එසැණ පුවත්

සූවස් ඇළ හිර කළ එවර්ගිවන් නෞකාව ඊජිප්තුව ග්‍රහණයට ගනියි – ඩොලර් මිලියන 900 ක වන්දියකුත් ඉල්ලයි

සූවස් ඇළ කැණීමට ප්‍රමුඛතම දායකත්වයක් ලබාදුන් ඊජිප්තුව විසින් මෙසේ සිදුකකරන්නේ අධිකරණ නියෝගයක් මත ය.

අල් අහ්රාම් ඊජිප්තු පුවත් වාර්තාවට අනුව එවර්ගිවන් නෞකාවේ ජපන් හිමිකරු වූ ෂෝයි කිසෙන් කයිෂා හට ඇමරිකානු ඩොලර් මිලියන 900 ක වන්දි ගෙවීමට ද නියම කර තිබේ.

ඒ, පැනමා ධජය සහිතව සූවස් ඇළ දිගේ යාත්‍රා කළ අති දැවැන්ත කන්ටේනර් නෞකාව විසින් ගෝලීය වාණිජ කර්මාන්තයට සිදුකළ පාඩුව ට වන්දි ලෙස ය.

මෙම දැවැන්ත වන්දි මුදලට, නෞකාව මුදා ගැනීමේ මෙහෙයුම් ගාස්තු සහ නඩත්තු ගාස්තු ද ඇතුළත් ය.

දින 6 ක් සූවස් ඇළ අවහිර කළ මෙම නෞකාව මාර්තු 29 වැනිදා මුදාගෙන අසල තිබූ ග්‍රේට් බිටර් විල වෙත ගෙන යනු ලැබිණි. එහිදී නෞකාවේ යාත්‍රා කිරීමට සුදුසු බව හෙවත් ‘සාගර යෝග්‍යතාවය‘ (seaworthiness) අධීක්ෂණයට ලක් කළ අතර, අවශ්‍ය අලුත්වැඩියා කටයුතු ද සිදුකරනු ලැබිණි.

එක්සත් රාජධානිය සහ ඊජිප්තුව අතර ආරාවුලක්

මේ අතර, එවර්ගිවන් නෞකාවේ රක්ෂණ සමාගම ලෙස කටයුතු කරන්නේ එක්සත් රාජධානියේ UK Club සමාගමයි. සූවස් ඇළේ පරිපාලන කටයුතු භාරව සිටින ‘සූවස් කැනල් ඕතොරිටි‘ – SCA විසින් ද ඩොලර් මිලියන 916 ක වන්දියක් ඉල්ලා තිබුණු අතර, එම මුදල ගෙවීමට එම UK Club සමාගම දැනට එකඟ වී තිබේ.

ඔවුන් පවසන්නේ එසේ තිබියදීත්, ඊජිප්තුව විසින් ඉල්ලා සිටින වන්දි මුදල අතිශය විශාල සහ අසාධාරණ එකක් වන බවයි.

‘නැව බේරාගැනීමේ බෝනස්‘ මුදල ලෙස ඩොලර් මිලියන 300 ක්ද, ‘කීර්තිය අහිමි වීමේ වන්දිය‘ ලෙස තවත් ඩොලර් මිලියන 300 ක් ද මෙයට අයත් බවට එක්සත් රාජධානියේ රක්ෂණ සමාගම චෝදනා කරයි.

මේ අනුව ඊජිප්තුව සහ එක්සත් රාජධානිය අතර එවර්ගිවන් නෞකාව නිසා මේ වන විට සමුද්‍රීය වාණිජ ආරවුලක් ද පැනනැගී තිබේ.

මෙම නෞකාවේ නිල නාමය ‘එවර්ගිවන්‘ වන අතර, එහි මෙහෙයුම් කටයුතු භාරව සිටියේ තායිවානයේ ‘එවර්ග්‍රීන් මැරයින්‘ සමාගමයි. ඒ අනුව මෙම නෞකාව ‘එවර්ග්‍රීන් නෞකාව‘ යනුවෙන් ද හැඳින්වේ.

Share

Recent Posts

රතු තොල් සායම් ගෑවොත් දැඩි දඬුවම්!

රතු තොල් සායම් පමණක් නොව, ගෝලීය වශයෙන් ජනප්‍රිය විලාසිතා ද තහනම් කිරීමට උතුරු කොරියානු රෙජීමය…

4 hours ago

පුටින්ගේ තවත් තීරණයක්!

