාලනය, කියුබාව දශක ගණනකින් මුහුණ දුන් දැඩිම සම්බාධකවලට ලක් කර දැමුවේය. එහි ප්‍රතිඵල දීර්ඝකාලීන ය.

කොමියුනිට්වාදීන් විසින් පාලනය කරන මේ දූපත ගැන මේ දක්වා නව ජනපති ජෝ බයිඩන් ද වැඩි අවධානයක් යොමු කර ඇති බවක් නොපෙනේ. ඔහු එයට මැලිවනවාද නැත්ද යන්න පවා තවම පැහැදිලි නැත.

එදා CIA පුහුණුව ලත් පිටුවහලුන් විසින් බේ ඔෆ් පිග්ස් ආක්‍රමණය අතරවාරයේදී සිදුකළ කියුබානු අරගලයේ 60 වන සංවත්සරය පැවැත්වුණේ පසුගියදා ය. මේ හා සමගාමීව කියුබානු කොමියුනිස්ට් පක්ෂයේ 8 වන මහ සභා කොංග්‍රසය ද පැවැත්විණි. රාවුල් කැස්ත්‍රෝ නායකත්වයෙන් ඉවත් වන බව නිල වශයෙන් නිවේදනය කෙරුණේ එදා ය.

රාවුල් සහ පිදෙල් – විප්ලව සමයේ පටන්

වසර 62කට පසු කියුබානු පාලන තන්ත්‍රයේ කැස්ත්‍රෝවරයෙක් නොමැති වනු ඇත!

කියුබානු කොමියුනිස්ට් පක්ෂය හැර අවසර ලත් වෙනත් පක්ෂයක් කියුබාවේ නැත. එනිසා එය රටේ උත්තරීතර බලයක් හිමි පක්ෂයක් ලෙස සැලකේ.

රාවුල් කැස්ත්‍රෝගේ සමුගැනීමත් සමග කැස්ත්‍රෝ පවුලට, ප්‍රශ්න කළ නොහැකි තරම් බලතල සමුදායක් ඉතිරිවනවා ඇත. නමුත්, කියුබානු ඉතිහාසයේ වසර 62 කට පසු පළමු වතාවට රටේ පාලනාධිකාරිය තුළ කැස්ත්‍රෝ කෙනෙක් නොමැති වනු ඇත.

2016 වසරේදී මිය ගිය පිදෙල් කැස්ත්‍රෝ නොහොත් රාවුල්ගේ ලොකු අයියාගේ කිසිදු දරුවෙක් ආණ්ඩුවේ නිල පදවි නූසුලති.

‘‘මගෙ සෞඛ්‍ය තත්වය හොඳ වුණොත්, නායකත්වයෙන් ඉවත් වුණාට පස්සෙ මම විප්ලවය සුරකින තවත් එක් සොල්දාදුවෙක් පමණක් වේවි..‘‘

එදා 2018 වසරේදී රාවුල් කැස්ත්‍රෝ පැවසුවේය. නමුත් දැන් ඔහු වැඩි වශයෙන් සිය පවුල සහ දරු මුණුපුරන් ගැන කතාබස් කිරීමට කැමති ය.

රාවුල්ගේ පුත්‍රයා අහලෙන්ද්‍රෝ කැස්ත්‍රෝ, කියුබාවේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයේ කර්නල්වරයෙකි. ඔහුගේ දියණිය මරීලා රටේ LGBTQ අයිතිවාසිකම් සුරැකීම සඳහා කැපී පෙනෙන වැඩ කොටසක් සිදුකරන මධ්‍යස්ථානයක් පවත්වාගෙන යයි. ඥාති පුත්‍රෙයකු වන ජෙනරාල් ලුයිස් ඇල්බර්ටෝ රොඩ්‍රිගුවස් ලෝපේස් රජයේ පාලනය යටතේ පවතින හෝටල්, මරීනා සහ යටිතල පහසුකම්වලට ආරක්ෂක භටයන් සපයන සමාගමක් පවත්වාගෙන යන්නේ අප්‍රකට චරිතයක් සේ ජීවත්වීමට උත්සාහ ගනිමිනි.

