එසැණ පුවත්

පින්ලන්තය ලෝකයේ ප්‍රීතිමත්ම රට බවට නැවතත් පත්වෙද්දී ලංකාව ලෝකයේ අසතුටුම රටවල් අතර 20 වන තැනට!

එක්සත් ජාතීන්ගේ සංගමයේ අනුග්‍රාහකත්වයෙන් පළ කරන World Happiness Report අනුව, ඩෙන්මාර්කය දෙවැනි තැනටත්, ස්විට්සර්ලන්තය තුන්වැනි තැනටත්, අයිස්ලන්තය සහ නෙදර්ලන්තය පිළිවෙළින් සිව්වැනි සහ පස්වැනි තැනටත් පත්ව ඇත. මේ වසරේ එළිදකින්නේ මෙම වාර්තාවේ වාර්තාවේ 9 වැනි සංස්කරණය වන අතර, මේ වසරේදී වැඩි අවධානයක් කෝවිඩ් වසංගත තත්වය හමුවේ රටවැසින්ගේ මානසික සතුට කෙරෙහි යොමු කර තිබේ.

ලෝකයේ ප්‍රීතිමත්ම රටවල් 10 අතරින් යුරෝපියානු නොවන රටකට තිබෙන්නේ නවසීලන්තය පමණි.

මේ අතර, එක්සත් රාජධානිය මේ දර්ශකයේ පසුගිය වසරේ සිටියේ 13 වැනි තැන ය. මේ වසරේදී එය හිමිකර ගෙන තිබෙන්නේ 17 වැනි තැනයි.

Gallup විශ්ලේෂණ පර්යේෂකයන් විසින් මේ ශ්‍රේණිගත කිරීම සිදුකරන්නේ ලෝකයේ රටවල් 149 කට තමන්ගේ ජීවිතවල සතුට පිළිබඳ ලබාදෙන දත්තවලට අනුව ය.

සමාජයීය සහෝගය, පුද්ගලික නිදහස, දළ දේශීය නිෂ්පාදිතය (GDP) සහ දූෂණ/අල්ලස් සිදුවන මට්ටම මෙහිදී සැලකිල්ලට ගනියි.

ලෝකයේ අසතුටුම රටවල් – ශ්‍රී ලංකාව 20 වන තැනට!

ලෝකයේ අසතුටෙන්ම පසුවන මිනිසුන් ජීවත් වන රටවල් බවට පත්ව තිබෙන්නේ ඇෆ්ගනිස්ථානයයි. ලෙසතෝ, බොට්ස්වානා, රුවන්ඩාව සහ සිම්බාබ්වේ ඉන්පසුව අසතුටින් පෙළ ගැසී සිටිති.

ලංකාව සිටින්නේ අසතුටින්ම සිටින රටවල් අතරින්, එනම් මේ දර්ශකයේ අග සිට 20 වැනි තැන ය. එනම් රටවල් 149 අතරින් 129 වන තැන ය. ඉන්දියාව 139 වන ස්ථානයේ පසුවෙයි.

පිටු 212 කින් යුක්ත World Happiness Report සම්පූර්ණ වාර්තාව මෙතැනින් කියවන්න

චීනය, 94 වන තැන සිට 84 වන තැන දක්වා ඉහළට ගොස් ඇත. ආසියානු රටවල් කිහිපයක් ඇතුළුව රටවල් 22 ක තත්වය වර්ධනය වී තිබේ.

පින්ලන්තය පින්කාරයි!

පින්ලන්තයේ ජනගහනය මිලියන 5.5 කි. එරට හැඳින්වෙන අන්වර්ථ නාමය ‘විල් දහස් රට‘ යි. එනම් විල් දහස් ගණනක් පින්ලන්තයේ තිබේ. තවද වනාන්තර ද දහස් ගණනක් එහි තිබෙන අතර, ඕනෑම යුරෝපා රටකට වඩා එහි වන වැස්ම අධික ය. පින්ලන්ත භූමියෙන් 70%කට වඩා වැසී තිබෙන්නේ වනාන්තරවලිනි.

