පසුගිය මැයි මස 19 වන දින අවසන් වූ ගේම් ඔෆ් ත්‍රෝන්ස් කතාමාලාවේ සීරීස් ෆිනාලය පිළිබඳ නොසතුට පලකළේ ලොව පුරා බිලියන සංඛ්‍යාත ප්‍රේක්ෂකයන් පමණක් නොවේ. කතාමාලාවේ ජොන් ස්නෝ ගේ චරිතය රඟපෑ කිට් හැරින්ටන් ෆිනාලය එළි දැක්වීමත් සමඟ මානසික පීඩනයට ලක්වූ බවත්, මධ්‍යසාර වලට ඇබ්බැහි වූ බවත් මීට පෙර අපි ඔබට සඳහන් කළෙමු.
වාර්තා වන අන්දමට ඩැනේරියස් ටාගේරියන් ගේ චරිතයට රඟපෑ එමිලියා ක්ලාර්ක් හටද සීරීස් ෆිනාලය පිළිබඳ පැවසීමට දෙයක් පවතී.
32 හැවිරිදි බ්‍රිතාන්‍ය ජාතික එමිලියා ක්ලාර්ක් යනු මකර මාතාව ඩැනේරියස් ටාගේරියන් ගේ චරිතයට පණපෙවූ පුරා වසර නවයක් ප්‍රේක්ෂක හද බැඳ ගත් රංගන ශිල්පිණියකි. ඈ හට ගේම් ඔෆ් ත්‍රෝන්ස් අවසානය පිළිබඳ පැවසීමට දෙයක් පවතී. රෙජිනා හෝල් නම් රංගන ශිල්පිණිය සමඟ වැරයිටි සඟරාවේ ජූනි කලාපයේ කවරයට පෙනී සිටි එමිලියා ක්ලාර්ක් පවසා සිටියේ ඈ ගේම් ඔෆ් ත්‍රෝන්ස් අවසානය පිළිබඳ පසුතැවෙන ‘එකම එක දෙයක්’ පවතින බවය. එනම් කතාමාලාව අවසානයේ රංගන කටයුතු කළ පරිශ්‍රයෙන් මතක සටහනක් ගෙනයාමට නොහැකි වීමයි.
“රැඟුම් පරිශ්‍රයෙන් කිසිම දෙයක් මට ගන්න බැරි උණා, මට ඒ ගැන හරිම දුකයි, ඒ වගේම කේන්තියි.. මම බලාපොරොත්තු වනවා අඩුම තරමේ අධ්‍යක්ෂකවරුන් මට මකර බිත්තරයක් වත් දේවි කියා, අවරුදු 10ක කාලයක් තිස්සේ මෙපමණ කැප කිරීමක් කරලා, අන්තිම මොහොතේ මේ වගේ අවසානයක් උදා වීම හරිම ඛේදජනකයි, වියවුල් සහගතයි.. මුලදි ඒක දරා ගන්න බැරි වුණා.. මම කවුද දැන්? කෝ මගේ මකරුන්?” ක්ලාර්ක් වේදනාවෙන් පවසා සිටියාය.
“ඒ අවසානය හරිම හැඟුම්බරයි.. ඔබ දුටුවා කොපමණ දෙනෙක් මානසිකව වැටුණා ද කියා.. එහි අවසානයත් සමඟ හැමෝම කඩා වැටුණා.. ”
මකර බිත්තර තුනකින් බිහිවූ කුඩා මකර පැටවුන් තිදෙනෙකු අග්නිසැර ගිනි පිඹින යෝධ මකරුන් තිදෙනෙකු දක්වා හැදී වැඩුණේ ඩැනේරියස් ටාගේරියන් නම් වූ ඒ යකඩ ගැහැණියගේ මව් සෙනෙහේ තුරුලේය. උන් කීකරු වූයේ ඈ හට පමණි. තම මෑණියන් රැක ගැනීමට උන් ඕනෑම දෙයක් කළහ. යුධ භට සේනා අළු කර දැමීය; නැව් යාත්‍රා දියබට සමතලා කළහ. ඇගේ “ද්‍රකාරිස්” නම් විධානය හමුවේ සතුරන් ගිනිබත් කර දැමූහ. වරක ඈගේ සොයුරු විසේරියන් පවසා සිටියේ මිනිසුන් හා මකරුන් පමණක් පිලිස්සූ මස් අනුභව කරන බවය.
මකර මාතාව ඩැනේරියස් ටාගේරියන් නම් අද්විතීය චරිතය තුළ දස වසරක් ජීවත් වීම එමිලියා ක්ලාර්ක් විග්‍රහ කර තිබුණේ, එය තමාගේ ජීවිතය වෙනස් කළා පමණක් නොව තම ජීවිතය බේරා ද දුන් බවය.
