ලොව යන අත

හයිටි දිළින්දන්ගේ කුසගිනි නිවන ”මැටි කේක්”

කැරීබියන් ඉර හයිටියටHaiti උඩින් දැඩි උණුසුමක් හයිටි පොළොව මත පතිත කරන්නේ අන්ත අසරණ කුස ගින්නේ වියපත් වූ සිරුරු වලට තවත් වේදනාව එක් කරමිනි.

ඒ හිරු රශ්මියෙන් විශාල ප්‍රදේශයක් පුරා වියළෙමින් තිබෙන Mud cakes මැටි රොටී ය . ඒවා සැබවින්ම අපි ආහාර පිසින්නට ගන්නා හෝ ගෘහ අලංකරණයට ගන්නා මැටි බඳුන් හැඩයක් ගත්තද ඒවා සැබවින්ම ඒ සඳහා නම් නොව . ලොව අන්ත දිළිඳු බවින් පෙලෙන රටක දුප්පත් මිනිසුන්ගේ කුස ගිනි නිවනා පොදු මෙන්ම ජනප්‍රිය ආහාරයයි…

මැටි රොටී මැටි කේක් ලෙස හඳුවන හයිටි ජනයාගේ මෙම ආහාරයේ සම්පූර්ණයෙන්ම සමන්විත වී ඇත්තේ මැටිය.. කණ්ඩායම් වශයෙන් එක්වුණ කාන්තවන් සැතපුම් ගණන් කඳු තරණය කර එක්රැස් කරගෙන එන මැටි වලට ලුණු හා ජලය එක්කරයි.. ඉන්පසු රොටී මෙන් ඒවා වඩා ඉර අවුවේ වියළයි… හයිටියේ බෙහෝමයක් දෙනාගේ උදේ ආහාරයද දහවල් මෙන්ම රාත්‍රී ආහාරයද මේ මැටි රොටී නැත්නම් මැටි කේක්ය…

ගොරෝසු මෙන්ම ඉක්මනින් බිඳෙන සුළු මෙම මැටි රොටී බැලූ බැල්මට කිසිවතුගේ ආහාර රුචිය වඩවන්නේ නම් නැත. මින් පෙර මේ මැටි කේක් පරිභොජනයට ගත්තේ ගර්භනී කාන්තාවන් විසින් සිය ගර්භණී අවධියේදී ඖෂධයක් ලෙසයි… නමුත් මීට වසර ගණනාවක් තිස්සේ ගර්භණී කාන්තාවන් පමණක් නොව බොහෝ හයිටි පවුල්ලවල සාමාජිකයින් මැටි කේක් පරිභෝජනය කරමින් සිටී. එය දැන් හයිටි ජනයාගේ ප්‍රධාන ආහාරයකි.

හයිටියේ ආහාර සහ ඉන්ධන අර්බුධය ලෝකයේ අන් සියළු රටවල් අබීබවමින් සිටී. වැඩිවන ජනගහණය මෙන්ම වැඩිවන දුප්පත්කම මේ ආහාර හිඟයට මූලිකම හේතුවයි. ඔවුන් කුස ගින්න හඳුන්වන්නේ ක්ලොරෙක්ස් ගිලදැමීම “swallowing Clorox” ලෙසයි..Clorox යනු ඉතා සැර bleach වර්ගයකි… එතරම් සැර Clorox ගිල දැමීමේදී ඇතිවන වේදනාවෙහිද කුස ගින්න නිසා ඔවුන්ට දැනෙන වේදනාවේද වැඩි වෙනසක් නැත.

ඒ වේදනාවෙන් ඔවුන් මුදවාලන්නේ මේ මැටි කේක්ය.. ඔවුන්ගෙන් සමහරෙක් ජීවිතේ කවදාවත්ම ඇත්තටම කේක් යනු මොනවාදැයි දැක නැති බව අනිවාර්යයකි.

වයසට වඩා උසින් අඩු කුඩා දරුවන්ගේ කුස පමණට අඩා ඉදිමී ඔවුන් විකෘති සරුර හිමිකර දී ඇත්තේ මේ දරා ගත නෙහෙැකි කුසගින්න හා මැටි කේක වැනි සෞඛය සම්පන්න නොවන ආහාරයි.

එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂි සංවිධානයට අනුව හයිටිය විසින් සිය පරිභොජන ආහර අපනයන වියදම 80% කින්වැඩි වී ඇත. ආහාර නිසා ඇතිවූණ අරගල හේතුවෙන් එරට අගමැති වරයා මෙන්ම තවත් බලධාරීන්ගේ ජීවිත පවා 2008 වසරේදී නැති විය. එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ හියිටියේ තුනෙන් දෙකක එනම් මිලියන දෙක හමාරක ජනතාව මෙම ආහාර අර්බුධය හේතුවෙන් පීඩා විඳින බවයි.

මේ මෙහොත වන විටද හයිටියේ ප්‍රචණ්ඩ ක්‍රියා වර්ථනය වෙමින් පවතී.. හයිටිය වෙත සියළු ගුවන් ගමන් පවා මේ වන විට ජාත්‍යන්තර ගුවන් සේවා විසින් තාවකාලිකව නවතා ඇත. ආහාර සහ ඉන්ධන හිඟකම ඊට හේතු වී ඇත.

එක්සත් ජාතීන්ගේ ආහාර වැඩසටහන පවසන පරිදි
  • හයිටි ජනතාවගෙන් තිදෙනෙකුගෙන් එක් අයෙක් ගේ දෛනික ආදායම ඇමරිකානු ඩොලර් දෙකකි .
  • එපමණක් ද නොව හයිටියේ ආදායමෙන් 70%ක් බෙදී යන්නේ එරට පෝසතුන් 10%ක් අතර පමණී.
  • හයිටියේ රැකියා වියුක්තිය 50%ක් වේ.
  • දේශගුණික විපර්යාසයන්ගේ අනිටු ප්‍රථිපල වාර්ශිකව 50000 හයිටි ජනයාගේ ජීවිත වලට තර්ජනය කරයි.
  • හයිටි වයස අවුරුදු 5ට අඩු දරුවන් 100000 මන්දපෝෂණයෙන් පීඩා විඳින අතර ළමුන් තිදෙනෙකුගෙන් එක් අයෙක් කුරු දරුවන්ය.
  • සියයට 50කට පමණක් ජලපහසුකම පවතින අතර සනීපාරක්ෂව සඳහා ජලය ඇත්තේ 25% ප්‍රමාණයකට පමණි.
  • කාන්තාවන් සහ ළමුන් තුනෙන් එක් අයෙක් ඇනීමියා තත්ත්වයෙන් පෙළේ
Share

Recent Posts

ඉරාන ජනාධිපති රයිසිගේ හෙලිකොප්ටරය හදිසි ගොඩබෑමකට ලක්වෙයි!

ඉරාන රජය මීට පෙර ප්‍රකාශ කළේ මෙම හෙලිකොප්ටරය අසර්බයිජාන් දේශසීමාව අසල ගමන් කරමින් තිබූ රථ…

8 hours ago

බලතල පුළුල් කරමින් චීනය නව රෙගුලාසි!

පරීක්ෂා කිරීමට සහ සාක්ෂි රැස් කිරීමට නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන්ට ඇති බලතල පුළුල් කරමින් චීනය…

9 hours ago

ඊශ්‍රා­ය­ලය දකුණු අප්‍රි­කාවේ චෝද­නාව ප්‍රති­ක්ෂේප කරයි!

රෆා නුවර සිදු කරන ප්‍රහාර නව­ත්වන ලෙස ඊශ්‍රා­ය­ල­යට නියෝග කර­න්නැයි දකුණු අප්‍රි­කාව කළ ඉල්ලීම ජාත්‍ය­න්තර…

11 hours ago

විකිලීක්ස්හි ජූලියන් අසාන්ජ් පිටුවහල් කිරීමේ නඩුවට මුහුණ දේ

මෙම නඩුව ඉවත් කරන ලෙස ඉල්ලීම් මානව හිමිකම් කණ්ඩායම් සහ සමහර මාධ්‍ය ආයතනවල සිට ඕස්ට්‍රේලියානු…

