වාර්ෂිකව නිකුත් කරන මෙම වාර්තාවට,
◾ ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය,
◾සමාජ සහයෝගීතාව,
◾ආයු අපේක්ෂාව,
◾නිදහස,
◾ත්‍යාගශීලීභාවය
ආදී නිර්ණායක සලකා බැලෙනු ඇති.
ලැයිස්තුවේ ඉදිරියෙන් සිටින අනෙකුත් රටවල් වන්නේ ඩෙන්මාර්කය, අයිස්ලන්තය, ඊශ්‍රායලය සහ නෙදර්ලන්තයයි.
රටවල් 137කින් යුතු මෙම ලැයිස්තුවේ අවසන් ස්ථානයට පත්ව ඇත්තේ ඇෆ්ගනිස්ථානයයි.
ලොව පුරා රටවල් 150කට වැඩි සංඛ්‍යාවක පුද්ගලයන්ගේ සමීක්ෂණ දත්ත ඇසුරින් එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන වැඩසටහනක ප්‍රකාශනයක් ලෙස නිකුත් කර ඇති ලොව ප්‍රීතිමත්ම රටවල වාර්තාවකින් මේ වසරේ ලොව ප්‍රීතිමත්ම රට ලෙස ෆින්ලන්තය තෝරා ගෙන ඇතැයි සීඑන්එන් පුවත් සේවය වාර්තා කර ඇත.
ෆින්ලන්තය ලොව ප්‍රීතිමත්ම රට ලෙස පළමු තැනට පත්වූයේ අඛණ්ඩව 6 වැනි වරටය. වසර 2020 සිට 2022 දක්වා තුන්වසරක කාලය ඇතුළත සාමාන්‍ය ජන ජීවිතයේ ඇගැයීම් මත පදනම්ව ශ්‍රේණිගත කර ඇති එම රටවල් ලැයිස්තුවේ දෙවැනි තැන හිමිවී ඇත්තේ ඩෙන්මාර්කයටය. අයිස්ලන්තය තුන්වැනි ස්ථානයට පත්වී ඇති අතර, සිව්වැනි ස්ථානය ලබා ඇත්තේ ඊශ්‍රායලය වීම කැපී පෙනේ. පස්වැනි ස්ථානය නෙදර්ලන්තයට සහ සයවැනි ස්ථානය ස්වීඩනයට හිමි වී තිබේ.
නෝර්වේ රාජ්‍යය සත්වැනි ස්ථානයට පත්වී ඇති අතර, ස්විට්සර්ලන්තය අටවැනි තැනටත්, ලසම්බර්ග් නව වැනි තැනටත් පත් වී ඇත. දසවැනි තැන හිමිවී ඇත්තේ නවසීලන්තයටය.
එම ශ්‍රේණිගත කිරීමට අනුව අමෙරිකාවට 15 වැනි ස්ථානය හිමිවී ඇති අතර, බ්‍රිතාන්‍යයට හිමිවී ඇත්තේ 19 වැනි තැනය. නව ලැයිස්තුවට අනුව ප්‍රංශය 21 වැනි තැනට පත්වී ඇත.
රෂිකා හෙන්නායක
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…
කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…
උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!
එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.
ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…
මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…
ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.
යුක්‍රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.