පුවත්

“යුරෝපයට බලපා ඇති නියඟය වසර 500ක් අතීතයට අපව රැගෙන යමින් ඇත”-යුරෝපා කොමිසම

යුරෝපීය කොමිසමේ පර්යේෂණ අංශයේ කොටසක් වන ගෝලීය නියඟ නිරීක්ෂණාගාරය විසින් පසුගිය දා එළිදක්වන ලද නවතම වාර්තාව පවසන්නේ පවතින දැඩි උෂ්ණාධික නියං කාලගුණ තත්වය හේතුවෙන් මහාද්වීපයේ 47%ක් පමණ අනතුරු ඇඟවීමේ තත්ත්වයක පවතින බවයි. පස දැඩිව වියලිව ඇත. මීට අමතරව වර්ෂාව නොමැතිකම හේතුවෙන් 17%ක් පමණ රටවල වෘක්ෂලතාදීය කෙමෙන් විනාශවන බවට ද අනතුරු ඇඟවීමේ සංඥා නිකුත් කර තිබේ.

ඒ අනුව යුරෝපයේ තුනෙන් දෙකක්ම යම් ආකාරයක නියඟ අනතුරු ඇඟවීමක් යටතේ පවතී, එය වසර 500 තුළ සිදු වූ දරුණුතම සිදුවීම විය හැකිය. ඒ අනුව කොමිසම විසින් මූලික දත්ත වලට අනුව වර්තමානයේ පවතින නියඟය අවම වශයෙන් වසර 500 කට පසුව ඇති දරුණුතම නියඟය බවට පුරෝකතනය කර ඇත.

මෙම පර්යේෂණ වාර්තාවට අනුව අස්වනු අඩුවීම හා ලැව් ගිනි ඇතිවීම අවධානම බරපතල ලෙස යුරෝපයේ දකුණු දිග ජාතීනට බලපානු ඇත. මෙම තත්වය පසුගිය වසර 500කට අධික කාලයට සාපේක්ෂව බඩ ඉරිඟු වගාවේ අස්වැන්න 16%කින් ද, සෝයා බෝංචි 15%කින්ද, සූරියකාන්ත වගාව 12%කින්ද අඩු වේ. එමෙන්ම කාලගුණික විපර්යාස හේතුවෙන් අරතිවන දැඩි උෂ්ණත්වය හේතුවෙන් ජල මූලාශ්‍ර විනාශ වීම හේතුවෙන් යුරෝපයේ ගංඟා සිඳී යාමේ ප්‍රවණතාවක් ඇත. ගංඟා සිඳීයාම බරපතල ලෙස බලශක්ති මූලයන් කෙරේ බලපාන අතර ජල විදුලිය නිපදවීම 20%කින් අහිමිවනු ඇත.

පර්යේෂණ කොමසාරිය් මාරියා ගේබ්‍රියෙල් මේ සම්බන්ධව ප්‍රකාශ කර තිබුණේ කාලගුණික විපර්යාසයන් හේතුවෙන් පවතින ලැව්ගිණි ඇතිවීමේ අවධානම ඉහළ ගොස් ඇති බවයි. මෙම තත්වය බරපතල ලෙස ඉතාලිය, ස්පාඤ්ඤය, පෘතුගාලය, ප්‍රංශය, ජර්මනිය, නෙදර්ලන්තය, බෙල්ජියම, ලක්සම්බර්ග්, රුමේනියාව, හංගේරියාව, උතුරු සර්බියාව, යුක්රේනය, මෝල්ඩෝවා, අයර්ලන්තය සහ එක්සත් බලපෑම් කරනු ඇති බවයි.

එක්සත් රාජධානියේ මේ වන විට අධික ඉඩෝරය හේතුවෙන් සරත් සෘතුව පැමිණියා මෙන් ගහ කොළ රතට හුරුව ඇත. මේත් සමඟ සතවර්ෂ ගණනාවකට පෙර මිහිදන් වූ නටඹුන් ලෝකය පුරා නැවත නැවත මතුවෙමින් තිබේ. මේවා ඓතිහාසික නියඟ කාලවලදී ඒවායේ මට්ටම් සලකුණු කිරීම සඳහා කැටයම් කර ඇති අතර සහ ඒවා දෘශ්‍යමාන වන සෑම අවස්ථාවකම එළඹෙන සාගතයන් සහ දුෂ්කරතා පිළිබඳ අනාගත පරම්පරාවන්ට අනතුරු අඟවයි.

