ලොව යන අත

බොරිස් ජොන්සන්ගේ ‘නත්තල්‘ තෑග්ග – ‘‘Get Brexit done‘‘

ඔහු මේ නත්තල වෙනුවෙන් ලබා දී ඇති නත්තල් පොරොන්දුව වන්නේ ‘නත්තලට පෙර යුරෝපා සංගමයෙන් ඉවත් වීමේ ඩීල් එක නැවතත් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව තුළට ගෙන එන බව‘ ය. එනම් වෙන් වී යාම සහතික කරන බව ය.

බ්‍රිතාන්‍ය මහ මැතිවරණය දෙසැම්බර් 12 වැනිදා පැවැත්වීමට නියමිතය. එහිදී කොන්සවේටිව් පක්ෂය වෙනුවෙන් බොරිස් ජොන්සන් ලබා දෙන ප්‍රධානතම ඡන්ද පොරොන්දුව මෙයයි. ‘යුරෝපා සංගමයෙන් ඉවත් වීම තවදුරටත් දික් ගස්සන්නේ නැත‘ යන අර්ථය ඒ තුළ තිබේ. ‘අලුත් බ්‍රිතාන්‍යයක් වාත්තු කරනවා‘ – forge a new Britain යැයි ද ඔහු මුරගාමින් කියයි. ට්‍රම්ප්ගේ making America great again’ සටන් පාඨය නිතැතින්ම සිහිගන්වන ඔහු, මේ වන විටත් කොන්සවේටිව් පාක්ෂිකයන් සිහින ලොවක ගිල්වමින් සිටියි.

පිටු 59 කින් යුක්ත ඔහුගේ කොන්සවේටිව් පක්ෂයේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදකින්නේ මහ මැතිවරණයට දින 18කට පෙර අද දින (නොවැම්බර් 25) ය.

එහි ඇති සෙසු පොරොන්දු අතර මහා බ්‍රිතාන්‍යයේ හෙදියන් සංඛ්‍යාව 50,000 කින් ඉහළ නැංවීම සහ පොලිස් නිලධාරීන් සංඛ්‍යාව 20,000 කින් ඉහළ නැංවීම ද තිබේ.

“Get Brexit done and we can focus our hearts and minds on the priorities of the British people,” බොරිස් ජොන්සන් කියන්නේ එසේ ය. ‘‘බ්‍රෙක්සිට් එක කරල ඉමු.. ඊට පස්සෙ අපේ හදවත් සහ මනස බ්‍රිතාන්‍ය මිනිස්සුන්ගෙ ප්‍රමුඛතාවන් වෙත යොමු කරන්න පුළුවන්..‘‘

එහි අදහස, බ්‍රිතාන්‍ය ජාතිකයන්ගේ ජීවන ප්‍රමුඛතාවන් පිළිබඳ අවධානය යොමු කිරීමට නම්, අන් සියල්ලටම පෙර බ්‍රෙක්සිට් ඩීල් එක අවහර කර ගත යුතු බව ය.

Withdrawal Agreement Bill යනුවෙන් මේ සඳහාම සකස් කර ගෙන ඇති කෙටුම්පත බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව මගින් (හවුස් ඔෆ් කොමන්ස්) පසුගිය ඔක්තෝබරයේදී සම්මත කරනු ලැබිණි. නමුත් මහ මැතිවරණය අබියස පාර්ලිමේන්තුව විසුරුවා හැර ඇති නිසා එය නැවත පාර්ලිමේන්තුවෙන්ම බලාත්මක කර ගත යුතුය. එනම් අපරානුමිත කළ යුතුය. එක්සත් රාජධානියට යුරෝපා සංගමයෙන් ඉවත් වීමට ලබාදී ඇති අවසන් දිනය 2020 ජනවාරි 31 ය. ඉන්පසු ස්ථිරසාර වෙළඳ පදනමකට එළඹෙන තෙක්, උපරිම වශයෙන් 2020 දෙසැම්බර් 31 දක්වා එක්සත් රාජධානිය ‘සංක්‍රාන්ති සමයක්‘ ගත කළ යුතුය.

ඒ අතරතුර කාලයේදී යුරෝපා සංගමයෙන් බෙදී වෙන් වී යාම නිසා එක්සත් රාජධානියට අහිමි වන්නට නියමිත දේ බොහෝ ය. පහත දැක්වෙන්නේ එයින් කිහිපයකි. මේ සියල්ල තිබියදීත් එක්සත් රාජධානි දක්ෂිණාංශය මස් රාත්තලම ඉල්ලමින් සිටියි.

බ්‍රෙක්සිට් නිසා මොකද වෙන්නෙ?

ඉදිරි වසර 15 ක් සඳහා එක්සත් රාජධානියේ දළ දේශීය නිෂ්පාදිතය (GDP) 6.7%කින් ඉහළ යන බව බොරිස් ජොන්සන් පවසතත්…,

බ්‍රිතාන්‍ය ආණ්ඩුවේ සංඛ්‍යාලේඛන පෙන්වා දෙන්නේ ඉදිරි වසර 15 ඇතුළත දළ දේශීය නිෂ්පාදිතයට පවුම් බිලියන 130 ක පාඩුවක් සිදුවීමට නියමිත බවයි!

මෙම ඉවත් වීම වෙනුවෙන් එක්සත් රාජධානියට යුරෝපා සංගමය හට පවුම් බිලියන 39 ක් ගෙවීමට සිදුවනවා ඇත.

