අකුරු නොකරන ….බීඩි ඔතන මුර්ෂිඩාබාද් දැරීවියන් ගේ රෝගී දුක් බර ජීවිත වලින් මුළු නගරයම වැසී ඇත.
කොහේ හෝ අසුවුණ තැනක දාරමණ්ඩිය ගොතා ගන්නා ඔවුන් ආයෙත් නැගිටින්නේ පැය ගාණකට පසුවයි… දුම්කොළ කුඩු නාසයෙන් හා මුවින් ආග්‍රහණය වන විට ඇති වන කැස්ස ඔවුන්ට විටින් විට බාධා කළත් ඔවුන් හිඳ ගෙන සිටින ස්ථානයෙන් නැගිට්න්නේනම් නැත.
සෙල්ලමට හිත ඇතත් සෙල්ලම් කරන්නේ කෙසේ දැයි ඔවුන්ගේ මතකයේ නැත. ඔවුන්ගෙන් සමහරෙක් ජීවිතයේ කර ඇති එකම සෙල්ලම බීඩි එතීමම පමණකි.
ඒ ඉංදියාවේ මුර්ෂිඩාබාද් වීදි අයිනේ දැකිය හැකි කුඩා දැරියන්ගේ දින චර්යාවයි..
පාසැල් යන්නට සිහින තිබුණද මේ බී ඩි රස්සාව ඔවුන්ගේ ජීවිත පාසැලින් දුරස් කර ඇත.
වෙස්ට් බෙංගාල් (බටහිර බොංගාලය) හී මුර්ෂිඩාබාද් , ඉංදියාවේ විශාලතම බීඩි කර්මාන්තයෙහි යෙදෙන නගරයයි. 1990 වසරෙදී මෙතෙක් කර්මාන්ත ශාලාවට සීමා කර තිබූ බීඩි කර්මාන්තය නිවෙස් දක්වා පුළුල් කෙරිනි. ඒත් සමග මුර්ෂිඩාබාද් දැරීවියන්ට සිය නිදහස මෙන්ම සුන්දර ළමා ජීවිතයද අහිමි වන්නට පටන් ගත්තේය එතෙක් පටන් මුර්ෂිඩාබාද් ළමා ශ්‍රමය බීඩි කර්මාන්තය විසින් සූරා කන්නට පටන් ගත්තේය.
ඉනිදියානු නියෝජ්‍ය කම්කරු කෙමසාරිස් කාර්යාලය විසින් 1990 වසරේ පවත් වන ලද සමීක්ෂණයකින් හෙළි වුණේ ලක්‍ෂ 4කට අධික බීඩි ඔතන්නන් සංඛ්‍යාවක් මුර්ෂිඩාබාද් හී ජීවත් වන බවත් ඉන් 90%ක්ම කාන්තාවන් හා දැරියන් බවත්ය.මේ වන විට මෙම තත්ත්වය එන්න එන්නම ඉහළ යන්නට පටන් ගෙන ඇත.. වැඩි වැඩියෙන් දැරීවියන් සිය අධ්‍යාපන කටයුතු නවතා බීඩි ඔතන්නට පටන්ගෙන ඇත. ඒ සිය පවුලේ බඩ වියත රැක දීමටයි.
දියණියන් ලද මුර්ෂිඩාබාද් මවුවරු ඇයට හරියටම අවුරුදු 5 ලබද්දී බීඩි ඔතන්නට ඈව හුරු කරන්නොය. ඇය මල්වර වන්නටත් පෙර බීඩි රැකියාවට ඈව ඇද දමන මේ මවුවරුන් එසේ කරන්නේ මදක් හෝ කැමැත්තෙන්නම් නොවේ. මුල් කාලයේ බොහෝ දෙමවුපියන් සිය දියණියන් පාසැල් යවන්නට කටයුතු කළද ඒ පාසැල් ගමන් බෙහෝ විට සීමා වන්නේ වසරකට දෙකකටය.. ඉනික්බිති ඔවුන් බීඩි කොළ වලට එතෙන්නට පටන් ගන්නේය.
