සෞඛ්‍ය

රටවැසියන් මිලියන භාගයක් මරා දැමූ කොරෝනා වෛරසයටත් වඩා බ්‍රසීලයේ බොල්සොනාරෝ භයානක ය !

තමන්ගේ කෙනෙක් වසංගතයෙන් නොමළ ගෙයක් සොයාගැනීම බ්‍රසීලයේදී කිසිවෙක් නොමළ ගෙයකින් අබ මිටක් සොයාගැනීමට හරියටම සමාන ය.

‘‘බොල්සොනාරෝගේ පාලනය කොරෝනා වෛරසයටත් වඩා තර්ජනයක්‘‘ යැයි කියමින් මේ අතර ජනාධිපති බොල්සොනාරෝට විරුද්ධව රටපුරා උද්ඝෝෂණ හටගෙන තිබේ. වැසියන් දහස් ගණනක් පාරට බැස මහ හඬින් මොර ගාමින් බොල්සොනාරෝව විශ්වාස භංගයකට ලක් කළ යුතු යැයි කියති.

රියෝද ජෙනෙයිරෝ, සාවෝපාවුලෝ, බ්‍රසීලියා, සැල්වදෝර් සහ රෙසිෆ් වැනි නගර ගණනාවක උද්ඝෝෂණ පැවැත්විණි. නිරෝධායනයේ පසුවූ අය පවා මේවාට සහභාගි වීමට වීදි බැස තිබූ බව පවසන්නේ විදෙස් මාධ්‍ය වාර්තා ය. උද්ඝෝෂකයන්ගේ ඇතැම් සටන් පාඨයකට අනුව බොල්සොනාරෝගේ දැන් නම, ‘බොල්සොවෛරස්‘ ය.

දකුණු ඇමරිකානු මහද්වීපයේ ජනගහනයෙන් හරි අඩක්ම ජීවත් වන්නේ බ්‍රසීලයේ ය. කොරෝනා වෛසරය විසින් බ්‍රසීලය අඩපණ කරන්නටත් පෙර සිටම බොල්සොනාරෝගේ පාලනය විසින් බ්‍රසීලය අඩපණ කර තිබූ බව රහසක් නොවේ.

මේ අතර 2021 ජූනි 18 වන විට, ලෝකයේ මෙතෙක් සිදුව ඇති කොවිඩ් මරණ සංඛ්‍යාවෙන් 1/3කට ආසන්න සංඛ්‍යාවක් බ්‍රසීලයෙන් පමණක් වාර්තා වන තැනකට වැඩ සැලසී තිබිණි. මරණ ලක්ෂ දෙකහමාර, මාස 6 ක් ඇතුළත දෙගුණ වී ලක්ෂ 5 ක් බවට පත්වුණේ ඉන් පසුව ය.

අදටත් ලොක්ඩවුන් නැහැ!

බ්‍රසීලය අද දක්වා ද ලොක්ඩවුන් කර නැත. මේ අතර, ඇමසන් වනයේ ඝාතකයා යැයි නම් ලද බොල්සොනාරෝ, කොරෝනා වසංගතය පුංචි හෙම්බිරිස්සාවක් බවට ලඝු කරමින් අන්තර්ජාතික ශීර්ෂපාඨ මැව්වේය. ඔහු සත්තකින්ම, මරණ ගණන ලක්ෂයෙන් ලක්ෂය ඉහළ යද්දී පවා එය ගණන් නොගත්තේය. අවසානයේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ බලපෑමෙන් එන්නත්කරණ වැඩපිළිවෙළ අවධාරණ වන විට ඔහු එය ද නොසලකා හැරියේය. එහි ප්‍රතිඵලයක් ලෙස බ්‍රසීලයේ එන්නත්කරණ වැඩපිළිවෙළ ක්‍රියාවට නැංවුණේ ද ඉතාම හෙමිනි.

බ්‍රසීලය ‘‘ලෝකයේ සෙසු රටවල දැකිය නොහැකි නව කෝවිඩ් මාදිලිවල වෛරස් මඩුවක්‘‘ බවට පත් විය. බ්‍රසීලය සහමුලින්ම පාහේ ලෝකයෙන් හුදෙකලා වීමට ද එය බලපෑවේය. අද වන විට රටවල් 100 කට වඩා බ්‍රසීලයට පැමිණීම සිය රට වැසියන්ට තහනම් කර තිබේ.

