කාච ඇස

2018 වස‍රේ ලෝකයේ හොඳම සංචාරක ඡායාරූප 50 – The Travel Photographer Of The Year

පහත දැක්වෙන්නේ එහි අඩංගු විවිධ කාණ්ඩ යටතේ මුල් ස්ථාන දිනාගත් ඡායාරූප 50 කි. මෙම අන්තර්ජාතික තරගය සඳහා ලෝකයේ රටවල් 142 කින් ඡායාරූප 20,000 ක් පමණ මෙවර තරගයට ඉදිරිපත් කර තිබිණි.

#1 Travel – Special Mention

# Sylvia Michel, Switzerland

‘‘මේ සිටින්නේ වෘකයෙක්ද?“ බොහෝ අය මේ ඡායාරූපය දෙස බලමින් එසේ අසති. නනමුත් ඡායාරූප ශිල්පිනී සිල්වියා මිෂෙල් මෙසේ කියයි. ‘‘ස්විට්සර්ලන්තයේ සුදු එ‍ඩේර පවුලකට අයත් කෙනෙකුට තමන් සුරතලයට ඇති කරන සුනඛයා විදිහට වෘක පෙනුමක් ඇති කෙනෙක් තෝරාගැනීමට සිතීම පුදුමයක් නොවෙයි.! TPOTY ජූරිය මේ සඳහා විශේෂ සඳහනක් කරමින් ත්‍යාග පිරිනැමීය.

#2 Faces, People, Cultures,

# Marinka Masséus, Netherlands

මුහුණු, මිනිසුන් හා සංස්කෘතිය යන අංගයෙන් මුල් තැන දිනුවේ මේ ඡායාරූපයයි. ඇලි බව උප සහරානු අප්‍රිකාවේ වැඩි වශයෙන් දැකගත හැකි ආවේණික තත්වයකි. මෙම සහලක්ෂණය පිළිබඳ අධ්‍යාපනය ලබාදෙන තෙක් ඔවුන්ට යක්ෂ බලවේගවලට හසුවූ දරුවන් ලෙස නොයෙක් තාඩන පීඩනවලට මුහුණදීමට සිදු වේ

#3 Beauty Of Light, Commended,

# Edward Graham, United States
අයිස් කුට්ටියක් මතට හිරු එළිය වැදුණු විට

#4 Faces, People, Cultures – Winner, Best Single Image

# Danny Yen Sin Wong, Malaysia

ඉතියෝපියාවේ සූරි ගෝත්‍රික කාන්තාවන් අත පැළඳ සිටින සිය ගණනක් තඹ වළලුවලට මැදිව සිටින දරුවෙක්. මෙම ඡායාරූපය මුහුණු, මිනිසුන්, සංස්කෘති කාණ්ඩය යටතේ මුල් තැන දිනාගත්තේය.

#5 Natural World – Commended

# Ignacio Palacios, Spain
මේ, බෝදිලියාගේ ඉදිරිපස නොවේ, පසුපස භාගයයි! වර්ණ සංකලනයේ අපූර්වත්වය ද ජූරි මණ්ඩලයේ අවධානය දිනාගත්තේය.

#6 Travel Photographer Of The Year, Overall Winner

මෙය, මෙම තරගයේ සමස්ත ජයග්‍රාහකයාගේ ඡායාරූපයයි.

# Stefano Pensotti, Italy
මියැන්මාරයේ බගන් තැනිතලාවේ පුංචි දැරියක්, පාසල් යන අතරමග බුදුන් වඳින්නට පැමිණ..

#7 Natural World,special Mention

# Roie Galitz, Israel
පෙර වසරට වඩා වේගයෙන් අයිස් දියවී යන අතරවාරයේ ධ්‍රැව වලස් මාතාවක් සිය දරු දෙදෙනා සමග
උතුරුකරයට සංක්‍රමණය වෙමින්

#8 Faces, People, Cultures – Special Mention

# Vladimir Alekseev, Russian Federation
කූඩාරමෙන් වැසුණු දරුවෝ

#9 Beauty Of Light,commended

# Zhenzheng Hu, China
ආලෝකයේ සුන්දරත්වය

#10 Travel Portfolio, Winner

# Matjaz Krivic, Slovenia
මේ එඩේර දරුවා ඡායාරූප ශිල්පියාට හමුවන විට සිටියේ ගෙවී වැරහැලි වූ පාවහන් අත දරාගෙන ය. ඡායාරූප ශිල්පියා ළඟ ඉඳිකටුවක් සහ ඩෙන්ටල් ෆ්ලොස් (දත් දීප්තිමත් කිරීමට ගන්නා රැහැන් වර්ගයක්) තිබිණි. දරුවා එයින් පාවහන් දෙක මසාගෙන එඩේර පට්ටිය වෙත නැවත ගියේය.

