අරුම පුදුම

DNA පරීක්ෂණයකින් විසඳුණු හිට්ලර්ගේ දෙවැනියාගේ අබිරහස

ඇඩොල්ෆ් හිට්ලර්ගේ දෙවැනියා, එහෙමත් නැතිනම් නියෝජ්‍ය නායකයා වුණේ රුඩොල්ෆ් හෙස්. ඔහු 1941 අවුරුද්දේදි දෙවැනි ලෝක යුද්ධය උත්සන්න වෙමින් පවතින විට ස්කොට්ලන්තයට පළා ගියා. ඉන්පස්සෙ මුළු ජීවිත කාලය පුරාම ඔහුට ජීවත් වන්නට සිදුවුණේ යුධ සිරකරුවෙක් විදිහටයි. නමුත් ජර්මනියේ ස්පැන්ඩෝ හි සිරගත කර සිටි රුඩොල්ෆ් හෙස්, ඇත්තම හෙස්ද? ඒක මුල පටන්ම අබිරහසක් විදිහට ඉතිරි වෙලා තිබුණු ප්‍රශ්නයක්. දැන් ඒ අබිරහස විසඳන්න තාක්ෂණය පිහිටට ඇවිත්.

conspiracy theory  එකක් විදිහට දෙවන ලෝක යුද්ධ ඉතිහාසය පුරා පැවතුණු මේ සිදුවීම රසවත් ඉතිහාස කතාවක්. 1941 මැයි මාසයේ නාසි නායක ඇඩොල්ෆ් හිට්ලර්ගේ නියෝජ්‍ය නායකයා ජර්මනියේ සිට ස්කොට්ලන්තය බලා තනිවම පළා යන්නේ බ්‍රිතාන්‍යය සහ ජර්මනිය අතර සටන් විරාමයක් ගැන කතා බහ කරන්නයි. ඒ වන විට තමන් දෙවන ලෝක යුද්ධයෙන් අන්ත පරාජයක් ලබන්න ආසන්න බව ජර්මනියට වැටහෙමින් තිබුණා.

නමුත් ඊට පස්සෙ සිද්ධ වුණේ ඔහුව එංගලන්තයෙදි අත්අඩංගුවට අරන්, දෙවන ලෝක යුධ සමයේ කළ යුධ අපරාධ ගැන හොයන නියුරම්බර්ග් යුධ අපරාධ අධිකරණයට භාර දුන්නු එකයි. එතැනින් ඔහුව ජර්මනියේ බර්ලින් නුවර පිහිටා තිබුණු ස්පැන්ඩෝ සිරගෙදරට ඔහුව යැවෙනවා. අවසානයේ 1987 වසරෙදි ඔහු මිය යනවා.

ඔහුගෙ සිරකරු අංකය වුණේ “Spandau #7”. නමුත් ඇත්තටම ඒ හිටියෙ හිට්ලර්ගෙ දෙවැනියාද?

ඒ කාලයේ ඇමරිකානු ජනාධිපතිවරයා වුණේ ෆ්‍රෑන්ක්ලින් ඩි රුස්වෙල්ට්. ඔහු, මේ සිටින්නේ හෙස් නොව වෙනත් අයෙක් බව තරයේ විශ්වාස කළ කෙනෙක්. ඩබ්. හියු තෝමස් නමැති බ්‍රිතාන්‍ය වෛද්‍යවරයාත් මේ මතයට පොහොර දැම්මා.

අවසානයේ බ්‍රිතාන්‍ය රජය මේ සිදුවීම ගැන සොයන්න විමර්ශන 4 ක් පවත්වනවා. නමුත්
“doppelgänger conspiracy” නමින් ප්‍රකට වුණු මේ අබිරහස, එහෙමත් නැතිනම් කුමන්ත්‍රණකාරී රහස විද්‍යානුකූලව අවසානයක් දකින්න අවුරුදු 70 ක් ගත වුණා.

