විශේෂාංග

ෆේස් බුක් ,ට්විටර්,ගූගල් නැති චීනය

චීන මහා ප්‍රාකාරය ගැන අපි හෝඳින් දනිමු. චීනයේ ඇති තවත් එවැනිම ප්‍රාකාරයක් ගැන අපට නොඇසෙන කථාවකි මේ . චීන ජාතිකයෙකුට 1989 වසරේදී බීජිංහී ටියන්මන් චතුරස්‍රයේ දී     සිදුවූ මිනිස් සංහාරය ගැන විකිපීඩියා හී තිබෙන විස්තරය චීනයේදී කියවා  දැනගන්නට  නොහැකිය. එමෙන්ම චීනයේ සිදු වූ බොහෝමයක් කැරළි විප්ලව ගැන අතීත විත්ති ගූගල් භාවිතා කර කියවා දැනගන්නට චීනයේදී නොහැකිය.‍

චීන්නුන්ට ෆේස්බුක්, ඉන්ස්ටර්ග්‍රෑම් ,ඩ්‍රොප්බොක්ස් හෝ ට්විටර් ගැන අත්දැකීම් අල්පය. කොටින්ම කිවහෝත් බෙහෝමයක් දෙනා ඒ ගැන නොදනී.

චීනය.. ගෝලීය ආර්ථිකය තුළ වේගවත් සංවර්ධනයක් උරුම කර ගනිමින් සිටින රටකි. තාක්ෂණයද, සන්නිවේදනයද ඒ හා සමානවම වර්ථනය කර ගැනීමට වහ වහා ඔවුන් කටයුතු කරති. නමුත් චීනයට එහා ලෝකය සමග සන්නිවේදනයට චීන්නුන්ට ඇති එවැනි බාධා නම් එමටය‍.

Great Chinese Firewall නැත්නම් චීන මහා අන්තර්ජාල ප්‍රාකාරය ගැන නොදන්නේ අප පමණක් නොව බොහෝමයක් චීන්නුන්ද ඒ ගැන නොදනිති. ඒ ගැන දන්නා චීන ජාතිකයන් මේ වන විට ඊට එරෙහිව සටන් කරන්නට පටන් ගනිමින් සිටිති. Great Chinese Firewallයනුවෙන් හඳුන්වන්නේ අන්තර්ජාලය භාවිත කිරීමේදී චීනුන් හට එරට රජය විසින් දමා ඇති බාඳක කන්දරාවයි.

ලෝකයේ සුප්‍රසිද්ධ වෙබ් අඩවි 1000සින් අඩුම තරමේ 165ක් වත් චීනය තුළ අවහිර කර ඇත. ගූගල් සර්ච් හී 26000කටත් වඩා දෑ චීනය තුළ සොයා ගැනීම සම්පූර්ණයෙන්ම අපහසුය. විකිපීඩියා පිටු 880කට වඩා වැඩි ප්‍රමාණයක් වසන් කර ඇත‍.

ඒ Great Chinese Firewall වෙතින් චීන ජාතිකයන්ගේ තොරතුරු දැන ගැනීමේ අයිතියට බාධා කර ඇති අයුරුය.

යම් වෙබ් අඩවියක් හෝ අන්තර්ජාලයේ කුමන හෝ දෙයක් චීන ආරක්ෂාවට පටහැනි යැයි සිතුන ක්ෂණයෙන්ම කිසිදු වග විභායකින් තොරව එය අවහිර කිරීමට චීන රජය කටයුතු කරනු ලබයි. මෙම ක්‍රියාව Great Chinese Firewall නමින් හඳුන්වයි.

මීට එරෙහිව සටන් කරමින් සිටින රාජ්‍ය නොවන සංවිධාන චීනය හඳුන්වන්නේ.. ලොව ඉහළම පෙළේ නිදහස් අන්තර්ජාල භාවිතයේ අපවාදය ලෙසයි…

හියුමන් රයිට්ස් වොච් Human Rights Watch ආයතනයට අනුව චීන රජය විසින් එරට අධ්‍යාපනය හා ජනමාධ්‍ය හරහා සිය මතවාදයන් දැඩිසේ සමාජ ගත කරනු ලැබ ඇත. ඒ ජනතාව ලෝකයේ තමන්ට විරුද්ධ යැයි සිතෙන සියල්ලෙන්ම ඈත් කරමිනි. ඒ අනුව චීනය ලෝකයේ ප්‍රබලතම අන්තර්ජාල වාරණයෙහි යෙදෙන රෙජිමයන් ගෙන් එකක් බවට පත්වී සිටී.

චීනයේ මෙම දැඩි අන්තර්ජාල වාරණයන් ට එරෙහිව නැගී සිටින්නන් පිරිසක්ද අද චීනය තුළින්ම බිහිවී ඇත.

