කලා

ඇබා නැවත කරලියට! අලුත් ගීත එකතුවක්!!

70 දශකයේ ගීත අමාන්දානන්දය, ඇබා (ABBA) නැවත කරලියට පැමිණෙන බවට තොරතුරු වාර්තා වෙයි.

ස්වීඩනයේ බෙනී, බියෝර්න්, ඇග්නේතා සහ ඇනි-ෆ්‍රිඩ් නම් සිව් සාමාජික පොප් සුසංයෝගය 70 දශකයේ ගීත ලොව ආක්‍රමණය කරේ තම සංගීතයේ මිහිරියාව අනාගත පරපුරු රැසකටද උරුම කරමිනි.

ගීතයක සැබෑ රශාස්වාදය දශක ගණනාවක් පුරා බාල මහළු කාගේත් කන් තුළ රැව් පිළි දුන් ඇබා සංගීතය නව මුහුණුවරක් ගනිමින් මෙවර සාමාජිකයන් සිව්දෙනාගේ තරුණ වියේ රුව ඩිජිටල් රූපකරණයකට නතු කරමින් නව ගීත දෙකක් සමඟ නිකුත් කරන බවට තොරතුරු පළ වූයේ 2018 වසරේ අගභාගයේදීය. ඩිජිටල් රූපකරණය ඇබාටාර් (ABBATAR) නමින් ගීත වීඩියෝවක් ලෙස නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවත්, ඒ හා සමඟාමීව ගීත සංචාරයක් පළ කිරීමට බලාපොරොත්තු වන බවත් තොරතුරු වාර්තා වෙයි.

ඇබා කණ්ඩායමේ මුල් නිර්මාණ ඇනලොග් සංගීතය වුවද, මෙවර නිකුත් කිරීමට බලාපොරොත්තු වන සංගීතය නවීන තාක්ෂණයේ ආධාරයෙන් ඩිජිටල් වනු ඇති බවට වාර්තා වෙයි. කෙසේවෙතත්, මෙම නව ඇබා සංගීතය සජිවීව විකාශනය කිරීමට සාමාජිකයන් සිව් දෙනා වේදිකාව වෙත නොපැමිණෙනු ඇත.

තවද, ඇබා හි ගීත රචක බෙනී හා බියෝර්න් නිකුත් කිරීමට බලාපොරොත්තුවන “I Still Have Faith In You” හා “Don’t Shut Me Down” නම් නව ගීත දෙකට අමතරව තවත් ගීත කිහිපයක්ම රචනයේ පසුවන බවට තොරතුරු වාර්තා වෙයි. නව ගීත ඇල්බමයක් නිකුත් වන්නේ ද යන්න පිළිබඳ තොරතුරු තවමත් අවිනිශ්චිත තත්ත්වයේ ඇත.     

ඇබා ජාතත්‍යන්තර ජනාදරයට පාත්‍ර වන්නේ 1974 වර්ෂයේ “Waterloo” ගීතය ඉදිරිපත් කිරීමත් සමඟ යුරොවිෂන් සෝන්ග් කොන්ටෙස්ට් තරඟාවලියේ ජයග්‍රහණය ලැබීමෙනි. ස්වීඩනය විසින් යුරෝවිෂන් සෝන්ග් කොන්ටෙස්ට් තරඟාවලිය ඉතිහාසයේ ජයග්‍රහණය කළ පළමු වරද එය වේ. ඇබා යනු ඉංග්‍රීසි බස කතා නොකරන ස්කැන්ඩෙනේවියානු රාජ්‍යයකින් පැමිණ, බිල්බෝර්ඩ්, බීබීසී චාර්ට්ස් ඇතුළු ජාතත්‍යන්තර සංගීත ලොව ආක්‍රමණය කළ ලොව පළමු සංගීත කණ්ඩායම වේ.

