කාලීන

ඉන්දීය බලධාරීහු කොටිදෙනකට කුරුමානම් අල්ලති

මිනිසුන්ට දරුණු ලෙස පහර දෙන්නේයැයි කියා සැක කෙරෙන කොටිදෙනක වෙඩි තබා මරා දමන්නට ඉන්දීය බලධාරීහු රොද බඳිති. ඒ ඉරණමට ගොදුරු වන්නට යන්නේ ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ යවට්මල් දිස්ත්‍රික්කයේ වනාන්තරයක ජීවත් වන T1 නමින් නම් කරන ලද කොටිදෙනකි.

කොටිදෙනට වෙඩි තැබීම සිදු කිරීමට අවශ්‍යය අවසරය ලබාදෙමින් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණ පසුගිය දා පැවසුවේ කොටිදෙන අල්ලා ගැනීමට අපොහොසත් වන්නේ නම් මරා දමන ලෙසයි. 2016 ජනවාරි මාසයේ සිට මේ දක්වා ගෙවුණු කාලය තුළදී කොටිදෙන පුද්ගලයන් 13දෙනෙකු මරා දමා ඇතැයි කියා සැක කෙරේ. මෙයින් තිදෙනෙකුම මරා දමා ඇත්තේ පසුගිය අගෝස්තුවේදී බව ඉන්දීය වනජීවී නිළධාරීහු පවසති. මරා දැමූ පුද්ගලයන්ගෙන් 60%කගේ දේහ කොටිදෙන පරිභෝජනය කර ඇති කියා ද තතු අනාවරණය වී තිබේ.

තීන්දුව ප්‍රකාශයට පත් කිරීමත් සමඟම ඉන්දීය වනජීවී බලධාරීන් කොටිදෙන මරා දැමීමට සැලසුම් කරන බව “අර්ත් බ්‍රිජ්” සංවිධානයේ ක්‍රියාකාරිනියක වන සරීටා සුබ්‍රමනියම් පවසන්නීය. ඒ අනුව නිළධාරීන්, කොටිදෙන අල්ලා ගැනීමට කිසිදු උත්සාහයක් නොදරා ම ඌව වෙඩි තබා ඝාතනය කිරීමට සැරසෙන බව ඈ පවසන්නීය. උක්ත කාර්යය සඳහා දඩයක්කරුවකු කුලියට ගැනීමට වනජීවී නිළධාරීන් බලාපොරොත්තුවෙන් සිටින බැව් සුබ්‍රමනියම් ජාත්‍යන්තර මධ්‍යයට පෙන්වා දී තිබිණ. කොටිදෙන අල්ලාගැනීමට උත්සහයක් දරන්නේ නම් වෙඩි තැබීම සඳහා දඩයක්කරුවකු සොයන්නේ කවර හේතුවක් සඳහාදැයි කියා ඈ ප්‍රශ්න කරන්නීය. T1 නමින් හැඳින්වෙන කොටිදෙන පැටවුන් දෙදෙනෙකුගේ මවක බැවින් මව, පැටවුන් දෙදෙනා සමඟම අල්ලා ගත යුතු බව සත්ත්ව අයිතීන් වෙනුවෙන් ක්‍රියාකරන සෙසු කණ්ඩායම් පෙන්වා දෙති.

කොටින් දැකිය හැකි වන්නේ ඉන්දියාවේ යවට්මල් දිස්ත්‍රික්කයේ රක්ෂිත තුළදී පමණි. විසි වන සියවස ආරම්භයේදී ඉන්දියාවේ වනාන්තර තුළ කොටීන් 40,000කට ආසන්න සංඛ්‍යාවක් ජීවත් වුණු බවට සාක්ෂි ඇත. ඉන්දියාවේ ජාතික කොටි සංරක්ෂණ අධිකාරිය අවසන් වරට, එරට කොටින් ගණන් ගැනීමකට ලක් කර තිබෙන්නේ 2014 වසරේදී ය. එම ගණන් ගැනීමෙන් අනාවරණය වුණේ කොටින් 2226ක් වනාන්තර තුළ ජීවත් වන බවකි. මේ අනුව කොටින් වඳ වී යන ජීවි විශේෂයක් බව සනාතව ඇත.

