පුවත්

ලන්ඩන් හා මැන්චෙස්ටර් වලට රතු නිවේදන; ජීවිත අවධානම් පිළිබඳ අනතුරු ඇඟවේ

බටහිර යුරෝපයේ පවතින උෂ්ණාධික තාප තරංග හේතුවෙන් අත්‍යාවශ්‍ය දෙයකට හැර ගමන් බිමන් හැකිතාන් අවම කරන ලෙසත් පොදු මඟී ප්‍රවාහණ භාවිතා කරන ලෙසත් එක්සත් රාජධානියේ ජාතික කාලගුණ විද්‍යා කාර්යාලය විසින් අනතුරු අඟවා තිබේ. බ්‍රිතාන්‍ය බලධාරීන් පවසන්නේ ඉරිදා සිට අඟහරුවාදා දක්වා අතර කාලය තුළ උෂ්ණත්වය සෙල්සියස් අංශක 38.7 හෝ 40 ඉක්මවනු ඇති බවයි.

2019 වසරෙන් පසුව මෙවර වාර්තාවෙන උෂ්ණත්වය ඉහළයාම සාමාන්‍ය පදිකයන්ට අතිශයින්ම අවධානම් සහගත බව ජාතික කාලගුණ විද්‍යා කාර්යාලය විසින් වැඩිදුරටත් සඳහන් කර තිබේ.Transport for London (TfL) ප්‍රධාන මෙහෙයුම් නිලධාරී Andy Lord පවසා තිබුණේ ලබන සතිය තුළ අධික උෂ්ණත්වයක් අපේක්ෂා කරන බවත්, අත්‍යාවශ්‍ය දෙයකට හැර විවෘත අවකාශයක නොසිටින ලෙසත්, සාමාන්‍ය පදිකයන් අත්‍යාවශ්‍ය ගමන් බිමන් වෙනුවෙන් පොදු මඟී ප්‍රවාහණ භාවිතා කළ යුතු බවත්ය. උෂ්ණත්වයෙන් ආරක්ෂා වීම සඳහා මේ වන විට ලන්ඩනයේ දුම්ර්ය මාර්ගවල වේග සීමා හදුන්වා දී ඇති අතර තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන් නිතරම ජලය රැගෙන යන ලෙස ඔවුන් මඟීන්ගෙන් ඉල්ලා සිටියි.

අධික උෂ්ණත්වය හේතූවෙන් පිළිස්සීම් ඇතිවිය හැකි අතර එමඟන් විදුලි රැහැන් හා සංඥා උපකරණ වලට හානි සිදුවිය හැකි බව අපේක්ෂා කෙරේ. එබැවින් අත්‍යාවශ්‍ය දෙයකට පිටව යන්නේ නම් මෙම කරුණු පිළිබඳ සලකා බැලීම අතිශය වැදගත් බව TfL නිවේදනය කර තිබේ. පීලි නැමීම හෝ ගැටීම වැළැක්වීම සඳහා නිතිපතා ධාවන උෂ්ණත්ව පරීක්ෂාවන් සිදු කෙරෙන අතර අගනුවර තට්ටු දෙකේ බස් රථවල වායු සිසිලන පද්ධති ද පරීක්ෂා කරනු ඇත. දවසේ උණුසුම්ම වේලාවන් වලට මෝටර් රථ නොපදවන ලෙස මෝටර්රථ හිමියන්ට උපදෙස් ලබා දී ඇත.

ජාතික කාලගුණ විද්‍යා කාර්යාලය විසින් ලබන සතිය තුළ උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 ඉක්ම වන්නේ නම් එවන් පරිසරයක ජීවත්වීම අවධානම් සහගත බව නිවේදනය කර තිබේ. කාලගුණ විද්‍යා කාර්යාලයේ ප්‍රකාශක Grahame Madge ප්‍රකාශ කර තිබුණේ මෙවැනි අවස්ථාවක් මුල් වරට උද්ගතව ඇති අතර ලන්ඩන් හා මැන්චෙස්ටර් වලට උෂ්ණත්වය ඉහළයාමේ රතු නිවේදන නිකුත් කර ඇත. අසල් වාදීන් පිළිබඳ සැළකිලිමත් වන ලෙසත් මෙය අතිශය බරපතල තත්වයක් බව ඔවුන් වැඩිදුරටත් සඳහන් කර තිබේ.
එක්සත් රාජධානියේ සෞඛ්‍ය ආරක්ෂක ඒජන්සිය ද එහි තාප සෞඛ්‍ය අනතුරු ඇඟවීම තුන්වන ස්ථරයේ සිට හතරවන ස්ථරය දක්වා වැඩි කර ඇති අතර මෙය ජාතින අවධානම් සහගත අවස්ථාවකට සමාන බව ප්‍රකාශ කර තිබේ.

