Adele named richest UK celebrity aged 30 or under
වාර්තාවන අන්දමට මේ වනවිට ඇගේ වත්කම පවුම් මිලියන 147 කි.
Heat magazine විසින් අනාවරණය කළ පරිදි ඇඩේල් විසින් ඇගේ ධනස්කන්ධය පසුගිය වර්ෂය තුළදී පවුම් මිලියන 15කින් වැඩිකර ගෙන තිබේ. ඒ ලොව පුරා පැවැත්වූ සංගීත සන්දර්ශනවලින් සහ ඇගේ ගීත පට අලෙවියෙන් ලැබෙන ආදායමෙනි.
ඇඩේල්, මෙම ලැයිස්තුවේ මුල් තැනට පත් වන්නේ තුන් වැනි වතාවට ය.
මෙම ලැයිස්තුවේ දෙවැනි තැන හිමිකරගෙන තිබෙන්නේ සුපිරි ගායක එඩ් ශීරන් (Ed Sheeran ) විසිනි. ඔහුගේ ධනවත්කම පවුම් මිලියන 94 කි.
හැරී පොටර් චරිතයට පණ පෙවූ ඩැනියෙල් රැඩ්ක්ලිෆ් (Harry Potter star Daniel Radcliffe) තවමත් ජනප්‍රියත්වයේ මෙන්ම ධනවත් බවේ ද හිණිපෙත්තේ සිටින බව පෙනී යන්නේ මේ ලැයිස්තුවේ 3 වන ස්ථානය ඔහුට හිමි වී ඇති බැවිනි. පසුගිය වසරේ ඔහුගේ වත්කම පවුම් මිලියන 87 ක් බව කියැවේ.
එමා වොට්සන් සහ ස්ටා වෝස් නළු ජෝන් බොයෙගා ද මෙම ලැයිස්තුවේ ඉදිරියෙන් සිටිති. ස්ටා වෝස් නළුවා මෙම ලැයිස්තුවට එක් වන්නේ ප්‍රථම වතාවට ය.
බ්‍රිතාන්‍යය තුළ තවමත් නොනැසෙන ජනප්‍රියත්වයක් රඳවාගෙන සිටිනා ‘වන් ඩිරෙක්ෂන්‘ (1D) සංගීත කණ්ඩායමේ හැරී ස්ටයිල්ස්ද මේ ලැයිස්තුවේ සිටියි. ඔහුගේ ධනවත්කම පවුම් මිලියන 58 කි.
මෙහි 30 වන තැනට පත් වී සිටින්නේ රියැලිටි තරුවක් වන ස්පෙන්සර් මැතිව්ස් (Spencer Matthews) ය. ඒ, පවුම් මිලියන 4.5 ක වත්කමක් සමගිනි.
සෑම වර්ෂයකම බ්‍රිතාන්‍යෙය් ධනවත්ම ප්‍රකට පුද්ගලයන් තෝරන Heat magazine විසින් ඔවුන් අතරින්, අන්තර්ජාතික වශයෙන් කීර්තියට පත් වූ ධනවත්ම පුද්ගලයා ද තෝරනු ලබයි. මෙවර එම ගෞරවය හිමි වී තිබනේනේ කයිලි ජෙනර් (Kylie Jenner) හට ය. ඇගේ වත්කම පවුම් මිලියන 688 කි.
සුපිරි ගායිකා අඩේල්ගේ ආදායම් වාර්තා තැබූ මෙම ගීතය YouTube හරහා පමණක් බිලියන 2.4 ක් දෙනා නරඹා තිබේ.
[embedyt] https://www.youtube.com/watch?v=YQHsXMglC9A[/embedyt]
ඉරාන රජය මීට පෙර ප්‍රකාශ කළේ මෙම හෙලිකොප්ටරය අසර්බයිජාන් දේශසීමාව අසල ගමන් කරමින් තිබූ රථ…
පරීක්ෂා කිරීමට සහ සාක්ෂි රැස් කිරීමට නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන්ට ඇති බලතල පුළුල් කරමින් චීනය…
රෆා නුවර සිදු කරන ප්‍රහාර නවත්වන ලෙස ඊශ්‍රායලයට නියෝග කරන්නැයි දකුණු අප්‍රිකාව කළ ඉල්ලීම ජාත්‍යන්තර…
මෙම නඩුව ඉවත් කරන ලෙස ඉල්ලීම් මානව හිමිකම් කණ්ඩායම් සහ සමහර මාධ්‍ය ආයතනවල සිට ඕස්ට්‍රේලියානු…
ඉබු යනු ඉන්දුනීසියාවේ වඩාත්ම සක්‍රීය ගිනිකඳු වලින් එකක් වන අතර එය පසුගිය වසරේ 21,000 වාරයකට…
ෆිකෝගේ ආධාරකරුවන් පවසන්නේ දේශපාලන ආතතීන් අවුලුවාලීම සඳහා විපක්ෂය අර්ධ වශයෙන් වගකිව යුතු බවයි.
යුද්ධයේ දිශානතිය සම්බන්ධයෙන් වැඩෙන දේශපාලන විරසකය පැමිණෙන්නේ ගාසා නගරයේ ඓතිහාසික සරණාගත කඳවුරක් වන ජබාලියා වෙත…
එක්සත් ජාතීන්ගේ සංඛ්‍යාලේඛන පෙන්වා දෙන්නේ පසුගිය වසරේ ඉතාලියේ වෙරළට ගොඩ බැස ඇති සංක්‍රමණිකයන් 12,000ක්වත් ටියුනීසියාවෙන්…
පක්ෂයේ මධ්‍යම කාරක සභාව සඳහන් කර තිබුණේ, සියලුම ඉහළ නායකත්වයන් එක්සත්ව, ආදර්ශමත්ව, මුළු හදින් සහ…
ඇෆ්ගනිස්ථානය ස්වභාවික විපත්වලට ගොදුරු වන අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය එය දේශගුණික විපර්යාසවලට වඩාත්ම අවදානමට ලක්විය…
ඇකඩමි සම්මානයක්, ප්‍රයිම් ටයිම් එමී සම්මානයක්, ග්‍රැමී සම්මාන 18ක්, හිමිකරගෙන ඇත.
ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකු භාරගෙන නැත.
කෙන්ටකි හි ලුයිස්විල් හි පැවති PGA ශූරතාවලියෙන් පිටතදී ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.
සටහන - නිපුනි ලියනගේ මැයි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Cryptosporidium යනු මිනිසුන්ට සහ සමහර…