එසැණ පුවත්

ෆේස්බුක් එකේ දැරියක් වෙන්දේසි කරලා!

තාක්ෂණය කොතරම් ම්ලේඡ්ච අන්දමින් යොදාගත හැකිද යන්නට ෆේස්බුක් වෙතින් නිරන්තරයෙන් උදාහරණ ලැබෙමින් තිබේ. පසුගිය දිනවල වාර්තා වූයේ, දකුණු දිග සුඩානයේ 16 හැවිරිදි දැරියක ළමා මනාලියක වශයෙන් වෙන්දේසි කර තිබෙන්නේ ෆේස්බුක් හරහා බවයි.

මෙම පෝස්ට් එක ගැන දැනගත් වහාම තමන් විසින් එය ඉවත් කිරීමට කටයුතු කළ බවත්, එය පෝස්ට් කළ පුද්ගලයාගේ ද ගිණුම අවලංගු කළ බවත් ෆේස්බුක් පවසයි. නමුත් ඒ, දවස් 15කට පසුව ය!

ඒ වන විට ෆේස්බුක් එකෙන් වෙන්දේසි වූ ළමා මනාලියගේ විවාහ උත්සවය ද පවත්වා අවසානය.

මේ දැරියට පිරිමින් 5 දෙනෙක් විසින් ලංසු තබා තිබේ. ප්ලෑන් ඉන්ටනැෂනල් (Plan International) සංවිධානය පවසන අන්දමට ඔවුන්ගෙන් සමහරෙක් දකුණු දිග සුඩාන රජයේ ඉහළ පෙළේ නිලතල හොබවන නිලධාරීන් ය.

වෙන්දේසියේ ප්‍රතිඵලය ලෙස දැරිය එළදෙනුන් 500 දෙනෙකුට, මෝටර් රථ 3කට සහ ඩොලර් 10,000 ක මුදලකට වෙන්දේසි වී තිබේ. එනම්, දැරිය විකිණීම වෙනුවෙන් මේ දේවල් ලබාගෙන තිබෙන්නේ ඇගේ පියා විසිනි.

මේ අනුව, සමාජ ජාලා හරහා සිය දියණියන් විකිණීම මගින් මෙවැනි සැප සම්පත් ලබාගැනීමට තමන්ටත් හැකි බවට සුඩාන සමාජය වෙත නින්දිත පණිවුඩයක් ලබාදෙයි. ක්‍රියාකාරීන් පෙන්වා දෙන්නේ, ෆේස්බුක් ‘මොඩරේටර්වරුන්‘ මෙවැනි අන්තර්ගතයන් ඉවත් කිරීමට ප්‍රමාද වීම හෝ ඒවා හඳුනාගැනීමට ප්‍රමාද වීම මගින් අතිශය නින්දිත හා හිංසාකාරී පණිවුඩයක් සමාජ ගත වී ඇති බවයි.

ප්ලෑන් ඉන්ටනැෂනල් සංවිධානයේ දකුණු දිග සුඩාන අධ්‍යක්ෂ ජෝර්ජ් ඔටිම් මෙසේ කියයි. ‘‘මේ දැරිය ලෝකයේ ලොකුම සමාජ ජාලය තුළ විකුණා දමා ඇති ආකාරය විශ්වාස කරන්නටත් බැරි තරම්. තාක්ෂණය මේ අන්දමින් ම්ලේච්ඡ ආකාරයට යොදා ගැනීම නූතන යුගයේ වහල් වෙළඳාමකට සමානයි.“

මෙම වෙන්දේසිය ඔක්තෝබර් 25 වැනිදා ආරම්භ වී ඇති අතර, ෆේස්බුක් සමාගම විසින් එම පෝස්ට් එක ඉවත් කර තිබෙන්නේ නොවැම්බර් 9 වැනිදා ය.

තමන් ෆේස්බුක් හි මෙවැනි ආචාර ධර්ම උල්ලංඝනයන් පිළිබඳ නිතරම කැප වන බව ෆේස්බුක් සමාගම පවසයි. ඔවුන් ප්‍රකාශ කරන්නේ ලොව පුරා 30,000 ක පිරිසක් ‘කන්ටෙන්ට් මොඩරේටර්ස්ලා‘ වශයෙන් යොදවා ඇති බව ය. නමුත් මෙම ‘මොඩරේටින්‘ සඳහා යොදාගන්නා ක්‍රමවේදයන් සහ එම පුද්ගලයන්ගේ දැනුම ගැන ද විශාල කතිකාවක් මේ වනවිට ලෝකයේ නිර්මාණය වී තිබේ. පිලිපීනය වැනි රටවලින් විශාල කණ්ඩායම් මේ සඳහා යොදවා ගෙන ඇත. මේ අතරින් බොහෝ මොඩරේටර්වරුන් තමන්ගේ පුද්ගලික දැනුම හා ආකල්ප මත පෝස්ට් ඉවත් කිරීමේ යෙදී සිටින බවට ද වාර්තා තිබේ. උදාහරණයක් වශයෙන්, පුලිට්සර් සම්මානලාභී ලෝක ප්‍රකට ඡායාරූප ගණනාවක්ම මේ වන විට ෆේස්බුක් විසින් වාරණයට ලක් කර තිබෙන්නේ ඒවා ‘සංවේදී‘ යනාදී හේතු දක්වමිනි. කෙසේ නමුත් ඒ සියල්ල අතර, දැරියක් වෙන්දේසි කිරීම වැනි අතිශය බරපතළ, මානව හිමිකම් උල්ලංඝනය කරන ක්‍රියාවක් ඔවුන්ගේ ඇස නොගැටීම පුදුම සහගත ය. ඒවා ‘සංවේදී‘ ගැටළු ලෙස හඳුනා නොගැනීම ම පුදුම සහගත ය.

