කාලීන

ඔක්ස්ෆර්ඩ් සරසවියෙන් සොයාගත් කොවිඩ්-19 එන්නත: ඔබ දැනගත යුතු දේ

කොවිඩ් එන්නත ට (AZD1222) මිනිස් දේහයේ ලිම්පොසෛට ප්‍රතිචාර දක්වයි! ප්‍රතිදේහත් නිපදවයි!!

කොවිඩ්-19 වසංගත තත්ත්වයෙන් ලොවක් අකර්මන්‍ය වී පවතින මේ මොහොතේ, සිත් පහන් දල්වමින් ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය විසින් එන්නතක් සොයාගත් බවට හෙලිකළ පුවත වාර්තා වූයේ මීට දින ගණනකට මත්තෙන් ය.

ඔක්ස්ෆර්ඩ් සරසවිය විසින් නිපද වූ මෙම කොරෝනා වෛරස එන්නත මිනිස් අත්හදා බැලීම් තුළින් ආරක්ෂිතව යොදා ගත හැකි බවත් එය රෝගී තත්ත්වයට ප්‍රතිශක්තිකරණයක් ඇති කරන බවත් සොයා ගෙන තිබේ.

මෙම එන්නත පිළිබඳ තොරතුරු පහත දැක්වේ.

මොකද්ද මේ කොවිඩ් එන්නත?

මෙම එන්නත හඳුන්වන්නේ AZD1222 නමිනි. එය නිපදවා තිබෙන්නේ දුබල කරන ලද සෙම්ප්‍රතිශ්‍යාව ඇතිකරලීමට හේතුවන පොදු වෛරසයක් වන adenovirus යොදාගැනීමෙනි. මෙම වෛරසය බොහෝ විට ආසාදනය වන්නේ චිම්පන්සියන්ට ය.

මෙම වෛරසයේ ප්‍රතිවලිත වීමේ ක්‍රියාවලිය තුළ මිනිස් දේහයට හානි නොවන තත්ත්වයට පත්කර තිබේ. එමෙන්ම, කොරෝනා වෛරස ලක්ෂණ ද මෙහි ඇතුලත් කර තිබෙන අතර, එමඟින් කොවිඩ්-19 වෛරසයේ අඩංගු සර්පිලාකාර ප්‍රොටීන වලට මිනිස් ප්‍රතිශක්තිකරණ පද්ධතියේ දක්වන ප්‍රතිචාරය ද ඇතිවන බව සොයාගෙන තිබේ. ඒ තුළින් වෛරසය දේහය වෙත ඇතුළු කරවා ගැනීමට යොදා ගැනෙන යාන්ත්‍රණය ක්‍රියාත්මක වේ.

මෙසේ දුබල කරන ලද වෛරසය එන්නතක් වශයෙන් මිනිස් ශරීරයට ඇතුල් කරවීමෙන් කොරෝනා වෛරසයේ සර්පිලාකාර ප්‍රෝටීන වලට මිනිස් දේහය දක්වන ප්‍රතිචාරය ඇතිවී නිසි ප්‍රතිශක්තිකරණ ආරක්ෂණය ඇති කරවනු ඇති බවට විද්‍යාඥයින් බලාපොරොත්තු විය. එමඟින් වෛරසයට එරෙහි ප්‍රභල ප්‍රතිචාරයක් ගොඩනැංවී මතුවට ශරීරයට ඇතුළු වන කොවිඩ් වෛරසය සෛල වෙත ආසාදනය වීමට ඉඩ ලබා නොදී අවහිර කරවනු ඇති බවට විශ්වාස කරන ලදී.

දැන් ඒ බලාපොරොත්තුව ඉටු වූවා ද? 

ප්‍රාථමික පර්යේෂණ වලදී හෙලිවූයේ කුමක්ද? ලෑන්සෙට් නම් වෛද්‍ය සඟරාවට අනුව සායනික පරීක්ෂා වලදී හෙලිවී තිබෙන්නේ, මෙම එන්නත ඇතුළු කිරීම තුළින් ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ප්‍රතිචාරයන් දෙකක් හට ගෙන තිබෙන බවයි!

