කාලීන

එක්සත් ජනපදය (United States – US) බෙදුණු ජනපදයක් (Divided States – DS) වන ලකුණු

2016 ජනාධිපතිවරණයේදී ට්‍රම්ප්ට පක්ෂපාතී වූ ජනපදවල ද ජනමතයේ බෙදී ගිය තත්වයක් දැකිය හැකිය. මේ නිසාම ස්කයි නිව්ස් වැනි පුවත් සේවාවන් විසින් මේ වන විට ”Divided States” යන නමින් පොඩ්කාස්ට් සේවාවක් පවා ආරම්භ කර තිබේ.

ඒ නිසා නොවැම්බර් 3 වැනිදා ජනාධිපතිවරණයේ ප්‍රතිඵල ප්‍රකාශයට පත් වූ විට දැකගත හැකි වනු ඇත්තේ ජනපද හරහා ඇදී යන රතු රැල්ලක් ද නිල් රැල්ලක් ද යන්න ගැන තවමත් පවතින්නේ අපැහැදිලි බවකි.

නොවැම්බර් 3 වැනිදාටම ඡන්දය ප්‍රකාශ කරන ලෙස දැඩි ඉල්ලීමක් නැගෙන්නේ ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පාර්ශවයෙනි .ඒ අනුව ඔහු විශාල වෙහෙසක් දරා, ‘battleground states‘ හෝ ‘Swing States‘ යනුවෙන් හැඳින්වෙන ඇමරිකානු ජනාධිපතිවරණයේ වැදගත්ම ජනපදවල මැතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා අවසන් දින කිහිපය වෙන් කර තිබේ.

බැට්ල් ග්‍රවුන්ඩ් ස්ටේට්ස්

ජනාධිපති අපේක්ෂක ජෝ බයිඩන් සහ උප ජනාධිපති අපේක්ෂක කමලා හැරිස් ඇතුළු ඩිමොක්‍රටික් පාර්ශවය ද මෙම ජනපද වල සිය අවසන් ප්‍රචාරණ කටයුතු සිදුකරති.

ෆ්ලොරිඩාව එවැනි එක් ප්‍රධාන ‘බැට්ල්ග්‍රවුන්ඩ් ස්ටේට්‘ එකකි.

මලානියා ට්‍රම්ප් විසින් ඩොනල්ඩ් ට්‍රම්ප්ට ඡන්දය දෙන්නැයි ප්‍රකාශ කර වැළඳ ගැනීම හැරුණු විට, පහත දැක්වෙන්නේ ට්‍රම්ප් එහිදී කළ කී දෑ අතරින් ජාත්‍යන්තර ජනමාධ්‍යවල අවධානය දිනාගත් අවස්ථා කිහිපයකි.

‘‘මාක්ස් දාන්න.. මාස්ක් දාන්න‘‘ – යැයි මාස්ක් නොදමන පිරිසකට ට්‍රම්ප් කියයි

පළමු වතාවට දැන් ට්‍රම්ප් මුහුණු වැසුම් ගැන කතා කරන ලීලාවේ වෙනසක් සිදුව තිබේ. ෆ්ලොරිඩා ජනපදයේ ටැම්පා හිදී ඔහු සිය රැළියට සහභාගි වූවන්ට පැවසුවේ, ‘‘අපි දන්නව ලෙඩේ ගැන.. සමාජ දුරස්ථභාවය.. අපි අපිට කරන්න තියෙන හැමදෙයක්ම කරනවා…. ළඟට එනව නම් මාස්ක් එකක් දාන්න.. සෝෂල් ඩිස්ටන්ස්.. සෝෂල් ඩිස්ටන්ස්..‘‘

මෙසේ මොරගෑවේ ලොක්ඩවුන්වලින් කෝවිඩ්-19වසංගතය මර්දනය නොවේ යැයි මෙතෙක් කල් කියූ ඩොනල්ඩ් ට්‍රප්ම් ය. කෙසේ නමුත් මෙම රැලිය වාර්තා කිරීමට ගොස් සිටි සීඑන්එන් පුවත් සේවයේ මේගන් වැස්කාස් වාර්තා කරන්නේ ට්‍රම්ප්ගේ එම රැළියට පැමිණි පිරිසෙන් වැඩි කොටස මාස්ක් නොදැමූ බවයි. එපමණක් නොව, ට්‍රම්ප්ගේ කාර්ය මණ්ඩලය ද මාස්ක් පැළඳ සිට නැත!

ගෙවල්වලත් ජරමර

2020 ජනාධිපතිවරණයේදී ඇමරිකානු ඡන්ද පදනම කොතරම් බෙදී ගොස් තිබේදැයි සජීවීම උදාහරණ සපයන්නේ ඇමරිකාවේ “Wives of the Deplorables” නමැති පුද්ගලික ෆේස්බුක් ගෘපයයි. මෙය ආරම්භ කර තිබෙන්නේ දක්ෂිණාංශික අදහස් දරන පිරිමින් ව විවාහ කර ගත් වාමාංශික අදහස් දරන කාන්තාවන් විසිනි. මේ වතාවේ එය පිරී ගොස් තිබෙන්නේ පවුල් ප්‍රශ්නවලිනි. එයට හේතුව, එම පවුල්වල පුරුෂයන් ට්‍රම්ප්ට ඡන්දය දැමිය යුතු යැයි කියන විට කාන්තාවන් ජෝ බයිඩන් වෙත ඒකමතිකව කැමැත්ත පළ කිරීමයි!

