ලොව යන අත

ට්‍රම්ප්ගේ තීරණය භයානකයි! – හිටපු සෝවියට් නායක ගොර්බචොව් කියයි.

ගොර්බචොව් ව විවිධ ආකාරවලින් හඳුන්වා දියහැකිය. රුසියානුවන්ට ඔහුව කිසිදා අමතක කළ නොහැකි ය. විටෙක ඔහු සෝවියට් සංගමය බිඳ දැමූ මිනිසා ය. ඇමරිකාව සමග පැවති ශීතල යුද්ධයේ නියමුවා ය. තවත් අයෙකුට අනුව, ඔහු බටහිර කොන්ත්‍රාත්තුවකට අනුව වැඩ කරමින් සෝවියට් සංගමය ලෝක බලයක් බවට පත්වීම සම්පූර්ණයෙන් අඩාල කළ මිනිසා ය. Russia nuclear treaty: Gorbachev warns Trump plan will undermine disarmament

කෙසේ නමුත් මේ වන විට ඔහු පවසමින් සිටින්නේ අතිශය වැදගත් කතාවකි.

ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්, පසුගියදා පැවසුවේ ඇමරිකාව, ශීතල යුද සමයේ සෝවියට් දේශය සමග ඇති කර ගත් ප්‍රධාන පෙළේ න්‍යෂ්ටික ආයුධ සම්මුතියකින් ඉවත් වීමට සැලසුම් කරන බවයි.

මේ පියවර, න්‍යෂ්ටික නිරවිකරණය (nuclear disarmament) සාක්ෂාත් කර ගැනීම සඳහා ඇති කර ගනු ලබන ප්‍රධාන පෙළේ බාධකයක් බවට පත්වනු ඇතැයි ගොර්බචොව් පවසයි.

1987 වසරේදී ජනපති රොනල්ඩ් රේගන් සමග මධ්‍යදුර න්‍යෂ්ටික බල සම්මුතිය (INF) අත්සන් කළේ මිහායිල් ගොර්බචොව් ය. මේ සම්මුතිය රුසියාව විසින් වසර ගණනක් තිස්සේ උල්ලංඝනය කරමින් සිටින බව ට්‍රම්ප් පවසයි. එය එසේ නම් කළ යුත්තේ එම් සම්මුතියෙන් ඉවත් වීමද? නැතිනම් වෙනත් දෙයක්ද?

මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමක් සිදුකිරීමට ද රුසියාවේ වත්මන් ජනපති පුටින් බලාපොරොත්තු වෙයි. ඒ සඳහා ඔහු අවස්ථාව වශයෙන් යොදාගැනීමට බලාපොරොත්තු වන්නේ ඇමරිකාවේ ආරක්ෂක උපදේශක ජෝන් බෝල්ටන් (John Bolton)ව හමුවීමයි.

දැනටමත් ලොව පුරා රටවලින් මෙම පියවර විවේචනය කර තිබේ. එසේ කළ පළමු රට වූයේ ජර්මනියයි. ජර්මනියේ විදේශ ඇමතිනී හෙයිකෝ මාස් (Heiko Maas) මෙවැන්නක් සිදුකළහොත් යුරෝපය ඇතුළු සමස්ත ලෝකයට සිදුවිය හැකි බලපෑම ගැන නැවත සිතා බලන ලෙ කියා සිටියාය.

සම්මුතිය වැදගත්!

මෙම INF සම්මුතිය මගින් මධ්‍යදුර මිසයිල අත්හදා බැලීම ලෝකයේ තහනම් කළේය. මධ්‍ය දුර මිසයිල ලෙස හඳුන්වන්නේ මිසයිලයක් දියත් කිරීමෙන් පසු කිලෝමීටර 500 – 5500 අතර දුරකට පතිත විය හැකි මිසයිලයන් ය.

මධ්‍ය දුර මිසයිල පමණක් නොව, සියලුම කෙටි දුර සහ මධ්‍යදුර, න්‍යෂ්ටික සහ න්‍යෂ්ටික නොවන මිසයිල අත්හදා බැලීම මෙම සම්මුතිය මගින් තහනම් කළේය.

