පසු ගිය සදුදා දින ධවල මන්දිරයේ රෝස් ගාර්ඩ්න් හී දී පැවති මාධ්‍ය සාකච්ඡාවකදී ඇමරිකානු ජනපතිවරයාව අභියෝගයට ලක් කරමින් ඇසූ ප්‍රශ්නයක් හදිසියේම එම පුවත් පත් සාකච්ඡාව නැවැත්වීමට හේතුවක් විය.
ප්‍රශ්නෝත්තර සැසියකදී සීබීඑස් ප්‍රවෘත්ති සේවයේ ධවල මන්දිර වාර්තාකරු වීජියා ජියැන්ග් විමසුවේ, වෛරසය සම්බන්ධ පරීක්ෂණ ක්‍රියාකිරීමේදී එක්සත් ජනපදය වෙනත් ඕනෑම රටකට වඩා හොඳින් කටයුතු කරන බව ජනාධිපතිවරයා නිරන්තරයෙන් අවධාරණය කරන්නේ මන්ද යන්නයි.
“එය වැදගත් වන්නේ ඇයි?” ඇය විමසුවාය. “සෑම දිනකම ඇමරිකානුවන්ට තවමත් ජීවිත අහිමි වෙමින් පවතින අතර, අපි තවමත් දිනපතා තවත් සිද්ධීන් දකින්නේ නම් මෙය ඔබට ගෝලීය තරඟයක් වන්නේ ඇයි?”
ඇය ගේ ප්‍රශ්නය හමුවේ උරණ වූ ට්‍රම්ප්ගේ පිළිතුර වූයේ “හොඳයි, ඔවුන් ලෝකයේ සෑම තැනකම ජීවිත අහිමි කරමින් සිටිනවා. ඒ නිසා එය ඔබ චීනයෙන් ඇසිය යුතු ප්‍රශ්නයක්. මගෙන් අහන්න එපා. චීනයෙන් ඒ ප්‍රශ්නය අසන්න. ඔබ චීනයෙන් එම ප්‍රශ්නය ඇසූ විට ඔබට අසාමාන්‍ය පිළිතුරක් ලැබෙනු ඇත. ” යනුවෙනි.
ට්‍රම්ප් මෙවැනි පිළීතුරක් ලබා දුන්නේ මන්දැයි මාධ්‍යවේදිනිය දිගින් දිගටම ප්‍රශ්න කළාය . නමුත් ඇයට නිසි පිළිතුරක් ලබා නොදෙමින් ජනපතිවරයා විසින් ඇයව විවේචනයට පක් කලේ වැඩකට නැති ප්‍රශ්නයක් ඇසුවෙක් ලෙසිනි.
ඒත් සමග ජනපතිවරයා ඇයට විරෝධය දක්වමින් සිය මාධ්‍ය සාකච්ඡාව අවසන් කර සාකච්ඡාවෙන් පිටත්ව ගියේය.
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…
කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…
උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!
එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.
ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…
මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…
ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.
යුක්‍රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.
වාර්තාව තබන අතරතුර ඇය සෑම පැයකට වරක් මිනිත්තු 5ක විරාමයක් ලබාගෙන ඇති අතර, කෙටි නින්දකට,…
බන්ධනාගාර ගොඩනැඟිලිවලින් විශාල ප්‍රමාණයක් සහ එහි උස් තාප්පයේ කොටසක් කඩා වැටී ඇති අතර, සිරකරුවන් පලාගොස්…
ගිනිකන්ද පුපුරා යාමත් සමඟ සුන්බුන් මුහුදට වැටී සුනාමියක් ඇති ව තිබේ.
ඉන්දියාව පසුගිය වසරේ පස්වන විශාලතම ආර්ථිකය ලෙස එක්සත් රාජධානිය අභිබවා යන ලදී.