ඇබා 1974 වර්ෂයේ යුරොවිෂන් සෝන්ග් කොන්ටෙස්ට් තරඟාවලිය ජයග්‍රණය කළ මොහොත

1971 වර්ෂයේ ඇබා සාමාජිකයන් මුල්මවරට කණ්ඩායම්ගත වීමට ප්‍රථම, ස්වාධීන සංගීතඥයින් සිව්දෙනෙකු වශයෙන් 60 දශකය තුළ ස්වීඩනයේ පොප් රාජකීයත්වය උරුම කරගෙන සිටි අතර, සිව් දෙනා හට ආවේණික සංගීත විලාශයන් සතරක් පැවතිණ. බෙනී “ද හෙප්ස්ටාර්ස්” නම් පිරිමි ගීත බෑණ්ඩයේ කීබෝඩ වාදකයකු හා ගායකයකු වශයෙන් කටයුතු කළේය. බියෝර්න් “හූටනනි සිංගර්ස්” නම් වීදි හා වේදිකා පිරිමි ගීත බෑණ්ඩයේ ගිටාර් වාදකයකු හා ගායකයකු වශයෙන් කටයුතු කළේය. ඇග්නේතා හට ඈ විසින්ම රචිත ගීත එකතුවක්ද, ඇසුවන් කන් වසඟයට පත් කරන කටහඬක්ද, සෝලෝ ගීත වෘත්තියක් පැවති අතර, ඈ විසින් රචිත ගීත ඇතැම් වරක ස්වීඩනයේ රේඩියෝ ගීත ලැයිස්තු වල “ද බීට්ල්ස්” කණ්ඩායමේ ගීත අභිබවා ගිය අවස්ථා ද ඇත. ඇනි-ෆ්‍රිඩ් ස්වීඩනයේ ජාතික ගීත තරඟාවලියක ජයග්‍රහණය ලබා වෘත්තියෙන් සෝලෝ ගීත කෝකිලාවියක් වශයෙන් ජනාදරයට පත්ව සිටියාය.

ඇබා සිව් සාමාජික කණ්ඩායමක් වශයෙන් යුරොවිෂන් සෝන්ග් කොන්ටෙස්ට් වෙත මුල්ම වරට ඉදිරිපත් වන්නේ “Ring Ring” නම් ගීතයෙන් 1973 වර්ෂයේදී ය. එවිට ඇබා යන නාමය වෙනුවට “Björn & Benny, Agnetha & Anni-Frid” නාමයෙන් ඔවුහු පෙනී සිටියහ. එහෙත් ඒ වන විට ඇග්නේතා හා බියෝර්න් විවාහ වී සිටීමත්, ඇග්නේතා තම කුළුඳුල් දියණිය ලින්ඩා පිළිසිඳ ගෙන සිටීමත්, හා ගීතයේ නිර්මාණශීලීත්වයේ පැවති ඇතැම් ගැටළු නිසාත් තරඟාවලිය තුළ එය තේරී පත්වන්නේ නැත.  

කෙසේ වෙතත්, ඇග්නේතා ගේ දරු ප්‍රසූතියෙන් පසු ඈට හිමි විය යුතු නිසි විවේක කාලයද ලැබීමත් නිසා, 1974 වර්ෂයේදී, තම කණ්ඩායමේ නාමය තම නම් වල මුලකුරු රැගෙන “A” “B” “B” “A” – “ABBA” යනුවෙන් නව මුහුණුවරක් ගනිමින් Watrloo නම් ගීතයත් සමඟ ඔවුහු නැවත යුරොවිෂන් සෝන්ග් කොන්ටෙස්ට් වෙත ඉදිරිපත් වෙති.

ස්වීඩනය ඉතිහාසයේ රන් අකුරින් ලියවමින් එවර ඔවුහු යුරොවිෂන් සෝන්ග් කොන්ටෙස්ට් ජයග්‍රහණය කරති!