දුම්කොළ සමග දිනය පුරා ගත කරන මේ දැරීවියන් ලෙඩ වන්නේ දුම්වැටී උරන්නන් තරමටමය. ක්ෂය රේගය, ඇදුම , පපුවේ වේදනාව, කැස්ස, කරකැවිල්ල ඇස් රෝග , හස රදය මේවාගෙන් එකක් හෝ කිහිපයක් ඔවුන් සියල්ලන්ටම හිමිය. ඒ නමුත් මුර්ෂිඩාබාද් දිස්ත්‍රික්කයටම ඇත්තේ එකම එක රෝහලකි. බීඩි කාර්ඩ් එකක් ඇති සියළු රෝගීන්ට මෙම රොහලෙන් නොමිලේ ප්‍රතිකාර සැපයුවද ඒ රොග කිසිවක් දවසකින් දෙකකින් සුව නොවන ඒවාය.
ඒ නිසාම ඔවුන්ගෙන් බෙහෝමයක් ප්‍රතිකාර නොගන්නා තරම්ය..
මුෂ්රිඩ්බාද් වල තත්ත්වය එසේ වෙද්දී සමස්ථ ඉන්දියාවේම දුම් වැටි කර්මාන්තය ආශ්‍රිතව රැකියා කරන දරුවන් සංඛ්‍යාව මිලියන 2.66කි එනම් ඉන්දියාවේ සමස්ථ ළමුන් සංඛ්‍යාවෙන් (මිලියන 12.66) 12% කි. මීඩි කර්මාන්තයේ යෙදෙන ශ්‍රමිකයන්ගෙන් 40%ක් සිටින්නේ අවරුදු 5ත් 14ත් අතර දරුවන්ය. ඔවුන්ගෙන් වැඩි පිරිසක් මුෂාරිඩ්බාද්වල දිරියන්ය.
සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මකයි.
දැනට ලෝකය දැවැන්ත විපර්යාසයකට මුහුණ දෙමින් සිටින අතර ජාත්‍යන්තර තත්ත්වය ද ඉතා සංකීර්ණ වන අතාර,…
නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…
1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…
මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා…
ගෝලීය ආර්ථිකයට ඉහළම දායකයින් පස්දෙනා අතර චීනය, ජර්මනිය (2.77%), රුසියාව (2.71%) සහ බ්‍රසීලය (2.19%) ඇතුළත්…
මෙම ඛේදජනක අනතුර සිදුවී වසර 112කට පසුවත් ඒ වෙනුවෙන් ඇති ඉල්ලුම සුළුපටු නොවේ.
මෙම පිපිරිම හේතුවෙන් ගොඩනැගිලි හතරක් හමුදා වාහන කිහිපයකට හානි සිදුවී ඇති අතර ගම්වාසීන්ගේ නිවාස 25ක්…
පෙන්ටගනයේ නව මිලිටරි ආධාර පැකේජය හරහා යුක්රේනයේ පතරොම් නිෂ්පාදනය ආරම්භ කිරීමට සැළසුම් කරයි.
කෙසේවෙතත් තුවාලකරුවන් හෝ මරණ සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නොමැති අතර ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ පවත්වන බව…
තායිවාන බලධාරීන් සඳහන් කර ඇත්තේ, භූකම්පනය තායිපේ අගනුවරට ද දැනී ඇති බව සඳහන් වන අතර…
ගාසා තීරයේ ඛාන් යූනිස්, රෆා හා නුසෙයිරාට් සරණාගත කඳවුරට මෙම ප්‍රහාර එල්ල වී ඇත.
එල්නිනෝ කාලගුණ රටාවත් සමඟ ගංවතුර තත්වයන්ද උග්‍ර වී තිබේ.
අනෙකුත් රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම පිළිබඳ මූලධර්මය මත පදනම්ව, බීජිං එක්සත් ජනපද මැතිවරනවලට මැදිහත්…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අප්‍රේල් 27 වැනිදා ආරම්භ වන…