වෛරසයට හුරේ දමන්නෝ

මේ අතර, ජෙයර් බොල්සොනාරෝගේ පාලනය, විරුද්ධවාදීන්ට පහර දීමට මෙම කොරෝනා උද්ඝෝෂණ භාවිතා කරමින් තිබේ. එරට සන්නිවේදන අමාත්‍ය ෆැබියෝ ෆාරියා සිය සමාජ මාධ්‍ය හරහා මෙසේ කීවේය.

‘‘500,000 ක් මළාම දේශපාලකයොයි, කලාකාරයොයි, මාධ්‍යෙව්දියොයි ඒක ‘සමරන‘ හැටි ඉක්මනටම පෙනේවි..! එන්නත් මාත්‍රා මිලියන 86 ක් දුන්න එකවත්, මිලියන 18 ක් සනීප වෙච්ච එකවත් මේ විදිහට සමරනව අපි දැක්කෙ නෑ.. අවාසනාවකට වගේ මේ අය වෛරසයට හුරේ දානවා…!‘‘

බ්‍රසීලයට වැරදුණේ කොතැනද?

UFPel හෙවත් පෙලිටෝස් ෆෙඩරල් සරසවියේ වසංගතවේද මහාචාර්ය පෙද්‍රෝ හල්ලෝල් ට අනුව ඉහළ මරණ අනුපාතිකය මගින් පෙන්වන්නේ ෆෙඩරල් රජයේ මර්දනයයි. එනම් සීමාකාරී පියවර ගැනීමට ෆෙඩරල් රජය දැක්වූ ප්‍රතිරෝධයයි. ‘‘රටේ විශාලත්වය සහ වැදගත්කම අනුව, ෆෙඩරල් රජයේ අනුමැතියකින් තොරව ලොක්ඩවුන් තත්වයකට යන්න බැහැ..‘‘

‘ලිට්ල් ෆ්ලූ‘ හෙවත් පුංචි හෙම්බිරිස්සාවකට ගෝලීය වසංගතය ලඝු කිරීමට අමතරව බොල්සොනාරෝ තවත් බොහෝ වැරදි කළේය. ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මෙය ගෝලීය වසංගතයක් බවට ප්‍රකාශ කිරීමෙන් පසුව ‘ඕග්ලෝබෝ‘ බ්‍රසීල පුවත්පතට අනුව ඔහු මහා ජන රැළි 84කට සහභාගි වී තිබේ.

(Photo by Sergio LIMA / AFP)

තවද ආසාදන රෝගයක් හෝ වසංගතයකදී අනුගමනය කරන සාමාන්‍ය පිළිවෙත් වන පරීක්ෂණයන්ට ලක් කිරීම (ටෙස්ටිං), ආසාදිතයන් සිටින ස්ථාන හදුනා ගැනීම (ට්‍රැකිං) සහ ඔවුන් හුදෙකලා කිරීම වැනි සාමාන්‍ය දේ පවා සිදුවූයේ ඉතා දුර්වල ලෙස ය.

මහාචාර්ය හල්ලෝල් විසින් ‘ලැන්සැට් ජර්නලයේ‘ මේ වසර මුලදී පළ කළ වාර්තාවකට අනුව, බ්‍රසීලය මූලික වසංගත ප්‍රොටෝකෝලය අනුගමනය කළේ නම් සිදුවන මරණ 4 න් 3 ක් බැගින් වළක්වාගත හැකිව තිබිණි. බ්‍රසීල ආණ්ඩුව මෙම වසංගතය බරපතළ ලෙස ගණන් ගත්තා නම්, සිදුවන මරණ 4/5 ක් වළක්වා ගත හැකිව තිබිණි.

ලෝකය පුරාම කෝවිඩ් මරණ ගණන අඩු වෙද්දී බ්‍රසීලයේ එය දිනෙන් දින වැඩි වන බව පෙනෙනවා. මේක ජනගහණයට සිදුවූ අනවශ්‍ය විනාශයක්.. වසංගතයෙන් නොමළ ඥාතියෙකු සිටින අයෙක් බ්‍රසීලයෙන් හොයාගන්නට බැරි තරම්..අපි මේ ගැන අනතුරු ඇඟෙව්වා. නමුත් ප්‍රායෝගිකව අපි කියන කිසිම දෙයක් ගණන් ගත්තෙ නෑ..‘‘

මේ වන විට බ්‍රසීල සෙනෙට් සභාව, එන්නත්කරණ වැඩ පිලිවෙළ සිදුවූයේ කෙසේද යන්න සොයාබැලීමට කමිටුවක් පත් කර ඇත. මෙම පරීක්ෂණ කමිටුව (CPI) බොල්සොනාරෝ දකින්නේ ආණ්ඩුව දුර්වල කිරීමට ගන්නා උත්සාහයක් ලෙස ය.

