ජූලි මාසයේ සිට පළමු වතාවට නව ආසාදන සංඛ්‍යාව ද 50,000 ඉක්මවා ගියේය.
බ්‍රිතාන්‍යයේ ජාතික සෞඛ්‍ය සේවාව වන NHS හි ප්‍රධානී මැතිව් ටේලර් මේ අනුව අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් හට අනතුරු අඟවා තිබුණේ වහාම විකල්ප සැලසුමක් හෙවත් ‘Plan B’ වෙත යා යුතු බව ය. මෙම ‘Plan B’ අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් විසින්ම සැප්තැම්බර් මාසයේදී නිවේදනය කළේ තත්වය නරක අතට හැරුණොත් වහාම ක්‍රියාත්මක කිරීම සඳහා ය. දෛනික මරණ ගණන එක දිගට 250 ඉක්මවා ගියහොත් ‘Plan B’ වෙත අනිවාර්යයෙන්ම යා යුතු බව විශේෂඥයන්ගේ මතයයි. එළඹෙමින් තිබෙන ශීත සෘතුවේදී ඛේදවාචකයන් නිර්මාණය වීම වළක්වා ගත හැකි වනු ඇත්තේ මෙසේ කළහොත් පමණි.
මේ අතර, පසුගිය ජූලි මාසයේදී අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් එක්සත් රාජධානියේ පැවති බොහෝ වසංගත සීමාවන් ඉවත් කළ අතර, ඒ අනුව ප්‍රසිද්ධ ස්ථානවල මුහුණු ආවරණ පැළඳීම ද අනිවාර්ය නොවන තත්වයක් නිර්මාණය විය. තවද ‘වර්ක් ෆ්‍රොම් හෝම්‘ ද අනිවාර්ය නැති බවට ප්‍රකාශ වී තිබිණි. ඒ අනුව මහා බ්‍රිතාන්‍යෙය් දැන් පවත්නා ‘Plan A’ ‘සැර බාල වූ තත්වය‘කට පත් විය.
වහාම ‘Plan B’ ක්‍රියාත්මක කළ යුතු බව NHS ප්‍රධානියා අවධාරණය කරන්නේ ඊයේ දිනයේ මරණ ගණන 250 සීමාවට ආසන්න වීමත් සමග ය. එහිදී මුහුණු ආවරණ පැළඳීම අනිවාර්ය වන අතර, සියලු දෙනා ‘වර්ක් ෆ්‍රොම් හෝම්‘ සිදුකළ යුතුය
නමුත් බ්‍රිතාන්‍ය දේශපාලන අධිකාරිය තුළ නව කෝවිඩ් ව්‍යාප්ත සීමාවන් හඳුන්වා දීම පිළිබඳ තවම පැහැදිලි අදහසක් නැත. මේ වන විට බ්‍රිතාන්‍යයේ වෙළඳ ඇමති (Business Secretary) ලෙස කටයුතු කරන ක්වාසි ක්වාටෙන් පවසා තිබෙන්නේ බ්‍රිතාන්‍යය නැවත ලොක්ඩවුන් තත්වයක් දක්වා යා යුතු නැති බවයි.
වෙනත් වචනවලින් කියන්නේ නම් ලන්ඩනයේ අංක 10 අගමැති කාර්යාලය දැන් පසුවන්නේ ප්ලෑන් බී වෙත යාමේ කිසිදු සැලසුමක් නැති හෙවත් “absolutely no plan” තත්වයේ ය. නමුත් මෙවර ශීත සෘතුව Covid Winter හෙවත් කෝවිඩ් ශීත සෘතුවක් බවට පත් වීමේ අවදානම ඉතා ඉහළ ය. ඇතැම් විශේෂඥයන්ට අනුව එක්සත් රාජධානියේ දැන් පවතින තත්වය අනුව ‘Plan B’ වලින් නොනැවතී ‘Plan C’ ද සැලසුම් කර ගත යුතුව තිබේ!
ඉරාන රජය මීට පෙර ප්‍රකාශ කළේ මෙම හෙලිකොප්ටරය අසර්බයිජාන් දේශසීමාව අසල ගමන් කරමින් තිබූ රථ…
පරීක්ෂා කිරීමට සහ සාක්ෂි රැස් කිරීමට නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන්ට ඇති බලතල පුළුල් කරමින් චීනය…
රෆා නුවර සිදු කරන ප්‍රහාර නවත්වන ලෙස ඊශ්‍රායලයට නියෝග කරන්නැයි දකුණු අප්‍රිකාව කළ ඉල්ලීම ජාත්‍යන්තර…
මෙම නඩුව ඉවත් කරන ලෙස ඉල්ලීම් මානව හිමිකම් කණ්ඩායම් සහ සමහර මාධ්‍ය ආයතනවල සිට ඕස්ට්‍රේලියානු…
ඉබු යනු ඉන්දුනීසියාවේ වඩාත්ම සක්‍රීය ගිනිකඳු වලින් එකක් වන අතර එය පසුගිය වසරේ 21,000 වාරයකට…
ෆිකෝගේ ආධාරකරුවන් පවසන්නේ දේශපාලන ආතතීන් අවුලුවාලීම සඳහා විපක්ෂය අර්ධ වශයෙන් වගකිව යුතු බවයි.
යුද්ධයේ දිශානතිය සම්බන්ධයෙන් වැඩෙන දේශපාලන විරසකය පැමිණෙන්නේ ගාසා නගරයේ ඓතිහාසික සරණාගත කඳවුරක් වන ජබාලියා වෙත…
එක්සත් ජාතීන්ගේ සංඛ්‍යාලේඛන පෙන්වා දෙන්නේ පසුගිය වසරේ ඉතාලියේ වෙරළට ගොඩ බැස ඇති සංක්‍රමණිකයන් 12,000ක්වත් ටියුනීසියාවෙන්…
පක්ෂයේ මධ්‍යම කාරක සභාව සඳහන් කර තිබුණේ, සියලුම ඉහළ නායකත්වයන් එක්සත්ව, ආදර්ශමත්ව, මුළු හදින් සහ…
ඇෆ්ගනිස්ථානය ස්වභාවික විපත්වලට ගොදුරු වන අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය එය දේශගුණික විපර්යාසවලට වඩාත්ම අවදානමට ලක්විය…
ඇකඩමි සම්මානයක්, ප්‍රයිම් ටයිම් එමී සම්මානයක්, ග්‍රැමී සම්මාන 18ක්, හිමිකරගෙන ඇත.
ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකු භාරගෙන නැත.
කෙන්ටකි හි ලුයිස්විල් හි පැවති PGA ශූරතාවලියෙන් පිටතදී ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.