ෆින්ලන්තය සිය පරිසරය ගැන කොතරම් උනන්දුදැයි කියන්නේ නම්, එරට ඇති විල් ගණන 188,000 ක් ලෙස ද ගණන් බලා ඇති අතර ඒවා සියල්ලම මැනවින් සංරක්ෂණය වී ඇත. භූමියට සාපේක්ෂව වැඩිම ජල වපසරියක් ඇති රට වන්නේ ද ෆින්ලන්තයයි.

තවද ‘සෑම මිනිසෙකුගේම අයිතිය‘ – Everyman’s right” (Jokamiehen Oikeus) යනුවෙන් යෙදුමක් ද පින්ලන්තයේ තිබේ. එහි අර්ථය වන්නේ ඕනෑම කෙනෙකුට කිසිදු බාධාවකින් තොරව ස්වභාවික පරිසරයේ පහස විඳිය හැකි බවයි.

ෆින්ලන්ත ජනතාව ආහාර පාන සතුටින් භුක්ති විඳින ජාතියක් ලෙස ද ප්‍රකට ය. Restaurant Day යනුවෙන් ජාතික දිනයක් එරට වේ. එදිනට, තමන් කැමති ඕනෑම තැනක අවන්හලක් විවෘත කිරීමේ අයිතිය ඔවුන්ට හිමි ය. තවද යුරෝපයේ වඩාත්ම දිදුලන ආහාර සංස්කෘතිය දැකගත හැක්කේ ද පින්ලන්තයේ හෙල්සින්කි අගනුවර ය.

අවුරුද්දෙන් බාගයක් ම ස්කී ක්‍රීඩාවේ යෙදීමට තරම් පින්ලන්තය හිමෙන් වැසී ඇත. සුප්‍රසිද්ධ, නත්තල් සීයා ජීවත් වන බවට ප්‍රවාදයේ කියැවෙන ලැප්ලන්තය ද පින්ලන්තයේම කොටසකි. තවද ලැප්ලන්තයේ Kilpisjärviහිදී යුරෝපයේ පිරිසිදුම වාතාස්‍රය හුස්ම ගැනීමට හැකි ය. ලෝකයේ ඕනෑම විශාල නගරයක ටැප් ජලයට වඩා පින්ලන්තයේ නගරයක ටැප් ජලය පිරිසිදු කමින් අනූන ය.

ඔබේ මුදල් පසුම්බිය හෝ ජංගම දුරකථනය නැති වෙන්නට අඩුම ඉඩක් ඇති රට සේම, ඒවා නැති වුණොත් නැවත හිමිකරු වෙතම ලැබෙන්නට වැඩිම ඉඩක් ඇති රට වන්නේ ද ෆින්ලන්තයයි. වීදි හිරිහැර අවම රටක් වන එහි, ධනවතුන් පවා කිසිදු බියක් සැකයකින් තොරව පොදු ප්‍රවාහන සේවා ගමනාගමනය සඳහා යොදා ගනිති.

Angry Birds සහ Clash of Clans වැනි ලෝකයේ සාර්ථකම වූ වීඩියෝ ක්‍රීඩාවන් වැඩි ම රටක් නිපදවන රට ෆින්ලන්තය වීම මගින් පෙන්වා දෙන්නේ ඔවුන් කොතරම් තාක්ෂණික සහ නිර්මාණශීලී ජාතියක් ද වන බවයි.

ෆින්ලන්ත වැසියෝ විවේකයට ද නිර්මාණශීලී නව ක්‍රීඩාවන්ගේ යෙදෙති. ලෝකයේ ඉතාම ජනප්‍රියත්වයට පත් ව තිබෙන ‘තමන්ගේ බිරිඳ ඔසවාගෙන දුවන ක්‍රීඩාව‘ ‘එයා ගිටාර් වාදනය, ‘ජංගම දුරකථන විසිකිරීමේ සෙල්ලම‘ යනාදී අමුතු ක්‍රීඩා ඉසව් රැසක් ද වාර්ෂිකව එරටේ පැවැත්වෙයි.

දිනකට කෝපි කෝප්ප 8 ක්වත් බොන, වසරකට කෝපි කිලෝ 12 බැගින් පරිභෝජනය කරන පින්ලන්ත වැසියන් ලෝකයේ ලොකුම කෝපි ප්‍රේමියෝ ද වෙත්.