13 hours ago

ඉන්දුනීසියාවේ ඉබු ගිනි කන්ද සක්‍රිය වේ

ඉබු යනු ඉන්දුනීසියාවේ වඩාත්ම සක්‍රීය ගිනිකඳු වලින් එකක් වන අතර එය පසුගිය වසරේ 21,000 වාරයකට…

14 hours ago

වෙඩි ප්‍රහාරයකට ලක් වූ ස්ලෝවැක් අගමැතිගේ තත්වය බරපතල අතට

ෆිකෝගේ ආධාරකරුවන් පවසන්නේ දේශපාලන ආතතීන් අවුලුවාලීම සඳහා විපක්ෂය අර්ධ වශයෙන් වගකිව යුතු බවයි.

14 hours ago

ගාසා තීරය සඳහා පශ්චාත් යුද සැලැස්මක් නොමැති නම් ඉවත් වන බවට ඊශ්‍රායල යුද කැබිනට් අමාත්‍යවරයා අනතුරු අඟවයි

යුද්ධයේ දිශානතිය සම්බන්ධයෙන් වැඩෙන දේශපාලන විරසකය පැමිණෙන්නේ ගාසා නගරයේ ඓතිහාසික සරණාගත කඳවුරක් වන ජබාලියා වෙත…

21 hours ago

බෝට්ටුවකින් ඉතාලිය බලා ගිය ටියුනීසියාවන් 23 දෙනෙකු අතුරුදන්

එක්සත් ජාතීන්ගේ සංඛ්‍යාලේඛන පෙන්වා දෙන්නේ පසුගිය වසරේ ඉතාලියේ වෙරළට ගොඩ බැස ඇති සංක්‍රමණිකයන් 12,000ක්වත් ටියුනීසියාවෙන්…

21 hours ago

වියට්නාමය නව ජනාධිපතිවරයා ලෙස මහජන ආරක්ෂක ඇමතිවරයා නම් කෙරේ

පක්ෂයේ මධ්‍යම කාරක සභාව සඳහන් කර තිබුණේ, සියලුම ඉහළ නායකත්වයන් එක්සත්ව, ආදර්ශමත්ව, මුළු හදින් සහ…

1 day ago

RISHI SUNAK එංගලන්තයේ ධනවතුන්ගේ ලැයිස්තුවට!

මේ වන විට ඔහුගේ වත්කම පවුම් මිලියන 651ක්.

1 day ago

අධික වර්ෂාවත් සමඟ ඇති වූ ගංවතුර තත්වය හේතුවෙන් ඇෆ්ගනිස්ථානයේ 50 දෙනෙකු මරුට

ඇෆ්ගනිස්ථානය ස්වභාවික විපත්වලට ගොදුරු වන අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය එය දේශගුණික විපර්යාසවලට වඩාත්ම අවදානමට ලක්විය…

1 day ago

පෝල් මැකාට්නි එක්සත් රාජධානියේ පළමු ප්‍රකෝටිපති සංගීතඥයා බවට පත් වෙයි

ඇකඩමි සම්මානයක්, ප්‍රයිම් ටයිම් එමී සම්මානයක්, ග්‍රැමී සම්මාන 18ක්, හිමිකරගෙන ඇත.

2 days ago

ඇෆ්ගනිස්ථාන ප්‍රහාරයකින් ස්පාඤ්ඤ සංචාරකයින් තිදෙනෙකු මරුට

ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකු භාරගෙන නැත.

2 days ago

ලෝකයේ අංක එකේ ගොල්ෆ් ක්‍රීඩක ස්කොටී ෂෙෆ්ලර් අත්අඩංගුවට

කෙන්ටකි හි ලුයිස්විල් හි පැවති PGA ශූරතාවලියෙන් පිටතදී ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.

2 days ago

සමහර අසනීපයන්ට වගකිවයුතු ද්‍රව පරපෝෂිතයා – Cryptosporidium

සටහන - නිපුනි ලියනගේ මැයි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Cryptosporidium යනු මිනිසුන්ට සහ සමහර…

2 days ago