චරිත

යොවුන් අවධියේම ලෝකය වෙනස් කළ චරිත 5ක්.

ග්‍රේටා තන්බර්ග්

ලෝකය වෙනස් කරන්නට උරදුන් පිරිස ගැන කථා කරන විට මේ දිනවල සුප්‍රකට චරිතයක් බවට ඇය පත්ව ඇත. දේශ ගුණික විපර්යාසයන් නිසා ලෝකය අප කාටත් නොදැනෙන ලෙස අගාධයට යමින් පවතිද්දී. සමස්ත ලෝකයටම ඊට පිළියම් සොයන්න යැයි ඇය බල කර සිටින්නීය. ඒ වෙනුවෙන් ඇය සමස්ථ ලෝකයේම පාසැලි සිසු සිසුවියන් පෙළ ගැසුවූවා පමණක් නොව ස්වීඩනයේ පාර්ලිමේන්තුව ඉදිරියේ බිම හිදගෙන සිය පණිවිඩය ලේකයට ගෙන යන්නට උත්සහා කළාය. 2003 වසරේ උපන් ඇය අද වන විට දේශ ගුණික විපර්යාසයන්ට එරෙහිව සටන් කරන ප්‍රභලතම චරිතයයි.

”අපේ පාලකයන් කුඩා දරුවන් මෙන් හැසිරෙන තාක් ඔවුන් මෙතෙක් කල් ගත යුතුව තිබී වග කීම අප විසින් දැරීමට සිදුව තිබේ. ” ඇය එසේ පැවසුවේ එක්සත් ජාතීන්ගේ දේශ ගුණික විපර්යාස පිළිබදව පසුගිය වසරේ පැවැත්වූ සමුළුවේදීය. ” අපට පෙර සිටි මිනිසුන් සිදු කර ඇක්කේ මොනවා දැයි යන්න අප වටහා ගනිමින් සිටිමු. අප වෙත ශෝධනය කිරීමට සිදුව ඇති බොහෝ තැන් ඔවුන් විසින් අපිරිසිදු කර ගිය තැන්ය. අපට ඒවා හා ජීවත් වීමට සිදුව ඇත. ”
ස්වේච්ඡතාව හෙවත් ඔටිසම් රොග තත්ත්වයෙන් පෙළෙන නමුත් ඒ හේතුවෙන්ම සිය දක්ෂතාව සම ක්‍රියාකාරීත්වය ඔප් නංවාගත් දැරියකි.

මලාලා යුසෆ්සායි


නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලැබූ ලොව ලාබාලතම දැරිය ලෙස සුප්‍රකට මලාලා ගැන නොදන්නා අයෙක් නැති තරම්ය. පාකිස්තානය තලේබාන් ත්‍රස්තවාදීන් අතින් පාලනය වන සමයේ තමන් මුහුණ දුන් ජීවිතය ගැන පොතක් ලියා පලා කලාය එය anonymous diary හෙවත් අඥාත දින පොත නම් විය. ඇයට තලේබාන් ත්‍රස්තවාදීන් නිසා ජීවිත තර්ජන වලට පවා මුහුණ දෙන්නට සිදු විය. ඈ වෙත එල්ල කළ වෙඩි ප්‍රහාරයක් හේතුවෙන් නැතිවෙන්නට ගිය ඇගේ ජීවිතය බේරා ගැනුනේ හාස්කමක් මෙනා. ඇය හඩ නැගුවේ දැරියන්ට අධාපනයේ අයිතිය ලබා දිය යුතුයි යන්නයි. ඒ ඇය වයස අවුරුදු 11ක දැරියකව සිටියදීය.
සියල්ල සිදු වී වසර තුනක් ගෙවුණ තැන ඇගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් විය. ටයිම්ස් සගරාවේ මුල් පිටුව ඇගේ ඡායාරූපයක් සමග පල විය. ඒ 2014 වසරේදීය. ඈ නොබෙල් ත්‍යාගයට උරුමකම් කියන්නේ ඒත් සමගිනි.

” මේ සම්මානය මට පමණක් නොව මෙය අයිති අධ්‍යාපනයට ඇති අයිතිය අහිමිව ගිය දරුවන්ටයි. ඇය සිය සම්මානය ලබා ගනිමින් එසේ ප්‍රකාශ කළාය.

