කාලීන

සෝනියා ගාන්ධි ඉන්දීය කොංග්‍රස් පක්ෂ සභාපති ධුරය අතහරියි?

ඉන්දීය කොංග්‍රස් පක්ෂ සභාපති ධූරයෙන් ඉවත්වන බව සෝනියා ගාන්ධි පවසයි. ඒ , කොංග්‍රස් පක්ෂයේ ප්‍රධාන තීරණ ගැනීමේ මණ්ඩලය වන මධ්‍යම කාරක සභාව කමිටුවේ සාමාජිකයන් ජන්දයකින් තෝරාපත් කරගන්නා ලෙස සඳහන් කළ ලිපියක් ප්‍රසිද්ධියට පත්වීමෙන් පසුව ය.

එම ලිපියට මුල්වී ඇත්තේ කොංග්‍රස් පක්ෂයේ ප්‍රධාන නායකයන් 20 කට අධික පිරිසක් ය. පූර්ණකාලීන , සක්‍රීය , ප්‍රතිඵලදායක මෙන්ම සාමූහික නායකත්වයක් බලය විමධ්‍යගත කිරීමට අදාළ ප්‍රතිසංස්කරණ සිදුකිරීම , ප්‍රාන්ත ඒකක බලගැන්වීම සහ සෑම මට්ටමකදීම සංවිධානාත්මක මැතිවරණ පැවැත්වීම යන ඉල්ලීම් මෙමඟින් ඉල්ලා ඇතැයි සඳහන් ය. එම ලිපිය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ පක්ෂ නායකත්වය පිළිබඳ පවතින අස්ථිරභාවය පක්ෂයේ සේවකයන් අධෛර්යයට පත් කර පක්ෂය දුර්වල කළ බවයි.

කොංග්‍රස් පක්ෂයේ 134 වසරක ඉතිහාසය තුළ වැඩි කාලයක් පක්ෂය මෙහෙයවූ ගාන්ධි පවුලේ සාමාජිකයන්ට මෙම සාමූහික නායකත්වයේ අත්‍යවශ්‍ය කොටසක් ලෙස රැඳී සිටිය හැකි බවද එම ලිපියෙන් පෙන්වා දෙයි. මෙම ලිපියෙන් පසු තවදුරටත් පක්ෂයේ අන්තර්වාර සභාපතිවරයා ලෙස රැඳී සිටීමට අවශ්‍ය නැතැයි සෝනියා ගාන්ධි ප්‍රකාශ කළේ ය.

73 හැවිරිදි ඇය අද පැවැත්වෙන පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමේදී හමුවේදී මේ පිළිබඳ සාකච්ජා කිරීමට නියමිත ය.

මේ අතර සෝනියා ගාන්ධි ගේ දරුවන් වන රාහුල් සහ ප්‍රියංකා ගාන්ධි සඳහන් කළේ, පක්ෂයේ නායකත්වය ගැනීමට තමන් සූදානම් නැති බවයි . කොංග්‍රස් පක්ෂයේ බිඳවැටීමට මීට පෙර පැවති පක්ෂ නායකත්වය වගකිව යුතු බව මීට පෙර පක්ෂයේ තරුණ නායකයන් චෝදනා කර තිබුණි.

ඇතැමුන් පවසන්නේ නායකත්වය නොදැරුවද , වක්‍රාකාරයෙන් පක්ෂයේ ප්‍රධාන තීරණ සියල්ලටම රාහුල් ගාන්ධි බලපෑම් කරන බවයි . කොංග්‍රස් පක්ෂය ඉකුත් වසරේ මහ මැතිවරණයෙන් ලද දැවැන්ත පරාජය හමුවේ රාහුල් ගාන්ධි පක්ෂ නායකත්වයෙන් ඉවත් විය.

මෙම ලිපිය හේතුවෙන් ගාන්ධි පවුලට පක්ෂපාතී සහ විපක්ෂ කණ්ඩායම් ලෙස කොංග්‍රස් පක්ෂ නායකයන් පිල් බෙදී ඇතැයිද විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

Share

Recent Posts

G7 කණ්ඩායම දේශගුණික විපර්යාස පාලන කිරීම සම්බන්ධයෙන් දැඩි තීරණයක!

G7 කණ්ඩායමට කැනඩාව, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ජපානය, බි්‍රතාන්‍ය සහ අමෙරිකාව යන රටවල් අයත් වන අතර මෙම…

10 hours ago

සීතල යුද්ධයට විරාමයක්!

