සෞඛ්‍ය

ලොව පුරා කොවිඩ් ආසාදිතයන් මිලියන 2.2 ක් – මරණ 162,055 ක් – අද කොවිඩ් ලෝක සිතියම

මේ වන විට ලොව පුරා සිටින කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව මිලියන 2.2 ඉක්මවා තිබේ.

වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් (active cases) වාර්තා වන්නේ පහත රටවල් වලිනි.

1. ඇමරිකාව – ආසාදිතයන් 633,245
2. ස්පාඤ්ඤය – ආසාදිතයන් 98,134
3. ඉතාලිය – ආසාදිතයන් 107,771
4. ප්‍රංශය – ආසාදිතයන් 96,487

කොවිඩ්-19 වසංගතය හේතුවෙන් සිදුවූ ගෝලීය මරණ සංඛ්‍යාව මේ වන විට 162,055 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

රෝගය වැළඳී සුවපත් වූ සංඛ්‍යාව 607,462 දෙනෙකි.

ඉතාලියේ සහ ප්‍රංශයේ නව රෝගීන් හෝ අද දිනයේ මරණ නැහැ!

කෙසේ නමුත් නවතම සංඛ්‍යා ලේඛනවලට අනුව ඉතාලිය සහ ප්‍රංශයෙන් ගතවූ පැය 24 ඇතුළත කිසිදු රෝගියෙකු වාර්තා නොවන අතර, මරණ ද වාර්තා නොවේ. මෙය සුවිශේෂී තත්වයක් වන්නේ මෙම රටවල් යුරෝපයේ එක්සත් රාජධානිය මුහුණ පා ඇති ඉරණමෙන් වෙනස්ව ක්‍රමයෙන් හිස ඔසවන බවට මෙය සාක්ෂියක් වන හෙයිනි.

ගෝලීය කොවිඩ් සංඛ්‍යා ලේඛනවල සජීවී යාවත්කාලීන කිරීම් සඳහා පිවිසෙන්න…

එක්සත් රාජධානියේ අදත් මරණ 596 ක්

Health workers wear PPE as they transfer a patient from an ambulance into The Royal London Hospital in east London on April 18, 2020, during the novel coronavirus COVID-19 pandemic.  (Photo by DANIEL LEAL-OLIVAS / AFP) (Photo by DANIEL LEAL-OLIVAS/AFP via Getty Images)

එක්සත් රාජධානියේ කොවිඩ් මරණ 596 ක් අද දිනයේ ද වාර්තා වූයේ රෝහල්වලදී මිය ගිය මුළු සංඛ්‍යාව 16,060 ක් දක්වා ඉහළ දමමිනි.

මුළු ආසාදිතයන් සංඛ්‍යාව (කොවිඩ් පරීක්ෂාවේදී පොසිටිව් වූ) මේ වන විට 120,067 ක් ලෙස සටහන් වේ.

බොරිස් ජොන්සන්ට කොරෝනා  රැස්වීම් 5 ක් මිස් වෙයි!

LONDON, ENGLAND – MARCH 25: Prime Minister Boris Johnson leaves 10 Downing Street for PMQ’s on March 25, 2020 in London, England.  (Photo by Peter Summers/Getty Images)

කොවිඩ්-19 වසංගතයට ගොදුරු වී සුවය ලැබූ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් හට මේ කාලය තුළ, කොවිඩ් වසංගතයට අදාළ වැදගත් රැස්වීම් 5 කට සහභාගි වීමට නොහැකි විය. මේ සියල්ල හදිසි රැස්වීම් වූ හෙයින්ම, බොරිස් ජොන්සන් කෙරෙහි යම් අප්‍රසාදයක් ද මේ හේතුව නිසා ඇති වී තිබේ. කෙසේ නමුත් රජයේ ප්‍රබලයන් පවසන්නේ ඔහුගේ නායකත්වය පිළිබඳ කිසිදු ගැටළුවක් උද්ගත වී නොමැති බවයි.