ඒ දක්වා පැවතුණු සැකයන් කිහිපයක් තිබුණා. රුඩොලර්ෆ් හෙස් නීතියෙන් පැන ගිහින් පිටරටක පදිංචි වී රහස් ජීවිතයක් ගත කළාද? ඔහු වෙනුවෙන් සිරබත් කෑවේ ‘ඩමියක්‘ද? අවසානයේ ජර්මානු රජය 2011 වසරේදී තීරණය කරන්නේ ඔහුගේ යැයි කියැවුණු, එහෙමත් නැතිනම්
“Spandau #7” ගේ මළසිරුර නැවත ගොඩ ගන්නටයි. එය තමයි, ඒ සිරුර ඔහුගේ ද කියා
DNA තාක්ෂණයෙන් තහවුරු කර ගන්නට තිබුණු අවසන් අවස්ථාව.

දැන් ඒ අබිරහස විසඳිලා. DNA පරීක්ෂණයේ ප්‍රතිඵල ඇවිත්. ඒ අනුව
Spandau #7 යනුවෙන් සිරබත් කෑවේ නාසි යුධ අපරාධකරුවා වුද, හිට්ලර්ගේ දෙවැනියා වූ ද රුඩොල්ෆ් හෙස් බවටම දැන් තහවුරු වී තිබෙනවා.

ඩීඑන්ඒ පරීක්ෂණය සඳහා ලක් කළ හෙස්ගේ රුධිර සාම්පලය The front and back of the blood sample, labelled “Spandau #7 PATHOLOGY SVC HEIDELBERG MEDDAC 1139”

රුඩොල්ෆ් හෙස් ගැන

හෙස් ඉතිහාසය පුරාම මාතෘකා සැපයූ අයෙක්. ඔහු නාසි පක්ෂයේ ප්‍රධානතම දේශපාලකයෙක්. ඒ වගේම හිට්ලර්ගේ සමීපතම මිත්‍රෙයක්. එක්සත් රාජධානිය සමග ඔහු සටන් විරාම ගිවිසුමක් සඳහා අසාමාන්‍ය විදිහට උත්සාහ කළා. නූතන නාසි ව්‍යාපාරය, එහෙමත් නැතිනම් ‘නියෝනාසි‘ ව්‍යාපාරය තුළ අදටත් ඔහුට වීරයෙකුගේ පිළිගැනීමක් තිබෙනවා. ඔහුගේ සිරුර භූමදාන කළ වුන්සීඩෙල් නගරය ( Wunsiedel ) නියෝ නාසීන්ගේ ජනප්‍රියම විරෝධතා භූමියක්. 2011 වසරේදී ඔහුගේ සිරුර ගොඩගැනීමෙන් පසු ජර්මානු බලධාරීන් ඔහුගේ සිරුර භෂ්මාවශේෂ බවට පත් කර ඒ අළු මුහුදට දමා සොහොන විනාශ කළා.

නමුත් ඒ අවස්ථාව වන විටත්හෙ ස්ගේ DNA සාම්පල බලධාරීන් විසින් ලබාගෙන තිබුණා. විශේෂත්වය එයයි. ස්පැන්ඩෝ බන්ධනාගාරය පවතින්නේ එක්සත් රාජධානියේ පාලනය යටතේයි. නමුත් එහි පරිපාලනයට ප්‍රංශය, ඇමරිකා එක්සත් ජනපදය සහ සෝවියට් සංගමය සම්බන්ධ වෙනවා. ඔවුන් මේ භූමදාන කටයුතු සිදුවන මාසය පුරාම මාරුවෙන් මාරුවට එහි කටයුතු අධීක්ෂණය කළා.