Oriental Review

Sputnik International

මෙහි ප්‍රතිඵලයක් ලෙසට 1991 වසරේදී සෝවියට් සංගමය මිසයිල 2700 ක් විනාශ කර දැමුවේය. මෙම රටවල් දෙකම, තමන්ගේ න්‍යෂ්ටික ස්ථාපිත පරීක්ෂා කිරීමට මෙම සම්මුතිය ප්‍රකාරව එකිනෙකාට ඉඩ ලබාදෙයි.

1945 වසරේ සිට 1989 වසර දක්වාම ඇමරිකාව සහ සෝවියට් සංගමය අතර පැවතියේ යහපත් සබඳතා නොවේ. 1987 වසරේ මෙම සම්මුතිය අත්සන් කිරීමෙන් පසුව එම ආතතිය යම් තරමකින් අඩු විය. විශ්වාස කෙරෙන්නේ ඇමරිකාව සහ සෝවියට් දේශය අතර තුන්වැනි ලෝක යුද්ධයක් ඇති වීමට තිබූ ඉඩ ඇහිරූ ප්‍රධානතම සාධකයක් වන්නේ මෙම සම්මුතිය බවයි.

ගතවූ දශක 5 ක කාලය තුළ ඇමරිකාව සහ රුසියාව විසින් කලාපීය ආතතිය අඩු කර ගැනීම සඳහා ඉන් අනතුරුව ද න්‍යෂ්ටික ගිවිසුම් ගණනාවකට එළඹ තිබේ.

නළලේ කුරුසියක් ඇති මිහායල් ගොර්බචොච්

ගොර්බචොෆ් යනුවෙන් ද විටෙක හැඳින්වෙන මිහායල් ගොර්බචොව්, සෝවියට් සංගමයේ අවසන් මහලේකම් වරයාය. එනම් අවසන් නායකයා ය.

1985 වසරේ පත් වූ ඔහු, ශීතල යුද්ධයක් ඇමරිකාව සමග ඇතිවීම වළක්වා ගැනීම සඳහා විශාල වැඩ කොටසක් දේශීය වශයෙන් සිදු කළේය.

ඔහු බලයෙන් ඉවත් වූයේ 1991 වසරේදී ය. සෝවියට් සංගමයට අයත් රටවල් වෙන වෙනම රාජ්‍යයන් වශයෙන් නිදහස ප්‍රකාශයට පත් කිරීමත් සමග ඔහු ඉල්ලා අස්විය.

ඇතැම් මාධ්‍ය විසින් ඔහුව එකල හැඳින්වූයේ ‘අධිරාජ්‍යය අහිමි කර ගත් අධිරාජ්‍යයා‘ යනුවෙනි. නමුත් ඇමරිකාව සමග පැවති ශීතල යුද්ධය අවසන් කිරීම ලෝක සාමයට අත්‍යාවශ්‍ය දෙයක් ලෙස ඔහු සැලකුවේය.

Timothy Hughes Rare & Early Newspapers

ට්‍රම්ප් ඇත්තටම කීවේ කුමක්ද?

කිසිදු රාජ්‍ය තාන්ත්‍රික භාවයකින් තොරව වචන පාවිච්චි කිරීම ගැන ප්‍රසිද්ධියක් උසුළන ට්‍රම්ප් සැබවින්ම න්‍යෂ්ටික නිරවිකරණ සම්මුතියෙන් ඉවත් වීම ගැන කීවේ කුමක්ද?

ඔහු කීවේ, ‘රුසියාවට අවසර දී නැති ආයුධ සමග වැඩ කිරීමට ඇමරිකාව ඉඩ දෙන්නෙ නෑ“ කියා ය. US would not let Russia “go out and do weapons [while] we’re not allowed to”. නේටෝ සංවිධානයද පවසන ආකාරයට රුසියාව විසින් Novator 9M729 නමැති නව මිසයිලයක් අත්හදා බලා තිබේ.