ඇමරිකාවේ කොවිඩ් මරණ ගණන 39,000 ක්

ඇමරිකාවේ කොවිඩ් මරණ ගණන අද දිනය වන විට 39,090 ක් ලෙස සටහන් වේ. ආසාදිතයන් සංඛ්‍යාව හත්ලක්ෂය ඉක්මයි (735,287).

ඉන්දියාව කොවිඩ් මරණ 500 පසු කරයි

ඉන්දියාව අද දිනය වන විට කොවිඩ් මරණ 500 සීමාව වාර්තා කරමින් මරණ 507 ක් සටහන් කරයි.

මේ බව සටහන් වන්නේ ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෙබ් අඩිවියේ නිල දත්තවල ය.

මේ වන විට ඉන්දියාවේ කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 15,712 ක් බවට වර්ධනය වී තිබේ.

ඉන්දියාවේ හෙට සිට රැපිඩ් ටෙස්ටින් ඇරඹේ.

නරේන්ද්‍ර මෝදි විසින් සති 3 ක් (දින 21) සඳහා පනවා තිබූ ලොක්ඩවුන් කාලය හෙට (20) අවසන් වීමට නියමිත ය. එහිදී අතිශය වැදගත් පියවරක් වශයෙන් හෙට දිනයේ පටන් රැපිඩ් ටෙස්ටින් කිට්ස් ( rapid testing kits – RTKs) යොදාගෙන දිල්ලි අගනුවරදී සීඝ්‍ර පරීක්ෂා කිරීම් ඇරඹීමට නියමිත ය. මේ වන විට වෛද්‍ය පර්යේෂණ කවුන්සිලය විසින් එයට අදාළ මාර්ගෝපදේශනයන් ද ලබාදීමට නියමිත ය.

රාමසාන් සමයේ වසංගත නීති ලිහිල් කිරීමට පාකිස්ථානය සැරසෙයි

ඉස්ලාම් ආගමේ ශුද්ධ වූ රාමසාන් මාසය වෙනුවෙන් පල්ලිවල යාඥා කිරීම සඳහා වසංගත නීති ලිහිල් කිරීමේ සූදානමක් ගැන පාකිස්ථානයෙන් වාර්තා වේ. මේ වසරේ රාමසාන් සමය අප්‍රේල් 23 වැනිදායින් ආරම්භ වීමට නියමිත ය. කෙසේ නමුත් බලධාරීන් පවසන්නේ සමාජ දුරස්ථකරණය දැඩි සේ පවත්වාගත යුතු බවයි.

මේ වන විට පාකිස්ථානයේ 159 දෙනෙකු රෝගය හේතුවෙන් මිය ගොස් තිබෙන අතර, ආසාදිතයන් 7,993 ක් වාර්තා වේ.

G20 සෞඛ්‍ය ඇමතිවරුන්ගේ රැස්වීම වර්චුවල් ක්‍රමයට

G20 රටවල සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ රැස්වීම අද දිනයේ ආරම්භ වූ අතර, ඉතිහාසයේ පළමු වතාවට එය පැවත්වන්නේ වර්චුවල් ක්‍රමයට ඔන්ලයින් තාක්ෂණය යොදා ගනිමිනි.

සිංගප්පූරුවෙන් නව රෝගීන් 942 ක්

Men stand along a balcony of a dormitory used by foreign workers at Cochrane Lodge 2, which has been made an isolation area to prevent the spread of the COVID-19 novel coronavirus, in Singapore on April 17, 2020. –  (Photo by Roslan RAHMAN / AFP) (Photo by ROSLAN RAHMAN/AFP via Getty Images)

ගෙවී ගිය පැය 24 ක කාලය තුළ සිංගප්පූරුවෙන් නව රෝගීන් 942 ක් වාර්තා විය. ඔවුන්ගෙන් අති බහුතරය සංක්‍රමණික ශ්‍රමිකයන් ය. මෙය, එරටින් දිනක් ඇතුළත වාර්තා වූ වැඩිම රෝගීන් සංඛ්‍යාවයි. මෙම රෝගීන් අතර සිංගප්පූරු ජාතිකයන් සිටින්නේ 14 දෙනෙකු පමණි.

