බ්‍රෑන්ඩඩ් වීමේ කතාව 5 – Chanel

ඔබ සුවඳ විලවුන් භාවිතා කරනවා නම් ඒ භාවිතා කරන සුවඳ විලවුන් වර්ගය කුමක්ද යන්න ඔබ අනිවාර්යයයෙන්ම සිතනවා ඇති. වෙළඳපොලේ ඇති සුවඳ විලවුන් මිලදී ගන්නා විට එකිනෙක බෝතලය අරගෙන පොඩ්ඩක් සුවඳ බලලා ‘ ආ… ඒක නම් සුවඳයි” කියලා හිතලා සුවඳ විලවුන් මිලදී ගත් කාලයකුත් ඔබට තියෙන්න ඇති. ඒ වගේම කිසිඳු අපහසුවකින් තොරව හුරු පුරුදු සුවඳ විලවුන් බ්‍රෑන්ඩ් තෝරා ගන්නා අයත් ඇති. ඉතින් මේ කතාව ඔබේ ඒ තේරීම තවත් සරල කරාවි.

මේ කතාව ලෝකයේ ජනප්‍රියතම වෙළඳ සන්නාමයක් වන “Chanel” පිළිබඳවයි. “Chanel” සන්නාමය වඩාත් ජනප්‍රිය වන්නේ Chanel No. 5 කියන සුවඳ විලවුන් වර්ගය නිසයි. Coco Chanel එහෙමත් නැතිනම් ලෝකයේම ජනප්‍රිය එකට බැඳුනු CC අකුරු දෙක අයත් සන්නාමය ලොවට හඳුන්වා දෙන්නේ Gabrielle Bonheur Chanel නම් ප්‍රංශ විලාසිතා නිර්මාණ ශිල්පිනියයි.
1883 වසරේ දුප්පත් මව්පිය යුවලකට දාව Gabrielle Bonheur Chanel මෙලොව එළිය දකිනවා. එහෙත් සිය මවගේ අභාවයෙන් පසුව පවුලේ ආදායම් අහිමි වීම නිසා නව යොවුන් වියේ සිටම බොහෝ ආර්ථික දුෂ්කරතාවන්ට මුහුණ දෙන්නට ඇයට සිදු වෙනවා. ඒ නිසා ඇගේ සහෝදරයන් දෙදෙනාට ගොවිපලවල වැඩ කරන්නට සිදු වූ අතර Gabrielle කතෝලික පවුලක කැපකරු දරුවෙක් බවට පත් වෙනවා.

එම වටපිටාව තුළදී විවිධ දේ ඉගෙනගැනීමට ඇයට හට අවස්ථාව ලැබෙන අතර ඇය මැහුම් ගෙතුම්වලට ද යොමු වෙනවා ඒ මැහුම් ගෙතුම් පිළිබඳව ඇය තුළ වූ ඇල්ම සහ දක්ෂතාවය නිසා. ඉන් නොනැවතෙන ඇයට නාට්‍යවල රංගනයට එක්වීමේ අවස්ථාවක් ලැබෙනවා. එසේම ගායිකාවක ලෙස සමාජශාලාවල ගී ගයන්නට ඇයට අවස්ථාව ලැබෙන අතර එහිදී ඇයව Coco යනුවෙන් හඳුන්වන්නට පටන්ගන්නවා. එතැන් සිට Gabrielle වෙනුවට බොහෝ දෙනකු ඇයව Coco යනුවෙන් ඇයව ආමන්ත්‍රණය කරනවා.

තරුණියක වැඩෙත්ම සිත්ගන්නාසුළු රුවක් හිමිවූ Coco හට විවිධ තරුණයන් ආකර්ෂණය වන අතර මුලින්ම ඇගේ හදවත දිනාගන්නට සමත් වෙන්නේ අශ්වාරෝහක බල ඇණියේ නිළධාරියෙක් මෙන්ම විලාසිතාගාරයක හිමිකරුවෙකු වූ Etienne Balsan. වයස අවුරුදු 20 දී ඔහු සමග පෙමින් වෙලෙන Coco වසර තුනකට පසු ඒ ආලයට සමු දෙන්නේ Balsan ගේම මිතුරෙකු වූ කැප්ටන් Arthur Edward Boy Capel සමඟ පෙමින් බැඳීම නිසයි.
Coco විලාසිතා නිර්මාණ ශිල්පිනියක් බවට පත් වන්නේ Edward Boy Capel සමඟ සම්බන්ධය ආරම්භ කිරීමත් සමඟයි. 1910 වසරේදී පැරිස්හි රෝයි කැම්බන්හි ඇගේ ප්‍රථම වෙළඳසල විවෘත වෙනවා. ඇගේ මුල්ම විලාසිතාව ඉදිරිපත් කරන්නේ පරණ ජර්සියකින් සමන්විත වූ ඇඳුමකින්. එම විලාසිතාව බොහෝ ජනප්‍රිය වන අතර බොහෝදෙනකු ඊට ප්‍රතිචාර දක්වනවා. ඉන් ආරම්භ වූ ගමන ඇය විලාසිතා ලෝකයේ පරතෙර කරා ගෙන යන්නට සමත් වෙනවා. ” මගේ පළමු නිර්මාණය මම කළේ පැරණි ජර්සියකින් ” යනුවෙන් ඒ අත්දැකීම ඇය පසු කලෙක සිහිපත් කරනවා. 1913 වන විට Coco ඇගේ පළමු විලාසිතා නිර්මාණ පෙළ Deauville හි ආරම්භ කළ නිෂ්පාදන අලෙවිසල හරහා පාරිභෝගිකයන් අතරට ගෙන යනවා. එදිනෙදා අඳින ඇඳුම් සහ ක්‍රීඩා ඇඳුම් මෙහිදී ප්‍රදර්ශනය කෙරුණු අතර ඒ සියලුම ඇඳුම් නිර්මාණය වන්නේ Cocoගේ දෑතින්.

