ඉන්දියාවට ඇද හැළෙන අධික වර්ෂාව හේතුවෙන් උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ අග්‍රා නගරය ආසන්නයේ ඉදිකර ඇති ටාජ් මහල් අවට ප්‍රදේශයද මේ වන විට ගංවතුර උවදුරට ලක්වෙමින් පවතින බව වාර්තා කෙරේ.
17 වැනි සියවසේදී මෝගල් අධිරාජ්‍යයෙකු විසින් දරු ප්‍රසූතියේදී මියගිය තම බිරිඳට ගෞරව කිරීම සඳහා මෙම අලංකාර මහල් සංකීර්ණය ඉදිකර ඇති අතර මෙය ලෝක උරුමක් බවටද නම්කර තිබේ. ටාජ් මහල් නඩත්තු කරන ඉන්දීය පුරාවිද්‍යා සමීක්ෂණ ආයතනය (ASI), විසින් වත්මන් ගංවතුරෙන් ටාජ් මහල් වෙත තර්ජනයක් නොවන බව ප්‍රකාශ කර තිබේ.
හිමාලයේ සිට ප්‍රාන්ත කිහිපයක් හරහා දකුණට සැතපුම් 855ක් (කිලෝමීටර් 1376ක්) ගලා යන යමුනා නදිය පසුගිය බ්‍රහස්පතින්දා වන විට මීටර් 208.57ක් (අඩි 684ක් පමණ) දක්වා ඉහළ ගොස් ඇති අතර ආසන්න ප්‍රදේශවල ජනයාට ආරක්ෂිත ස්ථාන වෙත යොමුවන ලෙස රජය අනතුරු අඟවා තිබේ.
දේශගුණික විපර්යාස පිළිබඳ අන්තර් රාජ්‍ය මණ්ඩලය (IPCC)විසින් ඉන්දියාව ආන්තික කාලගුණය හේතුවෙන් පීඩනයට පත්වන රටක් ලෙස හඳුනාගෙන ඇති අතර ආන්තික කාලගුණය හානි හේතුවෙන් මේ වන විට ඉන්දියාවේ ලෝක උරුම මධ්‍යස්ථාන විශාල ප්‍රමාණයක් ඛාදනය වෙමින් පරිහානියට පත්වන බව වාර්තා වේ.
4 වන සියවස දක්වා දිවෙන චීනයේ සේද මාවත දිගේ ඇති පුරාණ බෞද්ධ ගුහා බිතුසිතුවම් සහ ප්‍රතිමා දේශගුණික විපර්යාස නිසා ඇති වූ අධික වර්ෂාපතනයෙන් සෘජු තර්ජනයන්ට ලක්ව ඇති අතර සමහර ලෙන්වල කලා කෘති දැනටමත් පිරිහීමේ සලකුණු පෙන්නුම් කෙරෙමින් ඇති බවද වාර්තා වේ.
සශිකලා මධුෂාණී_
වෙඩි තැබූ බව කියන පුද්ගලයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
'ද ලයින්', මෝටර් රථවලින් තොර නගරයක්
සටහන: සශිකලා මධුෂාණි,මැයි 15,ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් එරට නිෂ්පාදකයන් ලාභදායි ආනයන…
චීනය බටහිරට එරෙහිව රුසියාව සමඟ “සීමා රහිත” සම්බන්ධතාවයක් ප්‍රකාශ කර ඇත.
මේවන විට පකිස්ථාන අගමැති ෂෙහ්බාස් ෂරීෆ් සඳුදා රුපියල් බිලියන 23 (ඩොලර් මිලියන 83; පවුම් මිලියන…
ප්‍රෙස් ට්‍රස්ට් ඔෆ් ඉන්දියා ප්‍රවෘත්ති ඒජන්සිය මේ සම්බන්ධයෙන් වාර්තා කර තිබුණේ මෙම දැන්වීම් පුවරුව ඉදිකිරිම…
ඩෙන්මාර්කය දෙවැනි තැනටත්, ස්වීඩනය හා නෙදර්ලන්තය තුන්වැනි හා සිව්වැනි ස්ථානවලට පත්වී ඇති අතර, ෆින්ලන්තය පස්වැනි…
මේ දක්වා ලෝක ප්‍රවාහන ක්ෂේත්‍රයේ නව පෙරළියක් සිදු කරමින් එම ටැක්සි සේවය ක්‍රියාත්මක වනු ඇතැයි ද…
රතු තොල් සායම් පමණක් නොව, ගෝලීය වශයෙන් ජනප්‍රිය විලාසිතා ද තහනම් කිරීමට උතුරු කොරියානු රෙජීමය…
රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් විසින් කැබිනට් සංශෝධනයක කොටසක් ලෙස Sergei Shoigu ආරක්ෂක අමාත්‍ය ධුරයෙන් ඉවත්…
Kami Rita 29වන වරටත් එවරස්ට් තරණය කරමින් තමන්ගේ වාර්තාව තමා විසින්ම අභිබවා ඇත.
භාරතීය ජනතා පක්ෂය 1996 න් පසු කලාපයේ මහ මැතිවරණයකට ඉදිරිපත් නොවූ පළමු අවස්ථාව වේ.
ජාත්‍යන්තර ගලවා ගැනීමේ කමිටුව (IRC) විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ලෝක නායකයන්ට මතක්කර දී තිබුණේ, දශක…
බන්ධනාගාරයෙන් නිදහස් වූ විගස, සිය ආධාර කරුවන් හමුවෙමින් දිල්ලි මහ ඇමතිවරයා සඳහන් කර තිබුණේ, ඔබ…
ජාතික මැතිවරණ කොමිසම සම්පුර්ණයෙන්ම සිය රාජකාරිය අතහැර දැමීමක්