පළමු ප්‍රතිචාරය – එන්නත ශරීරයට ඇතුළු වීම තුළින් ප්‍රතිශක්තිකරණ පද්ධතිය ක්‍රියාත්මක වී ප්‍රතිදේහ නිපදවීම ආරම්භ වී තිබේ. එය සියැසින් දිටීම ම පර්යේෂකයන් හට බලාපොරොත්තු පහන් කරවන්නට ඇත. වෛරස, බැක්ටීරියා බඳු ආගන්තුක ද්‍රව්‍ය මිනිස් සිරුරට ඇතුළුව නිකුත් කරනු ලබන හානිකර ප්‍රතිදේහජනක (antigens) වලට එදිරි ප්‍රෝටීන ව්‍යූහ ඇතිවීම ආරම්භ වී තිබේ.

දෙවන ප්‍රතිචාරය – එන්නත ශරීරයට ඇතුළු වීම තුළින් දේහයේ T ලිම්පොසෛට හට ගැනීම ආරම්භ වී තිබේ. මෙම T ලිම්පොසෛට හටගනු ලබන්නේ දේහයට ඇතුළු වන ඕනෑම ආක්‍රමණිකයකුට ක්ෂණික ප්‍රතිචාර දක්වන විශේෂිත නොවූ ප්‍රතිශක්තිකරණ සෛල (non-specific immune cells) වලට එකී ආක්‍රමණය පාලනය කර ගත නොහැකි වන විටදී ය.

ඒ ප්‍රතිශක්තිකරණ සෛල කොවිඩ්-19 ආසාදනයට සෘජුව පහර දීලා!

ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ එන්නත් විද්‍යාව (Vaccinology) පිළිබඳ මහාචාර්ය සේරා ගිල්බට් පෙන්වා දුන් පරිදි ආගන්තුක වෛරසයක් දේහය ආක්‍රමණය කොට සෛල අත්පත් කිරීම තුළින් හටගන්නා “වෛරස කර්මාන්ත” බඳු වෛරස ජනිත සෛල හඳුනා ගෙන විනාශ කර දැමීමේ කාර්යභාරය සිදුකරන්නේ T ලිම්පොසෛට විසිනි.


දුබල කරන ලද වෛරසය එන්නතක් වශයෙන් මිනිස් ශරීරයට ඇතුල් කරවීමෙන් කොරෝනා වෛරසයේ සර්පිලාකාර ප්‍රෝටීන වලට මිනිස් දේහය දක්වන ප්‍රතිචාරය ඇතිවී නිසි ප්‍රතිශක්තිකරණ ආරක්ෂණය ඇති කරවනු ඇති බවට විද්‍යාඥයින් බලාපොරොත්තු විය.

කොවිඩ් එන්නත මිනිස් දේහය තුළ මෙසේ සාර්ථකව ප්‍රතිචාර දක්වන බව සොයාගනු ලැබූවද එය දීර්ඝකාලීනව ප්‍රතිඵල ගෙන දෙන්නේ ද යන්න තවම පැහැදිලි තොරතුරක් නොමැති බව ද වාර්තා වේ.

දැන් මේ එන්නත යොදාගෙන ලොවින් කොවිඩ්-19 තුරන් කිරීමේ මෙහෙයුම ආරම්භ කළ හැකි ද?

තවමත් නැහැ. ඊට හේතුව පර්යේෂණ වල සාර්ථකත්වය අරඹයා ඇතිවිය හැකි අභියෝග පිළිබඳ තවමත් විද්‍යාඥයින් කටයුතු කරමින් සිටීමයි. පර්යේෂණ වල ප්‍රතිඵල අනුව, ඉදිරියටත් සායනික අධ්‍යයන සිදුකිරීමට විද්‍යාඥයහු අපේක්ෂාවෙන් සිටිති.

එන්නත ට අදාළ වත්මන් ප්‍රතිඵල මඟින් රසායනාගාරය තුළ තක්සේරු කරන ලද ප්‍රතිශක්තිකරණ ප්‍රතිචාරය කෙරෙහි අවධානය යොමුකරන බැවින් අදාළ එන්නත කොරෝනා ආසාදනයෙන් පුද්ගලයින් ආරක්ෂා කරනු ඇත් ද යන්න තහවුරු කර ගැනීම සඳහා වැඩිදුර පරීක්ෂණ අවශ්‍යව තිබේ.

