පරිසර

ලෝකයේ උසම කොරල් පරය හමුවෙයි: උස කිලෝමීටර බාගයක් !

එය පිහිටා තිබෙන්නේ ඔස්ට්‍රේලියාවේ මහා බාධක කොරල් පරය ආශ්‍රිතවම ය. මෙය, වසර 120 ක සාගර ඉතිහාසයේ සිදුකළ දැවැන්තම සොයාගැනීමක් ලෙස සලකයි.

එහි උස මීටර 500 කි. එනම් අඩි 1,640 කි. ඇමරිකාවේ එම්පයර් ස්ටේට් ගොඩනැගිල්ලට මෙන්ම මැලේසියාවේ කුවාලාලම්පූර් හි පෙට්‍රොනාස් කුලුනුවලට ද වඩා එය උසැති ය.

බ්ලේඩ් තලයක් මෙන් තියුණු ලෙස

ත්‍රිමාන සිතියම්වල වෙහෙරක් ලෙස දිස්වුණත්, බ්ලේඩ් තලයක් මෙන් උඩට විහිදෙන බව පර්යේෂකයෝ කියති. එය, කිලෝමීටර 1.5 ක් දුරට ද විහිදී තිබේ.

SCHMIDT OCEAN INSTITUTE

ඔස්ට්‍රේලියාවේ මහා බාධක කොරල්පරයේ මෙතෙක් ගවේෂණය නොකළ කේප් යෝක් ආශ්‍රිතව තිබී මෙය සොයාගන්නට සහ මෙහි උස තහවුරු කර ගන්නට විද්‍යාඥයන්ට මාස 12 ක කාලයක් ගත වී තිබේ.

සුබැස්ටියන්‘ – SuBastian නමැති රොබෝවක් යොදාගෙන සාගර පත්ල ත්‍රිමාන තාක්ෂණයෙන් සිතියම් ගත කිරීමේදී මෙම අති දැවැන්ත සහ යෝධ උසැති කොරල් පරය ඔවුන්ට හමු වී තිබේ.

SCHMIDT OCEAN INSTITUTE

මෙය හමුවී ඇති කලාපය, උසැති කොරල්පර බහුල තැනකි. ලෝකයේ වැදගත්ම කොල කැස්බෑවුන්ගේ බිජු බිමක් සේ සලකන රයින් දූපත ද පිහිටා ඇත්තේ මේ අසල ය.

උතුරු ක්වීන්ස්ලන්තයේ මුහුදු පත්ල සමග මෙම කොරල්පරය සම්බන්ධ වී තිබුණත් පර්යේෂකයන් කියන්නේ මෙය, මහා බාධක කොරල් පරයේ ප්‍රධාන බඳ කොටස සමග සම්බන්ධ වී නැති බවයි.

SCHMIDT OCEAN INSTITUTE

කොයි තරම් උස වුණත් මොකටද…?

ලෝකයේ ලොකුම කොරල් පරය වන්නේ The Great Barrier Reef හෙවත් මහා බාධක කොරල්පරයයි. මෙහි මත්ස්‍ය විශේෂ 150 ක් ද, දෘඩ කොරල් හා සෙසු ජීවී විශේෂ 411 ක් ද ජීවත් වෙති. එය සැතපුම් 1400 ක් දුරට විහිදෙයි. 1981 වසරේදී ලෝක උරුමයක් ලෙස නම් කළ මෙය, වේගයෙන් මිය යමින් තිබෙන ස්වභාවික සම්පතක් ද බව පසුගිය වසරවලදී හෙළිවිය.

පර්යේෂණවලින් දැනට හෙළි වී තිබෙන්නේ 1995 වසරේදී මහා බාධක කොරල්පරය ආශ්‍රිතව තිබූ කොරල් සම්පතෙන් හරි අඩක් මේ වන විට විනාශ වී ගොස් ඇති බවයි. ඒ, දේශගුණික විපර්යාස හේතුවෙන් සාගර ජලය උණුසුම් වීම නිසා ය.

