සටහන – රෂිකා හෙන්නායක
මැයි 06 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාවේ ඇෆ්ගනිස්තාන කන්සියුලර් ජනරාල් සකියා වර්දාක් විසින් කිලෝග්‍රෑම් 25ක රන් බිස්කට් තොගයක් නීතිවිරෝධී අයුරින් ඉන්දියාවට රැගෙන ඒමේදී පැමිණි මුම්බායි ගුවන්තොටුපොළේදි හසු වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ඉන්දීය රුපියල් කෝටි 18.6ක් වටිනා මෙම රත්රන් තොගය ඇය විසින් ඩුබායි නුවර සිට රැගෙන ආ බව ඉන්දීය මාධ්‍ය සඳහන් කළේය. ඇෆ්ගනිස්තාන කන්සියුලර් ජනරාල්වරියගේ රන් ජාවාරම බලධාරීන්ට හසු වී ඇත්තේ ඉන්දීය ආදායම් බුද්ධි ඒකකය මාස 6ක කාලයක් පුරා ඇය පිළිබඳ නිරීක්ෂණය කිරීම හේතුවෙන් බව ද වාර්තා වේ.
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, පසුගිය මාස 6ක කාලය තුළ ඇය වරින් වර ඩුබායි නුවර සංචාරය කර ඇතැයි ද, ඒ පිළිබඳ ඉන්දීය ආදායම් බුද්ධි ඒකකය විමසිලිමත් වූ බවයි.
එම රන් තොගය ඇය හැඳ සිටි කබායේ සඟවාගෙන සිටි බවත්, මුම්බායි ගුවන්තොටුපොළේදි ආදායම් බුද්ධි ඒකකයේ නිලධාරීන් ඇගේ කබාය පරීක්ෂා කිරීමෙන් පසු එම රන් තොගය සොයා ගැනීමට හැකිවූ බවත් ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේය.
මෙම නඩුව ඉවත් කරන ලෙස ඉල්ලීම් මානව හිමිකම් කණ්ඩායම් සහ සමහර මාධ්‍ය ආයතනවල සිට ඕස්ට්‍රේලියානු…
ඉබු යනු ඉන්දුනීසියාවේ වඩාත්ම සක්‍රීය ගිනිකඳු වලින් එකක් වන අතර එය පසුගිය වසරේ 21,000 වාරයකට…
ෆිකෝගේ ආධාරකරුවන් පවසන්නේ දේශපාලන ආතතීන් අවුලුවාලීම සඳහා විපක්ෂය අර්ධ වශයෙන් වගකිව යුතු බවයි.
යුද්ධයේ දිශානතිය සම්බන්ධයෙන් වැඩෙන දේශපාලන විරසකය පැමිණෙන්නේ ගාසා නගරයේ ඓතිහාසික සරණාගත කඳවුරක් වන ජබාලියා වෙත…
එක්සත් ජාතීන්ගේ සංඛ්‍යාලේඛන පෙන්වා දෙන්නේ පසුගිය වසරේ ඉතාලියේ වෙරළට ගොඩ බැස ඇති සංක්‍රමණිකයන් 12,000ක්වත් ටියුනීසියාවෙන්…
පක්ෂයේ මධ්‍යම කාරක සභාව සඳහන් කර තිබුණේ, සියලුම ඉහළ නායකත්වයන් එක්සත්ව, ආදර්ශමත්ව, මුළු හදින් සහ…
ඇෆ්ගනිස්ථානය ස්වභාවික විපත්වලට ගොදුරු වන අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය එය දේශගුණික විපර්යාසවලට වඩාත්ම අවදානමට ලක්විය…
ඇකඩමි සම්මානයක්, ප්‍රයිම් ටයිම් එමී සම්මානයක්, ග්‍රැමී සම්මාන 18ක්, හිමිකරගෙන ඇත.
ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකු භාරගෙන නැත.
කෙන්ටකි හි ලුයිස්විල් හි පැවති PGA ශූරතාවලියෙන් පිටතදී ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.
සටහන - නිපුනි ලියනගේ මැයි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Cryptosporidium යනු මිනිසුන්ට සහ සමහර…
රජය පැවසුවේ මෙම නියෝගය LGBTQ පුද්ගලයින් අතර අමනාපයක් ඇති කරන නමුත් ඔවුන් කිසිදු විකල්ප ප්‍රතිකාරයකට…
සටහන - නිපුනි ලියනගේ මැයි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Netflix හි නවතම කතා මාලාවක්…
වෙළඳසල්වල රාක්ක වලින් මේ වන විට ඒවා ඉවත් කරමින් තිබේ.