කාලීන

නිල් ඩෙනිමක් සහ රතු ටී ෂර්ටයක් හැඳගත් ‘අන්තර්ජාලයේ සාන්තුවරයා‘ – කවුද මේ කාලෝ අකුතිස් මුනිඳු?

මෙම ‘කාලෝ අකුතිස් මුනිවර ප්‍රතිමාව‘ පිළිබඳ ලංකාව තුළ මුල්වරට කතාබහක් ඇති වූයේ Sri Lankan Catholics ෆේස්බුක් පිටුව තුළ ය. එම ප්‍රතිමාව අත දරාගෙන සිටින ඇපල් ලැප්ටොප් පරිගණකයේ එම ඇපල් ලෝගෝව පාදක කරගෙන ඇතැමුන් වෙනත් සමාජ කථිකාවන් ද නිර්මාණය කිරීමට උත්සාහ කර තිබුණේ මෙය තවදුරටත් මතභේදාත්මක කරමිනි. කෙසේ නමුත් සියලු කාලෝස් අකුතිස් මුනිවර ප්‍රතිමාවන් අත ඇපල් ලැප්ටොප් පරිගණක නොමැති බව ද කියැවෙන අතර, මේ ලිපිය මගින් සොයාබලන්නට යන්නේ මෙසේ සාන්තුවර පදවියට එසවුණු තැනැත්තා සැබවින්ම කවුරුන්ද යන්න පිළිබඳවයි.

ඔහු, වයස අවුරුදු 15 දී ලියුකේමියා රෝගය නිසා මියගිය බ්‍රිතාන්‍ය සම්භවයක් සහිත, ඉතාලි ජාතික කාලෝ අකුටිස් ය. ඔහු මිය යන්නේ 2006 වසරේදී ය. මෙයට සති දෙකකට පමණ පෙර ඔහුව ඉතාලියේ අසීසී නගරයේ දි ශුද්ධවන්ත භාවයට ඔසවා තබනු ලැබිණ. ඔහුව ශුද්ධවන්ත භාවයට පත් කිරීමත් සමග 41,000 කට අධික පිරිසකට ඔහුව නැරඹීමට ඉඩ දී සුසානඝරය නැවත වසා දැමුණේ ඊයේ (21) වැනිදා ය.

බලාපොරොත්තු වූ දිනයට ද වඩා දින 2 ක් ඒ සඳහා කල් ලබාදෙන්නට සිදුවී තිබුණේ සිතාගත නොහැකි තරම් මහා ජනකායක් ඇදී ආ නිසා ය.

ශුද්ධවන්ත භාවයට ඔසවනු ලැබූ ලොව ළාබාලතමයා

කාර්ලොස් අකුටිස් මෙසේ ශුද්ධවන්ත භාවයට ඔසවා තබනු ලැබූ වයසින් අඩු ම තැනැත්තා ලෙස ඉතිහාසගත වී සිටියි. මෙය, 1900 වර්ෂයේ දී ජීවත්ව සිටි පෘතුගීසි ජාතික ගොපලු ළමුන් දෙදෙනෙක් 2017 වසරේ දී සාන්තුවර භාවයට ද ඔසවා තබන ලද මාවත යි.

අසීසීහි සාන්ත ෆ්‍රැන්සිස් බැසිලිකාවේ ශුද්ධවන්ත භාවයට ඔසවා තැබීමේ උත්සවයේ දි, අකුටිස් ගේ ඡායාරූපයක් ද කෙමෙන් විවෘත කරන ලද්දේ ය. රතුවන් පෝලෝ කමීසයකින් සැරැසී ගත් කැරැලි ගැසුණු කොණ්ඩය වටා වූ රැස් වලල්ලකින් හෙබි තුරුණු වියේ පාමුල සිටි ගැටවරයෙකුගේ රුවක් ඉන් නිරාවරණය විණ. අසිසි බැසිලිකාවට පාප් වහන්සේ ගේ නියෝජිතයා වන අගොස්තිනෝ වැලිනි කාදිනල් තුමා ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ගේ ප්‍රකාශය කියවීමෙන් අනතුරුව මුව ආවරණ පැළැද සිටි අකුටිස් ගේ දෙමව්පියන් වන ආන්ද්‍රේ අකුටිස් සහ ඇන්ටෝනියා සැල්සානෝ සිප ගත්තේ ය.