#11 Travel – Special Mention

# Marsel Van Oosten, Netherlands
මැඩගස්කරයේ ග්‍රෑන්ඩ් සින්ජිස් කඳු මුදුන් රේසර සේ මුවහත් ය. ඡායාරූප ශිල්පියා එම අළුයම දිස්වන අයුරු හසුකර ගැනීමට රාත්‍රිෙය්ම කඳු මුදුනට නැංගේය.

#12 Trave, Highly Commended

# Magdaléna Straková, Czech Republic

#13 Natural World – Winner, Best Single Image

# Florent Mamelle, France

ස්වභාවික ලෝකය කාණ්ඩය යටතේ ජයග්‍රහණය ලද මේ ඡායාරූපයෙන් දැක්වෙන්නේ ග්වාතමාලාවේ ෆුවගෝ ගිනිකන්ද, යාබද ඇකටැනාගෝ ගිනිකන්දේ මුදුනතට දිස්වන ආකාරයයි. මීටර 4000 ක් ඉහළ සිට බලනවිට අහස අතිශයින් පැහැදිලි ය.

#14 Travel,commended

# Mauro Di Bettio, Italy

ස්පාඤ්ඤ කැටලෝනියාවේ වර්ගස් නමැති කුඩා ගම “Dansa de la Mort” නමැති මළවුන් සැමරීමේ උත්සවය සඳහා ලෝක ප්‍රසිද්ධ ය.

#15 Hot/Cold, Commended

# Stephen King, Hong Kong
කිලායූ ගිනිකන්ද මහ සයුරට ලාවා වගුරුවමින්

#16 Young Tpoty 15-18, Winner

# Fardin Oyan, Bangladesh

මේ ඡායාරූපය, බංග්ලාදේශයේ 16 හැවිරිදි ෆාර්ඩීන් ඔයාන් ගේ ය. මේ වන විට 11 වන වසරේ ඉගෙනුම ලබමින් සිටින ඔහු, කුඩා කල පටන්ම කැමරාවලට මහත් ඇල්මක් දැක්වූ අයෙකි. මේ වන විට මේ ගැටවරයාගේ ජීවිතයේ ප්‍රධානතම දේ බවට පත්ව තිබෙන්නේ ඡායාරූපකරණයයි.

#17 Natural World, Special Mention

# Petar Sabol, Croatia

ක්‍රොයේෂියාවේ සිය ගමේදී ඡායාරූප ශිල්පී, 36 හැවිරිදි පීටර් සැබල් විසින් කැමරාවට මෙසේ හසුකර ගන්නේ, ඇළේ මාළු බාන හුදෙකලා පිළිහුඩුවෙකි.

#18 Natural World – Highly Commended

# Marsel Van Oosten, Netherlands

මුළු ලෝකයටම 3,800 දෙනෙක් පමණක් සිටින මුක්කම් නාසයැති (The Qinling golden snub-nosed ) වඳුරු මවක් සිය පැටවා සමග

#19 Natural World – Runner-Up

# Fuyang Zhou, China

#20 Travel Portfolio, Winner

# Matjaz Krivic, Slovenia
යේමනයේ හරාස් කඳුකර නිම්නයට ඉහළින් උදා මීදුම

#21 Travel, Special Mention

# Yingting Shih, Taiwan

යින්-යැන්ග් චක්‍රයක් සිහිගන්වන ලෙසින් වක් වී සිය පිහාටු ශුද්ධ කර ගැනීමේ යෙදී සිටිනා රතු කොකෙකුගේ මෙම ඡායාරූපය ලෝකයේ පරිසමාප්ත සමතුලිතතාවයේ මාර්ගය ගැන ඉඟි කරයි.