පරීක්ෂණ වල තත්ත්වය කෙබඳු ද? 

මේ වන විට බ්‍රිතාන්‍යයේ AZD1222 නම් මෙම එන්නත අත්හදා බැලීම සඳහා පුද්ගලයින් 4000 කට අධික සංඛ්‍යාවක් බඳවා ගෙන තිබේ. මීට අමතරව තවත් දස දහසක් බඳවා ගැනීමට ද නියමිත බවට සඳහන් වේ.

මෙම වසර අවසාන වන විට එන්නතයේ වැඩිදියුණු වීම් ද සහිත ව, මෙම අත්හදා බැලීම් දකුණු අප්‍රිකාව හා බ්‍රසීලය යන රාජ්‍යයන් වලද සිදු කිරීමට අපේක්ෂාවෙන් සිටී.

විවිධ වයස් කාණ්ඩ වල පුද්ගලයන් හට මෙම එන්නත ක්‍රියාකරන්නේ කුමන අන්දමින් ද, ඒ අනුව කොවිඩ් ආසාදනයට එරෙහි ආරක්ෂණය ගොඩනැඟෙන්නේ කෙසේද යන්න හඳුනා ගැනීම මෙම අත්හදා බැලීම් වල අපේක්ෂාව වී තිබේ‍.

ඉතිං මෙම පරීක්ෂා වල සාර්ථකත්වය තක්සේරු කිරීමට තරම් ප්‍රමාණවත් පුද්ගලයින් සංඛ්‍යාවක් බ්‍රිතාන්‍යයේ සිටිනවා ද? 

ඔක්ස්ෆර්ඩ් සරසවියේ පර්යේෂණයට නායකත්වය ලබා දෙන මහාචාර්ය ගිල්බට් ට අනුව නම්, එක්සත් රාජධානියේ සම්ප්‍රේෂණ අනුපාතය අඩු බැවින් මෙම අත්හදා බැලීම් මඟින් කොවිඩ් එන්නතේ සාර්ථකභාවය සනාථ කිරීම සඳහා ඇති ඉඩකඩ ඉතා අඩු බවයි.

මන්ද, මෙම එන්නතේ සාර්ථකභාවය තහවුරු කර ගැනීමට නම් ඒ සඳහා ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වන පුද්ගලයින් අතර සැලකිය යුතු පුද්ගලයින් සංඛ්‍යාවක් වෛරසයට නිරාවරණය වී තිබිය යුතුය.

මෙම ගෝලීය මෙහෙයුමට දායක වීමට කෙතරම් ස්වේච්ඡාවෙන් පුද්ගලයින් ඉදිරිපත් වූවද, ඔවුන්ගේ සමීපතයින් හරහා, හෝ වෙනත් ක්‍රම ඔස්සේ වෛරසය ශරීර ගත වී නොමැති නම්, මෙම මිනිස් අත්හදා බැලීම් සඳහා බොහෝකාලයක් ගත වනු ඇති බවට විශ්වාසයයි.

ඉතිං ඒක ලොකු අභියෝගයක් නේ? 

ඔව්, මෙය විශාල අභියෝගයක් බව සත්‍යයකි. මේ සඳහා පර්යේෂකයින් යෝජනා කළ පරිදි බ්‍රිතාන්‍යයෙන් බැහැරව, කොරෝනා වසංගතය දරුණු අන්දමින් ක්‍රියාත්මක වන රටවල අත්හදා බැලීම් ආරම්භ කිරීම සිදුවෙමින් පවතී.

එහෙත් මීට සමගාමීව අභියෝගාත්මක අත්හදා බැලීම් (challenge trials) සඳහා ද ඇතැම්හු යෝජනා කරති. අභියෝගාත්මක අත්හදා බැලීම් යනුවෙන් අදහස් කරන්නේ, පුද්ගලයකුට, හෝ කණ්ඩායමකට සිතාමතා වෛරසය ආසාදනය වීමට සලස්වා එන්නත ක්‍රියාත්මක කරීවීමට කටයුතු කිරීමයි.

මෙය කෙතරම් සදාචාර සම්පන්න ද හා මානව හිතෛශී ද යන්න ප්‍රභල ගැටළුවකි!