‘අන්තර්ජාලයේ සාන්තුවරයා‘

දැනටමත් “අන්තර්ජාලයේ සාන්තුවරයා” ලෙස හැඳින්වෙන අකුටිස්, පරිගණවලට දැඩි සේ ඇලුම් කළ සහ, එම ශිල්පය මනා සේ දැන සිටි අයෙක් විය. ඔහු ජීවත් වූ ඉතාලියේ කතෝලික ආයතනවල වෙබ් අඩවි ඇතුළු තාක්ෂණික සේවා රැසක් ඔහු සිදුකළේය. ඔහු ප්‍රාථමික පාසලේ සිටින විට, විශ්වවිද්‍යාල පොතක් භාවිතයෙන් කේත කිරීම (coding) ස්වයං අධ්‍යයනය කළේ ය. ඉන් පසුව වීඩියෝ සංස්කරණය කරන්නට ද animation සකසන්නට ද ඔහු උගත්තේ ය.

“කාර්ලෝ අන්තර්ජාලය ශුභාරංචියට සේවය කිරීමටත්, එය හැකි තරම් පුද්ගලයන් අතරට ගෙන යන්නටත් භාවිත කළා” යැයි කාදිනල් තුමා ඔහු ගේ කෙටි අනුශාසනාවේ දී කියා සිටියේ ය. කාර්ලෝ අන්තර්ජාලය වගකීමෙන් යුතුව භාවිත කළ යුතු ස්ථානයක් ලෙස දුටු බව ද ඔහු තව දුරටත් කීවේ ය.

කුඩා කල පටන්ම දැඩි ආගමික භක්තියක්

1991 වර්ෂයේ මැයි 3 වැනි දින ලන්ඩනයේ ඉතාලි ජාතික දෙමව්පියන්ට දාව උපත ලද අකුටිස් කුඩා කල මිලාන් හි පදිංචියට පැමිණියේ ය. කුඩා දරුවකු ලෙස ම, ඔහු දැඩි ආගමික භක්තියක් පෙන්වූයේ ඔහු ගේ ආගම දැඩිව නොඅදහන මව්පියන් පවා පුදුමයට පත් කරමිනි. ඔහු ගේ මව Corriere della Sera පුවත්පතට කියූ පරිදි, වයස අවුරුදු තුනේ පටන් ඔහු මිලානයේ ඔවුන් පසු කළ දේවස්ථානවලට යන්න ඕනෑකම පළ කර අතර වයස අවුරුදු 7 දි දිව්‍ය සත්ප්‍රසාදය ලැබුවේ ය.

“ශුද්ධ වූ දෙයට ඔහු තුළ ස්වභාවික නැමියාවක් තිබුණා,” ඔහු ගේ මව කියයි.

ඔහු ගේ උනන්දුව ඇය දේවවාදය හැදෑරීමට පෙළඹුවේ, ඔහු ගේ නිමක් නැති ප්‍රශ්නවලට පිළිතුරු දෙන්නට වුවත් එය ඈ තුළ වූ ආගමික නැඹුරුව ද වර්ධනය කළේ ය.

“කාර්ලෝ මාව බේරා ගත්තා. මම විශ්වාසය ගැන දැන සිටියේ නෑ. මම නැවත ආවේ Bolognaහි Padre Pio ඉලියෝ කරායි පියතුමාට ස්තූති වන්ත වන්නටයි. එය දිගින් දිගටම යන මාවතක්. Purgatory හි හෝ නතර වන්නට මා බලාපොරොත්තු වනවා” ඇය කියයි.

අකුටිස් උග්‍ර ලියුකේමියාවෙන් 2006 ඔක්තොම්බර් 12 වන දින මිය ගියේ ය.

කාර්ලෝගේ ප්‍රාතිහාර්යය

සාන්තුවරයට යන මාවතට ඔහුව පනවනු ලැබුවේ ඔහු කරන ලදැයි කියවෙන ප්‍රාතිහාර්‍යයක් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ විසින් අනුමත කිරීමෙන් පසුව ය. ඒ හත් හැවිරිදි බ්‍රසීලියානු ජාතික දරුවකු ගේ දුර්ලභ අග්න්‍යාශගත රෝගයක් අකුටිස් ගේ කමීසයක කොටසක් ස්පර්ශ වීමත් සමග සුව වීම නිසා ය.

“ඔහු ජීවත් ව සිටින විට ම සාන්තුවරයකු වූ බව මට විශ්වාස යි. ඔහු පොම්පෙයි හි මැඩෝනාට යාච්ඤා කර කාන්තාවක් පිළිකාවකින් සුව කළා” ඔහු ගේ මව Corriere වෙත කියා සිටියා ය.
සාන්තුවරයට තවත් නිශ්චිත කරගත් ප්‍රාතිහාර්යයක් අවශ්‍ය වන නමුත් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ එය දුර්ලභ අවස්ථා යටතේ ගෙන අත්හැර දමා ඇත.

අකුටිස්, අසරණ හා අනාථ දරුවන් කෙරෙහි අප්‍රමාණ ප්‍රේමයකින් කටයුතු කළ අයෙක් ලෙස ද ප්‍රකට ය.

