වට්ටක්කා ගැන කියන විට අප මකත් වන්නේ වට්ටක්කා මාළුව , වට්ටක්කා පුඩින්, වට්ටක්කා බීම ආදියයි. ඒත් වට්ටක්කා බෝට්ටු! ? ලංකාවේ අපිටනම් වට්ටක්කා බෝට්ටු කියූ විට ඇතිවන්නේ ප්‍රශ්ණාර්ථයක්
මේ හෙලොවින් සමයයි. අපට නැතත් ලෝකයේ බෙහෝ රටවල් හෙලෝවින් (Haloween) සමරන්නේ එකිනෙකාට ආවේනික වූ එකිනෙක ක්‍රම වලටයි. ඒ කුමන ක්‍රමයකට සැමරුවත් හැලෝවින් සමයේ දී වට්ටක්කා වලට හිමිවන්නේ ඉහළම ස්ථානයකි.
වට්ටටක්කා සමග හැලෝවින් සමරන අතරතුරේ යෝධ වට්ටක්කා බෝට්ටු තරගය අද ඊයේක ආරම්භ වූවක් නොවුණත් විශාලම වට්ටක්කා බෝට්ටුව නිර්මාණය කළ අපූරු මිනිසෙක් පසුගියදා කාගේත් කථා බහට ලක්වන්නට පටන් ගත්තේය. කිලෝ ග්‍රෑම් 619කින් යුත් වට්ටක්කා ගෙඩියකින් සිය බෝට්ටුව නිර්මාණය කළ ටොම් පර්සි ඒ ගැන ගිනස් වාර්තා පොතට ඇතුල් වන්නට බලාපොරොත්තුවෙන් සිටී.
ඔහුගේ මෙම වට්ටක්කා බෝට්ටුව නිර්මාණය වන්නේ මේ දිනවලදී පවත්වන්නට නියමිත වට්ටක්කා බෝට්ටු තරගයක් සදහාය. කැනඩාවේ නෝවා ස්කෝටියා නගරය වට්ටක්කා බෝට්ටු වලට සුප්‍රසිද්ධම නගරයකි. නෝවා ස්කොටියා නගරයේ ඩිල් පවුල යෝධ වට්ටක්කා වැලක හිමිකරුවන් වෙයි. විශාලම වට්ටක්කා බෝට්ටුව නිර්මාණය කළ ටොම් පර්සි මෙන්ම විශාලම වට්ටක්කා හැදෙන වැලේ හිමිකරු ලෙස ගිනස් පොතට ගොස් ඇත්තේ ඩිල් පවුලයි.
ඩිල් පවුලද ඇතුලුව නෝවා ස්කෝටියාහි යෝධ වට්ටක්කා හැදෙන විට එහි සියල්ලන්ටම මේ වටිටක්කා සමග කුමක් කරන්නේදැයි යන සිතිවිල්ල නිසාම ඉන් බෝට්ටු සැදිය යුතු යැයි ඔවුන් යෝජනා කර ඇත. නමුත් වට්ටක්කා බෝට්ටු සාදා කුමක් කරනවාදැයි සිතූ විට ඔවුන්ට මතක් වී ඇත්තේ බෝට්ටු තරගයක් පැවැත්වීමටය. වට්ටක්කා ගැන නිතර කියැවෙන හලොවින් සමයේ වට්ටක්කා බෝට්ටු තරගය ආරම්භ වුණේ එලෙසිනි.
සෑම ඔක්තොම්බරයේම පම්ප්කින් රෙගෙටා නමින් සංවිධානය කරන මෙම වට්ටක්කා බෝට්ටු තරගය කැනඩාවේ පිස්ක්යුඩ් වැවේදී වාර්ෂිකව පැවැත්වේ. විවිධ ප්‍රමාණයේ වට්ටක්කා බෝට්ටු සාදා ගන්නා උදවිය ඒවාද කරේ තබාගෙන හෝ වාහනයක දමාගෙන තරගයට එන්නේ දැඩි බලාපොරොත්තුද සහිතවයි. ගැහැණු මෙන්ම පිරිමින්ද භේදයක් නැතිව වට්ටක්කා බෝට්ටු තරගයට සහභාගී වෙති. සමහරෙක් නම් තමන්ගේ ආසම වර්ණ වලින් සහ කාටූන් රූපවලින් වට්ටක්කා බෝට්ටුව හැඩ කර ඇත්තේ ඉතා ප්‍රියමනාප ආකාරයෙනි.
කෙසේ වෙතත් වට්වක්කා බෝට්ටු යනු සාමාන්‍ය බෝට්ටු මෙන් හිතු මතේ පැදගෙන යා හැකි ඒවා නොවේ. සාමාන්‍ය බෝට්ටු පදිනවාට වඩා වැඩි සැළකිල්ලක් ඒ කෙරෙහි යොමු කළ යුතු වෙයි.
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…
කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…
උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!
එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.
ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…
මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…
ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.
යුක්රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.