පුවත්

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු නිසා බයිඩන්ගේ දේශගුණික ප්‍රතිපත්තිය නරක අතට

එක්සත් ජනපදයේ ජනාධිපති ජෝ බයිඩන් බලයට පැමැණෙන්නේම ආකර්ශනීය දේශගුණික ප්‍රතාපත්තියක් සමඟය. ඔහු එහිදී හඳුන්වාගනු ලැබුවේ දේශගුණික ජනාධිපතිවරයෙකු වශයෙනි. 2030 වන විට එක්සත් ජනපදය සිය විමෝචනය අඩකින් කපා හරින බවට ජනාධිපතිවරයා සපථ කර ඇති නමුත් මෙම කොන්ග්‍රසයේ නීති සම්පාදනය සහ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දු තීරණ, මාර්ග බාධක හේතුවෙන් ජනාධිපතිවරයාගේ දේශගුණික ප්‍රතිපත්තතිය අභියෝගයට ලක්ව ඇත.

කොංග්‍රසය හෝ විශේෂඥ නියෝජිතායතනය වෙනුවට දේශගුණ ප්‍රතිපත්ති පිළිබඳ අධිකරණය තීරණ ගැනීම හේතුවෙන් රට පුරා උද්ඝොෂණ පැවැත්වෙන අතර ඔවුන් සිය අප්‍රසාදය හා කලකිරීම එයින් ප්‍රදර්ශනය කරනු දක්නට ලැබේ.

පසුගිය සතියේ ගල් අඟුරු බලාගාරවලින් විමෝචනය නියාමනය කිරීමට එක්සත් ජනපද පාරිසරික ආරක්ෂණ ඒජන්සියට (EPA) ඇති හැකියාවට ශ්‍රේෂ්ඨාධිකරණය මංචු දමනු ලැබුවේ විනිසුරුවන් 6න් 3ක පිටුබලයක් සමඟයි. මෙම තීරණය ඇමරිකාවට පමණක් නොව සමස්ත ලෝකයටම බලපෑම් කළ හැකි තීරණයක් බවට පත්ව ඇත.

පැහැදිලි කොංග්‍රස් අනුමැතියකින් තොරව ගල් අඟුරු බලශක්ති උත්පාදනය ක්‍රමානුකූලව ඉවත් කිරීමට එක්සත් ජනපද ආන්ඩුවට එහි පවතින බලතල භාවිතා කළ නොහැකි බවට ශ්‍රේෂ්ඨාධිකරනය දුන් තීන්දුව, ලෝක නායකයන් පරිසරවේදීන් දේශගුණික හා කාලගුණික විද්‍යාඥයන් යන සියලුම දෙනා මේ පිළිබඳව බලවත් කනස්සල්ලකට පත් කිරීමට සමත්ව ඇත. බොහෝ දෙනා අනතුරු අඟවන්නේ ජෝ බයිඩන්ගේ මැතිවරණය දේශගුණික අර්බුදයට අවසාන වශයෙන් තීරණාත්මක ලෙස මුහුණ දෙනු ඇති බවයි.

බංග්ලාදේශයේ දේශගුණික විපර්යාස සහ සංවර්ධනය පිළිබඳ ජාත්‍යන්තර මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ සලීමුල් හක් මේ පිළිබඳව ප්‍රකාශ කර තිබුණේ වඩාත් දරුණු තාප තරංග, ගංවතුර, නියඟ සහ සමාජ නොසන්සුන්තාවයෙන් ප්‍රකාශ වන, සැබවින්ම ව්‍යසනකාරී වීමට පෙර ගෝලීය උණුසුම සීමා කිරීමට කටයුත් කිරීම වැදගත් බවයි. මෙහි හානිය සංවර්ධනය වෙමින් පවතින රටවල් කෙරේ වඩාත් වැඩිපුර බලපෑම් කරනු ඇති බව ඔහු මෙහිදී සඳහන් කර තිබේ. එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් මේ සම්බන්ධයෙන් ප්‍රකාශ කර තිබුණේ ”දේශගුණික බිඳවැටීම් වලක්වා ගැනීම සඳහා රටවල් දැඩි ලෙස අසමත් වූ අවස්ථාවක මෙම තීන්දුව පසුබෑමක් බවයි. ”

හිටපු එක්සත් ජනපද උප ජනාධිපති අල් ගෝර් පැවසුවේ මෙම තීන්දුව “දේශගුණික විසඳුම් සඳහා ප්‍රගතිය ප්‍රමාද කිරීමට, බාධා කිරීමට සහ බිඳ දැමීමට ෆොසිල ඉන්ධන ලොබිය සහ එහි සහචරයින් විසින් දශක ගණනාවක බලපෑමේ සහ සම්බන්ධීකරණයේ ප්‍රතිඵලයක්” ලෙස ප්‍රකාශ කර තිබිණි.

රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීම හේතුවෙන් පෙට්‍රල් මිල ඉහළ යාමට හේතු වී ඇති අතර නිෂ්පාදනය වේගවත් කරන ලෙස තෙල් සමාගම්වලින් ඉල්ලා සිටීමට ජනාධිපතිවරයා පෙළඹී තිබේ. මේත් සමඟ ගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශක 1.5 ට වඩා අඩු මට්ටමක තබා ගැනීමට එක්සත් ජනපදයේ කැපවීම පසුබසිනු ඇත. මෙය බරපතල තත්වයකි. මේ වෙනුවෙන් කොංග්‍රසය ක්‍රියාත්මක නොවන්නේ නම් 2030 වන විට දේශගුණික ඉලක්ක සපුරා ගැනීම හිතලුවක් වනු ඇත. මේ වන තෙක් එක්සත් ජනපදය තුළ තවමත් ජාතික දේශගුණයක් හෝ බලශක්ති ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක නොවන තත්වයක් දක්නට ලැබේ.