ෆයිසර් සමාගමෙන් ඊ මේල් 81 ක්

මේ අතර CPI සොයාගත්තේ, ෆයිසර් සමාගම විසින් 2020 අගෝස්තු මාසයේදී, ඇමරිකාවට ලබාදෙන මිලෙන් භාගයකට බ්‍රසීලයට එන්නත් ලබාදීමට එකඟ වෙමින් ඊ මේල් 81 ක් එවා ඇති බවයි. නමුත් ඒ කිසිදු ඊ මේලයක් කිසිවෙකුගේ අවධානයට ලක් වී තිබුණේ නැත.

ට්‍රම්ප්ගේ අනුගාමිකයෙකු බඳු දක්ෂිණාංශික බොල්සොනාරෝ, ට්‍රම්ප් මෙන්ම ක්ලෝරොක්වීනීන් ගැන කතා කළේය. එපමණක් නොව, රට වැසියන්ට දුම් ඇල්ලීම සහ ක්ලෝරොක්වීනීන් ලබාගැනීම නිර්දේශ ද කළේය. නමුත් වැක්සිනය හෝ සමාජ දුරස්ථකරණය වැනි සංකල්ප බොල්සොනාරෝගේ ආණ්ඩුව ප්‍රමුඛ කළේ නැත. ඒවා ද CPI හි අවධානයට මේ වන විට යොමු ව තිබේ.

දකුණු ඇමරිකාවේ විශාලතම පාපන්දු තරගාවලිය පවත්වන්නටත් සූදානම්

කෝපා ඇමරිකා Copa America යනු, දකුණු ඇමරිකාවේ ප්‍රිමියම් පාපන්දු තරගාවලියයි. වසංගත තත්වය හේතුවෙන් ආර්ජන්ටිනාව සහ කොලොම්බියාව මෙම තරගාවලියේ සත්කාරකත්වය දැරීම ප්‍රතික්ෂේප කළේය. නමුත් මෙතරම් මරණ සහ හදිසි තත්වයක් රටේ උද්ගතව තිබියදීත් බ්‍රසීලය එහි සත්කාරකත්වය දැරීමට කැමැත්ත පළ කර තිබේ. ඔහු මෙම වෑයම තවම අත් හැර දමා නැත්තේ, බ්‍රසීල පාපන්දු පිලේ සාමාජිකයන් පවා එයට සහභාගි වීමට අකමැත්ත පළ කර තිබියදී ය. අවසානයේ ජූනි 18 වන විට තරගාවලියට සම්බන්ධ ක්‍රීඩකයන් අතරින් කෝවිඩ් පොසිටිව් සිද්ධි 63 ක් වාර්තා වී ඇත. එයින් 14 දෙනෙක් වෙනිසියුලානු ක්‍රීඩකයන් ය. නමුත් හිස් වූ ප්‍රේක්ෂකාගාරයක් සමග වුවත් මෙම තරගාවලිය පැවැත්විය යුතුම යැයි බොල්සොනාරෝ සිතයි. මෙහි අවසාන තරගය පැවැත්වීමට නියමිත ව තිබෙන්නේ ජූලි 10 වැනිදා රියෝදි ජෙනෙයිරෝ හිදී ය.

ලොක්ඩවුන් නොකළ සහ ගුවන් තහනමක් නැති බ්‍රසීලයට දැන් ලෝකය පුරාම තිබෙන කොරොනා වෛරස් මාදිලි ද පැමිණ තිබේ. කෝපා ඇමරිකා තරගාවලිය නිසා ඇන්ඩියන් මාදිලිය C37 (Andean variant) ද රට තුළට පැමිණ ඇත.

තුන්වැනි රැල්ලත් අත ළඟ

බ්‍රසීලය තුන්වැනි රැල්ල ට ද නුදුරු අනාගතයේදී මුහුණ දෙනු ඇත. එය සාවො පාවුලෝ වැනි කලාප වලින්, එනම් රට තුළින් ඇරඹී රට පුරා පැතිරෙනු ඇත. රටේ ජනගහනයෙන් 40%ක්වත් වැක්සින් ලබාගන්නා තෙක් මරණ ගණන තව තවත් ඉහළ යනු ඇත. සාවුලෝ පාවුලෝ හි පාසල් තවත් මාස 4ක්වත් වසා තැබිය යුතු වේ.