මේ අතර ඇගේ ප්‍රේමවන්තයා වූ Edward Boy Capel රිය අනතුරකින් මිය යන්නේ Coco හට අහිමි වූ ප්‍රේමයේ ප්‍රහර්ෂය ඉතිරි කරමින්. එහෙත් Cocoගේ ගමන ඉන් නැවතෙන්නේ නැහැ. 1920 වන විට ඇය සුවඳ විලවුන් වෙළඳපොළට ඇතුළු වෙනවා. Chanel සන්නාමයේ ජනප්‍රියතම නිෂ්පාදනයක් වන Chanel No. 5 සුවඳ විලවුන් වෙළඳපොළට පැමිණෙන්නේ ඒ විදිහට. “සුවඳ විලවුන් යනු අද්විතීය එමෙන්ම අමතක නොවන සහ විලාසිතාවක අවසානම අදියර, ඒ වගේම ඔබේ පැමිණීම සහ පිටව යාම එමඟින් සංකේතවත් කරනවා” යනුවෙන් Coco, Chanel No. 5 පිළිබඳව වරෙක පවසනවා.
ඒ වගේම Chanel සන්නාමය යටතේ සිදුවන විප්ලවීය නිර්මාණය ලෙස හඳුන්වූයේ Chanelගේ කුඩා කළු පැහැති ගවුමයි. සාමාන්‍යයෙන් මිනිසුන් ශෝකජනක අවස්ථා සඳහා කළු ඇඳුම් භාවිතා කළත් Coco ඒ සම්ප්‍රදාය උඩුයටිකුරු කරමින් කළු වර්ණය ප්‍රධාන කරගනිමින් කාන්තාවන් සඳහා සැඳෑ සාදයන් වෙනුවෙන් ඇඳුම් නිර්මාණයට පෙළඹෙනවා.
ඇගේ මේ හිතුවක්කාරී නිර්මාණ නිසා යුරෝපය තුළ ස්ත්‍රීවාදී ගතිලක්ෂණ ඇති නිර්මාණ ශිල්පිනියක ලෙසද ඇය නාමකරණය වෙනවා. ජීවිතයේ බොහෝ දුෂ්කර කාලවලට මුහුණ දෙන Coco ඇය සතු වූ දරාගැනීම, නොපසුබට උත්සාහය නිසා ලෝකයේ ඉහලම මිල ගණන්වලට විකිණෙන සහ ලෝකයේ ජනප්‍රියතම සන්නාමයක හිමිකාරිය මෙන්ම නිර්මාතෘවරිය වීමේ වාසනාව හිමිකරගන්නවා.

Chanel සන්නාමය යටතේ නිර්මාණය වූ නිෂ්පාදන අතර අතර සොල්දාදුවන්ගේ බෑග්වල ආභාෂය ගත් කාන්තා අත් බෑග්, කළු කොට ගවුම, Chanel No. 5 වඩාත් ජනප්‍රියතම නිෂ්පාදන ලෙස සැලකෙනවා.

ලෝකයට ලස්සන සහ සුවඳවත් දේ හඳුන්වා දුන් Coco ප්‍රේම සබඳතා කිහිපයක්ම පවතාගෙන ගියත් කිසි දිනක විවාහපත් වෙන්නේ නැහැ. තරුණ කාලයේදී මෝර්ෆින්වලට ඇබ්බැහි වන Coco මිය 1971 ඇය මිය යනතුරුම ඒ පුරුද්ද අතහරින්නේ නැහැ. කෙසේ වුවත් ටයිම් සඟරාව මගින් නම් කළ 20 වන සියවසේ විශිෂ්ටතම පුද්ගලයින් අතර සිටින එකම විලාසිතා නිර්මාණ ශිල්පිනිය වන්නේ ද ඇයයි.