දින 40ක සටන් විරාමයක් සම්බන්ධයෙන් ඊශ්‍රායලයේ පාර්ශවයෙන් සුභවාදී ප්‍රතිචාරයක් පළවීමත් සමඟ එම සැනසිලිදායක තත්ත්වය මොහොතකට…

13 hours ago

සෞදියේ ඔටුන්න හිමි කුමරු හමුවූ අමෙරිකානු රාජ්‍ය ලේකම්!

ගාසා තීරයට මානුෂීය ආධාර වැඩි කිරීම, ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම සම්බන්ධයෙන් ද එහිදී සාකච්ඡා වී…

14 hours ago

රැප් ගායකයාගේ මරණ දණ්ඩනය හේතුවෙන් ඉරානය පුරා නැවත විරෝධතා

මෙම මරණ දණ්ඩනය පැනවීම ජාත්‍යන්තර විරෝධතාවලට ද හේතු වී ඇති අතර මානවහිමිකම් කණ්ඩායම් මෙය මානව…

1 day ago

කෙන්යාවේ වේල්ලක් පුපුරා යාමෙන් 120දෙනෙකු මිය යයි

මේ මස මුලදී, කෙන්යාවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබුණේ, මැයි මාසය දක්වා රටේ විවිධ…

1 day ago

ශීත කළ පීසාවල අඩංගු ඇතැම් අමුද්‍රව්‍ය සෞඛ්‍යට බලපෑමක් කරන බවට FSIS නිවේදනය කරයි!

සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ශීත කළ පීසා වර්ග භාවිතයෙන්…

1 day ago

වයස යනු ඉලක්කමක් විතරයි යන්නට මෙවර මිස් යුනිවර්ස්ගෙන් නිදසුනක්!

සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වයස නිකන්ම නිකන් ඉලක්කමක් විතරයි…

2 days ago

ඉන්දීය වෙරළාරක්ෂක බලකාය විසින් පාකිස්ථානයේ සිට ශ්‍රී ලංකාවට ගෙන ආ හෙරොයින් තොගය‍ක් අත්අඩංගුවට ගනී!

අහමදාබාද් නියෝජ්‍ය පොලිස්පතිවරයා ඉන්දීය මාධ්‍යට පවසා ඇත්තේ, මෙවැනි මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සතුටට පත්වන…

2 days ago

සටන් විරාම සාකච්ඡා සඳහා හමාස් නිලධාරීන් ඊජිප්තුවේ කයිරෝ අගනුවරට!

ඊශ්‍රායල අමාත්‍ය මණ්ඩලය අනතුරු අඟවා ඇත්තේ, සටන් විරාමයකට එකඟ වුවහොත් අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ රජය බිඳ…

2 days ago

ඩේවිඩ් කැමරන් දින පහක සංචාරයක් වෙනුවෙන් පවුම් මිලියන 42 ක සුඛෝපභෝගී ජෙට් යානයක් කුලියට ගනියි.

වෙළඳපොලේ ඇති සුඛෝපභෝගී පුද්ගලික ජෙට් එකක් කුලියට ගැනීම සඳහා බදු ගෙවන්නන්ගේ වියදමින් පවුම් ලක්ෂ ගණන්…

2 days ago

හූති කැරළිකරුවන් ඩ්‍රෝන යානයක් බිම හෙළයි!

සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මකයි.

2 days ago

ඇන්තනි බ්ලින්කන් සහ ෂී ජින්පිං අතර හමුවක්!

දැනට ලෝකය දැවැන්ත විපර්යාසයකට මුහුණ දෙමින් සිටින අතර ජාත්‍යන්තර තත්ත්වය ද ඉතා සංකීර්ණ වන අතාර,…

2 days ago

ටික් ටොක් තරුවට මොකද වුණේ?

නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…

3 days ago

‘අප්‍රේල් 27 යනු අපි අපේ විලංගු ඉවත් කරන දිනයයි. අපේ ශ්‍රේෂ්ඨ රට පුරා නිදහසේ සීනු නාද විය’ ; දකුණු අප්‍රිකාව 30 වසරක නිදහස සමරයි !

1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…

3 days ago

ඊශ්‍රායල් ප්‍රහාරයන්ගෙන් පලස්තීන වැසියන් 27 දෙනෙකු ජීවිතක්ෂයට!

මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා…

3 days ago