ඒ අනුව රාවුල්ගේ කිසිදු දරුවෙක් හෝ ඥාතියෙක් කියුබාවේ සුක්කානම පෙනෙන තෙක් මානයක නැත.

නොවෙනස් රටක්

සෝවියට් සංගමය සහ ඇමරිකාව අතර 80 දශකයේ පැවති න්‍යෂ්ටික අවි හරඹය කේන්ද්‍රකරගත් ශීතල යුද්ධයෙන් පසු ලෝකයේ බොහෝ රටවල් විශාල වෙනස්කම්වලට ලක් වෙමින් හැඩ ගැසී තිබේ. නමුත් ශීතල යුද්ධයෙන් පසු ලෝකයේ අඩුවෙන්ම වෙනස් වූ රටකි, කියුබාව. රාවුල් 2018 වසරේදී ජනපති පදවියෙන් ඉවත් වූයේ සිය අනුගාමිකයා ලෙස මිගුවෙල් ඩයස්-කැනල් ව ජනපති පදවියට පත් කරමිනි. ඒඅනුව ආර්ථික ප්‍රතිසංස්කරණවල වැඩි බලාපොරොත්තු ඔහු මත පතිත විය. නමුත් ගෝලීය ප්‍රවණතා හමුවේ ඔහු සැලකිය යුතු අන්දමින් කටයුතු නොකළ අතර, දැන් කියුබාවේ අති ප්‍රබල කොමියුනිස්ට් පක්ෂයේ නායකත්වය ඔහු විසින් ලබාගනු ඇතැයි බලාපොරොත්තුවක් තිබේ.

මිගුවෙල්ගේ කියුබාව

1959 කියුබානු විප්ලවයෙන් පසු ඉපදී කියුබාවේ ජනපතිවරයෙකු බවට පත් වූ පළමු පුද්ගලයා මිගුවෙල් ය. ඔහු දේශපාලනික හෝ සමාජ විද්‍යාත්මක අධ්‍යාපන පසුබිමක් ඇති අයෙක් නොව, ඉලෙක්ට්‍රිකල් ඉංජිනේරුවෙකි. කියුබාවේ උසස් අධ්‍යාපන අමාත්‍යවරයා බවට පත් වීමට පෙර ඔහු පළාත් දෙකක නායකත්වය ඉසිළීය. පසුව උප ජනපතිවරයා බවට ද රාවුල්ගෙන් පසුව ජනපතිවරයා බවට ද පත් විය.

තාක්ෂණයට ඇළුම් කරන මිගුවෙල්, නිතර නිතර සිය ව්‍යාපෘති සම්බන්ධයෙන් ට්විටර් සටහන් යොදයි. 2018 වසරේ හවානා හිදී පුද්ගලයන් 112කට මරු කැඳවමින් අනතුරට පත් වූ ගුවන් යානය නැරඹීමට ඔහු වහාම ගියේය. ෆිදෙල් කැස්ත්‍රෝ මෙන්ම රට පුරාම කැබිනට් රැස්වීම් පැවැත්වීය. ඒ අනුව ඔහු යහපත් මහජන ප්‍රතිරූපයක් පවත්වාගෙන යාමට සමත් ව තිබේ. එහි ප්‍රතිඵලයක් ලෙසට බොහෝ දෙනා විශ්වාස කළේ කියුබානු ආර්ථිකය, නව තාක්ෂණය සමග මුසු කර ඉදිරියට ගෙන යාමට මිගුවෙල් සමත් වනු ඇති බවයි.