දේශගුණ විද්‍යාඥයන මෙම සංසිද්ධි පවතින දේශගුණික අර්බුදයේ ප්‍රතිඵලයක් බව පුරෝකතනය කර ඇත. 2020 ගිම්හානයේදී කාලගුණ විද්‍යාඥයින් විසින් කරන ලද අනාවැකිය පුදුම සහගත ලෙස සමාන වෙමින් පවතින බව ප්‍රකාශ වේ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ දේශගුණ විද්‍යාඥ නිකොස් ක්‍රිස්ටිඩිස් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ දේශගුණික විපර්යාස දැනටමත් එක්සත් රාජධානියේ උෂ්ණත්ව අන්තයන් ඇතිවීමේ සම්භාවිතාවට බලපා ඇති බවත් මෙම තත්වය බලාපොරොත්තු නොවූ මුත්, සෙල්සියස් අංශක 40 සීමාව ඉක්මවීමේ සම්භාවිතාව සීඝ්‍රයෙන් ඉහළ යන බවයි.

සශිකලා මධුෂාණී_

Share

Recent Posts

දකුණු වියට්නාමයේ ජලාශයක මත්ස්‍යයින් විශාල සංඛ්‍යාවක් මිය යයි!

මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…

6 hours ago

ගිටාර් වීරයා DUANE EDDY ගිටාරය තනිකර ජීවන රිද්මයට තිත තබයි!

මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…

13 hours ago

බ්‍රසීලයට ගං වතුර, 10ක් මිය යයි!21ක් අතුරුදහන්

පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…

14 hours ago

කාන්තාවන් පිරිමින්ට වඩා වසර ගණනාවක් ජිවත්වන මුත් දිගුකාලින අසනීප තත්වයන්ගෙන් පෙළෙන බව අධ්‍යනයකින් හෙළි වේ

කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…

15 hours ago

චාලි මා හදවතෙහි ජීවත් ව හිඳී

උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!

16 hours ago

අවිහිංසාවාදී විශ්ව විද්‍යාල උද්ගොෂණයට පොලිසිය කඩා වැදීමත් සමඟ එක්සත් ජනපදයේ භාෂණයේ නිදහස පිළිබඳව ප්‍රශ්න මතු කෙරේ

එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.

16 hours ago

ට්‍රම්ප්ට ඇ. ඩොලර් 9,000 ක දඩයක්!

ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…

1 day ago

මයික්‍රොසොෆ්ට් ඉන්දුනීසියාවේ ඩොලර් බිලියන 1.7 ක් ආයෝජනය කරයි

මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…

1 day ago

දකුණු චීනයේ මාර්ගයක් කඩා වැටීමෙන් 19දෙනෙකු මිය යයි

ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.

1 day ago

කළු මුහුදේ වරාය නගරයක් වන ඔඩෙසා වෙත රුසියානු මිසයිල ප්‍රහාරයක්!

යුක්‍රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.

1 day ago

CLARA CHIZOBA තැබූ ගිනස් වාර්තාව!

වාර්තාව තබන අතරතුර ඇය සෑම පැයකට වරක් මිනිත්තු 5ක විරාමයක් ලබාගෙන ඇති අතර, කෙටි නින්දකට,…

1 day ago

සිරකරුවන් 118 දෙනකු පැන ගිහින්!

බන්ධනාගාර ගොඩනැඟිලිවලින් විශාල ප්‍රමාණයක් සහ එහි උස් තාප්පයේ කොටසක් කඩා වැටී ඇති අතර, සිරකරුවන් පලාගොස්…

1 day ago

ඉන්දුනීසියාවේ රුවන්ග් ගිනිකන්ද නැවත පුපුරා යයි

ගිනිකන්ද පුපුරා යාමත් සමඟ සුන්බුන් මුහුදට වැටී සුනාමියක් ඇති ව තිබේ.

1 day ago

2047 වන විට ඉන්දියාව ලෝකයේ තෙවන විශාලතම ආර්ථික බලවතා බවට පත්වේ

ඉන්දියාව පසුගිය වසරේ පස්වන විශාලතම ආර්ථිකය ලෙස එක්සත් රාජධානිය අභිබවා යන ලදී.

2 days ago

රෆා ප්‍රහාරය දියත් කරන බවට නෙතන්යාහු සහතික වේ

පලස්තීන ජනතාවගේ ඉතිහාසයේ විශාලතම ව්‍යසනය..

2 days ago