#22 Travel – Winner, Best Single Image

# Philip Lee Harvey, United Kingdom
මේ වසරේ හොඳම ඒකල ඡායාරූපය –
නයිජර් ගං පත්ලේ වැලි සොයා කිමිදෙන්නෝ

#23 Hot/Cold, Winner

# He Jian, China
වන්දනාකරුවෝ

#24 Travel Portfolio, Winner

ො# Matjaz Krivic, Slovenia
ඇරෝබා ගෝත්‍රයේ යොවුන් දැරිය – ඕනෝ

#25 Young Travel Photographer Of The Year, Winner

# Isabella Smith, United States
වසරේ හොඳම තරුණ සංචාරක ඡායාරූප ශිල්පියා -ඇමරිකාවේ ඉසබෙලා ස්මිත් විසින් ගනු ලැබූ ජයග්‍රාහී ඡායාරූපයයි, මේ. දොඩම් ගෙඩිවලින් තනිව සෙල්ලම් කරනා කොලුවෙක්

#26 Tranquillity, Commended

# Scott Portelli, Australia
නවසීලන්තයේ කයිකෝරුවා ගැඹුරු කැනියොම තුළ කෑම සොයායන ඩස්කි වර්ගයේ ඩොල්ෆින් රංචුවක්

#27 Travel,commended

# Mauro Di Bettio, Italy
සිය මව සමග සිඟමනේ යෙදෙන දරුවන් දෙදෙනෙක්

#28 Hot/Cold, Runner-Up

# Philip Lee Harvey, United Kingdom
ලන්ඩනයේ හිම මිනිසා

#29 Hot/Cold, Runner-Up

# Andrew James, United Kingdom
එලිෆන්ට් සීල්, පෙන්ග්වින් සහ හිම

#30 Faces, People, Culture – Special Mention

# Ben Mcrae, Australia

#31 Travel Portfolio, Winner

# Matjaz Krivic, Slovenia

බුර්කිනෝ ෆාසෝ හි බානි නගරයේ මැටි වලින් ඉදිකළ මහපල්ලියේ, ඊද්-අල්-ෆිතර් සමයේදී කෙළිදෙළෙන් පසුවන දරුවෝ

#32 Trave, Highly Commended

# Magdaléna Straková, Czech Republic

#33 Travel Photographer Of The Year, Overall Winner

# Stefano Pensotti, Italy

1913 වසරේ ඉදිකළ, බුඩාපේස්ට් හි “Széchenyi නාන තටාක වෙත පැමිණි මිතුරන් පිරිසක්

#34 Trave, Highly Commended

# Magdaléna Straková, Czech Republic

ඇතින්නගේ සෙවණ යට ගිමන් හරින තරුණ ඇත්ගොව්වෙක්

#35 Hot/Cold, Highly Commended

# Joshua Holko, Australia

මේ, ජොෂුවා විසින් ස්වැල්බාද් හිදී ධ්‍රැව වලසුන් ඡායාරූප ගත කළ අන්දමයි.

#36 Travel Portfolio, Winner

# Matjaz Krivic, Slovenia

#37 Faces, People, Cultures, Highly Commended

# Tariq Zaidi, United Kingdom

45 හැවිරිදි එලීගේ ජීවිතයෙන් වසර 35 ක්ම ඔහු ගත කරන්නේ සාපෙයුර් කෙනෙකු ලෙස ය. සිය යටත් විජිත උරුමයට අනුව කොංගෝවේ අල්පයක් දෙනා තවමත් මෙසේ සුද්දන් සේ ජේත්තුවට හැඳ පැළඳ සිටිති. ඔවුන් ප්‍රජාවට විනෝදය සපයන්නන් බවට ද පත්ව තිබේ.

#38 Travel – Special Mention

# Paul Sansome, United Kingdom
අයිස්ලන්තය- හිම සහ ගිනි දේශයේ අසිරිය

#39 Beauty Of Light,commended

# Oscar Tarneberg, United Kingdom

නගර දෙකක් යා කරන ෂැංහයි හි අධිවේගී මාර්ගයක්

#40 Natural World, Special Mention

# Antwan Janssen, Netherlands

#41 Trave, Highly Commended

# Magdaléna Straková, Czech Republic

#42 Travel,commended

# Mauro Di Bettio, Italy

ආසියාවේ විශාලතම නෞකාංගනයක් පිහිටා තිබෙන ඩකා නුවර චාල් කලිගාන්ජ් පැල්පත් නිවාස. මෙම නගරය නිර්මාණය කර තිබෙන්නේ පැරණි නැව්වල විශාල සැකිළිවලිනි. වයස අවුරුදු 8-80 දක්වා කම්කරුවන් වැඩ කරන්නේ ද ජීවත් වන්නේ ද මෙහි ය.