ඔවුන් විවිධ මාර්ගයන් භාවිතා කරමින් මෙම වාරයෙන් මිදීමට ක්‍රම සොයති. මේ නිසාම Global Web Indexවිසින් සිදු කළ සමීක්ෂණයකට අනුව Virtual Private Network හෙවත් VPN භාවිතය චීනය තුළ ඉහළ ගොස් ඇත. නමුත් රජය විසින් දිගින් දිගටම ඒම අවස්ථාවන්ද නැති කරමින් සිටින බව ඔවුන් පවසයි. 2017 වසරේ ජූලි මාසයේදී පමණක් මේ හේතුවෙන් ඇපල් සමාගම ට පමණක් VPN 700ක් සිය App Storeතුළින් ඉවත් කිරීමට සිදුව ඇත.

මේ නිසා ලොව වෙනත් රටකට යන චීන ජාතිකයන් මේ හේතව නිසාම මහත් අපහසුවට ලක්වන්නේය. ඒ වෙනත් රටකදී අන්තර්ජාල භාවිතය සිය රටේදී අන්තර්ජාල භාවිතයට වඩා කෙතරම් වෙනස්දැයි දැනෙන විටයි. එය සම්පූර්ණයෙන්ම වෙනස් බව ඔවුන් පවසයි. ‍
ගූගල් Googleවෙනුවට ඔවුන් භාවිත කරන්නේ Baidu නැමති සෙවුම් පද්ධතියකි. , ට්විටර් Twitter වෙනුවට Weibo බාවිත කරන්නට ඔවුන්ට සිදුව ඇත. ඒ නිසාම ඔවුන් අන්තර්ජාලය යනුවෙන් සිතා සිටින්නේ ඔවුන්ටම ආවේණික වූ වාරණය වූ සංසිද්ධීන් කිහිපයක් පමණකි.

විවේචනම පමණක් නොව බොහෝමයක් චීනුන් රාජයේ මෙම ක්‍රියාව ගැන ප්‍රශංසා මුඛයෙන් කථා කරන අවස්ථාද දැක ගත හැකි වන්නේය . ඒ ඔවුන් බෙහොමයක් සිතන්නේ රටේ ජාතික ආරක්ෂාවට මෙම වාරණයන් අවශ්‍යම බව ඔවුන් සිතන බැවිනි.

ඔවුන් බෙහෝමයක් දෙනා සිය ජීවිත සැප පහසු තාක්කල් රටේ දේශ පාලනය හෝ අසාධාරණය ගැන විමසීමට නොයති.

Share

Recent Posts

නායයෑම් හා ගංවතුර නිසා ඉන්දුනීසියාවේ 15 දෙනෙකු ජීවිතක්ෂයට!

ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…

2 hours ago

ඊශ්‍රායලයට යන නැව්වලට සිය සිමාව තුළ අනිවාර්යෙන් ප්‍රහාර එල්ල කරන බව හූතිවරු පවසයි

එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…

7 hours ago

එළඹෙන සති අන්තයේ ඇමරිකා විශ්වවිද්‍යාල ගාසා යුද විරෝධතාකරුවන්ගෙන් බාධා එල්ල වේ යැයි සැකයක්!

විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…

10 hours ago

බ්‍රසීලය වසර 80කට පසු මාරාන්තික ගංවතුරකට මුහුණ දේ; 37ක් මියගොස් 74 දෙනෙකු අතුරුදන්

එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…

12 hours ago

සික් බෙදුම්වාදී නායක නිජ්ජාර්ගේ ඝාතනය සම්බන්ධයෙන් කැනඩාව තිදෙනෙකු අත්අඩංගුවට ගනී

පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…

12 hours ago

ඉන්දියාව මියන්මාර සරණාගතයින් පිටුවහල් කරයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…

1 day ago

ඡන්ද මධ්‍යස්ථානයකින් ආපසු හරවා යැවු එංගලන්තයේ හිටපු අගමැති බොරිස් ජෝන්සන්!

විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…

1 day ago

චීනය සඳ මත කඳවුරු බැඳීමේ මෙහෙයුම දියත් කරයි

මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…

1 day ago

තුර්කිය ඊශ්‍රායලය සමඟ පැවති වෙළඳ සබඳතා අත්හිටුවයි

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…

1 day ago

දකුණු වියට්නාමයේ ජලාශයක මත්ස්‍යයින් විශාල සංඛ්‍යාවක් මිය යයි!

මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…

2 days ago

ගිටාර් වීරයා DUANE EDDY ගිටාරය තනිකර ජීවන රිද්මයට තිත තබයි!

මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…

2 days ago

බ්‍රසීලයට ගං වතුර, 10ක් මිය යයි!21ක් අතුරුදහන්

පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…

2 days ago

කාන්තාවන් පිරිමින්ට වඩා වසර ගණනාවක් ජිවත්වන මුත් දිගුකාලින අසනීප තත්වයන්ගෙන් පෙළෙන බව අධ්‍යනයකින් හෙළි වේ

කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…

2 days ago

චාලි මා හදවතෙහි ජීවත් ව හිඳී

උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!

2 days ago