කෙසේවෙතත්, මෙම අභියෝගාත්මක අත්හදා බැලීම් සඳහා ස්වේච්ඡාවෙන් ඉදිරිපත් විය හැකි පුද්ගලයින් සිටී නම් ඉදිරිපත් වන ලෙස නොබෙල් සම්මානලාභී විද්‍යාඥයින් පවා ජනතාව ගෙන් ඉල්ලා සිටී.

AZD1222 එන්නත නිපදවූ ඔක්ස්ෆර්ඩ් හි ජෙනර් ආයතනයේ අධ්‍යක්ෂ ඒඩ්‍රියන් හිල් ප්‍රකාශ කර සිටියේ මෙම වසර අවසානයට පෙර එක්සත් රාජධානිය තුළ අභියෝගාත්මක අත්හදා බැලීම් ආරම්භ කළ හැකි වනු ඇති බවයි.


කොවිඩ් එනන්ත නිපදවන කටයුතු අතරතුර, විලියම් කුමරු ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය හමුවූ මොහොත

කොහෙද මේ අභියෝගාත්මක අත්හදා බැලීම් සිදුකරන්නේ?

ඉකුත් සඳු දින විද්‍යා මාධ්‍ය මධ්‍යස්ථානය (Science Media Centre) විසින් පැවැත්වූ වෙබිනාර් වැඩසටහනක දී ඒඩ්‍රියන් හිල් ප්‍රකාශ කර සිටියේ මෙවැන්නකි:

“අභියෝගාත්මක අත්හදා බැලීම් සඳහා නිසැකවම ඔබට නිරාකරණය කර ගත යුතු ගැටළු තුනක් පවතී.

1. ඔබට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වන පුද්ගලයන් හට ආරක්ෂිතව ඇතුල් කළ හැකි සුදුසු එන්නතක් සොයාගත හැකිද?

2. ඔබ මෙම අත්හදා බැලීම් සිදු කරන්නේ කොහේද? එය නිරෝධායන මධ්‍යස්ථානයක් විය යුතුයි. එසේ සිදු කළ හැකි සුදුසු ස්ථාන තිබේ ද?

3. එන්නත ක්‍රියාත්මක නොවුන හොත්, හෝ බලාපොරොත්තු වූ අන්දමට වඩා තත්ත්වය තීව්‍ර වූව හොත්, ඉතා මැනවින් ආසාදිත පුද්ගලයින් හට ප්‍රතිකාර කළ හැකි ද?”

ඉතිං එන්නත සාර්ථක බවට ඔප්පු වූව හොත්, එය නිශ්පාදනය හා බෙදාහැරීම ආරම්භ කළ හැකි ද?

අප සිටින්නේ ගෝලීය සෞඛ්‍ය ආපදාවක් අසබඩ යි. අනාගතයේ දී මෙම එන්නත යෙදවීම සඳහා හැකි ඉක්මනින් සූදානම් කරවීම අත්‍යාවශ්‍යව පවතී. එබැවින් අත්හදා බැලීම් ආරම්භ වීමට පෙරාතුව ම නිශ්පාදන කටයුතු ආරම්භ කර ඇති බවට තොරතුරු වාර්තා වේ.

මේ සඳහා බ්‍රිතාන්‍ය රජය විසින් කොරොනා වයිරස් එන්නත් මාත්‍රා මිලියන 90 ක් සඳහා ගිවිසුම් අත්සන් කර ඇති අතර, තවත් වැඩපිළිවෙල ක්‍රියාත්මක වන බව ද වාර්තා වේ.

මේ පිළිබඳ නවතම වාර්තා වලට අනුව, ඖෂධ කර්මාන්තයේ දැවැන්තයකු වශයෙන් සැලකෙන බයෝඑන්ටෙක් (BioNtech) සහ ෆයිසර් (Pfizer) නම් සමාගම් සමඟ හා වැල්නෙවා (Valneva) නම් ආයතනය පිහිටුවා ගත් සන්ධානයක් ඔස්සේ මෙම එන්නත නිපදවීමට කටයුතු සිදුවෙමින් පවතී.

මීට අමතරව, ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය විසින් ඇස්ට්‍රාසෙනෙකා (AstraZeneca) සමාගම සමඟ එන්නත් මාත්‍රා මිලියන 100 ක් ද නිපදවීමට කටයුතු යොදා තිබේ.