“ඩැනේරියස් ඇත්තටම මගේ ජීවිතය බේරුවා, මොකද කාලයක් මම මගේ මොළයේ ශල්‍යකර්මයකට මුහුණා පා සිටිද්දී ඇගේ චරිතය තමයි මට ජීවත් වෙන්න බලාපොරොත්තුවක් ගෙන දුන්නේ.. ඈ පැළඳි සපත්තු පැළඳ ගෙන යනවිට, කතාවේ පරිච්ඡේදයෙන් පරිච්ඡේදය මට මම ඈ බව ගොඩක් දැනෙන්න ගත්තා. මරණය පිළිබඳ බියක් ඇතිවූ හැම මොහොතකම මා බේරා ගත්තේ ඇයයි. මම ඈ මෙන් බලවත් පුද්ගලයකු නේද කියන හැඟීමයි මා ජීවත් කරවූයේ.. මම මා තුළින් දුටුවේ ඇයයි,” ක්ලාර්ක් පවසා සිටියාය.
අනෙකුත් රංගන ශිල්පීන් ශිල්පිණියන් මෙන්ම එමිලියා ක්ලාර්ක් ද ගේම් ඔෆ් ත්‍රෝන්ස් කතාමාලාව අවසානයේ බොහෝ හැඟීම්බර වූවාය. කිට් හැරින්ග්ටන් අවසන් කතාමාලාවේ තිරපිටපත දුටු පළමු මොහොතේ සංවේදී වූ ආකාරය අපි මීට පෙර දුටුවෙමු, එම වීඩියෝ ක්ලිපය ඔබ නැරඹුවේ නම්, ක්ලාර්ක් ඔහු සැනසීමට තැත් කරන අයුරුද ඔබ දකින්නට ඇත. ක්ලාර්ක් හැකි සෑම අවස්ථාවකම ගේම් ඔෆ් ත්‍රෝන්ස් කතාමාලාව අවසාන වීම පිළිබඳ තම ශෝකය ප්‍රකාශ කර සිටීමට වාචික වූවාය.
සීරීස් ෆිනාලය තිරගත වීමට පෙරාතුවම මාධ්‍යයට අදහස් දක්වමින් ක්ලාර්ක් පවසා සිටියේ මෙවැන්නකි. “ඩැනී ගේ චරිතය මට කොපමණ සමීප වූවාද කියන දේ පිළිබඳ වචන ගලපා ගන්න මට තේරෙන්නේ නැහැ. මම දන්නේ නැහැ මෙම ප්‍රකාශය තුළින් ඒ හැඟීම කියා නිම කරන්න මට හැකි වේවිද කියා. මකර මාතාව නම් චරිතය මා වැඩිහිටියකු ලෙස ගත කරන ජීවිතයේ විශාල වෙනසක් ඇති කළා. මේ ගැහැණිය මාගේ හදවත ඩැහැගත්තා. මම මකරුන්ගේ අග්නිසැර ගිනි ජාලා ඉදිරියේ දහඩිය දැමුවා, කතාව තුළ මුලදීම චරිතයට සමුදුන් ඇගේ පවුලේ අය වෙනුවෙන් කඳුලු සැලුවා. ක්හලීසිතුමියගේ රාජකාරිය ඉටුකරලීමට, අභීත වදන් හා ක්‍රියා වලට පණ පෙව්වා. එය මා හට යුක්තිය ඉටු කළා. ගැහැණියක් ලෙස, රංගන ශිල්පිණියක් ලෙස මෙන්ම මනුශ්‍යයකු ලෙස ගේම් ඔෆ් ත්‍රෝන්ස් මා හැඩ කළා. මේ මොහොතේ මගේ ආදරණීය පියාණන් තම දියණිය ආ ගමන් මඟ පිළිබඳ දකින්නට සිටියේ නම් කියා මට සිතෙනවා.”
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…
කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…
උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!
එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.
ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…
මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…
ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.
යුක්‍රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.
වාර්තාව තබන අතරතුර ඇය සෑම පැයකට වරක් මිනිත්තු 5ක විරාමයක් ලබාගෙන ඇති අතර, කෙටි නින්දකට,…
බන්ධනාගාර ගොඩනැඟිලිවලින් විශාල ප්‍රමාණයක් සහ එහි උස් තාප්පයේ කොටසක් කඩා වැටී ඇති අතර, සිරකරුවන් පලාගොස්…
ගිනිකන්ද පුපුරා යාමත් සමඟ සුන්බුන් මුහුදට වැටී සුනාමියක් ඇති ව තිබේ.
ඉන්දියාව පසුගිය වසරේ පස්වන විශාලතම ආර්ථිකය ලෙස එක්සත් රාජධානිය අභිබවා යන ලදී.