”චොකලට්” කන්න අකමැති කවුද? ඒත් අප මෙතරම් ප්‍රිය කරන චොකලට් නිසා අද ලෝකයේ අපිට අහිමි වෙමින් පවතින දෑ ගැන අපි නිකමටවත් සිතා තිබේද?
ලෝකයේ චොකලට් නිෂ්පාදනය වැඩි වත්ම වනසංහාරයද ක්‍රමයෙන් වැඩිවෙමින් පවතින බව බොහෝ විට අප කිසිදා නොසිතු දෙයක් වන්නට ඇත. විශේෂයෙන්ම බටහිර අප්‍රිකාවේ වැසි වනාන්තර මේ වන විට චොක්ලට් කර්මාන්තයේ යෙදෙන සුප්‍රසිද්ධ ආයතන නිසා මිය යමින් සිටී.
මාර්ස් , නෙස්ලේ ,මොන්ඩෙලේස් වැනි ලෝක ප්‍රසිද්ධ චොක්ලට් සමාගම් බොහොමයක් මිලදී ගන්නා කෝපි ඇට වැවෙන්නේ නීතිවිරෝධී වගාවන් තුළයි. විශේෂයෙන්ම අයිවරි කෝස්ට් හි වනාන්තර අද වන විට 1960 සිට අවුරුදු 40ක් තුළ 80%කින් වනාන්තර අඩුවෙමින් පවතින බව අනාවරණය වී ඇත.
මාර්ස් චොකලට් මෙන්ම ෆෙරේරෝ රොචර් චොකලට්, මිල්කා බාර්ස් මේ සියල්ලක් තුළම නිතිවිරෝධී නිශ්පාදන මිශ්‍ර වී ඇත.
ලෝකයට අවශ්‍ය කොකෝවා ප්‍රමාණයෙන් 40 %ක් නිපදවෙන්නේ අයිවරිකොස්ට් හීදීය.
මේ නිසාම මේ වන විට අයිවරි කෝස්ටිහී වැසි වනාන්තර බොහෝමයක් විනාශයට පත්වෙමින් තිබේ. නිති විරෝදි ලෙස සිදු කරන කොකෝවා වගාව අයිවරි කොස්ට් හී ජයටම කෙරී ගෙන යන්නේ සුප්‍රසිද්ධ චොකලට් සමාගම් වලට කොකෝවා විකුණන මැදිහත් කරුවන්ගේ උඩගෙඩි දීම් මතය . විශාල ගස් කඳන් බිම දමා කොකෝවා වගා කරුවන් කොකෝවා වගාව ආරම්භ කර ඇත.
මේ සම්බන්ධව ද ගාර්ඩියන් පුවත්පතේ මාධ්‍ය වේදියෙක් කළ විමසුමකදී මාර්ස් , නෙස්ලේ, කාර්ගිල් ඇන්ඩ් බැරී ආදී සමාගම් තමන් නීති විරෝධී ලෙස වැවූ කොකෝවා මිලදී ගන්නා බව ප්‍රතික්ෂේප නොකර ඇත. ඔවුන් සියල්ලෝම පවසින්නේ මෙම තත්ත්වයන් අවම කිරමට තමන් උත්සහා කරන බවයි.
අයිවරි කෝස්ට් හී පමණක් නොව ලෝකයේ විශේෂයෙන්ම කොකෝවා වලට සුප්‍රසිද්ධ අප්‍රිකාවේ වැසිවනාන්තර බෙහෝමයක් විනාශ වීමට ප්‍රධානතම හේතුවක් බවට මෙම නීති විරෝධී කොකෝවා වගාව පත්වී ඇත.
ලෝකයට අවශ්‍ය කොකෝවා ප්‍රතිශතයෙන් 70% ක් නිපදවන්නේ සියරා ලියෝන් සිට කැමරූන් දක්වා මිලියන දෙකක් වන වගාකරුවන් විසිනි. නමුත් ඝානාව සහ අයිවරි කෝස්ට් කොකෝවා සැපයිමේ යෝධයන්ය. එමෙන්ම එම රටවල් කොකෝවා සැපයීමේ ලොව ප්‍රථම සහ විශාලතම සැපයුම්කරුවන්ය.
එමෙන්ම අයිවරිකොස්ට් අනෙකුත් අප්‍රිකානු රටවලට වඩා සීග්‍රයෙන් සිය වනාන්තර ප්‍රතිශතය අහිමි කරගනිමින් සිටියි.
ලෝකය විසින් ඉල්ලා සිටින චොකලට් නිෂ්පාදන මේ වන විට සීග්‍රයෙන් වැඩිවෙමින් පවතී. මයිටි අර්ත් Mighty Earth පරිසර සංවිධානය විසින් නිකුත් කළ වාර්ථාව පවසන්නේ මේ පිළිබඳව කිසිදු පියවරක් නොගතහොත් වර්ෂ 2030 වන විට වනාන්තර කියා දෙයක් ඉතිරි නොවන බවයි.
වන විනාශයේ වැඩිම දුකක් මුලින්ම හිමි වන්නේ දිළින්දන්ටය . ඔවුන් සමහර විට සිය ජීවිත කාලය පුරාම මාර්ස් චොකලට් එකක් රස නොවින්දෝ වන්නට පුලුවන.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…
කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…
උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!
එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.
ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…
මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…
ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.
යුක්‍රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.
වාර්තාව තබන අතරතුර ඇය සෑම පැයකට වරක් මිනිත්තු 5ක විරාමයක් ලබාගෙන ඇති අතර, කෙටි නින්දකට,…