ලොව යන අත

ලොවක් පිනවූ ”සූර පප්පාට” පණ පෙවූ ඇල්බර්ට් උඩර්සෝ ජීවිතයෙන් සමුගනී

අප සූර පප්පා ලෙස හදුන්වන ඇස්ටරික්ස් සජීවීකරණ නිර්මාණය තුලින් ලෝකයම පිනවූ ඇල්බර්ට් උඩර්සෝ ජීවිතයට සමුදුන් බව ඔහුගේ පවුලේ සාමාජිකයින් නිවේදනය කරන ලදී. ඒ ඔහුට වයස අවුරුදු 92ක් වන විටය.

ලේඛක රෙනේ ගොස්කින් හා එක්ව ඇස්ටරික්ස් විකට චිත්‍ර කථාව නිර්මාණය කළ අඩර්සෝ මිය ගොස් ඇත්තේ වැළදුන දරුණු හෘදයාබාදයක් හේතුවෙන් කිසිවෙකුත් නොදන්නා රාත්‍රී කාලයේදීය.

ප්‍රංශ ජනප්‍රිය සංස්තෘතිය තුළ ඉතා සුප්‍රසිද්ධ වූ ඇස්ටරික්ස් චරිතය ඇසුරෙන් නිර්මාණය වූ ඇල්බම 370ක් ලොව පුරා විකිණී ඇති අතර ඒ ඇසුරින් නිමැවුණු චිත්‍රපට11කි. මීට අමතරව මෙම චරිතය වඩා ගොඩ නැගුණ උද්‍යාන තේමා පමණක් නොව කුඩා දරුවන් අමන්දානන්දයට පත් කළ ක්‍රියාකාරකම් බොහෝමයක් ලෝකය පුරා නිර්මාණය වී ඇත. ගෝල් දේශය රෝමානුවන්ගෙන් බේරා ගැනීමේ මහා මෙහෙයුම ඉතා පහසුවෙන් සහ ධෛරයයෙන් ජයගත් ඇස්ටරික්ස් ඇතුළු චරිත වටා ගොඩ නැගුණ මෙම සජීවී කරණ කථාව ප්‍රංශයේ පමණක් නොව සමස්ථ ලෝකයේම නොදන්නා කෙනෙක් නැති තරම්ය.

ප්‍රංශ ඉතිහාසය තුළ ලියා ඇත් පරිදි සීසර් නම් බලලෝභී පාලකයා හමුවේ නොසැලුන අයෙක් නැති තරම්ය නමුක් වර්සින්ගෙටෝරික්ස් නම් ගෝල් නායකයකු සීසර්ට එරෙහිව දරුණු සටනක් කළ බවට ඉතිහාසය ගැන සෙවූ ගොස්කින් සහ උඩෙර්සෝ විසින් අනාවරණය කරගනී. අවසානයේ නමුත් රෝමන් හමුදාවේ යුධ ශක්තිය හමුවේ වර්සින්ගෙටෝරික්ස් යටත් වුවත් ඔහු එසේ යටත් නොවුනානම් යන මනංකල්පිත සිදුවීමේ හිදිමින් මොවුන් දෙදෙනා මෙම අපූර්ව නිර්මාණය සිදු කරනු ලබන්නේය.

භාෂා සියයකට අධික සංඛ්‍යාවකට පරිවර්ථනය වූ ඇස්ටරික්ස් කථා මාලාවේ කථා රචක රෙනේ ගොස් කින් හා ඇස්ටරික්ස් එක්ව කටයුතු කිරීම ඇරඹුවේ 1951 වසරේදීය. 1958 දී ටින්ටින් චිත්‍ර කතා සඟරාවේ පළ වූ ඔවුම්පා-පා චිත්‍ර කතාව ගොසිනි සහ උඩර්සෝ එක්ව අලුතින් නිර්මාණය කළ පළමු චිත්‍රකතාව යි. එතැන් පටන් ඔවුන් දෙදෙනා ඉතා නිර්මාණශීලි ලෙස ඇස්ටරික්ස් පමණක් නොව තවත් සජීවීකරණ චිත්‍ර කථා සහ චරිත කිහිපයක් නිර්මාණය කළෝය. කෙසේ වුවත් 1977 වසරේදී රෙනේ ගොස්කින් මිය ගිය පසු කථාව සම්පාදනය කරමින් හා චිත්‍ර නිර්මාණය කරමින් උඩර්සෝ අඛණ්ඩව නිර්මාණ කරණයේ නියැලිණ. 1980 වසරේදී ඔහු 25 වන ඇස්ටරික්ස්ක් ඇල්බමය වන ද ග්‍රේට් ඩිවයිඩ් ප්‍රකාශයට පත් කරන ලදී. එය උඩර්සෝ තනිව රචනා කොට නිර්මාණය කළ පළමු අවස්ථාවයි.

එසේ වුවත් නිර්මාණකරණයත් සමගම වැඩ කළ හැකි නීරෝගී පුද්ගලයෙකු ලෙස සිය කාර්යභාරය අවසන් කරන්නට සිතූ උඩර්සෝ 2009 වසරේදී විශ්‍රාම ගනිමින් ඇස්ටර්ක්ස් චර්තයේ අයිතිය Hachette ආයතනය වෙත විකුණා දැමිණි. ඔහු අද මිය ගියද මේ වන විටශෝන්-ඉවේ ෆෙරී රචනයෙන් ද දිදියර් කොන්රඩ් චිත්‍ර ඇඳීමෙන් මෙම සුප්‍රකට නිර්මාණය තව දුරටත් ගොඩනගමින් සිටී.

Share

Recent Posts

නායයෑම් හා ගංවතුර නිසා ඉන්දුනීසියාවේ 15 දෙනෙකු ජීවිතක්ෂයට!

ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…

12 hours ago

ඊශ්‍රායලයට යන නැව්වලට සිය සිමාව තුළ අනිවාර්යෙන් ප්‍රහාර එල්ල කරන බව හූතිවරු පවසයි

එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…

16 hours ago

එළඹෙන සති අන්තයේ ඇමරිකා විශ්වවිද්‍යාල ගාසා යුද විරෝධතාකරුවන්ගෙන් බාධා එල්ල වේ යැයි සැකයක්!

විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…

19 hours ago

බ්‍රසීලය වසර 80කට පසු මාරාන්තික ගංවතුරකට මුහුණ දේ; 37ක් මියගොස් 74 දෙනෙකු අතුරුදන්

එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…

21 hours ago

සික් බෙදුම්වාදී නායක නිජ්ජාර්ගේ ඝාතනය සම්බන්ධයෙන් කැනඩාව තිදෙනෙකු අත්අඩංගුවට ගනී

පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…

21 hours ago

ඉන්දියාව මියන්මාර සරණාගතයින් පිටුවහල් කරයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…

2 days ago

ඡන්ද මධ්‍යස්ථානයකින් ආපසු හරවා යැවු එංගලන්තයේ හිටපු අගමැති බොරිස් ජෝන්සන්!

විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…

2 days ago

චීනය සඳ මත කඳවුරු බැඳීමේ මෙහෙයුම දියත් කරයි

මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…

2 days ago

තුර්කිය ඊශ්‍රායලය සමඟ පැවති වෙළඳ සබඳතා අත්හිටුවයි

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…

2 days ago

දකුණු වියට්නාමයේ ජලාශයක මත්ස්‍යයින් විශාල සංඛ්‍යාවක් මිය යයි!

මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…

2 days ago

ගිටාර් වීරයා DUANE EDDY ගිටාරය තනිකර ජීවන රිද්මයට තිත තබයි!

මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…

3 days ago

බ්‍රසීලයට ගං වතුර, 10ක් මිය යයි!21ක් අතුරුදහන්

පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…

3 days ago

කාන්තාවන් පිරිමින්ට වඩා වසර ගණනාවක් ජිවත්වන මුත් දිගුකාලින අසනීප තත්වයන්ගෙන් පෙළෙන බව අධ්‍යනයකින් හෙළි වේ

කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…

3 days ago

චාලි මා හදවතෙහි ජීවත් ව හිඳී

උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!

3 days ago