මේ දක්වා සිංගප්පූරුවේ මිය ගොස් සිටින්නේ 11 දෙනෙකු පමණි.

ඔස්ට්‍රේලියාවත් චීනයට ඇඟිල්ල දිගු කරයි

Australian Foreign Minister Marise Payne speaks at a joint press conference with Britain’s Foreign Secretary Dominic Raab (not pictured) in Canberra on February 6, 2020. (Photo by Andrew Taylor / AFP) (Photo by ANDREW TAYLOR/AFP via Getty Images)

ඔස්ට්‍රේලියාව තුළ වසංගතය හටගත් ආකාරය පිළිබඳ විශේෂ සමාලෝචනයක් අවශ්‍ය බව විදේශ අමාත්‍ය මරීස් පායින් අද මාධ්‍ය හමුවක් පවත්වමින් ප්‍රකාශ කළාය.

‘‘මෙය හටගත් ආකාරය, ඒ පිළිබඳ බෙදාගත් තොරතුරු ලැබුණු ආකාරය, ලෝක සෞඛ්‍ය සංවිධානය මේ තත්වය කළමනාකරණය කළ ආකාරය, ලෝක නායකයන්ගේ මැදිහත්වීම් මේ සියල්ලම අප එක්ව ගෙන කතා කළ යුතුයි..‘‘ යැයි ඇය ප්‍රකාශ කළේ චීනය කෙරෙහි මේ වන විට එල්ල වෙමින් තිබෙන අන්තර්ජාතික පීඩනය තවදුරටත් තීව්‍ර කරමිනි.

දකුණු කොරියාවේ සුවපත් වූ රෝගීන් 179 දෙනෙක් නැවතත් පොසිට්ව් වෙලා!

අද දිනය තුළ දකුණු කොරියාවේ වසංගතයට ගොදුරු වී සුවපත් වූ තවත් රෝගීන් 16 දෙනෙකු නැවත පොසිටිව් තත්වයට පත් ව තිබේ.

මේ තත්වයට මුහුණ දුන් පිරිස මේ වන විට 179 දෙනෙකි. ඔවුන් සියලු දෙනාම නිරෝධායනයට ලක් වූ 8,042 දෙනාට අයත් වීම ද විශේෂත්වයකි. මේ අනුව දෙවැනි වසංගත රැල්ලක් මේ වන විට ලෝකය පුරා පැතිරෙමින් තිබෙන්නේ ද යන සැකය තවදුරටත් උග්‍ර වේ.

Share

Recent Posts

ශීත කළ පීසාවල අඩංගු ඇතැම් අමුද්‍රව්‍ය සෞඛ්‍යට බලපෑමක් කරන බවට FSIS නිවේදනය කරයි!

සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ශීත කළ පීසා වර්ග භාවිතයෙන්…

54 mins ago

වයස යනු ඉලක්කමක් විතරයි යන්නට මෙවර මිස් යුනිවර්ස්ගෙන් නිදසුනක්!

සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වයස නිකන්ම නිකන් ඉලක්කමක් විතරයි…

4 hours ago

ඉන්දීය වෙරළාරක්ෂක බලකාය විසින් පාකිස්ථානයේ සිට ශ්‍රී ලංකාවට ගෙන ආ හෙරොයින් තොගය‍ක් අත්අඩංගුවට ගනී!

අහමදාබාද් නියෝජ්‍ය පොලිස්පතිවරයා ඉන්දීය මාධ්‍යට පවසා ඇත්තේ, මෙවැනි මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සතුටට පත්වන…

5 hours ago

සටන් විරාම සාකච්ඡා සඳහා හමාස් නිලධාරීන් ඊජිප්තුවේ කයිරෝ අගනුවරට!