මූලාශ්‍රය – CNN- Child bride auctioned on Facebook in ‘barbaric use of technology’

Share

Recent Posts

ඉරාන ජනාධිපති රයිසිගේ හෙලිකොප්ටරය හදිසි ගොඩබෑමකට ලක්වෙයි!

ඉරාන රජය මීට පෙර ප්‍රකාශ කළේ මෙම හෙලිකොප්ටරය අසර්බයිජාන් දේශසීමාව අසල ගමන් කරමින් තිබූ රථ…

8 hours ago

බලතල පුළුල් කරමින් චීනය නව රෙගුලාසි!

පරීක්ෂා කිරීමට සහ සාක්ෂි රැස් කිරීමට නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන්ට ඇති බලතල පුළුල් කරමින් චීනය…

9 hours ago

ඊශ්‍රා­ය­ලය දකුණු අප්‍රි­කාවේ චෝද­නාව ප්‍රති­ක්ෂේප කරයි!

රෆා නුවර සිදු කරන ප්‍රහාර නව­ත්වන ලෙස ඊශ්‍රා­ය­ල­යට නියෝග කර­න්නැයි දකුණු අප්‍රි­කාව කළ ඉල්ලීම ජාත්‍ය­න්තර…

11 hours ago

විකිලීක්ස්හි ජූලියන් අසාන්ජ් පිටුවහල් කිරීමේ නඩුවට මුහුණ දේ

මෙම නඩුව ඉවත් කරන ලෙස ඉල්ලීම් මානව හිමිකම් කණ්ඩායම් සහ සමහර මාධ්‍ය ආයතනවල සිට ඕස්ට්‍රේලියානු…

13 hours ago

ඉන්දුනීසියාවේ ඉබු ගිනි කන්ද සක්‍රිය වේ

ඉබු යනු ඉන්දුනීසියාවේ වඩාත්ම සක්‍රීය ගිනිකඳු වලින් එකක් වන අතර එය පසුගිය වසරේ 21,000 වාරයකට…

14 hours ago

වෙඩි ප්‍රහාරයකට ලක් වූ ස්ලෝවැක් අගමැතිගේ තත්වය බරපතල අතට

ෆිකෝගේ ආධාරකරුවන් පවසන්නේ දේශපාලන ආතතීන් අවුලුවාලීම සඳහා විපක්ෂය අර්ධ වශයෙන් වගකිව යුතු බවයි.

14 hours ago

ගාසා තීරය සඳහා පශ්චාත් යුද සැලැස්මක් නොමැති නම් ඉවත් වන බවට ඊශ්‍රායල යුද කැබිනට් අමාත්‍යවරයා අනතුරු අඟවයි

යුද්ධයේ දිශානතිය සම්බන්ධයෙන් වැඩෙන දේශපාලන විරසකය පැමිණෙන්නේ ගාසා නගරයේ ඓතිහාසික සරණාගත කඳවුරක් වන ජබාලියා වෙත…

21 hours ago

බෝට්ටුවකින් ඉතාලිය බලා ගිය ටියුනීසියාවන් 23 දෙනෙකු අතුරුදන්

එක්සත් ජාතීන්ගේ සංඛ්‍යාලේඛන පෙන්වා දෙන්නේ පසුගිය වසරේ ඉතාලියේ වෙරළට ගොඩ බැස ඇති සංක්‍රමණිකයන් 12,000ක්වත් ටියුනීසියාවෙන්…

21 hours ago

වියට්නාමය නව ජනාධිපතිවරයා ලෙස මහජන ආරක්ෂක ඇමතිවරයා නම් කෙරේ

පක්ෂයේ මධ්‍යම කාරක සභාව සඳහන් කර තිබුණේ, සියලුම ඉහළ නායකත්වයන් එක්සත්ව, ආදර්ශමත්ව, මුළු හදින් සහ…

1 day ago

RISHI SUNAK එංගලන්තයේ ධනවතුන්ගේ ලැයිස්තුවට!

මේ වන විට ඔහුගේ වත්කම පවුම් මිලියන 651ක්.

1 day ago

අධික වර්ෂාවත් සමඟ ඇති වූ ගංවතුර තත්වය හේතුවෙන් ඇෆ්ගනිස්ථානයේ 50 දෙනෙකු මරුට

ඇෆ්ගනිස්ථානය ස්වභාවික විපත්වලට ගොදුරු වන අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය එය දේශගුණික විපර්යාසවලට වඩාත්ම අවදානමට ලක්විය…

1 day ago

පෝල් මැකාට්නි එක්සත් රාජධානියේ පළමු ප්‍රකෝටිපති සංගීතඥයා බවට පත් වෙයි

ඇකඩමි සම්මානයක්, ප්‍රයිම් ටයිම් එමී සම්මානයක්, ග්‍රැමී සම්මාන 18ක්, හිමිකරගෙන ඇත.

2 days ago

ඇෆ්ගනිස්ථාන ප්‍රහාරයකින් ස්පාඤ්ඤ සංචාරකයින් තිදෙනෙකු මරුට

ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකු භාරගෙන නැත.

2 days ago

ලෝකයේ අංක එකේ ගොල්ෆ් ක්‍රීඩක ස්කොටී ෂෙෆ්ලර් අත්අඩංගුවට

කෙන්ටකි හි ලුයිස්විල් හි පැවති PGA ශූරතාවලියෙන් පිටතදී ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.

2 days ago

සමහර අසනීපයන්ට වගකිවයුතු ද්‍රව පරපෝෂිතයා – Cryptosporidium

සටහන - නිපුනි ලියනගේ මැයි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Cryptosporidium යනු මිනිසුන්ට සහ සමහර…

2 days ago