අකුටිස් අසිසි හි භූමදානය කරනු ලැබුවේ ඔහු ගේ ඉල්ලීමක ප්‍රතිඵලයක් වශයෙනි. ඔහු අසීසී හි සාන්ත ෆ්‍රැන්සිස් ශාන්තුවරයා ගේ දුප්පතුන්ට උපකාර කිරීමේ ගුණය බොහෝ සේ අගය කළ බව කියැවේ. ට්‍රැක්සූට් වර්ගයේ ඇඳුමකින් සහ ස්නීකර් සපත්තු පැළඳ ගත් ඔහු ගේ සිරුර නගරයේ අභයස්ථානයක තබා තිබේ. ඔහු ගේ හදවත පූජ්‍ය වස්තුවක් ලෙස සාන්ත ෆ්‍රැන්සිස් බැසිලිකාවේ තබා ඇත.

මරණයෙන් පසුව ද තමා ගේ ජීවත් විම ගැන විවිධ සංඥා තම මව වෙත ලබා දෙන බව අකුටිස් පවසා ඇත.

“ඔහු අප හැර යන්නට පෙර මම ඔහුට කීවා, ස්වර්ගයේ දී මගේ කුඩා කල බල්ලා බිලී පිළිබද සොයා බලන්නැයි කියලා” ඔහු ගේ මව කියයි. මේ පිළිබඳ නොදන්නා ඇගේ නැන්දා කෙනකුගෙන් එක් දිනක ඇයට දුරකතන ඇමතුමක් ලැබෙන්නේ මෙසේ කියමිනි, “මම ඊයේ කාර්ලෝ හීනෙන් දැක්කා. එයා බිලී අතේ තියා ගෙන හිටියා!”

අද වන විට කතෝලික ලෝකය තුළ වඩාත්ම ජනප්‍රියත්වයට පත් ව සිටින චරිතයක් බවට ඔහු පත්ව ඇතැයි කීම අතිශයෝක්තියක් නොවේ.

Share

Recent Posts

එළඹෙන සති අන්තයේ ඇමරිකා විශ්වවිද්‍යාල ගාසා යුද විරෝධතාකරුවන්ගෙන් බාධා එල්ල වේ යැයි සැකයක්!

විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…

3 hours ago

බ්‍රසීලය වසර 80කට පසු මාරාන්තික ගංවතුරකට මුහුණ දේ; 37ක් මියගොස් 74 දෙනෙකු අතුරුදන්

එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…

4 hours ago

සික් බෙදුම්වාදී නායක නිජ්ජාර්ගේ ඝාතනය සම්බන්ධයෙන් කැනඩාව තිදෙනෙකු අත්අඩංගුවට ගනී

පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…

5 hours ago

ඉන්දියාව මියන්මාර සරණාගතයින් පිටුවහල් කරයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…

1 day ago

ඡන්ද මධ්‍යස්ථානයකින් ආපසු හරවා යැවු එංගලන්තයේ හිටපු අගමැති බොරිස් ජෝන්සන්!

විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…

1 day ago

චීනය සඳ මත කඳවුරු බැඳීමේ මෙහෙයුම දියත් කරයි

මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…

1 day ago

තුර්කිය ඊශ්‍රායලය සමඟ පැවති වෙළඳ සබඳතා අත්හිටුවයි

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…

1 day ago

දකුණු වියට්නාමයේ ජලාශයක මත්ස්‍යයින් විශාල සංඛ්‍යාවක් මිය යයි!

මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…

2 days ago

ගිටාර් වීරයා DUANE EDDY ගිටාරය තනිකර ජීවන රිද්මයට තිත තබයි!

මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…

2 days ago

බ්‍රසීලයට ගං වතුර, 10ක් මිය යයි!21ක් අතුරුදහන්

පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…

2 days ago

කාන්තාවන් පිරිමින්ට වඩා වසර ගණනාවක් ජිවත්වන මුත් දිගුකාලින අසනීප තත්වයන්ගෙන් පෙළෙන බව අධ්‍යනයකින් හෙළි වේ

කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…

2 days ago

චාලි මා හදවතෙහි ජීවත් ව හිඳී

උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!

2 days ago

අවිහිංසාවාදී විශ්ව විද්‍යාල උද්ගොෂණයට පොලිසිය කඩා වැදීමත් සමඟ එක්සත් ජනපදයේ භාෂණයේ නිදහස පිළිබඳව ප්‍රශ්න මතු කෙරේ

එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.

2 days ago

ට්‍රම්ප්ට ඇ. ඩොලර් 9,000 ක දඩයක්!

ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…

3 days ago