එමා ගොන්සාලේස්


ඇමරිකාවේ පාක්ලෑන්ඩ් මිශ්‍ර පාසලේදී අවි ගත් පාසැල් ශිෂ්‍යයෙක් විසින් 17 දෙනෛකු වෙඩි තබා මරා දැමුවේ පාසල තුළදීමය. ඒ 2018 වසරේ පෙබරවාරියේය.
මෙවැනි සිදුවීමතට ප්‍රධාන හේතුව රටේ නීතිය බවට අවධාරණය කරමින් පාසැල් සිසු සිසුවියන් දහස් ගණනින් ඇමරිකානු රජයට විරුද්ධව හඩ නැගූහ. එරට අවි ආයුධ සම්බන්ධව පවතින නීති වෙනස් කරන ලෙස ඉල්ලමින් ඔවුන් විරෝධතා පැවැත්වූහ. රජයට බල කරමින් කියා සිටියහ. වයස අවුරුදු 18ක් වන එමා ගොනිසාලේස් එසේ විරෝධතා පැවැත්වූ දරුව්න අතර සිටි එක් දැරියකි. ඇය විසිනි සිදු කරන ලද කථාව ලෝකයේ සියල්ලන්ගේම අවධානය යොමු වූ වකි. ”අපගේ ජීවිත සදහා පාගමන” නමින් පැවැත්වූ විරෝධතාවයේදී ඇය මෙම කථාව සිදු කළාය.
ඇගේ මෙම කථාවත් සමග ෆ්ලෝරීඩාවේ නීති අධිකාරිය මගින් ගිනි අවි භාවිතය සදහා වූ වයස වෙනස් කිරීම සදහා වූ නීතියක් හදුන්වා දෙන ලදී,

ජැක් ඇන්ඩ්‍රකා


ජැක් ඇන්ඩ්‍රකා වයස අවුරුදු 15දී අගන්‍යාෂයික පිළිකාව හදුනා ගැනීම සදහා වන ලාභදායීම ක්‍රම වේදය සොයා ගනු ලැබුවේය.
2012 වසරේ ජාත්‍යන්තර විද්‍යාව සහ ඉංජිනේරු ප්‍රදර්ශනය සදහා ඔහු විසින් ඉදිරිපත් කළ මෙම සොයා ගැනීම වෙනුවෙන් ඔහුට ඩොලර් 75000ක ත්‍යාගයක් හිමි විය. ඔහු පැවසුවේ ඔහු මෙවැනි ක්‍රමවේදයක් සොයා ගනු ලැබුවේ අන්තර්ජාලය ඔස්සේ නොමිලේ කියවන්නට ලැබෙන් තොරතුරු වල ආධාරයෙන් බවයි.
තවමත් යෝග්‍යතාව පරීක්ෂා කිරීමේ මට්ටමේ පවතින ඔහුගේ මෙම සොයා ගැනීම පිළබද ඔහුව වඩාත් ඇගයීමට ලක් වන්නේ ඔහුගේ සංකල්පය පිළිබදවයි.

ඇමිකා ජෝර්ජ්


ඇය එංගලන්තයේ ආර්ථව දුගී බව වෙනුවෙන් සටන් කළ දැරියකි. ඇය සිය රජයට බල කර සිටියේ සිය රටතුළ ආර්ථව දුගී බවින් පෙලෙන මුදලට සනීපාරක්ෂක තුවා මිලදී ගත නොහැකි දැරියන් රැසක් ජීවත් වන බවයි. ඒ සදහා ඇය විරෝධතා ව්‍යාපාරයක් ඇරඹීමට මූලික වූයේ ඇයට වයස අවුරුදු 17 දීය. ඈ රතු පැහැ රෙදිවලින් සැරසුණ දැරියන් 2000ක්ද සමග වීදි බැස්සාය. රජයට මේ සදහා පියවර ගන්නා ලෙස ඇය බල කළාය. ඒ අනුව ඇගේ මෙහෙවරේ අවසන් ප්‍රතිලගය වූයේ 2019 මාර්තු මස එංගලන්ත රජය විසින් එරට පාසැල් වල දරුවන්ට නොමිලේ සනීපාරක්ෂව තුවා ලබා දෙන බවට ප්‍රකාශයට පත් කිරීමයි.

Share

Recent Posts

ඩේවිඩ් කැමරන් දින පහක සංචාරයක් වෙනුවෙන් පවුම් මිලියන 42 ක සුඛෝපභෝගී ජෙට් යානයක් කුලියට ගනියි.

වෙළඳපොලේ ඇති සුඛෝපභෝගී පුද්ගලික ජෙට් එකක් කුලියට ගැනීම සඳහා බදු ගෙවන්නන්ගේ වියදමින් පවුම් ලක්ෂ ගණන්…

2 hours ago

හූති කැරළිකරුවන් ඩ්‍රෝන යානයක් බිම හෙළයි!

සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මකයි.

14 hours ago

ඇන්තනි බ්ලින්කන් සහ ෂී ජින්පිං අතර හමුවක්!

දැනට ලෝකය දැවැන්ත විපර්යාසයකට මුහුණ දෙමින් සිටින අතර ජාත්‍යන්තර තත්ත්වය ද ඉතා සංකීර්ණ වන අතාර,…

18 hours ago

ටික් ටොක් තරුවට මොකද වුණේ?

නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…

20 hours ago

‘අප්‍රේල් 27 යනු අපි අපේ විලංගු ඉවත් කරන දිනයයි. අපේ ශ්‍රේෂ්ඨ රට පුරා නිදහසේ සීනු නාද විය’ ; දකුණු අප්‍රිකාව 30 වසරක නිදහස සමරයි !

1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…

20 hours ago

ඊශ්‍රායල් ප්‍රහාරයන්ගෙන් පලස්තීන වැසියන් 27 දෙනෙකු ජීවිතක්ෂයට!

මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා…

20 hours ago

ප්‍රංශය හොඳම ගෝලීය ආර්ථිකයන් දහයෙන් ඉවතට – IMF

ගෝලීය ආර්ථිකයට ඉහළම දායකයින් පස්දෙනා අතර චීනය, ජර්මනිය (2.77%), රුසියාව (2.71%) සහ බ්‍රසීලය (2.19%) ඇතුළත්…

1 day ago

ටයිටැනික් නෞකාවේ සිටි ධනවත්ම පුද්ගලයාගේ රන් ඔරලෝසුව පවුම් මිලියන 1.2කට අළෙවි වේ

මෙම ඛේදජනක අනතුර සිදුවී වසර 112කට පසුවත් ඒ වෙනුවෙන් ඇති ඉල්ලුම සුළුපටු නොවේ.

1 day ago

කාම්බෝජයේ හමුදා කඳවුරක පිපිරීමකින් සොල්දාදුවන් 20 දෙනෙකු මිය යයි

මෙම පිපිරිම හේතුවෙන් ගොඩනැගිලි හතරක් හමුදා වාහන කිහිපයකට හානි සිදුවී ඇති අතර ගම්වාසීන්ගේ නිවාස 25ක්…

1 day ago

යුක්රේනයට පෙන්ටගනයෙන් ඩොලර් බිලියන 6ක් වටිනා කඩිනම් ආධාර පැකේජයක්

පෙන්ටගනයේ නව මිලිටරි ආධාර පැකේජය හරහා යුක්රේනයේ පතරොම් නිෂ්පාදනය ආරම්භ කිරීමට සැළසුම් කරයි.

2 days ago

යේමනයේ වෙරළට ඔබ්බෙන් බොරතෙල් නැවකට හවුති ප්‍රහාරයක්!

කෙසේවෙතත් තුවාලකරුවන් හෝ මරණ සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නොමැති අතර ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ පවත්වන බව…

2 days ago

තායිවානයේ රික්ටර් මාපකයේ ඒකක 6.1 ක ප්‍රබල භූකම්පනයක්!

තායිවාන බලධාරීන් සඳහන් කර ඇත්තේ, භූකම්පනය තායිපේ අගනුවරට ද දැනී ඇති බව සඳහන් වන අතර…

2 days ago

ඛාන් යූනිස්, රෆා හා නුසෙයිරාට් සරණාගත කඳවුරට බෝම්බ ප්‍රහාර, කාන්තාවන් සහ ළමයින් ඇතුළු 15 දෙනෙක් මිය යයි!

ගාසා තීරයේ ඛාන් යූනිස්, රෆා හා නුසෙයිරාට් සරණාගත කඳවුරට මෙම ප්‍රහාර එල්ල වී ඇත.

2 days ago

ගංවතුර හේතුවෙන් කෙන්යාවේ මිය ගිය සංඛ්‍යාව 70 දක්වා ඉහළට; 12,000ක පිරිසක් අවතැන්

එල්නිනෝ කාලගුණ රටාවත් සමඟ ගංවතුර තත්වයන්ද උග්‍ර වී තිබේ.

2 days ago

චීනය සහ එක්සත් ජනපදය හවුල්කරුවන් මිස ප්‍රතිවාදීන් නොවිය යුතුයි – ෂි ජින්පින්

අනෙකුත් රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම පිළිබඳ මූලධර්මය මත පදනම්ව, බීජිං එක්සත් ජනපද මැතිවරනවලට මැදිහත්…

2 days ago