සටහන – සශිකලා මධුෂාණි ජනවාරි 07,
ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): බංග්ලාදේශයේ ගිනිකොන දෙසින් පිහිටි උකියා දිස්ත්‍රික්කයේ හි ලොව විශාලතම සරණාගත ජනාවාසවලින් එකක් වන Kutupalong රොහින්ග්‍යා සරණාගත කඳවුරු සංකීර්ණයේ ඇතිවූ ගින්නක් හේතුවෙන් රෝහින්ග්‍යා වැසියන් 4000කට නිවාස අහිමි වී ඇති බව සරණාගත කොමසාරිස් මිසානුර් රහ්මාන් නිවේදනය කර තිබේ.
අද(07) අලුයම ඇති වූ ගින්න හේතුවෙන් අධ්‍යාපන මධ්‍යස්ථාන පහක් සහ මුස්ලිම් පල්ලි දෙකක් ද ඇතුළුව අවම වශයෙන් නවාතැන් 711 ක් සම්පූර්ණයෙන්ම පිළිස්සී ඇති අතර 63 ක් අර්ධ වශයෙන් හානි වී ඇත. මේ වන විට ගින්න පාලනය කර ඇති අතර ජීවිත හානි කිසිවක් වාර්තා නොවේ.
රොහින්ග්‍යා සරණාගත කඳවුරුවල ප්‍රචණ්ඩත්වය බහුලව දක්නට ලැබෙන අතර සරණාගත කඳවුරු ගිනි ගැනීම් සාමාන්‍ය දෙයක් බවට පත්ව ඇත. 2023වසරෙ මෙම කඳවුරේම ඇතිවූ ගින්නක් හේතුවෙන් නවාතැන් 2,000 ක් විනාශ වූ අතර මීට වසර දෙකකට පෙර, එම කඳවුරේම ඇති වූ ගින්නකින් අවම වශයෙන් රොහින්ග්‍යාවරුන් 15 දෙනෙකු මිය ගිය අතර 50,000 ක් නිවාස අහිමි විය.
බංග්ලාදේශය, ලක්ෂ සංඛ්‍යාත රෝහින්ග්‍යා වැසියන්ගේ නිවහන වන අතර ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් බෞද්ධ බහුතරයක් සිටින මියන්මාරයේ වෙනස්කොට සැලකීම හේතුවෙන් පැමිණි මුස්ලිම් වරුන්ය. ඔවුන් 2017 මිලිටරි මර්දනය හේතුවෙන් රැකවරණය ලබා ඇති අතර 2021 දී හමුදාව විසින් රජය අත්පත් කර ගැනීමෙන් පසු මියන්මාරයේ තත්ත්වය නරක අතට හැරී ඇති අතර රෝහින්ග්‍යා සරණාගතයින් ආපසු යැවීමට ගත් උත්සාහයන් අසාර්ථක වී තිබේ.
යුද්ධයේ දිශානතිය සම්බන්ධයෙන් වැඩෙන දේශපාලන විරසකය පැමිණෙන්නේ ගාසා නගරයේ ඓතිහාසික සරණාගත කඳවුරක් වන ජබාලියා වෙත…
එක්සත් ජාතීන්ගේ සංඛ්‍යාලේඛන පෙන්වා දෙන්නේ පසුගිය වසරේ ඉතාලියේ වෙරළට ගොඩ බැස ඇති සංක්‍රමණිකයන් 12,000ක්වත් ටියුනීසියාවෙන්…
පක්ෂයේ මධ්‍යම කාරක සභාව සඳහන් කර තිබුණේ, සියලුම ඉහළ නායකත්වයන් එක්සත්ව, ආදර්ශමත්ව, මුළු හදින් සහ…
ඇෆ්ගනිස්ථානය ස්වභාවික විපත්වලට ගොදුරු වන අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය එය දේශගුණික විපර්යාසවලට වඩාත්ම අවදානමට ලක්විය…
ඇකඩමි සම්මානයක්, ප්‍රයිම් ටයිම් එමී සම්මානයක්, ග්‍රැමී සම්මාන 18ක්, හිමිකරගෙන ඇත.
ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකු භාරගෙන නැත.
කෙන්ටකි හි ලුයිස්විල් හි පැවති PGA ශූරතාවලියෙන් පිටතදී ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.
සටහන - නිපුනි ලියනගේ මැයි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Cryptosporidium යනු මිනිසුන්ට සහ සමහර…
රජය පැවසුවේ මෙම නියෝගය LGBTQ පුද්ගලයින් අතර අමනාපයක් ඇති කරන නමුත් ඔවුන් කිසිදු විකල්ප ප්‍රතිකාරයකට…
සටහන - නිපුනි ලියනගේ මැයි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Netflix හි නවතම කතා මාලාවක්…
වෙළඳසල්වල රාක්ක වලින් මේ වන විට ඒවා ඉවත් කරමින් තිබේ.
අගනුවර වන නූමියා යනු කැරලිකරුවන් සිය ගණනක් සිටින ප්‍රදේශයක් වන අතර ඔවුන් තවදුරටත් ප්‍රචණ්ඩක්‍රියා සිදු…
මෙවර 4,000කට අධික පිරිසක් මෙම තරඟය වෙනුවෙන් ඉල්ලුම් කර ඇති අතර ඉන් සුදුසුකම් ලබා ඇත්තේ…
ලොව විශාලතම කුළුබඩු අපනයනකරු, පාරිභෝගිකයා සහ නිෂ්පාදකයා වන ඉන්දියාව වේ.