බයිඩන් දිනන හැඩ!

මේ වන විට ප්‍රකාශයට පත්ව ඇති FiveThirtyEight සහ The Economist පූර්වාපේක්ෂණයන් වලට ද අනුව මෙවර ජනාධිපතිවරණයේ ජයග්‍රහණයෙන් වැඩි බරක් තිබෙන්නේ ඩිමොක්‍රටික් පක්ෂය සහ ජෝ බයිඩන් වෙතට ය. මේ පර්යේෂණයන්ට සම්බන්ධ වූ data journalists හෙවත් දත්ත ඇසුරෙන් මාධ්‍යකරණයේ යෙදෙන මාධ්‍ය වේදීන්ගේ ද අදහස වී තිබෙන්නේ දැනට පවතින තත්වය අනුව ජෝ බයිඩන් ජයග්‍රහණය කිරීමට වැඩි ඉඩක් පවතින බවයි.

කෙසේ නමුත් ඉතිරි වී තිබෙන දින 3 අතිශය තීරණාත්මක වන්නේ, ඇමරිකාවේ පමණක් නොව මුළු ලෝකයේම දේශපාලන නැමියාවන් සහ ප්‍රජාතන්ත්‍රවාදයේ නැමියාවන්ට බලපෑම් කිරීමට ඉතිහාසය පුරාම ඇමරිකාවේ ජනාධිපතිවරයා සමත් වී ඇති නිසා ය.

ඇමරිකානු ජනාධිපතිවරණයේ උණුසුම් තතු රැගත් සියලු ලිපි මෙතැනින් කියවන්න.

#USelection2020

Share

Recent Posts

දකුණු වියට්නාමයේ ජලාශයක මත්ස්‍යයින් විශාල සංඛ්‍යාවක් මිය යයි!

මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…

12 hours ago

ගිටාර් වීරයා DUANE EDDY ගිටාරය තනිකර ජීවන රිද්මයට තිත තබයි!

මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…

19 hours ago

බ්‍රසීලයට ගං වතුර, 10ක් මිය යයි!21ක් අතුරුදහන්

පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…

21 hours ago

කාන්තාවන් පිරිමින්ට වඩා වසර ගණනාවක් ජිවත්වන මුත් දිගුකාලින අසනීප තත්වයන්ගෙන් පෙළෙන බව අධ්‍යනයකින් හෙළි වේ

කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…

21 hours ago

චාලි මා හදවතෙහි ජීවත් ව හිඳී

උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!

22 hours ago

අවිහිංසාවාදී විශ්ව විද්‍යාල උද්ගොෂණයට පොලිසිය කඩා වැදීමත් සමඟ එක්සත් ජනපදයේ භාෂණයේ නිදහස පිළිබඳව ප්‍රශ්න මතු කෙරේ

එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.

22 hours ago

ට්‍රම්ප්ට ඇ. ඩොලර් 9,000 ක දඩයක්!

ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…

2 days ago

මයික්‍රොසොෆ්ට් ඉන්දුනීසියාවේ ඩොලර් බිලියන 1.7 ක් ආයෝජනය කරයි

මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…

2 days ago

දකුණු චීනයේ මාර්ගයක් කඩා වැටීමෙන් 19දෙනෙකු මිය යයි

ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.

2 days ago

කළු මුහුදේ වරාය නගරයක් වන ඔඩෙසා වෙත රුසියානු මිසයිල ප්‍රහාරයක්!

යුක්‍රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.

2 days ago

CLARA CHIZOBA තැබූ ගිනස් වාර්තාව!

වාර්තාව තබන අතරතුර ඇය සෑම පැයකට වරක් මිනිත්තු 5ක විරාමයක් ලබාගෙන ඇති අතර, කෙටි නින්දකට,…

2 days ago

සිරකරුවන් 118 දෙනකු පැන ගිහින්!

බන්ධනාගාර ගොඩනැඟිලිවලින් විශාල ප්‍රමාණයක් සහ එහි උස් තාප්පයේ කොටසක් කඩා වැටී ඇති අතර, සිරකරුවන් පලාගොස්…

2 days ago

ඉන්දුනීසියාවේ රුවන්ග් ගිනිකන්ද නැවත පුපුරා යයි

ගිනිකන්ද පුපුරා යාමත් සමඟ සුන්බුන් මුහුදට වැටී සුනාමියක් ඇති ව තිබේ.

2 days ago

2047 වන විට ඉන්දියාව ලෝකයේ තෙවන විශාලතම ආර්ථික බලවතා බවට පත්වේ

ඉන්දියාව පසුගිය වසරේ පස්වන විශාලතම ආර්ථිකය ලෙස එක්සත් රාජධානිය අභිබවා යන ලදී.

2 days ago

රෆා ප්‍රහාරය දියත් කරන බවට නෙතන්යාහු සහතික වේ

පලස්තීන ජනතාවගේ ඉතිහාසයේ විශාලතම ව්‍යසනය..

2 days ago