ඊශ්‍රායල අමාත්‍ය මණ්ඩලය අනතුරු අඟවා ඇත්තේ, සටන් විරාමයකට එකඟ වුවහොත් අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ රජය බිඳ…

5 hours ago

ඩේවිඩ් කැමරන් දින පහක සංචාරයක් වෙනුවෙන් පවුම් මිලියන 42 ක සුඛෝපභෝගී ජෙට් යානයක් කුලියට ගනියි.

වෙළඳපොලේ ඇති සුඛෝපභෝගී පුද්ගලික ජෙට් එකක් කුලියට ගැනීම සඳහා බදු ගෙවන්නන්ගේ වියදමින් පවුම් ලක්ෂ ගණන්…

10 hours ago

හූති කැරළිකරුවන් ඩ්‍රෝන යානයක් බිම හෙළයි!

සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මකයි.

22 hours ago

ඇන්තනි බ්ලින්කන් සහ ෂී ජින්පිං අතර හමුවක්!

දැනට ලෝකය දැවැන්ත විපර්යාසයකට මුහුණ දෙමින් සිටින අතර ජාත්‍යන්තර තත්ත්වය ද ඉතා සංකීර්ණ වන අතාර,…

1 day ago

ටික් ටොක් තරුවට මොකද වුණේ?

නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…

1 day ago

‘අප්‍රේල් 27 යනු අපි අපේ විලංගු ඉවත් කරන දිනයයි. අපේ ශ්‍රේෂ්ඨ රට පුරා නිදහසේ සීනු නාද විය’ ; දකුණු අප්‍රිකාව 30 වසරක නිදහස සමරයි !

1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…

1 day ago

ඊශ්‍රායල් ප්‍රහාරයන්ගෙන් පලස්තීන වැසියන් 27 දෙනෙකු ජීවිතක්ෂයට!

මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා…

1 day ago

ප්‍රංශය හොඳම ගෝලීය ආර්ථිකයන් දහයෙන් ඉවතට – IMF

ගෝලීය ආර්ථිකයට ඉහළම දායකයින් පස්දෙනා අතර චීනය, ජර්මනිය (2.77%), රුසියාව (2.71%) සහ බ්‍රසීලය (2.19%) ඇතුළත්…

1 day ago

ටයිටැනික් නෞකාවේ සිටි ධනවත්ම පුද්ගලයාගේ රන් ඔරලෝසුව පවුම් මිලියන 1.2කට අළෙවි වේ

මෙම ඛේදජනක අනතුර සිදුවී වසර 112කට පසුවත් ඒ වෙනුවෙන් ඇති ඉල්ලුම සුළුපටු නොවේ.

1 day ago

කාම්බෝජයේ හමුදා කඳවුරක පිපිරීමකින් සොල්දාදුවන් 20 දෙනෙකු මිය යයි

මෙම පිපිරිම හේතුවෙන් ගොඩනැගිලි හතරක් හමුදා වාහන කිහිපයකට හානි සිදුවී ඇති අතර ගම්වාසීන්ගේ නිවාස 25ක්…

1 day ago

යුක්රේනයට පෙන්ටගනයෙන් ඩොලර් බිලියන 6ක් වටිනා කඩිනම් ආධාර පැකේජයක්

පෙන්ටගනයේ නව මිලිටරි ආධාර පැකේජය හරහා යුක්රේනයේ පතරොම් නිෂ්පාදනය ආරම්භ කිරීමට සැළසුම් කරයි.

2 days ago

යේමනයේ වෙරළට ඔබ්බෙන් බොරතෙල් නැවකට හවුති ප්‍රහාරයක්!

කෙසේවෙතත් තුවාලකරුවන් හෝ මරණ සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නොමැති අතර ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ පවත්වන බව…

2 days ago