චීනය අද (ජූලි 1) පටන් ආභරණ සඳහා 68% ක පමණ තීරු බදු අඩු කිරීමක් ලබාදී ඇති අතර ආභරණවල මිල මේ නිසා සැලකිය යුතු අන්දමින් පහළ බැස තිබේ.
ඔවුන් මෙසේ එම ආභරණ කාණ්ඩවල තීරු බදු අඩු කර ඇත්තේ, එදිනෙදා පාවිච්චියට ගන්නා පාරිභෝගික භාණ්ඩ බවට ඒවා නැවත වර්ගීකරණය කිරීමත් සමගිනි.
ඒ අනුව චීනයේ දියමන්ති ද අද පටන් සැලකෙන්නේ සුඛෝපභෝගී ජීවිතයක සංකේතයක් ලෙස නොව, සාමාන්‍ය දෛනික භාණ්ඩයක් ලෙස ය.
නව තීරු බදු සංශෝධනයත් සමග රන් සහ රිදී ආභරණ සඳහා තීරු බද්ද 20% සිට 8% දක්වා ද, ප්ලැටිනම් සහ වෙනත් අගනා ලෝහවලින් කළ ආභරණවල ට අදාළ වන තීරු බද්ද 35% සිට 20% දක්වා ද අඩු වනු ඇත. ස්වභාවික සහ කෘත්‍රිම මුතු ආභරණ, මැණික් ආභරණ සහ අර්ධ මැණික් ආභරණ සම්බන්ධයෙන් ද මෙම තීරු බදු සංශෝධනය 35% සිට 20% දක්වා වේ.
මෑත කාලයේ චීනය විසින් ආභරණ ආනයන තීරු බදු අඩු කළ ප්‍රථම අවස්ථාව මෙයයි.
විශේෂයෙන්ම දියමන්ති තීරු බදු අඩු වීමත් සමග ඔප දැමූ දියමන්ති වෙනුවට දියමන්ති චීනය තුළ ඔප දමා ආභරණ නිෂ්පාදනය කිරීමේ කර්මාන්තය ද දියුණු වනු ඇතැයි පැවසේ.
තීරු බදු අඩු වීමත් සමග චීනයේ ආභරණ මිල සීඝ්‍රයෙන් පහළ බසිනු ඇතැයි අපේක්ෂා කෙරේ.
චීනයට කැරට් 18 රන් භාණ්ඩ ආනයනය කරන ප්‍රධානතම රට වන ඉතාලියට ද මෙම නව තීරු බදු සංශෝධනය දිරිමත් කිරීමක් වනු ඇත. චීනය තුළ ඉතාලි රන් භාණ්ඩ ඉතාම ජනප්‍රිය බව ද විදෙස් වාර්තා සඳහන් කරයි.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…
කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…
උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!
එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.
ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…
මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…
ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.
යුක්‍රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.
වාර්තාව තබන අතරතුර ඇය සෑම පැයකට වරක් මිනිත්තු 5ක විරාමයක් ලබාගෙන ඇති අතර, කෙටි නින්දකට,…