එහෙව් වනජීවී විශේෂයක් අරභයා ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය පළමුව කී අන්දමේ තීන්දුවක් ප්‍රකාශයට පත් කිරීම ප්‍රශ්නකාරී බව සත්ත්ව හිංසනයට එරෙහි ක්‍රියාකාරිකයෝ පවසති. කොටි ප්‍රහාර නිසා මියගියේ යැයි කියා සැක කෙරෙන පුද්ගලයන්ගේ මරණ පරීක්ෂණ පවත්වා ඇති අතර එම දේහ මත සෑහෙන තරම් විශාල සපාකෑම් දක්නට ලැබුණු බව පැවසේ. මේ සපාකෑම් සිදුකර තිබෙන්නේ T1 කොටිදෙන ද යන්න සැක සහිත බව සුබ්‍රමනියම් පෙන්වා දෙයි. ඩී.එන්.ඒ. පරීක්ෂණයක් මඟින් කෙරෙන තහවුරුවකින් තොරව එවැනි තීරණයකට එළඹෙන්නේ කෙසේදැයි කියා ඈ තර්ක කරන්නීය. වලස් ප්‍රහාර නිසා එම පුද්ගලයන් මියයන්නට වුව ඉඩ ඇත. කුණුපයන් මත යැපෙන හයිනා වැනි සතුන් නිසා මෘත දේහ මත සපාකෑම් ලකුණු ඇතිවීද යන්නත් සැක සහිතය. මේ සියලු සැක කොටිදෙන මත පැටවීම අසාධාරණ බව සුබ්‍රමනියම් වැඩිදුරටත් පෙන්වා දෙන්නීය. ඈ සහ තවත් ක්‍රියාකාරිකයෝ පිරිසක් අධිකරණයට ඉතා ඉක්මනින් අභියාචනයක් ඉදිරිපත් කිරීමට සැරසෙති.

මේ අතර එම වනයෙහිම වසන T2 නමින් නම් කරන ලද තවත් කොටියකු සන්සුන් කිරීමට ඉන්දීය වනජීවී නිළධාරීන් මේ වනවිට වෙහෙසෙමින් සිටින බව වාර්තා වේ. එකී කොටියා ප්‍රදේශයේ ජීවත්වන්නුන්ට හානියක් සිදුකර ඇතැයි කියා විශ්වාස නොකෙරේ.

මිනිසුන් කොටි ප්‍රහාරවලට ලක්වීමට ප්‍රධාන වශයෙන් බලපා තිබෙන්නේ කොටින්ගේ නිජබිම් හැටියට සැලකෙන වනාන්තර එළිපෙහෙළි කිරීම සහ ඒවා ජනාවාස වීමයි. මේ නිසා කොටින් සහ මිනිසුන් සමීපයෙහි වාසය කිරීම ඉන්දියාවේ ඇතැම් ප්‍රදේශවල දැකිය හැකි භයානක තත්ත්වයකි.

https://edition.cnn.com/2018/09/12/asia/man-eating-tiger-intl/index.html

Share

Recent Posts

ඇන්තනි බ්ලින්කන් සහ ෂී ජින්පිං අතර හමුවක්!

දැනට ලෝකය දැවැන්ත විපර්යාසයකට මුහුණ දෙමින් සිටින අතර ජාත්‍යන්තර තත්ත්වය ද ඉතා සංකීර්ණ වන අතාර,…

2 hours ago

ටික් ටොක් තරුවට මොකද වුණේ?

නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…

4 hours ago

‘අප්‍රේල් 27 යනු අපි අපේ විලංගු ඉවත් කරන දිනයයි. අපේ ශ්‍රේෂ්ඨ රට පුරා නිදහසේ සීනු නාද විය’ ; දකුණු අප්‍රිකාව 30 වසරක නිදහස සමරයි !

1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…

5 hours ago

ඊශ්‍රායල් ප්‍රහාරයන්ගෙන් පලස්තීන වැසියන් 27 දෙනෙකු ජීවිතක්ෂයට!

මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා…

5 hours ago

ප්‍රංශය හොඳම ගෝලීය ආර්ථිකයන් දහයෙන් ඉවතට – IMF

ගෝලීය ආර්ථිකයට ඉහළම දායකයින් පස්දෙනා අතර චීනය, ජර්මනිය (2.77%), රුසියාව (2.71%) සහ බ්‍රසීලය (2.19%) ඇතුළත්…

9 hours ago

ටයිටැනික් නෞකාවේ සිටි ධනවත්ම පුද්ගලයාගේ රන් ඔරලෝසුව පවුම් මිලියන 1.2කට අළෙවි වේ

මෙම ඛේදජනක අනතුර සිදුවී වසර 112කට පසුවත් ඒ වෙනුවෙන් ඇති ඉල්ලුම සුළුපටු නොවේ.

9 hours ago

කාම්බෝජයේ හමුදා කඳවුරක පිපිරීමකින් සොල්දාදුවන් 20 දෙනෙකු මිය යයි

මෙම පිපිරිම හේතුවෙන් ගොඩනැගිලි හතරක් හමුදා වාහන කිහිපයකට හානි සිදුවී ඇති අතර ගම්වාසීන්ගේ නිවාස 25ක්…

10 hours ago

යුක්රේනයට පෙන්ටගනයෙන් ඩොලර් බිලියන 6ක් වටිනා කඩිනම් ආධාර පැකේජයක්

පෙන්ටගනයේ නව මිලිටරි ආධාර පැකේජය හරහා යුක්රේනයේ පතරොම් නිෂ්පාදනය ආරම්භ කිරීමට සැළසුම් කරයි.

23 hours ago

යේමනයේ වෙරළට ඔබ්බෙන් බොරතෙල් නැවකට හවුති ප්‍රහාරයක්!

කෙසේවෙතත් තුවාලකරුවන් හෝ මරණ සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නොමැති අතර ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ පවත්වන බව…

1 day ago

තායිවානයේ රික්ටර් මාපකයේ ඒකක 6.1 ක ප්‍රබල භූකම්පනයක්!

තායිවාන බලධාරීන් සඳහන් කර ඇත්තේ, භූකම්පනය තායිපේ අගනුවරට ද දැනී ඇති බව සඳහන් වන අතර…

1 day ago

ඛාන් යූනිස්, රෆා හා නුසෙයිරාට් සරණාගත කඳවුරට බෝම්බ ප්‍රහාර, කාන්තාවන් සහ ළමයින් ඇතුළු 15 දෙනෙක් මිය යයි!

ගාසා තීරයේ ඛාන් යූනිස්, රෆා හා නුසෙයිරාට් සරණාගත කඳවුරට මෙම ප්‍රහාර එල්ල වී ඇත.

1 day ago

ගංවතුර හේතුවෙන් කෙන්යාවේ මිය ගිය සංඛ්‍යාව 70 දක්වා ඉහළට; 12,000ක පිරිසක් අවතැන්

එල්නිනෝ කාලගුණ රටාවත් සමඟ ගංවතුර තත්වයන්ද උග්‍ර වී තිබේ.

1 day ago

චීනය සහ එක්සත් ජනපදය හවුල්කරුවන් මිස ප්‍රතිවාදීන් නොවිය යුතුයි – ෂි ජින්පින්

අනෙකුත් රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම පිළිබඳ මූලධර්මය මත පදනම්ව, බීජිං එක්සත් ජනපද මැතිවරනවලට මැදිහත්…

1 day ago

බටහිර ඉන්දීය කොදෙව් සංචිතයට නේපාලයෙන් ලැබුණු සංචාරක සත්කාරය පිළිබඳ නැඟුණු කතාව!

සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අප්‍රේල් 27 වැනිදා ආරම්භ වන…

2 days ago

2024 දී කාලගුණය, දේශගුණය සහ ජලය ආශ්‍රිත උපද්‍රවයන්ගෙන් ලෝකයේ වඩාත්ම ආපදාවට ලක් වන කලාපය ලෙස ආසියාවයි

ගෙවුණු සතිය තුළ නිකුත් වූ ලෝක කාලගුණ විද්‍යා වාර්තාවකට අනුව 2023 දී කාලගුණය, දේශගුණය සහ…

2 days ago