1982 වසරේදී ඇමරිකානු වෛද්‍යවරයෙක් වන ෆිලිප් පිට්මන් ( Phillip Pittman) හෙස්ගේ රුධීර සාම්පලයක් ලබාගෙන තිබුණා. ඒ, සාමාන්‍ය පරිදි සිදුකරන සෞඛ්‍ය පරීක්ෂාවේ එක් අදිරයක් වශයෙන්. මේ අතර ව්‍යාධිවේදියෙකු (පැතලොජිස්ට්) වූ රික් වාල් (Rick Wahl) අන්වීක්ෂ කදාවක බහා එහි සෛල ගණනයක් ද සිදුකර තිබුණා. එම කදාවට නම තබා තිබුණේත්
“Spandau #7 යනුවෙන්. ඉන්පසු එම කදාව සම්පූර්ණයෙන්ම වායු රෝධක කර වොෂින්ටන් ඩීසී හි වෝල්ටර් රීඩ් හමුදා වෛද්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යයන කටයුතු සඳහා ඔහු විසින් පරිස්සම් කරගෙන තිබුණා.

“Spandau #7” – රුඩොල්ෆ් හෙස්ගේ රුධිර සාම්පලයේ අන්වීක්ෂීය ඡායාරූපයක්

1990 දශකයේ මැද භාගයේ තවත් ඇමරිකානු හමුදා වෛද්‍යවරයෙකු වූ ෂර්මන් මැකෝල් (Sherman McCall ) හට එම හමුදා රෝහලේ නේවාසිකව සේවය කරමින් සිටින අතරවාරයේ මේ රුධිර කදාව ගැන අසන්නට ලැබුණා. මැකෝල් අණුක ව්‍යාධිවේදිය (molecular pathology ) පිළිබඳ විශේෂ පුහුණුවක් ලද කෙනෙක්. හෙස් සම්බන්ධ ඓතිහාසික අබිරහස විසඳා ගැනීමට තමන්ගේ දැනුම පාවිච්චි කරන්නට ඔහු කල්පනා කළා. ඔව්…, ඇත්තටම එය නම් කදිම අදහසක්.

ඉන්පසු මැකෝල්, ඔස්ට්‍රියාවේ සැල්ස්බර්ග් සරසවියේ නීති වෛද්‍ය අංශයේ DNA ඒකකයේ අණුක ජීව විද්‍යාඥයෙකු වන ජැන් කෙම්පර් (Jan Cemper-Kiesslich) ඇමතුවා. හෙස්ගේ අබිරහස විසඳා ගැනීමට යොදාගත හැකි වියළි ලේ කදාව ගැන ඔහු සමග පැවසුවා.

වෝහාරික DNA ක්‍රමවේදයන් සමග කටයුතු කරමින් කෙම්පර්ගේ කණ්ඩායම වියළි ලේ කදාවෙන් DNA අණු වෙන් කර ගත්තා. ඩේවිඩ් අර්වින් (David Irving) නමැති, යුදෙව් සංහාරයක් සිදුවුණු බව ප්‍රතික්ෂේප කළ විද්වතාව ද ඔවුන් මේ සඳහා සම්බන්ධ කර ගත්තා. අර්වින්, මේ අවස්ථාව දකින්නට ඇත්තේ හෙස්ගේ නිර්දෝෂී බව ඔප්පු කළ හැකි ස්වර්ණමය අවස්ථාවක් ලෙස. ඔහු වහාම හෙස්ගේ පුත්‍රයා වන වොල්ෆ් රුඩිගර් හෙස් ( Wolf Rüdiger Hes‍) ගේ දුරකථන අංකය ලබාදුන්නා. නමුත් එම දුරකථන අංකය කිසිදා සම්බන්ධ කර ගත හැකි වුණේ නැහැ. හෙස් පුත්‍රයා ඒ වන විටත් මිය ගිහින්.

ස්පැන්ඩෝ බන්ධනාගාරයේ සිටියදී රුඩොල්ෆ් හෙස්- හිට්ලර්ගේ දෙවැනියා මෙසේ ඡායාරූප ගත කර තිබිණි.