ජර්මනියේ එල්බේ ගඟේ පර්වතයක් මත ඇති ශිලා ලේඛණ මතුව ඇති අතර මේවා සාගිනි ගල් වශයෙන් හැඳින්වේ. 2013 දී චෙක් පර්යේෂකයන් මෙම ගල විස්තර කළේ නියඟයෙන්, අස්වැන්නක්, ආහාර හිඟයක්, ඉහළ මිලක් සහ දුප්පත් මිනිසුන්ගේ කුසගින්න ගෙන ඒමක් වශයෙනි.
මීට අමතරව බැස යන ජලය සමඟ දෙවන ලෝක යුද්ධයේන් අනතුරුව දිගු කලක් සැගව සිටි රෝම කඳවුරුවල සිට අවතාර ගම්මාන සුන්බුන් වැනි කෞතුක වස්තු රැසක් නැවත නැවත ඉතිහාසය මතක් කර දෙමින් ඇත.

සශිකලා මධුෂාණී_

Share

Recent Posts

දකුණු වියට්නාමයේ ජලාශයක මත්ස්‍යයින් විශාල සංඛ්‍යාවක් මිය යයි!

මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…

15 hours ago

ගිටාර් වීරයා DUANE EDDY ගිටාරය තනිකර ජීවන රිද්මයට තිත තබයි!

මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…

22 hours ago

බ්‍රසීලයට ගං වතුර, 10ක් මිය යයි!21ක් අතුරුදහන්

පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…

23 hours ago

කාන්තාවන් පිරිමින්ට වඩා වසර ගණනාවක් ජිවත්වන මුත් දිගුකාලින අසනීප තත්වයන්ගෙන් පෙළෙන බව අධ්‍යනයකින් හෙළි වේ

කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…

24 hours ago

චාලි මා හදවතෙහි ජීවත් ව හිඳී

උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!

1 day ago

අවිහිංසාවාදී විශ්ව විද්‍යාල උද්ගොෂණයට පොලිසිය කඩා වැදීමත් සමඟ එක්සත් ජනපදයේ භාෂණයේ නිදහස පිළිබඳව ප්‍රශ්න මතු කෙරේ

එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.

1 day ago

ට්‍රම්ප්ට ඇ. ඩොලර් 9,000 ක දඩයක්!

ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…

2 days ago

මයික්‍රොසොෆ්ට් ඉන්දුනීසියාවේ ඩොලර් බිලියන 1.7 ක් ආයෝජනය කරයි

මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…

2 days ago

දකුණු චීනයේ මාර්ගයක් කඩා වැටීමෙන් 19දෙනෙකු මිය යයි

ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.

2 days ago

කළු මුහුදේ වරාය නගරයක් වන ඔඩෙසා වෙත රුසියානු මිසයිල ප්‍රහාරයක්!

යුක්‍රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.

2 days ago

CLARA CHIZOBA තැබූ ගිනස් වාර්තාව!

වාර්තාව තබන අතරතුර ඇය සෑම පැයකට වරක් මිනිත්තු 5ක විරාමයක් ලබාගෙන ඇති අතර, කෙටි නින්දකට,…

2 days ago

සිරකරුවන් 118 දෙනකු පැන ගිහින්!

බන්ධනාගාර ගොඩනැඟිලිවලින් විශාල ප්‍රමාණයක් සහ එහි උස් තාප්පයේ කොටසක් කඩා වැටී ඇති අතර, සිරකරුවන් පලාගොස්…

2 days ago

ඉන්දුනීසියාවේ රුවන්ග් ගිනිකන්ද නැවත පුපුරා යයි

ගිනිකන්ද පුපුරා යාමත් සමඟ සුන්බුන් මුහුදට වැටී සුනාමියක් ඇති ව තිබේ.

2 days ago

2047 වන විට ඉන්දියාව ලෝකයේ තෙවන විශාලතම ආර්ථික බලවතා බවට පත්වේ

ඉන්දියාව පසුගිය වසරේ පස්වන විශාලතම ආර්ථිකය ලෙස එක්සත් රාජධානිය අභිබවා යන ලදී.

2 days ago

රෆා ප්‍රහාරය දියත් කරන බවට නෙතන්යාහු සහතික වේ

පලස්තීන ජනතාවගේ ඉතිහාසයේ විශාලතම ව්‍යසනය..

2 days ago