මේ අතර ගෝලීය වසංගතයට ගොදුරු වී දිවි බේරාගත්වුන් පිළිබඳ අලුත් තත්වයක් නව අධ්‍යයනකින් හෙළි කරයි. ‘‘A Detailed Study of Patients with Long-Haul COVID–An Analysis of Private Healthcare Claims‘‘ නමැති එම අධ්‍යයන වාර්තාවෙන් කියැවෙන්නේ ඇමරිකාවේ කෝවිඩ් වසංගතයට ගොදුරුවූවන්ගෙන් 23%ක් කිසියම් ආකාරයක නිදන්ගත හෘද රෝගී තත්යකට, ශ්වසන, ස්නායු හෝ මානසික රෝගී තත්වයකට ලක්වීමේ අවදානමක් තිබෙන බවයි. තවත් මිලියන කීයක් මියයාවිදැයි කිව නොහැකි බ්‍රසීලයේ පශ්චාත් වසංගත තත්වයක් පිළිබඳ තවම සිතන්නට පවා නොහැකි ය. ඇමසන් වනයේ මහා වනස්පතීන් සිඳ දමන ආකාරයටම බොල්සොනාරෝ ආණ්ඩුව මේ වසරේ සුව සේවා අයවැය පවා කප්පාදු කර තිබේ. මිනිස් ජීවිතයක් ගසක් තරමටවත් වටින්නේ නැති පාලකයන් රටට ලැබෙන විට මෙයට වඩා වැඩි දෙයක් බලාපොරොත්තු විය හැකිද..?

මූලාශ්‍රය – CNN – Bolsonaro’s rule is ‘worse threat than coronavirus,’ say Brazilians as nation passes 500,000 deaths

Share

Recent Posts

එළඹෙන සති අන්තයේ ඇමරිකා විශ්වවිද්‍යාල ගාසා යුද විරෝධතාකරුවන්ගෙන් බාධා එල්ල වේ යැයි සැකයක්!

විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…

20 mins ago

බ්‍රසීලය වසර 80කට පසු මාරාන්තික ගංවතුරකට මුහුණ දේ; 37ක් මියගොස් 74 දෙනෙකු අතුරුදන්

එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…

2 hours ago

සික් බෙදුම්වාදී නායක නිජ්ජාර්ගේ ඝාතනය සම්බන්ධයෙන් කැනඩාව තිදෙනෙකු අත්අඩංගුවට ගනී

පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…

2 hours ago

ඉන්දියාව මියන්මාර සරණාගතයින් පිටුවහල් කරයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…

23 hours ago

ඡන්ද මධ්‍යස්ථානයකින් ආපසු හරවා යැවු එංගලන්තයේ හිටපු අගමැති බොරිස් ජෝන්සන්!

විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…

24 hours ago

චීනය සඳ මත කඳවුරු බැඳීමේ මෙහෙයුම දියත් කරයි

මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…

1 day ago

තුර්කිය ඊශ්‍රායලය සමඟ පැවති වෙළඳ සබඳතා අත්හිටුවයි

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…

1 day ago

දකුණු වියට්නාමයේ ජලාශයක මත්ස්‍යයින් විශාල සංඛ්‍යාවක් මිය යයි!

මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…

2 days ago

ගිටාර් වීරයා DUANE EDDY ගිටාරය තනිකර ජීවන රිද්මයට තිත තබයි!

මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…

2 days ago

බ්‍රසීලයට ගං වතුර, 10ක් මිය යයි!21ක් අතුරුදහන්

පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…

2 days ago

කාන්තාවන් පිරිමින්ට වඩා වසර ගණනාවක් ජිවත්වන මුත් දිගුකාලින අසනීප තත්වයන්ගෙන් පෙළෙන බව අධ්‍යනයකින් හෙළි වේ

කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…

2 days ago

චාලි මා හදවතෙහි ජීවත් ව හිඳී

උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!

2 days ago

අවිහිංසාවාදී විශ්ව විද්‍යාල උද්ගොෂණයට පොලිසිය කඩා වැදීමත් සමඟ එක්සත් ජනපදයේ භාෂණයේ නිදහස පිළිබඳව ප්‍රශ්න මතු කෙරේ

එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.

2 days ago

ට්‍රම්ප්ට ඇ. ඩොලර් 9,000 ක දඩයක්!

ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…

3 days ago