මේ අනුව හෙස්ගේ ජීවතුන් අතර සිටින ලේ ඥාතීන් සොයාගැනීම අනිවාර්යයෙන් කළ යුතු වුණා. ඒ පවුල අතිශය පුද්ගලික ලෙස, සමාජයීය නොවන ජීවිතගත කරමින් සිටි අයයි. ඒ වගේම හෙස් වාසගමෙන් යුත් පවුල් රාශියක් ජර්මනියේ සිටින නිසා රුඩොල්ෆ් හෙස්ගේ පවුලේ අය සොයාගැනීම කිසිසේත්ම ලෙහෙසි වුණේ නැහැ. නමුත් අවසානයේ ඔවුන් එය කළා. ඔවුන්, ඒ වන විට ජීවතුන් අතර සිටි හෙස්ගේ පිරිමි ඥාතියෙකුගෙන් DNA සාම්පල ලබාගැනීමට සමත් වුණා.

වෝහාරික DNA විශ්ලේෂණය කේන්ද්‍රීය ගත වුණේ වයි ක්‍රෝමසෝමය (පිරිමි වර්ණදේහය) (Y chromosome) වෙත සහ ගෙනෝමයේ වෙනත් කොටස්වල සලකුණු වී තිබූ ජානමය ලක්ෂණ වෙතයි. ඒවා සමාන බව සොයාගැනුණා. එම පිරිමි ඥාතියාා සහ හෙස් පවුලේ තවත් සාමාජිකයෙක් අවසානයේ ලබාගත් DNA ප්‍රතිඵල සටහන නිරීක්ෂණය කළා. ඒ වගේම ඔවුන් එයට සිය අනුමැතිය ද ලබාදුන්නා. නමුත් ඒ සොයාගැනීම් සම්බන්ධ වැඩිදුර සංවාදයකට එළඹීමෙන් ඔවුන් වැළකී සිටියා.

මේ අතර, තවත් අපූරු සිදුවීමක් වුණා. හෙස්ගේ භාර්යාව වුණු අයිල් ( Ilse), කිසිදාක මේ කතාව විශ්වාස කළේ නැහැ. වරක් ස්පැන්ඩෝ හි බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයා මුණ ගැසුණු වේලාවේ ඇය විහිළු කර තිබුණේ ‘‘කොහොමද දැන් doppelgänger කේස් එකේ තත්වය?“ යනුවෙන් අසමින්.

1946 නියුරම්බර්ග් නඩුවිභාගය ආරම්භ වන අවස්ථාවේදී හර්මන් ගෝරිං, රුඩොල්ෆ් හෙස් සහ ජෝසිම් වොන් රිබන්ට්‍රොප් | Hermann Goring, Rudolf Hess and Joachim Von Ribbentrop in the dock at the Nuremberg trials, waiting for the morning session to start in 1946

DNA පරීක්ෂණයේ ප්‍රතිඵලය

හෙස්ගේ ජීවතුන් අතර සිටින පවුලේ ඥාතීන් සහ හෙස්ගේ රුධිර සාම්පලයේ තිබුණු ඩීඑන්ඒ අණුවල ව්‍යූහය 99.99 ක්ම ගැළපෙන බව සංඛ්‍යාන විද්‍යාත්මකව තහවුරු වුණා. ඒ අනුව පර්යේෂකයන් මෙසේ කිව්වා. “that prisoner ‘Spandau #7’ indeed was Rudolf Hess, the Deputy Führer of the Third Reich”. ‘‘ඒ සිරකරු, ‘Spandau #7’ නියත වශයෙන්ම හිට්ලර්ගේ ජර්මානු අධිරාජ්‍යයේ දෙවැනියා වන රුඩොල්ෆ් හෙස් ගේ ය.“

Men posing next to Rudolf Hess’s Messerschmitt Bf 110 which crashed near Eaglesham, Scotland on 10 May 1941.