Source: Sky News

Share

Recent Posts

ට්‍රම්ප්ට ඇ. ඩොලර් 9,000 ක දඩයක්!

ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…

25 mins ago

මයික්‍රොසොෆ්ට් ඉන්දුනීසියාවේ ඩොලර් බිලියන 1.7 ක් ආයෝජනය කරයි

මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…

4 hours ago

දකුණු චීනයේ මාර්ගයක් කඩා වැටීමෙන් 19දෙනෙකු මිය යයි

ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.

4 hours ago

කළු මුහුදේ වරාය නගරයක් වන ඔඩෙසා වෙත රුසියානු මිසයිල ප්‍රහාරයක්!

යුක්‍රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.

5 hours ago

CLARA CHIZOBA තැබූ ගිනස් වාර්තාව!

වාර්තාව තබන අතරතුර ඇය සෑම පැයකට වරක් මිනිත්තු 5ක විරාමයක් ලබාගෙන ඇති අතර, කෙටි නින්දකට,…

5 hours ago

සිරකරුවන් 118 දෙනකු පැන ගිහින්!

බන්ධනාගාර ගොඩනැඟිලිවලින් විශාල ප්‍රමාණයක් සහ එහි උස් තාප්පයේ කොටසක් කඩා වැටී ඇති අතර, සිරකරුවන් පලාගොස්…

6 hours ago

ඉන්දුනීසියාවේ රුවන්ග් ගිනිකන්ද නැවත පුපුරා යයි

ගිනිකන්ද පුපුරා යාමත් සමඟ සුන්බුන් මුහුදට වැටී සුනාමියක් ඇති ව තිබේ.

6 hours ago

2047 වන විට ඉන්දියාව ලෝකයේ තෙවන විශාලතම ආර්ථික බලවතා බවට පත්වේ

ඉන්දියාව පසුගිය වසරේ පස්වන විශාලතම ආර්ථිකය ලෙස එක්සත් රාජධානිය අභිබවා යන ලදී.

8 hours ago

රෆා ප්‍රහාරය දියත් කරන බවට නෙතන්යාහු සහතික වේ

පලස්තීන ජනතාවගේ ඉතිහාසයේ විශාලතම ව්‍යසනය..

10 hours ago

G7 කණ්ඩායම දේශගුණික විපර්යාස පාලන කිරීම සම්බන්ධයෙන් දැඩි තීරණයක!

G7 කණ්ඩායමට කැනඩාව, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ජපානය, බි්‍රතාන්‍ය සහ අමෙරිකාව යන රටවල් අයත් වන අතර මෙම…

1 day ago

සීතල යුද්ධයට විරාමයක්!

දින 40ක සටන් විරාමයක් සම්බන්ධයෙන් ඊශ්‍රායලයේ පාර්ශවයෙන් සුභවාදී ප්‍රතිචාරයක් පළවීමත් සමඟ එම සැනසිලිදායක තත්ත්වය මොහොතකට…

1 day ago

සෞදියේ ඔටුන්න හිමි කුමරු හමුවූ අමෙරිකානු රාජ්‍ය ලේකම්!

ගාසා තීරයට මානුෂීය ආධාර වැඩි කිරීම, ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම සම්බන්ධයෙන් ද එහිදී සාකච්ඡා වී…

1 day ago

රැප් ගායකයාගේ මරණ දණ්ඩනය හේතුවෙන් ඉරානය පුරා නැවත විරෝධතා

මෙම මරණ දණ්ඩනය පැනවීම ජාත්‍යන්තර විරෝධතාවලට ද හේතු වී ඇති අතර මානවහිමිකම් කණ්ඩායම් මෙය මානව…

2 days ago

කෙන්යාවේ වේල්ලක් පුපුරා යාමෙන් 120දෙනෙකු මිය යයි

මේ මස මුලදී, කෙන්යාවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබුණේ, මැයි මාසය දක්වා රටේ විවිධ…

2 days ago

ශීත කළ පීසාවල අඩංගු ඇතැම් අමුද්‍රව්‍ය සෞඛ්‍යට බලපෑමක් කරන බවට FSIS නිවේදනය කරයි!

සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ශීත කළ පීසා වර්ග භාවිතයෙන්…

2 days ago