එතැන් පටන් 1982 වර්ෂය දක්වා සක්‍රියව පැවති ඇබා, Dancing Queen“, “Take a Chance on Me“, “Mamma Mia“, “SOS“, “Knowing Me, Knowing You“, “Fernando“, “Voulez Vous“, “Gimme Gimme Gimme“, “Does Your Mother Know“, “Money Money Money“, “I Have a Dream“, “Angel Eyes“, “The Name of the Game“, “One of Us“, “Super Trouper“, “Thank You For the Music.. ආදී නානාවිධ ගීත ලෙගසියක් ලොවපුරා ප්‍රේක්ෂක ජනතාව වෙත ගෙන හැර පාන ලදී. 1973 – 1982 අතර කාලය තුළ ගීත ඇල්බම 9ක් හා ගීත 100කට ආසන්න සංඛ්‍යාවක් නිකුත් කිරීමට ඔවුන් සමත් විය.

ඇග්නේතා ගේ හැඟීම්බර මනරම් ඉහල පරාසයේ කටහඬද, ඇනි-ෆ්‍රිඩ් ගේ ස්ථාවර අතිවිශිෂ්ට පහල පරාසයේ කටහඬද බෙනී හා බියෝර්න්ගේ සංගීතය ද සුසංයෝග වූ විට ඇබා හඬ ඇතිවන බව මුල සිටම ඇබා සංගීතය අධ්‍යයනය කළ ප්‍රේක්ෂකයකු පවසනු ඇත. 70 දශකයේ පටන් සංගීතයට ලැදි ඕනෑම පුද්ගලයකුගේ ගීත ලැයිස්තුව තුල ඇබා ගීතයක් හෝ පැවතීම සුලභය.

කණ්ඩායම 1982 වර්ෂයේදී නිල වශයෙන් විසිර යන බවට නිවේදනය කරන ලදී.

ඇබා ගායනා කළ ඩෑන්සිං ක්වීන් ගීතය 1976 වර්ෂයේදී බිල්බෝර්ඩ් ඇතුළු ලොව ප්‍රධාන සංගීත චාර්ට් 9 ක අංක 01 බවට පත්විය.

කණ්ඩායම අක්‍රිය වූවද, ඇබා සංගීතය නැවතියේ නැත. මමා මියා ද මියුසිකල් වේදිකා නාට්‍යය, ඇබා ගෝල්ඩ් ද ග්‍රේටස්ට් හිට්ස් ඇල්බමය, 90 දශකයේ ඇබා ටීන්ස් නම් තරුණ ගීත කණ්ඩායම, මමා මියා ද මූවි චිත්‍රපටය, ස්ටොක්හොල්ම් හි ඇබා ද මියුසියම් නම් කෞතුකාගාරය, මමා මියා හියර් වී ගෝ අගේන් චිත්‍රපටය.. ආදී එකී මෙකී නොකී අවස්ථා ගණනාවක ඇබා සංගීතයේ සුන්දරත්වය මතුවන්නට පටන් ගත්තේ තෙල් ජලය යට සැඟවීමට නොහැකි පරිද්දෙනි.

ස්වීඩනයේ ස්ටොක්හොල්ම් නගරයේහි ඉදි කළ ඇබා ද මියුසියම් නම් කෞතුකාගාරය

මුල් නිර්මාණකරුවන් සියල්ල ජීවතුන් අතර සටියදී ද, ඔවුන්ගේ ලෙගසිය අනුස්මරණය කිරීමට ඉදිකෙරුණු ලොව එකම කෞතුකාගාරය ස්ටොක්හොල්ම් හි ඇබා ද මියුසියම් වේ.

මීට මාස කිහිපයකට පෙර, ඇමරිකාවේ සුපිරි පොප් ගායිකා ෂෙයර් මමා මියා හියර් වී ගෝ අගේන් නම් චිත්‍රපටයට රංගනයෙන් දායක වීමත් සමඟ ඇතිවූ පන්නරයෙන් ඇගේ හඬින් පටිගත කරන ලද ඇබා ගීත ඇතුලත් ඩෑන්සිං ක්වීන් නම් වූ ඇල්බමයක් ද නිකුත් කරන ලදී.

