මෙම මොහොත වන විට ඉතාලියේ උතුරු කලාපයේ මිලියන 16ක පමණ ජනතාව නිරෝධායනය සඳහා යොමුකර තිබේ.
ඒ නව කොරෝනා වෛරස ආසාදන ව්‍යාප්තියට ප්‍රතිචාර වශයෙනි.
ඉතාලියේ මිලාන් හා වැනීසිය යන ප්‍රදෙශ දෙකෙහිම වෛරසය ව්‍යාප්තව පවතින අතර, මධ්‍යම හා උතුරු කලාපයේ පළාත් 15 කට පමණ ඇතුළු වීමට විශේෂ අවසර ලබා ගැනීමට සිදුව තිබේ.
ඉතාලියේ අග්‍රාමාත්‍ය ගිසෙප් කොන්ටෙ මහතා රට පුරා පාසල්, කායවර්ධන මධ්‍යස්ථාන, රාත්‍රී සමාජ ශාලා, කෞතුකාගාර ඇතුළු මහජනතාව ගැවසෙන ස්ථාන බොහොමයක් වසා දැමීමට කටයුතු කර ඇති බවට වාර්තා වේ.
චීනයෙන් පිටත වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා දැඩිම ක්‍රියාමාර්ග ගෙන ඇති රට වනුයේ ඉතාලියයි.
විදෙස් මාධ්‍ය වාර්තා කරන පරිදි මෙම තත්ත්වය එළඹෙන අප්‍රේල් 03 වන දින දක්වා ක්‍රියාත්මක වනු ඇත.
ඊයේ දිනට පමණක් ඉතාලිය තුළ කෝවිඩ් 19 ආසාදනයට ලක්වූවන් 5883 වාර්තා වී තිබේ. මීට අමතරව වෛරසයෙන් මිය ගිය සංඛ්‍යාව 230 ඉක්මවා ඇති අතර ගතවූ පැය විසි හතර තුළ පමණක් මරණ 36ක් වාර්තා වී තිබේ.
යුරෝපය තුළ දරුණු අන්දමින් මෙම වෛරසය ව්‍යාප්ත වීම සිදුව ඇත්තේ ඉතාලියේ වන අතර, මේ වන විට අතිමහත් ජන සංඛ්‍යාවක් නිරෝධායනයට ලක්කිරීම තුළ හා සේවා ඇණ හිටීම තුළ එරට ආර්ථිකයට ප්‍රභල මරුපහරක් එල්ල වී ඇති බවට වාර්තා වේ.
කෝවිඩ් 19 මේ වන විට ගෝලීය ආර්ථිකයේ ද පරම සතුරා බවට පත්ව අවසන් ය.
වෛරසයේ බල පැවැත්ම නිසා ඉතාලියේ ලොම්බාර්ඩි ප්‍රදේශයේ සෞඛ්‍ය පද්ධතිය උග්‍ර අර්බුදයකට මුහුණ පා ඇති බවට වාර්තා වේ.
ඉතාලියේ උතුරු කලාපයේ මිලියන සංඛ්‍යාත ජනතාව නිරෝධායනයට යොමුකිරීමට අමතරව රෝහල් කොරිඩෝ තුළ පවා තබා ගෙන ප්‍රතිකාර කිරීමේ තත්ත්වයට පත්ව තිබේ.
වත්මන් තත්වය අනුව ඉතාලියේ උතුරු කලාපයේ;
යන පළාත් 15 තුළම ජනතාවට ඇතුළු වීම හෝ පිටවීම සීමා කර පවතී.
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…
කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…
උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!
එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.
ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…
මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…
ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.
යුක්‍රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.
වාර්තාව තබන අතරතුර ඇය සෑම පැයකට වරක් මිනිත්තු 5ක විරාමයක් ලබාගෙන ඇති අතර, කෙටි නින්දකට,…
බන්ධනාගාර ගොඩනැඟිලිවලින් විශාල ප්‍රමාණයක් සහ එහි උස් තාප්පයේ කොටසක් කඩා වැටී ඇති අතර, සිරකරුවන් පලාගොස්…
ගිනිකන්ද පුපුරා යාමත් සමඟ සුන්බුන් මුහුදට වැටී සුනාමියක් ඇති ව තිබේ.
ඉන්දියාව පසුගිය වසරේ පස්වන විශාලතම ආර්ථිකය ලෙස එක්සත් රාජධානිය අභිබවා යන ලදී.