සැම්බියාව විසින් ඔවුන්ගේ ඩොලර් බිලියන 6.3ක ද්විපාර්ශ්වික ණය සාර්ථක ලෙස ප්‍රතිව්‍යුහගත කිරීමට සමත්ව සිටින බව නිවේදනය කර තිබෙනවා. ඩොලර් බිලියන 22ක ආර්ථිකයක් ඇති සැම්බියාව ඩොලර් බිලියන 32.8ක ණය කන්දක් ගොඩ ගසාගෙන සිටි අතර එයින් ඩොලර් බිලියන 18.6ක් පමණම විදේශ ණයයි. 2020 නොවැම්බර් 13 දින සැම්බියාව විසින් ණය ගෙවීම පැහැර හරිනු ලැබුවා. ඉන් පසුව එකතු වූ නොගෙවු පොලී ඩොලර් බිලියන 1.2ක්ද ඉහත ගණනට ඇතුළත්.
ඉහත ණය වලින් මේ වන විට ප්‍රතිව්‍යුහගත කරනු ලැබ ඇත්තේ ද්විපාර්ශ්වික ණයයි. එම ණය වසර තුනක සහන කාලයකින් පසුව වසර විස්සක කාලයක් තුළ ආපසු ගෙවීම ඇති කරගෙන තිබෙන එකඟතාවයි. සහන කාලය තුළ පොලිය පමණක් ආපසු ගෙවීමට නියමිතව අතර පොලිය සීමා කිරීමක්ද සිදු වනවා. කෙසේ වුවද, සැම්බියාවේ ආර්ථිකය වඩා යහපත් වුවහොත් සැම්බියාව විසින් වඩා වැඩි පොලියක් ගෙවිය යුතු අතර ණය වාරිකද වඩා කලින් ආපසු ගෙවිය යුතුයි. මේ හා අදාළ විස්තරාත්මක තොරතුරු තවමත් ප්‍රසිද්ධ කර නැහැ.
ඉහත ද්විපාර්ශ්වික ණය වලට අමතරව ඩොලර් බිලියන 6.7ක වාණිජ ණයද මෙම කොන්දේසි යටතේම ප්‍රතිව්‍යුහගත කරනු ලැබීමට නියමිතයි. එහෙත්, කිසිදු ආකාරයක දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් සිදු වන්නේ නැහැ. ඒ සඳහා විදේශ ණයහිමියන්ගේ එකඟත්වය ලැබී තිබෙනවා.
සැම්බියාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගිවිසුමකට ගියේ පසුගිය අගෝස්තු මාසයේදී. ණය ප්‍රතිව්‍යුහගත කර අවසන් කිරීමට එතැන් සිට මාස දහයකට ආසන්න කාලයක් ගත වී තිබෙනවා. සැම්බියාවේ ලොකුම ද්විපාර්ශ්වික ණයහිමියා වූයේත්, ණය ප්‍රතිව්‍යුහගත කිරීම කල් යන්නට ප්‍රධානම හේතුව වූයේත් චීනයයි.
~ ඉකොනොමැට්ටා
RN
පක්ෂයේ මධ්‍යම කාරක සභාව සඳහන් කර තිබුණේ, සියලුම ඉහළ නායකත්වයන් එක්සත්ව, ආදර්ශමත්ව, මුළු හදින් සහ…
ඇෆ්ගනිස්ථානය ස්වභාවික විපත්වලට ගොදුරු වන අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය එය දේශගුණික විපර්යාසවලට වඩාත්ම අවදානමට ලක්විය…
ඇකඩමි සම්මානයක්, ප්‍රයිම් ටයිම් එමී සම්මානයක්, ග්‍රැමී සම්මාන 18ක්, හිමිකරගෙන ඇත.
ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකු භාරගෙන නැත.
කෙන්ටකි හි ලුයිස්විල් හි පැවති PGA ශූරතාවලියෙන් පිටතදී ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.
සටහන - නිපුනි ලියනගේ මැයි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Cryptosporidium යනු මිනිසුන්ට සහ සමහර…
රජය පැවසුවේ මෙම නියෝගය LGBTQ පුද්ගලයින් අතර අමනාපයක් ඇති කරන නමුත් ඔවුන් කිසිදු විකල්ප ප්‍රතිකාරයකට…
සටහන - නිපුනි ලියනගේ මැයි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Netflix හි නවතම කතා මාලාවක්…
වෙළඳසල්වල රාක්ක වලින් මේ වන විට ඒවා ඉවත් කරමින් තිබේ.
අගනුවර වන නූමියා යනු කැරලිකරුවන් සිය ගණනක් සිටින ප්‍රදේශයක් වන අතර ඔවුන් තවදුරටත් ප්‍රචණ්ඩක්‍රියා සිදු…
මෙවර 4,000කට අධික පිරිසක් මෙම තරඟය වෙනුවෙන් ඉල්ලුම් කර ඇති අතර ඉන් සුදුසුකම් ලබා ඇත්තේ…
ලොව විශාලතම කුළුබඩු අපනයනකරු, පාරිභෝගිකයා සහ නිෂ්පාදකයා වන ඉන්දියාව වේ.
මෙම හමුව මේ වන විට එක්සත් ජනපදය ඇතුළු ලෝකයේම අවධානයට ලක්ව ඇත.
එරට ආරක්ෂක අමාත්‍ය රොබට් කලිනක් පැවසුවේ අගමැතිවරයාට ශල්‍යකර්මයක් සිදු කළ බවයි.කෙසේ වුවද ඔහුගේ තත්වය බරපතල…