තිස් වසරකට අධික කාලයකට පසු නැවත ඇබා කණ්ඩායමේ සාමාජිකයන් සිව්දෙනාම අත ගැසූ මෙම ඇබාටාර් නම් පවුම් බහු-මිලියන ව්‍යාපෘතිය හා නව ගීත එකතුව ලොව පුරා ප්‍රේක්ෂක ජනතාවගේ ඇතුලාන්තයේ නිදමින් සිටි ඩෑන්සිං ක්වීන් නැවත අවදි කරවන බව නොඅනුමානය..  එය ඇබා සංගීතය ආධුනික නව පරපුරටද ආදර්ශයක් වනු ඇත. ඇබා ලෙගසිය අමරණීය වනු ඇත.

1977 වර්ෂයේ ඇබා කණ්ඩායමේ ඕස්ට්‍රේලියානු සංචාරයට සමගාමීව තිරගත වූ ABBA: The Movie නම් චිත්‍රපටයේ “The Eagle” නම් ගීතය ගායනා කරමින්
Share

Recent Posts

දකුණු වියට්නාමයේ ජලාශයක මත්ස්‍යයින් විශාල සංඛ්‍යාවක් මිය යයි!

මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…

5 hours ago

ගිටාර් වීරයා DUANE EDDY ගිටාරය තනිකර ජීවන රිද්මයට තිත තබයි!

මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…

12 hours ago

බ්‍රසීලයට ගං වතුර, 10ක් මිය යයි!21ක් අතුරුදහන්

පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…

13 hours ago

කාන්තාවන් පිරිමින්ට වඩා වසර ගණනාවක් ජිවත්වන මුත් දිගුකාලින අසනීප තත්වයන්ගෙන් පෙළෙන බව අධ්‍යනයකින් හෙළි වේ

කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…

14 hours ago

චාලි මා හදවතෙහි ජීවත් ව හිඳී

උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!

15 hours ago

අවිහිංසාවාදී විශ්ව විද්‍යාල උද්ගොෂණයට පොලිසිය කඩා වැදීමත් සමඟ එක්සත් ජනපදයේ භාෂණයේ නිදහස පිළිබඳව ප්‍රශ්න මතු කෙරේ

එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.

15 hours ago

ට්‍රම්ප්ට ඇ. ඩොලර් 9,000 ක දඩයක්!

ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…

1 day ago

මයික්‍රොසොෆ්ට් ඉන්දුනීසියාවේ ඩොලර් බිලියන 1.7 ක් ආයෝජනය කරයි

මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…

1 day ago

දකුණු චීනයේ මාර්ගයක් කඩා වැටීමෙන් 19දෙනෙකු මිය යයි

ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.

1 day ago

කළු මුහුදේ වරාය නගරයක් වන ඔඩෙසා වෙත රුසියානු මිසයිල ප්‍රහාරයක්!

යුක්‍රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.

1 day ago

CLARA CHIZOBA තැබූ ගිනස් වාර්තාව!

වාර්තාව තබන අතරතුර ඇය සෑම පැයකට වරක් මිනිත්තු 5ක විරාමයක් ලබාගෙන ඇති අතර, කෙටි නින්දකට,…

1 day ago

සිරකරුවන් 118 දෙනකු පැන ගිහින්!

බන්ධනාගාර ගොඩනැඟිලිවලින් විශාල ප්‍රමාණයක් සහ එහි උස් තාප්පයේ කොටසක් කඩා වැටී ඇති අතර, සිරකරුවන් පලාගොස්…

1 day ago

ඉන්දුනීසියාවේ රුවන්ග් ගිනිකන්ද නැවත පුපුරා යයි

ගිනිකන්ද පුපුරා යාමත් සමඟ සුන්බුන් මුහුදට වැටී සුනාමියක් ඇති ව තිබේ.

1 day ago

2047 වන විට ඉන්දියාව ලෝකයේ තෙවන විශාලතම ආර්ථික බලවතා බවට පත්වේ

ඉන්දියාව පසුගිය වසරේ පස්වන විශාලතම ආර්ථිකය ලෙස එක්සත් රාජධානිය අභිබවා යන ලදී.

2 days ago

රෆා ප්‍රහාරය දියත් කරන බවට නෙතන්යාහු සහතික වේ

පලස්තීන ජනතාවගේ ඉතිහාසයේ විශාලතම ව්‍යසනය..

2 days ago