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් විසින් කැබිනට් සංශෝධනයක කොටසක් ලෙස Sergei Shoigu ආරක්ෂක අමාත්‍ය ධුරයෙන් ඉවත්…

5 hours ago

‘එවරස්ට් මිනිසා’ 29වැනි වරටත් කඳු මුදුන තරණය කරයි

Kami Rita 29වන වරටත් එවරස්ට් තරණය කරමින් තමන්ගේ වාර්තාව තමා විසින්ම අභිබවා ඇත.

1 day ago

මොදී කාශ්මීරයෙන් තරඟ නොකරයි

භාරතීය ජනතා පක්ෂය 1996 න් පසු කලාපයේ මහ මැතිවරණයකට ඉදිරිපත් නොවූ පළමු අවස්ථාව වේ.

1 day ago

ඇෆ්ගනිස්ථානයට බලපෑ හදිසි ගංවතුර තත්වය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 300 ඉක්මවයි

ජාත්‍යන්තර ගලවා ගැනීමේ කමිටුව (IRC) විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ලෝක නායකයන්ට මතක්කර දී තිබුණේ, දශක…

1 day ago

දිල්ලි මහා ඇමති කෙජ්රිවාල් ඇප මත මුදා හැරේ

බන්ධනාගාරයෙන් නිදහස් වූ විගස, සිය ආධාර කරුවන් හමුවෙමින් දිල්ලි මහ ඇමතිවරයා සඳහන් කර තිබුණේ, ඔබ…

2 days ago

සීක් බෙදුම්වාදී නායකගේ මරණය සම්බන්ධයෙන් කැනඩාව ඉන්දීය රජයට එරෙහිව කිසිදු සාක්ෂියක් සොයාගෙන නොමැත – ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශය

රන්දීර් ජයිස්වාල් කැනඩාව ඉන්දීය අන්තවාදීන්ට රැකවරණය සපයන බවට ඉන්දියාවේ දීර්ඝ කාලීන චෝදනාව යළිත් අවධාරණය කර…

3 days ago

ඇමරිකාව චීන සමාගම් රැසකට වෙළඳ සිමා පනවයි

මෙම වෙළඳ සිමා පැනවීම සම්බන්ධයෙන් වොෂින්ටනයේ චීන තානාපති කාර්යාලය මේ වෙනුවෙන් ප්‍රතිචාර දක්වා නොමැත.

3 days ago

Bieber පවුලට එන්නට සැරසෙන අලුත් සාමාජිකයා ගැන හෙළිදරවුවක්!

සටහන - නිපුනි ලියනගේ මැයි 10 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ලොවක් ආදරය කරන, රසිකාවියන්ගේ සිහින…

3 days ago

Met Gala 2024හි තරු පිරිවරගේ විලාසිතා!

සටහන - නිපුනි ලියනගේ මැයි 10 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වසරේ විශාලතම විලාසිතා දැක්ම "Met…

3 days ago

බයිඩන්ගේ උදවු නොමැතිවුවත් රෆා මෙහෙයුම ස්ථිරයි- නෙතන්යාහු

ඊශ්‍රායලයේ සතුරන් මෙන්ම හොඳම මිතුරන් ද තම රට යටත් කර ගත නොහැකි බව තේරුම් ගත…

4 days ago

දකුණු කොරියාවේ උපත් අනුපාතය සිඝ්‍රයෙන් අඩුවීම හේතුවෙන් නව අමාත්‍යංශයක් ස්ථාපිත කෙරේ

රුපවාහිනී සාකච්ජාවකට අදහස් දක්වමින් ජනාධිපතිවරයා වැඩි දුරටත් සඳහන් කර තිබුණේ, තම ධුර කාලය තුළ ඉදිරි…

4 days ago

වාර්ගික පවිත්‍ර කිරීම් වෙනුවෙන් ඩාර්ෆූර්හිහි මහා පරිමාණයෙන් සිවිල් වැසියන් සමූල ඝාතනය කෙරේ

මෙම බිහිසුණු නව සාක්ෂිය වසරක් පුරා පැවති සුඩාන සිවිල් යුද්ධයේ දරුණුතම කුරිරුකම්වලින් එකක් විස්තර කෙරේ…

4 days ago