නෙවඩා හි පැවති රැළියකදී, ‘‘මම දන්නෙ නෑ ඔබාමා මේක කළේ නැත්තෙ ඇයි කියලා“ යනුවෙන් හිටපු ජනපති බරාක් ඔබාමා හට ද දෝෂාරෝපණය කළේය.

සැබවින්ම බරාක් ඔබාමා 2014 වසරේදී රුසියාව විසින් INF කඩ කරන බවට චෝදනා කළේය. ඒ, කෘෘස් මිසයිලයක් ඔවුන් විසින් අත්හදා බලා ඇති බවට චෝදනා එල්ල වීමත් සමග ය. නමුත් යුරෝපියානු නායකයන්ගෙන් එල්ල වූ බලපෑම සහ, එවැනි පියවරක තිබෙන අවදානම වටහාගත් ඔහු, එම සම්මුතියෙන් ඉවත් වීම තෝරා නොගත්තේය. ඔබාමා එදා පැවසුවේ, එවැනි දෙයක් කළහොත් එමගින් ආයුධ රේස් එක -ආයුධ තරගය නැවත ආරම්භ විය හැකි බව ය.

නමුත් ට්‍රම්ප්, ආයුධ වෙළඳාමට ලොබ බැඳි කෙනෙකි. ලෝකයේ ලොකුම ආයුධ වෙළෙන්දා ඇමරිකා එක්සත් ජනපදයයි. මේ අනුව ආයුධ වෙළඳාම දිරි ගන්වන දෙයක් මේ ලෝකයේ තිබේ නම් ඒ පියවර වෙත යාමට ට්‍රම්ප් පසුබට නොවේ.

Share

Recent Posts

ඉන්දියාව මියන්මාර සරණාගතයින් පිටුවහල් කරයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…

15 hours ago

ඡන්ද මධ්‍යස්ථානයකින් ආපසු හරවා යැවු එංගලන්තයේ හිටපු අගමැති බොරිස් ජෝන්සන්!

විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…

16 hours ago

චීනය සඳ මත කඳවුරු බැඳීමේ මෙහෙයුම දියත් කරයි

මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…

16 hours ago

තුර්කිය ඊශ්‍රායලය සමඟ පැවති වෙළඳ සබඳතා අත්හිටුවයි

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…

17 hours ago

දකුණු වියට්නාමයේ ජලාශයක මත්ස්‍යයින් විශාල සංඛ්‍යාවක් මිය යයි!

මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…

1 day ago

ගිටාර් වීරයා DUANE EDDY ගිටාරය තනිකර ජීවන රිද්මයට තිත තබයි!

මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…

2 days ago

බ්‍රසීලයට ගං වතුර, 10ක් මිය යයි!21ක් අතුරුදහන්

පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…

2 days ago

කාන්තාවන් පිරිමින්ට වඩා වසර ගණනාවක් ජිවත්වන මුත් දිගුකාලින අසනීප තත්වයන්ගෙන් පෙළෙන බව අධ්‍යනයකින් හෙළි වේ

කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…

2 days ago

චාලි මා හදවතෙහි ජීවත් ව හිඳී

උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!

2 days ago

අවිහිංසාවාදී විශ්ව විද්‍යාල උද්ගොෂණයට පොලිසිය කඩා වැදීමත් සමඟ එක්සත් ජනපදයේ භාෂණයේ නිදහස පිළිබඳව ප්‍රශ්න මතු කෙරේ

එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.

2 days ago

ට්‍රම්ප්ට ඇ. ඩොලර් 9,000 ක දඩයක්!

ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…

2 days ago

මයික්‍රොසොෆ්ට් ඉන්දුනීසියාවේ ඩොලර් බිලියන 1.7 ක් ආයෝජනය කරයි

මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…

2 days ago

දකුණු චීනයේ මාර්ගයක් කඩා වැටීමෙන් 19දෙනෙකු මිය යයි

ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.

2 days ago

කළු මුහුදේ වරාය නගරයක් වන ඔඩෙසා වෙත රුසියානු මිසයිල ප්‍රහාරයක්!

යුක්‍රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.

3 days ago