නමුත් ගතවූ තුන් වසර තුළ සැලකිය යුතු කිසිවක් සිදු නොවූ තරම් ය. පුද්ගලික සමාගම් දිගින් දිගටම මන්දගාමී ආර්ථික ප්‍රතිසංස්කරණ ගැන පැමිණිලි කරමින් සිටියි. කලාකරුවෝ රජයේ වාරණ ගැන පැමිණිලි කරති. නමුත් විසම්මුතිය සඳහා කැස්ත්‍රෝ යුගයට වඩා වැඩි ඉඩක් ලැබෙමින් තිබේ. කියුබානු ක්‍රියාධරයෝ සත්ව අයිතිවාසිකම් වෙනුවෙන් ද සටන් වැද සිටිති. අන්තර්ජාල භාවිතය ඉහළ ගොස් තිබේ. අන්තර්ජාලය හරහා විරෝධතා හා විසංවාද සංවිධානය කිරීම් ද වැඩි වෙමින් ඇත. එය වසර කිහිපයකට පෙරදී සිතාගත නොහැකි තරම් වූ දෙයකි.

කියුබාව ප්‍රතිසංස්කණය වීමට නම් එය කැස්ත්‍රෝවරුන්ගෙන් මිදීගත යුතු යැයි ඇතැම් බටහිර විචාරකයෝ කියති. නමුත් දූපත් ලෙහෙසියෙන් දියුණු නොවේ. දූපත්වලට පවුල්වාදයෙන් මිදීමට ද අපහසු ය. එසේ පවුල්වාදයෙන් මිදුණද, කොමියුනිස්ට් රාජ්‍යයක් තුළ පවා, එතුළින් ශේෂ වූ අධිපතිවාදී උරුමයන් දශක ගණනාවක් තිස්සේ පවතිනු ඇත.

Share

Recent Posts

නායයෑම් හා ගංවතුර නිසා ඉන්දුනීසියාවේ 15 දෙනෙකු ජීවිතක්ෂයට!

ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…

27 mins ago

ඊශ්‍රායලයට යන නැව්වලට සිය සිමාව තුළ අනිවාර්යෙන් ප්‍රහාර එල්ල කරන බව හූතිවරු පවසයි

එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…

5 hours ago

එළඹෙන සති අන්තයේ ඇමරිකා විශ්වවිද්‍යාල ගාසා යුද විරෝධතාකරුවන්ගෙන් බාධා එල්ල වේ යැයි සැකයක්!

විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…

8 hours ago

බ්‍රසීලය වසර 80කට පසු මාරාන්තික ගංවතුරකට මුහුණ දේ; 37ක් මියගොස් 74 දෙනෙකු අතුරුදන්

එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…

10 hours ago

සික් බෙදුම්වාදී නායක නිජ්ජාර්ගේ ඝාතනය සම්බන්ධයෙන් කැනඩාව තිදෙනෙකු අත්අඩංගුවට ගනී

පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…

10 hours ago

ඉන්දියාව මියන්මාර සරණාගතයින් පිටුවහල් කරයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…

1 day ago

ඡන්ද මධ්‍යස්ථානයකින් ආපසු හරවා යැවු එංගලන්තයේ හිටපු අගමැති බොරිස් ජෝන්සන්!

විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…

1 day ago

චීනය සඳ මත කඳවුරු බැඳීමේ මෙහෙයුම දියත් කරයි

මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…

1 day ago

තුර්කිය ඊශ්‍රායලය සමඟ පැවති වෙළඳ සබඳතා අත්හිටුවයි

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…

1 day ago

දකුණු වියට්නාමයේ ජලාශයක මත්ස්‍යයින් විශාල සංඛ්‍යාවක් මිය යයි!

මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…

2 days ago

ගිටාර් වීරයා DUANE EDDY ගිටාරය තනිකර ජීවන රිද්මයට තිත තබයි!

මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…

2 days ago

බ්‍රසීලයට ගං වතුර, 10ක් මිය යයි!21ක් අතුරුදහන්

පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…

2 days ago

කාන්තාවන් පිරිමින්ට වඩා වසර ගණනාවක් ජිවත්වන මුත් දිගුකාලින අසනීප තත්වයන්ගෙන් පෙළෙන බව අධ්‍යනයකින් හෙළි වේ

කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…

2 days ago

චාලි මා හදවතෙහි ජීවත් ව හිඳී

උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!

2 days ago