සශිකලා මධුෂාණී_

Share

Recent Posts

IBRAHIM RAISI මිය ගිය බව නිවේදනය කිරීමෙන් පසු“හදිසි රැස්වීමක්”!

. ඒ ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි, ඉරාන විදේශ අමාත්‍ය අමීර්අබ්දුල්රහීන් සහ තවත් හත් දෙනෙකු මිය…

2 hours ago

ඉන්දීය මැතිවරණයේ පස්වන අදියරේ ඡන්දය ප්‍රකාශ කිරීම අද ඇරඹේ

කෙසේ නමුත් ඉන්දීය ලොව විශාලතම මැතිවරණය පසුගිය අප්‍රේල් 19 වැනි දා ආරම්භ වූ අතර ජූනි…

4 hours ago

ඉරාන ජනාධිපති හෙලිකොප්ටර් අනතුරින් මියගිය බවට ඉරාන රාජ්‍ය මාධ්‍ය තහවුරු කරයි

සටහන: සශිකලා මධුෂාණි,මැයි 20,ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : වයඹ දිග ඉරානයේ ඉරිදා(19) සිදුවූ හෙලිකොප්ටර් අනතුරින් ජනාධිපති ඊබ්‍රාහිම්…

5 hours ago

ඇමරිකානු සමාගම් කිහිපයකට චීනයේ නව ආයෝජන සහ ආනයන හා අපනයන කටයුතු තහනම් වෙයි!

ඇමරිකාවේ General Atomics Aeronautical Systems සහ General Dynamics Land Systems ඇතුළු සමාගම් චීනයේ තායිවාන ප්‍රදේශයට…

6 hours ago

ඉරාන ජනාධිපති හෙලිකොප්ටර් අනතුරින් මියගොස් ඇති බවට සැක පල කෙරේ

හෙලිකොප්ටරය අනතුරින් සම්පූර්ණයෙන්ම දැවී ගොස් ඇත.

6 hours ago

දිල්ලිය ගිනියම් වෙයි!

කාලගුණ අංශ ජනතාවගෙන් ඉල්ලීමක් කරනන්නේ, විවිධ රෝගාබාධ සහිත පුද්ගලයින් , වැඩිහිටි පුරවැසියන් හා ළමුන් කෙරෙහි…

7 hours ago

තායිවානයේ නව ජනාධිපති ලෙස විලියම් ලායි චිං-ටේ දිවුරුම් දේ

චීනය ලායි හඳුන්වන්නේ බෙදුම්වාදියෙකු පමණක් නොව කරදර ඇති කරන්නෙකු ලෙසයි.

9 hours ago

ඉරාන ජනාධිපති තවමත් අතුරුදන්

මුදාගැනීමේ ප්‍රයත්නයන් සංකීර්ණ කර ඇත.

9 hours ago

ඉරාන ජනාධිපති රයිසිගේ හෙලිකොප්ටරය හදිසි ගොඩබෑමකට ලක්වෙයි!

ඉරාන රජය මීට පෙර ප්‍රකාශ කළේ මෙම හෙලිකොප්ටරය අසර්බයිජාන් දේශසීමාව අසල ගමන් කරමින් තිබූ රථ…

19 hours ago

බලතල පුළුල් කරමින් චීනය නව රෙගුලාසි!

පරීක්ෂා කිරීමට සහ සාක්ෂි රැස් කිරීමට නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන්ට ඇති බලතල පුළුල් කරමින් චීනය…

20 hours ago

ඊශ්‍රා­ය­ලය දකුණු අප්‍රි­කාවේ චෝද­නාව ප්‍රති­ක්ෂේප කරයි!

රෆා නුවර සිදු කරන ප්‍රහාර නව­ත්වන ලෙස ඊශ්‍රා­ය­ල­යට නියෝග කර­න්නැයි දකුණු අප්‍රි­කාව කළ ඉල්ලීම ජාත්‍ය­න්තර…

22 hours ago

විකිලීක්ස්හි ජූලියන් අසාන්ජ් පිටුවහල් කිරීමේ නඩුවට මුහුණ දේ

මෙම නඩුව ඉවත් කරන ලෙස ඉල්ලීම් මානව හිමිකම් කණ්ඩායම් සහ සමහර මාධ්‍ය ආයතනවල සිට ඕස්ට්‍රේලියානු…

24 hours ago

ඉන්දුනීසියාවේ ඉබු ගිනි කන්ද සක්‍රිය වේ

ඉබු යනු ඉන්දුනීසියාවේ වඩාත්ම සක්‍රීය ගිනිකඳු වලින් එකක් වන අතර එය පසුගිය වසරේ 21,000 වාරයකට…

1 day ago

වෙඩි ප්‍රහාරයකට ලක් වූ ස්ලෝවැක් අගමැතිගේ තත්වය බරපතල අතට

ෆිකෝගේ ආධාරකරුවන් පවසන්නේ දේශපාලන ආතතීන් අවුලුවාලීම සඳහා විපක්ෂය අර්ධ වශයෙන් වගකිව යුතු බවයි.

1 day ago

ගාසා තීරය සඳහා පශ්චාත් යුද සැලැස්මක් නොමැති නම් ඉවත් වන බවට ඊශ්‍රායල යුද කැබිනට් අමාත්‍යවරයා අනතුරු අඟවයි

යුද්ධයේ දිශානතිය සම්බන්ධයෙන් වැඩෙන දේශපාලන විරසකය පැමිණෙන්නේ ගාසා නගරයේ ඓතිහාසික සරණාගත කඳවුරක් වන ජබාලියා වෙත…

1 day ago