2005 වසරේ ‘බුද්ධා බෝයි‘ යනුවෙන් හැඳින්වෙන්නට පටන් ගත් බොම්ජාන්ට විරුද්ධව දැන් පැමිණිලි ගණනාවකි. ඒවායින් ඇතැමක්, ඔහුගේ බැතිමතුන්, බැතිමතියන් ට ඔහු විසින් ලිංගික අපචාර සිදුකළ බවට ය! නමුත් අලුත්ම චෝදනාව, ඔහු විසින් බැතිමතුන් අතුරුදන් කළ බවට ය.
ඔහුගේ ආශ්‍රමවලදී බැතිමතුන් 4 දෙනෙක් අතුරුදන්ව ඇති බව පැවසේ. නේපාල පොලිසිය ඒ ගැන විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත. ඔවුන් එම ආශ්‍රමවල නේවාසික ව සිටි අය ය.
2012 වසරේදී නේපාල පොලිසිය, මේ බොම්ජාන්ගේ අනුගාමිකයන් විසින් පුරා මාස 2 ක් තිස්සේ බලයෙන් රඳවාගෙන සිටි ස්ලෝවැකියානු කාන්තාවක මුදා ගත්තේය. සුසානා ටැකාක්ස් (Zsuzsanna Takacs) නමැති මේ කාන්තාව පැවසුවේ, තමන් නැවතී සිටි හෝටලයෙන් එම පිරිස පැමිණ තමන්ව පැහැගෙන ගොස්, ගසක බැඳ, බොම්ජාන්ගේ භාවනාවන් ට බාධා කිරීමට යක්දෙස්සියක මෙන් වැඩ කළ බව ය. පහර දීම නිසා ඇගේ අතක් ද බිඳී ගොස් තිබිණි.
AFP පුවත් සේවය වරක් අපූරු පුවතක් වාර්තා කළේය. එයට අනුව, බොම්ජාන් විසින් සිය භාවනාවට යමෙක් බාධා කරන බව හැඟී යයි නම් ඔවුන්ට පහර දෙන බව පිළිගෙන තිබෙන බවයි. එහිදී ඔහු එම පහරදීම භාර කරන්නේ ඔහුගේ අන්ධ භක්තිකයන් හට ය. 2012 වසරේදී බොම්ජාන්ගේ භාවනා සැසියකට පැමිණ ප්‍රශ්න ඇසීමට පටන් ගත් මාධ්‍යවේදියෙකුට ද මේ අන්දමින් පහර දී තිබේ.
මේ වන විට බොම්ජාන්ට අනුග්‍රහය දක්වන බෝධි ෂරවන් ධර්ම සංඝා නමින් වෙනම සංවිධානයක් ද පිහිටුවාගෙන ඇත. බොම්ජාන් හට චෝදනාවක් එල්ල වන හැමවිටම එම සංවිධානය ඔහු වෙනුවෙන් පෙනී සිටියි.
පසුගිය සැප්තැම්බරයේ 18 හැවිරිදි චීවර ධාරිනියක් ඔහුට චෝදනා කර සිටියේ, ඔහුගේ ආශ්‍රමයකදී තමන්ව දූෂණය කළ බවට ය. එවිට එම චීවරධාරිනිය සොරකමකට සම්බන්ධ අයෙක් බව කියමින් සෙසු බැතිමත්හු ඔහුව නිර්දෝෂී කළහ. විචාරකයන් පවසන්නේ කොතරම් චෝදනා එල්ල වුවත් ඔහුගේ ජනප්‍රියත්වය එලෙසින්ම තවම පවතින බව ය. පැතිර යන නරක ආරංචි ඔහුගේ බැතිමතුන්ගෙන් බහුතරය විශ්වාස නොකරන බව ය.
මාස ගණනක් කෑම, ජලය හෝ නින්දක් නැතිව මේ අන්දමින් එරමිණියා ගොතාගෙන නොසෙල්වී වැඩ සිටීමට ඔහුට හැකි බව කියැවේ. එවිට ඔහුගේ ශීර්ෂ මස්තකයෙන් ගිනිදැල් විහිදෙනු දුටු අය ද සිටිති! බැතිමතුන් සිතන්නේ ඔහු බුදුන් වහන්සේගේ පුනරුප්පත්තියක් කියා ය!!
මෙහිදී බුදුන් වහන්සේ ආත්මවාදය ප්‍රතික්ෂේප කළ බව බැතිමතුන්ට අමතක ය. නැවත ඉපදීම අවසන් කළ බව ද බැතිමතුන්ට අමතක ය.
එපමණක් නොවේ. තමන්ට එසේ කියන්නට එපා යැයි බොම්ජාන්ම කියා තිබේ. ‘‘මාව බුදුන් වහන්සේ සමග සසඳන්න එපා. මට එතරම් ශක්තියක් නැහැ..“
නමුත් බැතිමත්හු නිතරම එපා කියන දේ කරති. ඔවුන්ට බැතිමතුන් නොව ‘අන්ධ බැතිමතුන්‘යැයි කීම මේ නිසා වඩා නිවැරදි වේ.
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…
කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…
උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!
එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.
ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…
මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…
ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.
යුක්‍රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.