මේ සොයාගැනීම අපට පවසන්නේ මහා සාගරය ගැන මිනිසා දැන සිටින්නේ කොතරම් අඩුවෙන් ද යන්නයි. ස්වභාවික පරිසර පද්ධතිවල සැඟවී තිබෙන අරුමැසි සුන්දරත්වය මිනිසා විසින් විනාශ කරන නිසාම, මෙවැනි අසිරිමත් දෙයින් මන්මත් වීමට මිනිසාට ඇති අයිතිය කුමක්දැයි කෙනෙකුට ප්‍රශ්න කළ හැකිය. තවත් දශක කිහිපයක් ගත වූ පසු, මේ කොරල් පරයේ ජීවි බව ද දේශගුණික විපර්යාස හේතුවෙන් නැසී ගොස් ඇති බව හෝ, සාගර ජලයේ ආම්ලික බව දේශගුණික විපර්යාස හේතුවෙන් වැඩි වීම නිසා මෙය දියවෙමින් යන බව හෝ මීළඟ පරම්පරාවට දැනගැනීමට සිදුවනු ඇත.

එනිසා, ලෝකයම දැන් ඇස් උඩ හිඳුවාගෙන බලා සිටින ලෝකයේ උසම කොරල් පරය ගැන අවසානයේ අපට කියන්නට තිබෙන්නේ මෙබන්දකි.

කොයි තරම් උස වුණත් මොකටද – මිනිස් විස දිවි නසනවා නම්…

Share

Recent Posts

ඉන්දියාව මියන්මාර සරණාගතයින් පිටුවහල් කරයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…

4 hours ago

ඡන්ද මධ්‍යස්ථානයකින් ආපසු හරවා යැවු එංගලන්තයේ හිටපු අගමැති බොරිස් ජෝන්සන්!

විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…

5 hours ago

චීනය සඳ මත කඳවුරු බැඳීමේ මෙහෙයුම දියත් කරයි

මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…

5 hours ago

තුර්කිය ඊශ්‍රායලය සමඟ පැවති වෙළඳ සබඳතා අත්හිටුවයි

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…

6 hours ago

දකුණු වියට්නාමයේ ජලාශයක මත්ස්‍යයින් විශාල සංඛ්‍යාවක් මිය යයි!

මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…

21 hours ago

ගිටාර් වීරයා DUANE EDDY ගිටාරය තනිකර ජීවන රිද්මයට තිත තබයි!

මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…

1 day ago

බ්‍රසීලයට ගං වතුර, 10ක් මිය යයි!21ක් අතුරුදහන්

පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…

1 day ago

කාන්තාවන් පිරිමින්ට වඩා වසර ගණනාවක් ජිවත්වන මුත් දිගුකාලින අසනීප තත්වයන්ගෙන් පෙළෙන බව අධ්‍යනයකින් හෙළි වේ

කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…

1 day ago

චාලි මා හදවතෙහි ජීවත් ව හිඳී

උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!

1 day ago

අවිහිංසාවාදී විශ්ව විද්‍යාල උද්ගොෂණයට පොලිසිය කඩා වැදීමත් සමඟ එක්සත් ජනපදයේ භාෂණයේ නිදහස පිළිබඳව ප්‍රශ්න මතු කෙරේ

එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.

1 day ago

ට්‍රම්ප්ට ඇ. ඩොලර් 9,000 ක දඩයක්!

ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…

2 days ago

මයික්‍රොසොෆ්ට් ඉන්දුනීසියාවේ ඩොලර් බිලියන 1.7 ක් ආයෝජනය කරයි

මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…

2 days ago

දකුණු චීනයේ මාර්ගයක් කඩා වැටීමෙන් 19දෙනෙකු මිය යයි

ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.

2 days ago

කළු මුහුදේ වරාය නගරයක් වන ඔඩෙසා වෙත රුසියානු මිසයිල ප්‍රහාරයක්!

යුක්‍රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.

2 days ago

CLARA CHIZOBA තැබූ ගිනස් වාර්තාව!

වාර්තාව තබන අතරතුර ඇය සෑම පැයකට වරක් මිනිත්තු 5ක විරාමයක් ලබාගෙන ඇති අතර, කෙටි නින්දකට,…

2 days ago