“විලාසිතා යනු ඇඳුමක පමණක් පවතින නොවේ. විලාසිතා යනු අහසෙහි, වීදිවල, අපේ අදහස්වල, අපි ජීවත් වන ආකාරයේ එකතුවක්. එය සෑමවිටම නොවෙනස්වන ආකාරයෙන් වෙනස් විය යුතුයි” ලෝකයක් වසඟයට ගත් සන්නාමයක හිමිකාරිනිය වන Coco පවසනවා.

Share

Recent Posts

ට්‍රම්ප්ට ඇ. ඩොලර් 9,000 ක දඩයක්!

ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…

5 hours ago

මයික්‍රොසොෆ්ට් ඉන්දුනීසියාවේ ඩොලර් බිලියන 1.7 ක් ආයෝජනය කරයි

මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…

8 hours ago

දකුණු චීනයේ මාර්ගයක් කඩා වැටීමෙන් 19දෙනෙකු මිය යයි

ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.

9 hours ago

කළු මුහුදේ වරාය නගරයක් වන ඔඩෙසා වෙත රුසියානු මිසයිල ප්‍රහාරයක්!

යුක්‍රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.

10 hours ago

CLARA CHIZOBA තැබූ ගිනස් වාර්තාව!

වාර්තාව තබන අතරතුර ඇය සෑම පැයකට වරක් මිනිත්තු 5ක විරාමයක් ලබාගෙන ඇති අතර, කෙටි නින්දකට,…

10 hours ago

සිරකරුවන් 118 දෙනකු පැන ගිහින්!

බන්ධනාගාර ගොඩනැඟිලිවලින් විශාල ප්‍රමාණයක් සහ එහි උස් තාප්පයේ කොටසක් කඩා වැටී ඇති අතර, සිරකරුවන් පලාගොස්…

10 hours ago

ඉන්දුනීසියාවේ රුවන්ග් ගිනිකන්ද නැවත පුපුරා යයි

ගිනිකන්ද පුපුරා යාමත් සමඟ සුන්බුන් මුහුදට වැටී සුනාමියක් ඇති ව තිබේ.

10 hours ago

2047 වන විට ඉන්දියාව ලෝකයේ තෙවන විශාලතම ආර්ථික බලවතා බවට පත්වේ

ඉන්දියාව පසුගිය වසරේ පස්වන විශාලතම ආර්ථිකය ලෙස එක්සත් රාජධානිය අභිබවා යන ලදී.

13 hours ago

රෆා ප්‍රහාරය දියත් කරන බවට නෙතන්යාහු සහතික වේ

පලස්තීන ජනතාවගේ ඉතිහාසයේ විශාලතම ව්‍යසනය..

15 hours ago

G7 කණ්ඩායම දේශගුණික විපර්යාස පාලන කිරීම සම්බන්ධයෙන් දැඩි තීරණයක!

G7 කණ්ඩායමට කැනඩාව, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ජපානය, බි්‍රතාන්‍ය සහ අමෙරිකාව යන රටවල් අයත් වන අතර මෙම…

1 day ago

සීතල යුද්ධයට විරාමයක්!

දින 40ක සටන් විරාමයක් සම්බන්ධයෙන් ඊශ්‍රායලයේ පාර්ශවයෙන් සුභවාදී ප්‍රතිචාරයක් පළවීමත් සමඟ එම සැනසිලිදායක තත්ත්වය මොහොතකට…

1 day ago

සෞදියේ ඔටුන්න හිමි කුමරු හමුවූ අමෙරිකානු රාජ්‍ය ලේකම්!

ගාසා තීරයට මානුෂීය ආධාර වැඩි කිරීම, ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම සම්බන්ධයෙන් ද එහිදී සාකච්ඡා වී…

2 days ago

රැප් ගායකයාගේ මරණ දණ්ඩනය හේතුවෙන් ඉරානය පුරා නැවත විරෝධතා

මෙම මරණ දණ්ඩනය පැනවීම ජාත්‍යන්තර විරෝධතාවලට ද හේතු වී ඇති අතර මානවහිමිකම් කණ්ඩායම් මෙය මානව…

2 days ago

කෙන්යාවේ වේල්ලක් පුපුරා යාමෙන් 120දෙනෙකු මිය යයි

මේ මස මුලදී, කෙන්යාවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබුණේ, මැයි මාසය දක්වා රටේ විවිධ…

2 days ago

ශීත කළ පීසාවල අඩංගු ඇතැම් අමුද්‍රව්‍ය සෞඛ්‍යට බලපෑමක් කරන බවට FSIS නිවේදනය කරයි!

සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ශීත කළ පීසා වර්ග භාවිතයෙන්…

2 days ago