අවසානයේ 2019 මාර්තු 29 දින සිදුවිය යුතුව තිබූ, තෙරේසා මේ හට අගමැති ධුරය ද අහිමි කළ, බ්‍රිතාන්‍ය දේශපාලනය කුණාටුවකට මැදි කළ බ්‍රෙක්සිට්, බොරිස් ජොන්සන් නමැති ටර්මිනේටර් අතින් අවසානයක් දකින දිනය ළඟා වෙමින් තිබේ.

Share

Recent Posts

වියට්නාමය නව ජනාධිපතිවරයා ලෙස මහජන ආරක්ෂක ඇමතිවරයා නම් කෙරේ

පක්ෂයේ මධ්‍යම කාරක සභාව සඳහන් කර තිබුණේ, සියලුම ඉහළ නායකත්වයන් එක්සත්ව, ආදර්ශමත්ව, මුළු හදින් සහ…

9 hours ago

RISHI SUNAK එංගලන්තයේ ධනවතුන්ගේ ලැයිස්තුවට!

මේ වන විට ඔහුගේ වත්කම පවුම් මිලියන 651ක්.

11 hours ago

අධික වර්ෂාවත් සමඟ ඇති වූ ගංවතුර තත්වය හේතුවෙන් ඇෆ්ගනිස්ථානයේ 50 දෙනෙකු මරුට

ඇෆ්ගනිස්ථානය ස්වභාවික විපත්වලට ගොදුරු වන අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය එය දේශගුණික විපර්යාසවලට වඩාත්ම අවදානමට ලක්විය…

11 hours ago

පෝල් මැකාට්නි එක්සත් රාජධානියේ පළමු ප්‍රකෝටිපති සංගීතඥයා බවට පත් වෙයි

ඇකඩමි සම්මානයක්, ප්‍රයිම් ටයිම් එමී සම්මානයක්, ග්‍රැමී සම්මාන 18ක්, හිමිකරගෙන ඇත.

14 hours ago

ඇෆ්ගනිස්ථාන ප්‍රහාරයකින් ස්පාඤ්ඤ සංචාරකයින් තිදෙනෙකු මරුට

ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකු භාරගෙන නැත.

21 hours ago

ලෝකයේ අංක එකේ ගොල්ෆ් ක්‍රීඩක ස්කොටී ෂෙෆ්ලර් අත්අඩංගුවට

කෙන්ටකි හි ලුයිස්විල් හි පැවති PGA ශූරතාවලියෙන් පිටතදී ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.

1 day ago

සමහර අසනීපයන්ට වගකිවයුතු ද්‍රව පරපෝෂිතයා – Cryptosporidium

සටහන - නිපුනි ලියනගේ මැයි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Cryptosporidium යනු මිනිසුන්ට සහ සමහර…

2 days ago

සංක්‍රාන්ති ලිංගිකයන් ‘මානසික රෝගීන්’ ලෙස පේරු හි නිල වශයෙන් පවසයි!

රජය පැවසුවේ මෙම නියෝගය LGBTQ පුද්ගලයින් අතර අමනාපයක් ඇති කරන නමුත් ඔවුන් කිසිදු විකල්ප ප්‍රතිකාරයකට…

2 days ago

Baby Reindeer හි මාර්තා චරිතයෙහි සැබෑ කතා නායිකාව පිළිබඳ ආන්දෝලනයක්!

සටහන - නිපුනි ලියනගේ මැයි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Netflix හි නවතම කතා මාලාවක්…

2 days ago

tortilla chip අභියෝගයකට මුහුණ දුන් 14 හැවිරිදි දරුවකු හෘදයාබාධයකින් මරුට

වෙළඳසල්වල රාක්ක වලින් මේ වන විට ඒවා ඉවත් කරමින් තිබේ.

2 days ago

ප්‍රංශයේ නව කැලිඩෝනියාහි කෝලහාල තත්වයක්; හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කෙරේ

අගනුවර වන නූමියා යනු කැරලිකරුවන් සිය ගණනක් සිටින ප්‍රදේශයක් වන අතර ඔවුන් තවදුරටත් ප්‍රචණ්ඩක්‍රියා සිදු…

2 days ago

කිසිවක් නොකර සිටීමට හොඳම කවුදැයි බැලීමට දකුණු කොරියානුවන් අතර තරඟයක්

මෙවර 4,000කට අධික පිරිසක් මෙම තරඟය වෙනුවෙන් ඉල්ලුම් කර ඇති අතර ඉන් සුදුසුකම් ලබා ඇත්තේ…

2 days ago

එක්සත් රාජධානිය ඉන්දිය කුළුබඩු දැඩි පරික්ෂාවකට ලක් කරයි

ලොව විශාලතම කුළුබඩු අපනයනකරු, පාරිභෝගිකයා සහ නිෂ්පාදකයා වන ඉන්දියාව වේ.

3 days ago

චීන ජනාධිපතිවරයා පුටින්ව හරසරින් පිළිගනියි

මෙම හමුව මේ වන විට එක්සත් ජනපදය ඇතුළු ලෝකයේම අවධානයට ලක්ව ඇත.

3 days ago

ROBERT FICO ගේ තත්ත්වය නරක අතට!

එරට  ආරක්ෂක අමාත්‍ය රොබට් කලිනක් පැවසුවේ අගමැතිවරයාට ශල්‍යකර්මයක් සිදු කළ බවයි.කෙසේ වුවද  ඔහුගේ  තත්වය බරපතල…

3 days ago