ඉතිහාසයේ කිසදාක නැති තරම් මේ වන විට බ්‍රසීලයේ ඇමසන් වැසි වනාන්තරයේ ගිනි ගැනීම් වාර්ථා වෙමින් පවතින බව බ්‍රසීල අභ්‍යවකාශ පර්යේෂණ මධ්‍යස්ථානය පවසයි. ඔවුන් විසින් ලබා ගන්නා ලද චන්ද්‍රිකා ඡායාරූප අනුව මේ පිළිබදව පර්යේෂණ වාර්ථාවක් ඉදිරිපත් කරන අභ්‍යවකාශ පර්යේෂණ මධ්‍යස්ථානයේ දත්තයන්ට අනුව 2018 වසරේ සිදුවූ ගිනි ගැනීම් වලට වඩා මෙම වසරේ සියයට 83කින් ගිනි ගැනීම් සිදුවීම් වාර්ථා වී ඇත.
මෙම විශෘල ගිනි ගැනීම් හේතුවෙන් පසුගියදා බ්‍රසීලයේ සාඕ පාවුලෝ නගරය දුමින් වැසී ගොස් තිබිණී.
ලෝකයේ විශාලතම වැසි වනාන්තරය වන ඇමසන් දේශගුණික විපර්යාසයන් හේතුවෙන් මේ වන විට ලෝකය මුහුණ දෙමින් සිටින අවාසනාවන්ත තත්ත්වයෙන් ලෝකය මුදා ගන්නට බලපෑමක් කළ හැකි ප්‍රමුඛයා බවට පත් වී ඇත.
නමුත් මෙම තත්ත්වය ඉදිරියේදී හාත්පසින්ම වෙනස්විය හැක්කේ බ්‍රසීල ජනපති ජෙයර් බොල්සොනාරෝ විසින් අනුගමනය කරන ලද පරිසර ප්‍රතිපත්තීන් හේතුවෙනි.
අභ්‍යවකාශ පර්යේෂණ මධ්‍යස්ථානය පවසන් පරිදි මෙසේ ඇමසන් හී විශාල වශයෙන් ගිනිගැනීම් අවස්ථා වන්නට බ්‍රසීල ජනපතිගේ ක්‍රියාකලාපය මුළූ මුනින්ම හේතු වී ඇත.
බ්‍රසීල අභ්‍යවකාශ මධ්‍යස්ථානය විසින් ලබා ගන්නා ලද චන්ද්‍රිකා ඡායාරූප වලට අනුව පසුගිය ජනවාරි මස සිට අගෝස්තු දක්වා කාල පරාසය තුළ ඇමසන් වනාන්තරයේ ගිනිගැනීම් අවස්ථා 72000ක් සිදු වී ඇත. පසුගිය බ්‍රහස්පතින්දා සිට අද වන තෙක් සිදුව ඇති ගිනි ගැනීම් අවස්ථා 9500කි .ඒවායින් බෙහෝමයක් අවස්ථා උතුරු දිග බ්‍රසීලය ආශ්‍රිත ඇමසන් ප්‍රදේශ වලින් වාර්ථා වේ.
මෙවැනි වාර්ථා නිකුත් කිරීම සහ තමන්ගේ පරිසර ප්‍රතිපත්තියට එරෙහිවීම සමබන්ධව පසුගියදා බ්‍රසීල ජනපතිවරයා අභ්‍යවකාශ පර්යේෂණ මධ්‍යස්ථෘනයේ හිටපු ප්‍රධානියා සේවයෙන් පහ කරන ලදී.නමුත් මෙම නවතම වාර්ථාව එළිදැක්වෙන්නේද ඊට පසුවයි.