මෙයට අදාළ පර්යේෂණ ප්‍රතිඵලය Forensic Science International Genetics හි පළ වී තිබෙනවා. මේ පර්යේෂණ සැලකෙන්නේ දෙවන ලෝක යුද්ධයේ වඩාත්ම වැදගත් චරිතයක් සම්බන්ධයෙන් සිදුකෙරුණු වැදගත්ම විද්‍යාත්මක අනාවරණය ලෙසයි.

හෙස් ගේ පළායාම ගැන එකල පළ වූ පුවත්පත් වාර්තාවක් | Contemporary news coverage of Hess’s flight

මූලාශ්‍රය: නිව් සයන්ටිස්ට් New Scientist

Share

Recent Posts

දකුණු වියට්නාමයේ ජලාශයක මත්ස්‍යයින් විශාල සංඛ්‍යාවක් මිය යයි!

මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…

10 hours ago

ගිටාර් වීරයා DUANE EDDY ගිටාරය තනිකර ජීවන රිද්මයට තිත තබයි!

මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…

16 hours ago

බ්‍රසීලයට ගං වතුර, 10ක් මිය යයි!21ක් අතුරුදහන්

පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…

18 hours ago

කාන්තාවන් පිරිමින්ට වඩා වසර ගණනාවක් ජිවත්වන මුත් දිගුකාලින අසනීප තත්වයන්ගෙන් පෙළෙන බව අධ්‍යනයකින් හෙළි වේ

කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…

18 hours ago

චාලි මා හදවතෙහි ජීවත් ව හිඳී

උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!

19 hours ago

අවිහිංසාවාදී විශ්ව විද්‍යාල උද්ගොෂණයට පොලිසිය කඩා වැදීමත් සමඟ එක්සත් ජනපදයේ භාෂණයේ නිදහස පිළිබඳව ප්‍රශ්න මතු කෙරේ

එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.

20 hours ago

ට්‍රම්ප්ට ඇ. ඩොලර් 9,000 ක දඩයක්!

ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…

1 day ago

මයික්‍රොසොෆ්ට් ඉන්දුනීසියාවේ ඩොලර් බිලියන 1.7 ක් ආයෝජනය කරයි

මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…

2 days ago

දකුණු චීනයේ මාර්ගයක් කඩා වැටීමෙන් 19දෙනෙකු මිය යයි

ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.

2 days ago

කළු මුහුදේ වරාය නගරයක් වන ඔඩෙසා වෙත රුසියානු මිසයිල ප්‍රහාරයක්!

යුක්‍රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.

2 days ago

CLARA CHIZOBA තැබූ ගිනස් වාර්තාව!

වාර්තාව තබන අතරතුර ඇය සෑම පැයකට වරක් මිනිත්තු 5ක විරාමයක් ලබාගෙන ඇති අතර, කෙටි නින්දකට,…

2 days ago

සිරකරුවන් 118 දෙනකු පැන ගිහින්!

බන්ධනාගාර ගොඩනැඟිලිවලින් විශාල ප්‍රමාණයක් සහ එහි උස් තාප්පයේ කොටසක් කඩා වැටී ඇති අතර, සිරකරුවන් පලාගොස්…

2 days ago

ඉන්දුනීසියාවේ රුවන්ග් ගිනිකන්ද නැවත පුපුරා යයි

ගිනිකන්ද පුපුරා යාමත් සමඟ සුන්බුන් මුහුදට වැටී සුනාමියක් ඇති ව තිබේ.

2 days ago

2047 වන විට ඉන්දියාව ලෝකයේ තෙවන විශාලතම ආර්ථික බලවතා බවට පත්වේ

ඉන්දියාව පසුගිය වසරේ පස්වන විශාලතම ආර්ථිකය ලෙස එක්සත් රාජධානිය අභිබවා යන ලදී.

2 days ago

රෆා ප්‍රහාරය දියත් කරන බවට නෙතන්යාහු සහතික වේ

පලස්තීන ජනතාවගේ ඉතිහාසයේ විශාලතම ව්‍යසනය..

2 days ago