පුටින් ආරක්ෂක ඇමතිත් සමග අයිස් හොකී සෙල්ලම් කළ හැටි

ශීත ඔලිම්පික් උළෙල පැවැත්වූ රුසියාවේ සොචී නගරයේදී පසුගියදා පැවැත්වුණු ප්‍රදර්ශනාත්මක අයිස් හොකී තරගාවලියකදී රුසියානු ජනාධිපතිවරයා වැඩිම ගෝල ගණනක් වාර්තා කළ ක්‍රීඩකයා බවට පත්වුණා. බොල්ෂෝයි අයිස් ඩෝමයේදී මේ තරගය පැවැත්වුණේ ජාතික හොකී ලීගයේ හිටපු ක්‍රීඩකයන් සමග. ඉතින් ඔවුන් ඉතාම පළපුරුදු ක්‍රීඩකයන් බව ඉතාම පැහැදිලියි.

පසුගිය සිකුරාදා රාත්‍රියේ පුටින් සුපුරුදු අංක 11 ටී ෂර්ටයත් ඇඳගෙන අයිස් හොකී තරග බිමට පැමිණියේ නායකයෙක් වශයෙන් සිය සම්ප්‍රදාය රකිමින්.

මේ තරගය පැවැත්වෙන අවස්ථාවේදී රොයිටර්ස් සහ ඇසෝසියේටඩ් ප්‍රෙස් (AP) කියන ලොව ප්‍රධාන පෙළේ පුවත් සේවාවන් දෙකේම වාර්තාකරුවන් සිටියා.

පුටින් වාර්තා කළ ගෝල සංඛ්‍යාව මේ පුවත් ඒජන්සි දෙක විසින්ම වාර්තා කළේ ගෝල 8 ක් ලෙසයි. නමුත් ක්‍රෙම්ලිනය පැවසුවේ පුටින් ගෝල 10 ක් වාර්තා කළ බවයි.

පුටින්ගේ ආරක්ෂක අමාත්‍යවරයා වන සර්ජි ෂොයිගි සිටියේත් පුටින්ගේම පිලේ. ඔහු ගෝල 3 ක් වාර්තා කළා.

අවසානයේ ගෝල 14-7 ක් ලෙස පුටින් සෙල්ලම් කළ පිල තරගයෙන් ජයග්‍රහණය කළා.

කොහොම වුණත් වයස අවුරුදු 66 ක් වන පුටින් මේ අන්දමින් ක්‍රීඩා දක්ෂතා ප්‍රකට කිරීම ජාත්‍යන්තර ශීර්ෂපාඨ මැව්වා.

ආර්ථිකය අඩපණ වීම ගැන පුටින්ට රට තුළින් කොපමණ චෝදනා එල්ල වුණත් පුටින් ක්‍රීඩා තරගවලදී නම් උපරිම ලකුණු දමා ගැනීමට අමතක කරන්නේ නැහැ. ඔහු විටින් විට මේ අන්දමින් රජයේ නිලධාරීන් සමග, ව්‍යාපාරිකයන් සමග සහ ජාතික හොකී පිලේ විශ්‍රාමලත් ක්‍රීඩකයන් සමග ප්‍රදර්ශනාත්මක ලෙස ක්‍රීඩා කරනවා. ඒ වගේම එම සෑම ක්‍රීඩා තරගයක්ම රුසියානු රාජ්‍ය රූපවාහිනියේත් නොමසුරුව විකාශය කරනවා.

මේ අතරේම ජාත්‍යන්තර විචාරකයන් මේ ආකාරයේ නිරීක්ෂණයක් ද කරනවා. ඒ, පුටින් ක්‍රීඩා කරන හැම විටම ප්‍රතිවිරුද්ධ පිලේ ක්‍රීඩකයන් අවම බලයක් යොදන බව! එනම් ඔවුන් පුටින්ට ගෝල වාර්තා කරන්නට හැකි උපරිම අවස්ථාවන් ලබා දෙනවා.

මේ තරගයේදී පුටින්ගේ ප්‍රතිවිරුද්ධ පිලේ ක්‍රීඩකයන් අතර පුටින්ගේ ළමා වියේ මිතුරෙක් වන ගෙනාඩි ටිම්ෂෙන්කෝ, කෝටිපති ව්‍යාපාරික ව්ලැදිමීර් පොටැනින් සහ රුසියානු ආණ්ඩුකාරවරුන් කිහිප දෙනෙක් සිටියා. මේ අයත් පුටින් ඉර පෙන්නා හඳ කිව්වොත්, ‘ඔව් ඒ හඳ තමයි‘ කියන වර්ගයේ අය.. 2011 වසරේ පටන් මේ දක්වා පුටින් මේ අයිස් හොකී ක්‍රීඩා තරගයකදී අවම වශයෙන් ගෝල 5 ක්වත් තනියම වාර්තා කරනවා.

ඉතින් අවසානයේදී හැම විටම සිදුවනවා වගේ, පුටින් ‘මෑන් ඔෆ් ද මැච්‘ බවට මේ වතාවේත් පත් වුණා.

Share

Recent Posts

නායයෑම් හා ගංවතුර නිසා ඉන්දුනීසියාවේ 15 දෙනෙකු ජීවිතක්ෂයට!

ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…

2 hours ago

ඊශ්‍රායලයට යන නැව්වලට සිය සිමාව තුළ අනිවාර්යෙන් ප්‍රහාර එල්ල කරන බව හූතිවරු පවසයි

එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…

6 hours ago

එළඹෙන සති අන්තයේ ඇමරිකා විශ්වවිද්‍යාල ගාසා යුද විරෝධතාකරුවන්ගෙන් බාධා එල්ල වේ යැයි සැකයක්!

විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…

9 hours ago

බ්‍රසීලය වසර 80කට පසු මාරාන්තික ගංවතුරකට මුහුණ දේ; 37ක් මියගොස් 74 දෙනෙකු අතුරුදන්

එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…

11 hours ago

සික් බෙදුම්වාදී නායක නිජ්ජාර්ගේ ඝාතනය සම්බන්ධයෙන් කැනඩාව තිදෙනෙකු අත්අඩංගුවට ගනී

පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…

11 hours ago

ඉන්දියාව මියන්මාර සරණාගතයින් පිටුවහල් කරයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…

1 day ago

ඡන්ද මධ්‍යස්ථානයකින් ආපසු හරවා යැවු එංගලන්තයේ හිටපු අගමැති බොරිස් ජෝන්සන්!

විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…

1 day ago

චීනය සඳ මත කඳවුරු බැඳීමේ මෙහෙයුම දියත් කරයි

මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…

1 day ago

තුර්කිය ඊශ්‍රායලය සමඟ පැවති වෙළඳ සබඳතා අත්හිටුවයි

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…

1 day ago

දකුණු වියට්නාමයේ ජලාශයක මත්ස්‍යයින් විශාල සංඛ්‍යාවක් මිය යයි!

මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…

2 days ago

ගිටාර් වීරයා DUANE EDDY ගිටාරය තනිකර ජීවන රිද්මයට තිත තබයි!

මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…

2 days ago

බ්‍රසීලයට ගං වතුර, 10ක් මිය යයි!21ක් අතුරුදහන්

පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…

2 days ago

කාන්තාවන් පිරිමින්ට වඩා වසර ගණනාවක් ජිවත්වන මුත් දිගුකාලින අසනීප තත්වයන්ගෙන් පෙළෙන බව අධ්‍යනයකින් හෙළි වේ

කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…

2 days ago

චාලි මා හදවතෙහි ජීවත් ව හිඳී

උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!

2 days ago