මෙම වාර්ථාව සහ නවතම දත්තයන් බ්‍රසීල ජනපතිවටරයා විසින් ප්‍රතික්ෂේප කරමින් සිටින අතර ඔහු පවසන්නේ මෙය මෙවැනි ගිනිගැනීම් ඇති වන සාමාන්‍ය කාලයක් බවයි. මන්ද මේ ගොවීන් කෘෂිකාර්මික කටයුතු සදහා වගා බිමිසකසන කාලය බැවින් ඒවා සාමාන්‍ය ගිනි ගැනීම් බව ඔහු ප්‍රකාශ කරයි. මින් පෙර ලෝකය තමන්ව කියත ලෙස හැදින්වූවද මෙ සිදුවීම් සමග නීරෝ ලෙස හදුන්වන බවද ඔහු විසින් ප්‍රකාශ කරන ලදී,
කෙසේ නමුත් සියළූ පරිසර සංවිධන පවසන්නේ බොල්සොනාරෝගේ පරිසර ප්‍රතිපත්තිය මෙම වන විනාශයට සම්පූර්ණයෙන්ම වග කිව යුතු බවයි. බ්‍රසීල ජනපතිවරයා සිය ධූරය භාර ගැනීමට පෙර සිටම පැවසූවේ සිය රට සංවර්ධනයටනම් ඇමසන් වනයෙන් ප්‍රයෝජන ගත යුතු බවයි. ඔහු පවසා සිටියේ ඇමසන් භූමිය වගා බිම් බවට පත් කළ යුතු බවයි. ව්ශේෂයෙන්ම මේ වන විටත් ඇමසන් භූමියෙන් වැඩි ප්‍රමාණයක් ගව පට්ටි පාලනය සදහා හෙළි පෙහෙළී කරමින් සිටී. මීට පෙර බ්‍රසීලයේ රජයන් විසින් ඇමසන් වගනයට අත තබන්නන්ට එරෙහිව දැඩි නීති ක්‍රියාත්මක කළ අතර දඩ අය කිරීම ඉතාමත් තදින් සිදු කෙරිණ නමුත් බොල්සොනාරෝගේ පාලනයත් සමග මේ සියලු පාලනයන් වෙනස් වූ අතර ඔහු විසින් ඇමසන් වනය සමබන්ධ සියළූ නීති රීති ලිහිල් කරමින් වනාන්තරය හෙළි පෙහෙළි කිරීමටත් ගස් කැපීමටත් අනුබල ලබා දෙමින් සිටින්නේය.
බොල්සොනාරෝගේ මෙම ක්‍රියාකලාපය හේතුවෙන් උද්ගත වී ඇති තත්ත්වය ඉතා ඉක්මණින් පාලනය නොවුනහොත් ලෝකයේ විශාලතම වැසි වනාන්තරය ලෝකයට අහිමි වනු නියතය.
ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…
මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…
ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.
යුක්‍රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.
වාර්තාව තබන අතරතුර ඇය සෑම පැයකට වරක් මිනිත්තු 5ක විරාමයක් ලබාගෙන ඇති අතර, කෙටි නින්දකට,…
බන්ධනාගාර ගොඩනැඟිලිවලින් විශාල ප්‍රමාණයක් සහ එහි උස් තාප්පයේ කොටසක් කඩා වැටී ඇති අතර, සිරකරුවන් පලාගොස්…
ගිනිකන්ද පුපුරා යාමත් සමඟ සුන්බුන් මුහුදට වැටී සුනාමියක් ඇති ව තිබේ.
ඉන්දියාව පසුගිය වසරේ පස්වන විශාලතම ආර්ථිකය ලෙස එක්සත් රාජධානිය අභිබවා යන ලදී.
පලස්තීන ජනතාවගේ ඉතිහාසයේ විශාලතම ව්‍යසනය..
G7 කණ්ඩායමට කැනඩාව, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ජපානය, බි්‍රතාන්‍ය සහ අමෙරිකාව යන රටවල් අයත් වන අතර මෙම…
දින 40ක සටන් විරාමයක් සම්බන්ධයෙන් ඊශ්‍රායලයේ පාර්ශවයෙන් සුභවාදී ප්‍රතිචාරයක් පළවීමත් සමඟ එම සැනසිලිදායක තත්ත්වය මොහොතකට…
ගාසා තීරයට මානුෂීය ආධාර වැඩි කිරීම, ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම සම්බන්ධයෙන් ද එහිදී සාකච්ඡා වී…
මෙම මරණ දණ්ඩනය පැනවීම ජාත්‍යන්තර විරෝධතාවලට ද හේතු වී ඇති අතර මානවහිමිකම් කණ්ඩායම් මෙය මානව…
මේ මස මුලදී, කෙන්යාවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබුණේ, මැයි මාසය දක්වා රටේ විවිධ…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ශීත කළ පීසා වර්ග භාවිතයෙන්…