කෙසේ නමුත් ඔවුන් කෝපි බොමින්, නිදිමරාගෙන පාඩම් කර විභාග පාස් වී දියුණු වූ ජාතියක්දැයි සමහරවිට ඔබ සිතනු ඇත. නැත. ලෝකයේ දියුණුම අධ්‍යාපන ක්‍රමය පවතින රට වන්නේ ද පින්ලන්තයයි. එහි පාසල්වල ‘හෝම්වර්ක්‘ (ගෙදරවැඩ) කියා දෙයක් නැති අතර, විෂය නිර්දේශ පවා නැත. ඉතාම නිදහසේ දරුවන්ට ජීවන කුසලතා සහ විෂයයික දැනුම, තමන් විසින් තෝරාගත් කැමති විෂයන්ට අනුව ලබාදීම පමණක් මෙහිදී සිදුකරයි. International Student Assessment (PISA) අන්තර්ජාතික ශ්‍රේණිගත කිරීම්වලට අනුව ලෝකයේ හොඳම අධ්‍යාපනය තිබෙන්නේ ෆින්ලන්තයේ ය. දරුවෙකු ලෙස ඉපදීමට සහ මවක බවට පත්වීමට ලෝකයේ හොඳම රට වන්නේ ද ෆින්ලන්තයයි.

පිටු 212 කින් යුක්ත World Happiness Report සම්පූර්ණ වාර්තාව මෙතැනින් කියවන්න

 

Share

Recent Posts

ඊශ්‍රායලයට යන නැව්වලට සිය සිමාව තුළ අනිවාර්යෙන් ප්‍රහාර එල්ල කරන බව හූතිවරු පවසයි

එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…

4 hours ago

එළඹෙන සති අන්තයේ ඇමරිකා විශ්වවිද්‍යාල ගාසා යුද විරෝධතාකරුවන්ගෙන් බාධා එල්ල වේ යැයි සැකයක්!

විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…

7 hours ago

බ්‍රසීලය වසර 80කට පසු මාරාන්තික ගංවතුරකට මුහුණ දේ; 37ක් මියගොස් 74 දෙනෙකු අතුරුදන්

එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…

9 hours ago

සික් බෙදුම්වාදී නායක නිජ්ජාර්ගේ ඝාතනය සම්බන්ධයෙන් කැනඩාව තිදෙනෙකු අත්අඩංගුවට ගනී

පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…

9 hours ago

ඉන්දියාව මියන්මාර සරණාගතයින් පිටුවහල් කරයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…

1 day ago

ඡන්ද මධ්‍යස්ථානයකින් ආපසු හරවා යැවු එංගලන්තයේ හිටපු අගමැති බොරිස් ජෝන්සන්!

විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…

1 day ago

චීනය සඳ මත කඳවුරු බැඳීමේ මෙහෙයුම දියත් කරයි

මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…

1 day ago

තුර්කිය ඊශ්‍රායලය සමඟ පැවති වෙළඳ සබඳතා අත්හිටුවයි

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…

1 day ago

දකුණු වියට්නාමයේ ජලාශයක මත්ස්‍යයින් විශාල සංඛ්‍යාවක් මිය යයි!

මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…

2 days ago

ගිටාර් වීරයා DUANE EDDY ගිටාරය තනිකර ජීවන රිද්මයට තිත තබයි!

මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…

2 days ago

බ්‍රසීලයට ගං වතුර, 10ක් මිය යයි!21ක් අතුරුදහන්

පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…

2 days ago

කාන්තාවන් පිරිමින්ට වඩා වසර ගණනාවක් ජිවත්වන මුත් දිගුකාලින අසනීප තත්වයන්ගෙන් පෙළෙන බව අධ්‍යනයකින් හෙළි වේ

කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…

2 days ago

චාලි මා හදවතෙහි ජීවත් ව හිඳී

උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!

2 days ago

අවිහිංසාවාදී විශ්ව විද්‍යාල උද්ගොෂණයට පොලිසිය කඩා වැදීමත් සමඟ එක්සත් ජනපදයේ භාෂණයේ නිදහස පිළිබඳව ප්‍රශ්න මතු කෙරේ

එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.

2 days ago