ලෝකයේ ලොකුම මාළු වෙළඳපොළේ හිමිකරු ද වන සුෂී බොස් කියොෂි කිමුරා (Kiyoshi Kimura) නව අවුරුද්දේ වැඩ පටන් ගත්තේ තෝකියෝවේ ඉදි කළ තමන්ගේ නව මාළු වෙළඳසලේ අති දැවැන්ත ටූනා වෙන්දේසියක් දමමිනි.
නිල් වරල් සහිත, මේ ටූනා දැවැන්තයා අවසානයේ ඩොලර් මිලියන 3.1 ක් (පවුම් මිලියන 2.5)කට වෙන්දේසි විය.
වැදගත්ම කාරණය, කිලෝ 278 ක් බරැති මේ bluefin tuna ලෝක වනජීවී අරමුදල (World Wildlife Fund) විසින් වඳ වී යන සත්ව විශේෂයක් ලෙස නම් කර තිබීමයි.
ටූනා මසුන් බල මාළු වර්ගයට අයත් වන නමුත්, උන් වෙනම විශේෂයක් ලෙස සත්ව විද්‍යාවේදී සැලකේ.
නමුත් සුෂී බොස් කිමුරාට එහි වගක් නැත.
සුෂී සාදන්නේ අමු මාළුවලින් නිසා අනෙකුත් සුෂී සාදන්නන් මෙන්ම ඔහුද ටූනා මසුන්ට ඉතා ප්‍රිය ය.
ඔහුගේ ධන සම්භාරය ටූනා මසුන්ට ණයගැති ය. ටූනා මත්ස්‍යෙයකු හට වෙන්දේසියකදී ගෙවන වැඩිම මුදල සඳහා ලෝක වාර්තාව උසුළන්නේ ඔහු ය. 2013 වසරේදී ඩොලර් මිලියන 1.4 ක් ගෙවමින් තැබූ වාර්තාව ඒ අනුව ඊයේ දිනයේ ඔහු විසින්ම නැවත අලුත් කරන්නේ, එමෙන් දෙගුණයක මුදලක් ගෙවමිනි.
සුෂී, ජපන් සංස්කෘතියේ කොටසක් බවට පත් ව තිබීම ඔවුන්ගේ වාසනාවකි.
ජපානය සුෂීවලට පමණක් නොව තල්මස් මාළුවලට ද ඉතා ප්‍රිය ය.
මුළු ලෝකයම එපා කිව්වත්, ජපානය මේ ජනවාරියේ සිට වාණිජ තල්මස් දඩයම ද ආරම්භ කිරීමට නියමිත ය.
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…
කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…
උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!
එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.
ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…
මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…
ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.
යුක්රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.