ඇමරිකාව ‘ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය‘ ආරම්භ කිරීමට මුල පිරුණේ මෙම අති දැවැන්ත ත්‍රස්ත ප්‍රහාරයයි.
‘‘9/11 ප්‍රහාරය‘ ලෙස ප්‍රකට වූ මෙයින් ඇමරිකාවේ පමණක් නොව ජාත්‍යන්තර ආරක්ෂාව සම්බන්ධයෙන් ලෝකයේම පදනම් සසල විය. ඇමරිකාව විසින් ඇෆ්ගනිස්ථානය ආක්‍රමණය කළේ ද මෙම සිදුවීම මුල් කර ගෙන ය.
ඇමරිකාවේ ලෝක වෙළඳ මධ්‍යස්ථානය ප්‍රමුඛ ස්ථාන 2 කට එල්ල වූ මෙම අල්කයිඩා ත්‍රස්ත ප්‍රහාරවලින් ඇමරිකානුවෝ 2,977 ක් දෙනෙක් මිය ගියහ.
ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ ට්වින් ටවර් පසාරු කරගෙන ගියේ, අල් කයිඩා ත්‍රස්තවාදීන් විසින් හයිජැක් කර තිබූ ගුවන් යානා 2 කි.
මේ, ට්වින් ටවර් හි ගොඩනැගිල්ලක් එක් ජෙට් යානාවක් කඩා වැදීම නිසා ගිනි ගෙන දැවෙද්දී දෙවැනි ජෙට් යානාවක් දෙවැනි ගොඩනැගිල්ල වෙත ද කඩා වැදෙමින් තිබූ අන්දමයි. දිනය 2001 සැප්තැම්බර් 11 වැනි අඟහරුවාදා ය. මෙදින ‘බ්ලැක් ටියුස්ඩේ‘ හෙවත් ‘කළු අඟහරුවාදා‘ ලෙස ද කුප්‍රකට ය.
ප්‍රහාරවලින් මිය ගිය 2,977 දෙනා සිහිපත් කරමින් ජෝ බයිඩන් ජනාධිපතිවරයා, වීඩියෝ පණිවුඩයක් මගින් ඔවුන්ට සිය ගෞරවය පුද කළේය. එහිදී ගළවා ගැනීමේ මෙහෙයුම්වලට සම්බන්ධ වූ භටයන්ව විශේෂයෙන් සිහිපත් කිරීමටත් ඔහු අමතක නොකළේය.
අද දින ඇමරිකාව පුරා මෙම සංවත්සරය වෙනුවෙන් සැමරුම් උත්සව සංවිධානය කර තිබේ.
‘‘මිනිසාගේ ස්වභාවයේ අඳුරුතම බලයන් – මුස්ලිම් ඇමරිකානුවන්ට එරෙහි භීතිය සහ කෝපය, පළිගැනීම හා ප්‍රචණ්ඩත්වය‘‘ ප්‍රහාරවලින් පසු උත්සන්න වූ බව ද බයිඩන් මෙහිදී පිළිගත්තේය. නමුත් ඇමරිකාවේ විශාලතම ශක්තිය ‘එකමුතු කම‘ බව ද ඔහු පෙන්වා දුන්නේය.
මේ අතර බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් පැවසුවේ, ‘‘නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ අපගේ විශ්වාසයන් සොළවා දමන්නට ප්‍රහාරයන් අසමත් වූ බව‘ යි.
සැප්තැම්බර් 11 ප්‍රහාරවලින් මිය ගිය අයගෙන් 67 දෙනෙක් බ්‍රිතාන්‍ය ජාතිකයන් ය.
G7 කණ්ඩායමට කැනඩාව, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ජපානය, බි්‍රතාන්‍ය සහ අමෙරිකාව යන රටවල් අයත් වන අතර මෙම…
දින 40ක සටන් විරාමයක් සම්බන්ධයෙන් ඊශ්‍රායලයේ පාර්ශවයෙන් සුභවාදී ප්‍රතිචාරයක් පළවීමත් සමඟ එම සැනසිලිදායක තත්ත්වය මොහොතකට…
ගාසා තීරයට මානුෂීය ආධාර වැඩි කිරීම, ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම සම්බන්ධයෙන් ද එහිදී සාකච්ඡා වී…
මෙම මරණ දණ්ඩනය පැනවීම ජාත්‍යන්තර විරෝධතාවලට ද හේතු වී ඇති අතර මානවහිමිකම් කණ්ඩායම් මෙය මානව…
මේ මස මුලදී, කෙන්යාවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබුණේ, මැයි මාසය දක්වා රටේ විවිධ…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ශීත කළ පීසා වර්ග භාවිතයෙන්…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වයස නිකන්ම නිකන් ඉලක්කමක් විතරයි…
අහමදාබාද් නියෝජ්‍ය පොලිස්පතිවරයා ඉන්දීය මාධ්‍යට පවසා ඇත්තේ, මෙවැනි මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සතුටට පත්වන…
ඊශ්‍රායල අමාත්‍ය මණ්ඩලය අනතුරු අඟවා ඇත්තේ, සටන් විරාමයකට එකඟ වුවහොත් අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ රජය බිඳ…
වෙළඳපොලේ ඇති සුඛෝපභෝගී පුද්ගලික ජෙට් එකක් කුලියට ගැනීම සඳහා බදු ගෙවන්නන්ගේ වියදමින් පවුම් ලක්ෂ ගණන්…
සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මකයි.
දැනට ලෝකය දැවැන්ත විපර්යාසයකට මුහුණ දෙමින් සිටින අතර ජාත්‍යන්තර තත්ත්වය ද ඉතා සංකීර්ණ වන අතාර,…
නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…
1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…
මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා…