ඊශ්‍රායලයේ ගගනගාමී එයිතන් ස්තිබ්බෙ සිය අභ්‍යවකාශ මෙහෙයුම සාර්ථකව දියත් කර තිබේ.
පාලක මැදිරියේ සිට ගුවන්ගත වී පැය 17 කට පසු අභ්‍යවකාශයේ සිට පාලක මැදිරිය ඇමතීමට එයිතන් සමත්ව ඇත.
එයිතන් ස්තිබ්බෙ යනු ඊශ්‍රායලය විසින් අභ්‍යවකාශයට යැවූ දෙවන ගගනගාමියා ය.
එයිතන් රැගත් රොකට්ටුව ගුවන් ගත කරනු ලැබුවේ ඊයේ (08) දින ය. ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ඇක්සියොම් මිෂන් 01 (Ax-1) නම් පෞද්ගලික අභ්‍යවකාශ මෙහෙයුමේ කොටස්කරුවකු වශයෙන් ඔහු මෙම අභ්‍යවකාශ මෙහෙයුම ට සම්බන්ධ වී තිබේ.
එමෙන්ම, එයිතන් තම මව්රට වෙනුවෙන් අභ්‍යවකාශයේ පරීක්ෂණ ගණනාවක් සිදුකිරීමට නියමිත ය.
එයිතන් සම්බන්ධ වී ඇති අභ්‍යවකාශ මෙහෙයුම රාකියා (Rakia) නම් කේතනාමයෙන් හැඳින්වේ.
“අයුබෝවන් සැමට. අප දැනටමත් ගුරුත්වය ශුන්‍ය කලාපයට පැමිණ තිබෙනවා. අපගේ මෙහෙයුම් පහසුවෙන් හා කාර්යක්ෂමව සිදුකිරීමට අප සූදානම් වෙමින් සිටිනවා. පියාසැරිය අද්විතීයයි. අප දැන් ගමන් කරමින් සිටින්නේ අප්‍රිකාව පසුකරමින්. තවත් මිනිත්තු 5 – 10 කින් ඊශ්‍රායලයේ මුහුදු කලාපය පසු කරනු ඇති. මා හිතන්නේ අප වෙරළ දකින විට රාත්‍රිය උදාවී තිබේවි, එය වළාකුළු මත තීරණය වනු ඇති.”
එයිතන් හිබෘ බසින් පාලක මැදිරිය අමතා පවසා ඇත්තේ එවැන්නකි.
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…
කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…
උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!
එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.
ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…
මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…
ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.
යුක්‍රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.