#43 Travel Portfolio, Winner

# Matjaz Krivic, Slovenia
ඉන්දියාව

#44 Smart Shot, Commended

# Josien Van Geffen, Netherlands

කුණාටු දිනයක පියා, සිය පුතු දෙසට තුවායක් විසි කළේය. සුළඟ විසින් එය පුතාගේ මුහුණ මත පතිත කර තිබුණේ මෙසේ ය.

#45 Faces, People, Cultures, Commended

# Sue O’connell, United Kingdom

#46 Travel,commended

# Mauro Di Bettio, Italy

#47 Travel Portfolio, Winner

# Matjaz Krivic, Slovenia

#48 New Talent, Festivals & Events – Winner

# Jose Antonio Rosas, Peru

පේරු රාජ්‍යයේ ලීමා අගනුවර ජීවත් වන මෙම ඡායාරූප ශිල්පියා, මිනිස් ඡායාරූප කෙරෙහි විශාල උනන්දුවක් දක්වන්නකි.

#49 Smart Shot, Winner

# Nicola Young, United Kingdom

මොරිෂස් දූපත්වල මාළු වෙළඳපොළේ දැඩි වෙහෙසට පත්ව ගිමන් හරින ඡායාරූප ශිල්පියා.

#50 New Talent, Festivals & Events, Runner-Up

# Diana Buzioanu, Romania

Sources: tpoty.com, boredpanda.com

Share

Recent Posts

එළඹෙන සති අන්තයේ ඇමරිකා විශ්වවිද්‍යාල ගාසා යුද විරෝධතාකරුවන්ගෙන් බාධා එල්ල වේ යැයි සැකයක්!

විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…

2 hours ago

බ්‍රසීලය වසර 80කට පසු මාරාන්තික ගංවතුරකට මුහුණ දේ; 37ක් මියගොස් 74 දෙනෙකු අතුරුදන්

එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…

4 hours ago

සික් බෙදුම්වාදී නායක නිජ්ජාර්ගේ ඝාතනය සම්බන්ධයෙන් කැනඩාව තිදෙනෙකු අත්අඩංගුවට ගනී

පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…

4 hours ago

ඉන්දියාව මියන්මාර සරණාගතයින් පිටුවහල් කරයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…

1 day ago

ඡන්ද මධ්‍යස්ථානයකින් ආපසු හරවා යැවු එංගලන්තයේ හිටපු අගමැති බොරිස් ජෝන්සන්!

විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…

1 day ago

චීනය සඳ මත කඳවුරු බැඳීමේ මෙහෙයුම දියත් කරයි

මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…

1 day ago

තුර්කිය ඊශ්‍රායලය සමඟ පැවති වෙළඳ සබඳතා අත්හිටුවයි

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…

1 day ago

දකුණු වියට්නාමයේ ජලාශයක මත්ස්‍යයින් විශාල සංඛ්‍යාවක් මිය යයි!

මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…

2 days ago

ගිටාර් වීරයා DUANE EDDY ගිටාරය තනිකර ජීවන රිද්මයට තිත තබයි!

මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…

2 days ago

බ්‍රසීලයට ගං වතුර, 10ක් මිය යයි!21ක් අතුරුදහන්

පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…

2 days ago

කාන්තාවන් පිරිමින්ට වඩා වසර ගණනාවක් ජිවත්වන මුත් දිගුකාලින අසනීප තත්වයන්ගෙන් පෙළෙන බව අධ්‍යනයකින් හෙළි වේ

කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…

2 days ago

චාලි මා හදවතෙහි ජීවත් ව හිඳී

උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!

2 days ago

අවිහිංසාවාදී විශ්ව විද්‍යාල උද්ගොෂණයට පොලිසිය කඩා වැදීමත් සමඟ එක්සත් ජනපදයේ භාෂණයේ නිදහස පිළිබඳව ප්‍රශ්න මතු කෙරේ

එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.

2 days ago

ට්‍රම්ප්ට ඇ. ඩොලර් 9,000 ක දඩයක්!

ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…

3 days ago